සජිත් ඇමති වැටුප/දීමනා නොගනී
තමාගේ අමාත්‍යාංශයේ සේවය කරන කිසිම නිලධාරියෙකු හෝ සේවකයෙකු රාජකාරී වේලාවේදී මත්පැන් හෝ දුම්වැටි පානය නොකළ යුතු බවත්, එවැනි ද්‍රව්‍ය රැගෙන තමා හමුවීමට නොපැමිණෙන ලෙසත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේදී අද (22දා) පැවති වැඩ බාර ගැනීමේ උත්සවයේදී හෙතෙම මේ බව පැවසීය.
එසේම තමාට හිමි නිල රථ තුනම අමාත්‍යාංශයට යළි බාර දෙන බවත්, වැටුප, ඉන්ධන දීමනාව ඇතුළු අමාත්‍යවරයෙකු වශයෙන් හිමිවන සියලු දීමනා ජාතික නිවාස සංවර්ධන අරමුදලට බැර කරන බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාව දැක බලාගැනීමට විශාල පිරිසක් පැමිණ තිබුණු බැවින් අමාත්‍යාංශය තුළ දැඩි තදබදයක්ද ඇතිවිය.