සජිත් එකඟ වූ TNA යෝජනා 13 මෙන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    73358275_2470286503227550_4714015705903661056_n.png
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    එකඟ වුනා කියන යෝජනා 13 බොරු! -සුමන්තිරන්

    "අපි සජිත් ප්‍රේමදාසට සහය දෙන්න තීරණය කළා. අර කලින් කතා වුණු කොන්දේසි 13 මේ තීරණයට හේතුවක් වුණේ නෑ. ඒ ගැන අඩු තරමින් අපි සජිත් ප්‍රේමදාස එක්ක සාකච්ඡා කළෙත් නෑ. කිසිම අපේක්ෂකයෙක් ඒ කොන්දේසි පිළිගන්නේ නෑ කියලා කියපු නිසා අපි ඒක සැළකුවෙ නෑ": ටී.එන්.ඒ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් වවුනියාවේදී

    සුමන්තිරන් ගෙන් ඔය ගැන ඇහුවම උ කිව්වේ "ඒක වෙනම කතාවක්" කියලා විතරයි....චන්දෙ දෙන්න කලින් හිතලා බලන්න....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    ප්‍රතිපත්ති කතා හමාරයි. ගෝඨාගේ ප්‍රචාරණය සුපුරුදු ජාතිවාදී මඩ ගොහොරුවටම බහී !


    දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය සුපුරුදු කොටි නැඟිටින කතා සමඟින් රට බෙදන කුමන්ත්‍රණ ගැන කියමින් ජාතිවාදය ඇවිස්සීමේ ස්ථාවරය දක්වා පල්ලම් බැස තිබේ.

    ඇත්තෙන්ම 2015 ජනාධිපතිවරණයේදී ද දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයාට වූ අතර මෙවර එහි වෙනසක් වනු ඇති බවට බලාපොරොත්තු සහගතව ප්‍රචාරණයක් ගෙනගියේ ද පොහොට්ටුවම විසිනි.

    විශේෂයෙන් උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද දිනාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා සති දෙකක පමණ කාලයක් එම පළාත පුරා සංචාරය කරමින් රැස්වීම් පැවැත්වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ද උතුරේ ජනරැළි කිහිපයකටම සහභාගී වෙමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු පොරොන්දු ගණනාවක්ම ලබාදුන්නේය. ඒ අතරම නාමල් රාජපක්ෂ මහතා හදිසියේම ඩුබායි රාජ්‍යය බලාගොස් LTTE සංවිධානයේ හිටපු මූල්‍ය ප්‍රධානී එමිල් කාන්තන් නමැත්තාව ද හමුව තිබුණේ උතුරේ ජනතාව ඡන්දය වර්ජනය කරන තැනකට හෝ ගෙන ඒම සඳහා සහායක් ලබාගැනීමටය.

    නමුත් මේ සියල්ල අසාර්ථ වූ තැන ඔවුන් සුපුරුදු පරිදි රට බෙදීමේ කොන්දේසි 13කට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී ඇති බවට ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් කොටි නැඟිටීමේ තැටිය නැවත වාදනය කරමින් ජාතිවාදය වැපිරීම හරහා ගොඩයෑමේ උත්සාහයක නියැළී සිටී.




    මෙම කොන්දේසි 13 යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සකස් කරන ලද්දක් වන අතර ඔවුන් එය දෙමළ දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කළ නමුත් ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. ඒ ගැන කතා කළේ හෝ පොහොට්ටුවේම ප්‍රධානියකු වන වාසුදේව නානායක්කාර මහතාගේ මස්සිනා වන උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු කිහිප දෙනෙකු පමණි. විග්නේෂ්වරන් මහතා මුල පටන්ම ගෝඨාට වාසිවන ආකාරයෙන් දකුණ ඇවිස්සීමේ ප්‍රයත්නයක නිරත වන බව ලංකා නිව්ස් අපි මීට මාස කිහිපයකට පෙරම පෙන්වා දුන්නෙමු. මේ කොන්දේසි සම්බන්ධයෙන් දකුණට දැවැන්ත ප්‍රචාරයක් ලබාදුන්නේ ද ගෝඨා හිතවාදී මාධ්‍ය ආයතන විසිනි.

    දැන් සජිත් ප්‍රේමදාස මේ කොන්දේසි පිළිගත් බවත් ඒ අනුව සජිත් ජයග්‍රහණය කළහොත් අනිවාර්යයෙන්ම රට දෙකඩ කරන බවටත් ගෝඨාගේ ප්‍රචාරණ ජාලය විසින් පුවත් මවමින් ඇත.

    මෙය අලුත් කතාවක් ද නොවේ. රාජපක්ෂ පාර්ශ්වය 2015 ජනාධිපතිවරණය හමුවේ ද මෙයම කළේය. ඔවුන් එහිදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය රට බෙදීමේ ගිවිසුමකට අත්සන් තැබූ බව පවසමින් ව්‍යාජ ගිවිසුමක් ද මාධ්‍ය හරහා ප්‍රචාරය කළ නමුත් එය සාර්ථක වූයේ නැත. එසේම එජාප සහ TNA සහාය ලැබූ අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද රට බෙදුනේත් නැත. සිදුවූ එකම දෙය වූයේ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් එදා රාජපක්ෂ පිල සමඟ එක්ව සිටි තිස්ස අත්තනායක මහතාට නඩුවක් වැටීම පමණි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සටන ආරම්භ කළේම තමන් පැමිණ සිටින්නේ තම ප්‍රතිපත්ති ජනතාවට ඉදිරිපත් කිරීමට මිස ප්‍රතිවාදීන් විවේචනය කිරීමට නොවන බව පවසමිනි. තමන් කිසිවෙකුට මඩ නොගසන බවත් වැඩ පෙන්වන බවත් පවසමිනි. මේ වනවිට ගෝඨාගේ ප්‍රචාරණ ජාලය කතා නොකරන්නේම ද ප්‍රතිපත්ති ගැනය.

    ඒඅනුව පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය මේ වනවිට 2015දීත් අසාර්ථක වුණු, මෙවරත් අසාර්ථක වන බව හොඳින්ම දන්නා කොටි නැඟිටීමේ තැටිය වාදනය කරන තැනටම මානසිකව වැටී ඇති බවයි. තාර්කිකව ගත් කළ ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපාරය පසුගිය සති කිහිපය තුළ දියත් කළ සියලුම ව්‍යාපෘති අසාර්ථක වූ පසුබිමක ඔවුන් මේ ගායනා කරමින් සිටින්නේ "හංස ගීතය" බව කිව හැකිය.


    LNW

    :lol:


    සුමන්තිරන් ගෙන් ඔය ගැන ඇහුවම උ කිව්වේ "ඒක වෙනම කතාවක්" කියලා විතරයි.......කොන්දේසි 13 ගැන කතාව බොරුවක් කිව්වේ නෑ......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සුමන්තිරන්ලා කෙලින් මිනිස්සු නෙවෙයි හොඳින් හෝ නරකින් හෝ තමන්ට අවශ්‍ය දේ ලඟාකරගැනීම එයාලගෙ බලාපොරොත්තුව. ඒකෙදි ජනතාව දැනුවත්කිරීම හෝ රහසක් සේ තබා ගැනීම කියන දෙකෙන් එයාල අනුගමනය කරන්නෙ එයාලට වාසි එක...
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    වෙනස මෙන්න : ''ජාතික කොඩිය උස්සපු සම්පන්දන්, සජිත් එක්ක. ඊළාම් කොඩිය උස්සපු වර්ධරාජා, ගෝඨා එක්ක''

    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පිළිගනු ලබන, ජාතික ධජයට ගරු කරන දෙමල ජාතික සන්ධානයේ ආර් සම්බන්දන්ලා සජිත් ප්‍රේමදාසට සහය පළකරද්දී, ගෝඨාබයට සහය දක්වන්නේ,

    1990 ත්‍රීකුණාමළ නගරයේ වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කර, ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊළාම් කොඩිය ප්‍රසිද්ධියේම උස්සපු වර්ධරාජ පෙරුමාල්ලා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

    ඇමතිවරයා එබව සඳහන් කළේ මාතර නගරයේ ඊයේ (03) පැවති රැස්වීමක් අමතමිනි.

    දෙමල ජාතික සන්ධානයේ සම්බන්දන්ලා එක්සත් ජාතික පක්ෂය සමග එකට වැඩකිරීම අලුත් දෙයක් නොවන බවත් ඔහු 2013 දී යාපනයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේ වේදිකාවට ගොඩවී ශ්‍රී ලංකාවේ ධජය ඔසවපු, ශ්‍රී ලංකාවේ ධජය ජනතාවට වනපු දේශපාලනඥයකු බවත් මංගල සමරවීර එහිදී කියා සිටියේය.

    e5fbf75a-e4f0-47d8-9b46-92c0dfee00e7.JPG


    ඇමතිවරයා මෙම රැස්වීමේදී තවදුරටත් මෙසේද සඳහන් කළේය.

    ''මේක අලුත් දෙයක් නෙවෙයි කොහොමත් ටීඑන්ඒ පක්ෂය අපිත් එක්ක එක දිගට වැඩ කරා''

    ''අපිත් එක්ක විශාල පිරිසක් දැන් මේ වෙනකොටත් එකතුවෙලා ඉන්නවා. මම දැක්කා දැන් දෙරණෙන්ම ඇලට් එකක් එවලා. ඒවා අපි දැනන් හිටපු දේවල්. නමුත් ඒ අය දැන් කියනවා ටීඑන්ඒ පක්ෂයත් සජිත් ප්‍රේමදාසට නිල වශයෙන්ම සහයෝගය දෙනවා කිව්වායි කියලා.

    මේක අලුත් දෙයක් නෙවෙයි කොහොමත් ටීඑන්ඒ පක්ෂය අපිත් එක්ක එක දිගට වැඩ කරා, හැබැයි දැන් මුන් කියයි අන්න අන්න කොටිත් ඇවිල්ලයි කියලා.

    මෙතනදී අපි මතක් කරන්න ඕනේ ගරු ස්වාමින් වහන්ස රට බෙදන අය කොහෙද ඉන්නේ රට එකතුකරන අය කොහෙද ඉන්නේ කියලා.

    මොකද සම්බන්ධන් මැතිතුමා කියන්නේ, මට මතකයි 2013 අපි යාපනයට මැයි දිනය තියන්න එක්සත් ජාතික පක්ෂයෙන් ගිය වෙලාවේ අපේ වේදිකාවට නැගලා ශ්‍රී ලංකාවේ ධජය ඔසවපු, ශ්‍රී ලංකාවේ ධජය ජනතාවට වනපු සම්බන්ධන් තමයි ටීඑන්ඒ නායකයා අපිත් එක්ක එතුවෙලා ඉන්නේ.

    ගෝඨාබයගේ කදවුරේ ඉන්නේ කව්ද ?

    අනිත් කඳවුරේ ඉන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතුවෙලා ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි 1990 ත්‍රීකුණාමළ නගරයේ වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කරලා ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊළාම් කොඩිය ප්‍රසිද්ධියේම උස්සපු වර්ධරාජ පෙරුමාල්.

    ඒ විතරක් නෙවෙයි පොලිස් නිලධාරීන් 600 ක් මරන්න නායකත්වය දීපු අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන්න නායකත්වය දීපු කරුණා අම්මාන් කොහෙද ඉන්නේ? කරුණා අම්මාන් ඉන්නෙත් අද ගෝඨාභය රාජපක්ෂගේ පිලේ.

    ඒ වගේම නැගෙනහිර පළාතේ අහිංසක කුඩා දෙමළ දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ලා එල්ටීටීඊ සංවිධානයට එකතු කරපු පිල්ලෙයාන් කොහෙද ඉන්නේ. ඊයේ පෙරේදා අර මහින්ද රාජපක්ෂ රටේ මහා දේශප්‍රේමියා හිරේටත් යනවා බලන්න පිල්ලෙයානුත් ඉන්නේ ඒ ගොඩේ.

    අපිට බැන්නා හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය වැහුවේ නැහැයි කියලා. හිස්බුල්ලා ත්‍රස්ථවාදීන්ට උදවුකරනවා කියන එක ඒ අයම කියලා අද හිස්බුල්ලා ඉන්නේ මොන කඳවුරේද මම දැක්කා අද උදේ වෙනකොට හිස්බුල්ලා කියනවා තමන්ගේ දෙවෙනි මනාපයත් ගෝඨාභය රාජපක්ෂට දෙන්න කියලා.

    අන්න එහෙනම් මේක පැහැදිළියි. අද රට එකතුකරන්න සජිත් ප්‍රේමදාස වටා එකතුවෙලා ඉන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියන අපේ ජනතා බලවේගය. අනිත් පැත්තෙන් රට බෙදන ත්‍රස්තවාදි අන්තවාදී සියලු බලවේග එකතුවෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ එක්ක.''

    ෆේක් අගමැති, සම්බන්දන්ගේ සහය ඉල්ලුව මතකද ?

    දෙමළ ජාතික සංධානය නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දීමට තිරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ඊයේ (03) ප්‍රකාශ කිරීමත් සමග ම කලබලයට පත් 'ගොට්ටන්' සමාජ මාධ්‍ය ඔස්සේ වහ වහාම ජාතිවාදය ඉස්මතු කරමින් පොස්ටු පළකර තිබු අතර ඊට ප්‍රතිචාර දක්වමින් 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ ප්‍රවීන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.

    'හදිස්සියේම දැන් කොටි නැගිටලනෙ. මේ ගිය අවුරුද්දෙ ඔක්තෝබර් කුමන්ත්‍රණය වෙලාවෙ (Oct 30) විපක්‍ෂ නායක "මහ කොටියව" තමන්ගෙ ගෙදරට අඬගහල ෆේක් අගමැති "කොටි සහය" ඉල්ලපු අවස්ථාවේදී ගත්ත ෆොටෝ එකක් :)


    uvi-sambansan.jpg


    73011038_10156169868811467_9108169460514029568_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    32.gif


    පුරුෂයෙක් කොටියෙක් එක්ක ගණුදෙනුව සහ නපුංසකයෙක් කොටියෙක් එක්ක ගණුදෙනුව අතර,
    විශාල වෙනසක් තියනවා... ආයිබෝං...
    හික්... හික්... හික්...!! මේ දවස්වල සෑහෙන පීඩනයක ඉන්නවා වගේ...
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    32.gif


    පුරුෂයෙක් කොටියෙක් එක්ක ගණුදෙනුව සහ නපුංසකයෙක් කොටියෙක් එක්ක ගණුදෙනුව අතර,
    විශාල වෙනසක් තියනවා... ආයිබෝං...
    හික්... හික්... හික්...!! මේ දවස්වල සෑහෙන පීඩනයක ඉන්නවා වගේ...

    කිතුල් ගහට ගියපු එකත් මොකද්ද කිව්වලු,
    කියාගන්න දෙයක් නැතුව නපුංසක රිප්ලයි දාන එක නං ලැජ්ජයි.

    tenor.gif
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    32.gif


    පුරුෂයෙක් කොටියෙක් එක්ක ගණුදෙනුව සහ නපුංසකයෙක් කොටියෙක් එක්ක ගණුදෙනුව අතර,
    විශාල වෙනසක් තියනවා... ආයිබෝං...
    හික්... හික්... හික්...!! මේ දවස්වල සෑහෙන පීඩනයක ඉන්නවා වගේ...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිතුල් ගහට ගියපු එකත් මොකද්ද කිව්වලු,
    කියාගන්න දෙයක් නැතුව නපුංසක රිප්ලයි දාන එක නං ලැජ්ජයි.

    උඹට මානසික රෝගයක්ද....කිසිම අදාලත්වයක් නැති දේවල් කියවන්නේ...
    සිරාවට මොකක්ද අවුල :rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    32.gif


    පුරුෂයෙක් කොටියෙක් එක්ක ගණුදෙනුව සහ නපුංසකයෙක් කොටියෙක් එක්ක ගණුදෙනුව අතර,
    විශාල වෙනසක් තියනවා... ආයිබෝං...
    හික්... හික්... හික්...!! මේ දවස්වල සෑහෙන පීඩනයක ඉන්නවා වගේ...

    :cool: :yes: :yes:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    එකඟ වුනා කියන යෝජනා 13 බොරු! -සුමන්තිරන්

    "අපි සජිත් ප්‍රේමදාසට සහය දෙන්න තීරණය කළා. අර කලින් කතා වුණු කොන්දේසි 13 මේ තීරණයට හේතුවක් වුණේ නෑ. ඒ ගැන අඩු තරමින් අපි සජිත් ප්‍රේමදාස එක්ක සාකච්ඡා කළෙත් නෑ. කිසිම අපේක්ෂකයෙක් ඒ කොන්දේසි පිළිගන්නේ නෑ කියලා කියපු නිසා අපි ඒක සැළකුවෙ නෑ": ටී.එන්.ඒ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් වවුනියාවේදී

    wisawasa karapan ehenam