වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර තිබෙන සමගි ජන බලවේගයේ සභාපති අපේක්ෂකයා රටෙහි නමගිය පාතාල ක්‍රියාකාරිකයෙකු බවට හෙළිදරව් වී තිබේ.
මොහු නමින් ලසන්ත වික්‍රමසේකර වන අතර මිදිගම ලසා නම් අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයෙකු බව හෙළිදරව් වී තිබේ.
මොහු 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇති අතර 2025 පළාත් පාලන මැතිවරණය සදහා වැලිගම ප්‍රාදේශිය සභාව සදහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් ඉදිරිපත් වී ඇත.
ලසන්ත වික්‍රමසේකර නොහොත් මිිදිගම ලසා නැමැති මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාධකරු සමග සමීප සම්බන්දතා පවත්වන පුද්ගලයෙකු බවට ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ අපරාධ මෙරට තුළදී ක්‍රියාත්මක කරන බවටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටත් හෙළි වී ඇත.
මොහු මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති අතර පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්ධයෙන් අත්හිටවූූ සිර දඩුවම් ලබා සිටි පුද්ගලයෙකු බවද හෙළි දරව් වි ඇත.
එමෙන්ම මොහු 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීීමක් සම්බන්දයෙන්ද පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ වන නඩුවක් සදහාද ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම සම්බන්දයෙන්ද පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචා කිරීම් සම්බන්දයෙන්ද සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාධ කරුවෙකු ඝාතන සැලැස්මක් මෙහෙයවීම සම්බන්දයෙන් ද ඇතුලුව අපරාද විශාල සංඛ්‍යාවක් සම්බන්දයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට ආරංචි මාර්ග පවසයි.


