සජිත් ජනාධිපති වුනොත්???

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    සජිත් ජනාධිපති වුනොත්???

    අගමැති වෙන්නේ මහ දවල් මහ බැංකුව කඩපු රනිල් ද බන් ආයෙත්? නැත්නම් රනිල්ට ගැති කම් කරන වෙන එකෙක්ද? රනිල් අගමැති වුනත් ඌට ගැති කම් කරන එකෙක් අගමැති වුනත් ආයේ පරණ තැටියම නේද බන් :(

    එලකිරි දවසකට කියවන පිරිස කොච්චරද කියල මම දන්නෙ නෑ. ඒත් එක දෙයක් කියන්න ඕන ඒ කියවන මිනිස්සුන්ට. මේ එන්නේ ජනාධිපතිවරණයක් බන්. හරි මිනිහෙක්, යකෙක් වගේ නීතිය ක්‍රියාත්මක කරවන කෙනෙක්, පොන්න වැඩ නොකරන, ජෝකර් කෙනෙක් නොවෙන, කොන්ද කෙලින් තියෙන බෞද්ධ මනුස්සයෙක්ව රටේ ජනාධිපති කරවපන්. :yes: ඒකට එකම සුදුස්සා ගෝඨාභය විතරයි. උබලා ගත්තේ හරි තීරනයක් කියලා උබලා පස්සේ සතුටු වෙයි. උබලා කියලා කිවුවේ කැපුවත් කොල කියන මිනිස්සුන්ට මේක කියවන. ඇත්තටම තරුණයෝ ගොඩ දෙනෙක් ගේ විශ්වාසයක් නැහැ බන් සජිත් ගැන. ඒක උබලට තේරුම් යාවි මේ ජනාධිපතිවරණයේ චන්ද ප්‍රතිපල වයස් පන්ති වලින් විශ්ලේශනය කරලා පෙන්වන දවස්ක් ආවොත්.

    බොරු කියන්න ඕන නෑ බන් මමත් ඉස්සර දුන්නේ UNP එකට. සජිත් තමයි ඉස්සර UNP එකෙන් කැමතිම පුද්ගලය. තව කෙනෙක් හිටියා ඔහු දැන් ක්‍රියාකාරී දේශපාලනයේ නැහැ. සජිත් හොදයි කියලා ඒ දවස් වල දැක්කේ ඒ මිනිහා වැඩක් කලා කියලා දැක්ක නිසා. ඒත් දැන්....... දැන් ඉන්නේ පරන සජිත් නෙවෙයි බන්. මිනිහා මාරම විදියට වෙනස් වෙලා. ඌ කරන්නේ බොරු මවා පෑමක් විතරක් බව මොලේ කලදක් තියෙන මිනිහෙක්ට, එක පොඩ්ඩක් හිතන්න පුලුවන් මිනිහෙක්ට වුනත් තේරුම් ගන්න පුලුවන්. කිසිම තැන්පත් කමක් නැතිව, වියරු වැටුන පිස්සු බල්ලෙක් වගේ මැතිවරණ වේදිකාවල ප්‍රතිවාදීන්ට මඩ ගහන එක ඇරෙන්න ඒ මිනිහා කියන කිසිම දේක අර්ථයක් නැහැ කියන එක, පොඩ්ඩක් ඒ මිනිහාගේ කතාවක් හොදින් ඇහුම් කන් දුන්න, පොඩි හෝ බුද්ධියක් තියෙන ඕනම මිනිහෙක්ට, තේරෙන දෙයක්. නිකන්ම හිස් වචන සෙට් එකක්, පොරොන්දු ටිකක් උස් හඩින් කියවන එකක් මට නම් දැනෙන්නේ. මේක මගේ විතරක් නෙවෙයි බොහොමයක් තරුණයින්ගේ හිත් වල මතුවෙලා තියෙන අදහසක්. කිසිම විශ්වාසයක් හිතට දැනෙන්නේ නෑ කොටින්ම. කොටින්ම තරුනයින්ගේ හිතේ තියෙන මතය එලියට එන්න, එන්න මිනිහට සිද්ධ වුනා live ඇවිත් ජාතිය අමතලා මිනිස්සුන්ගේ හිත් වල ඇති වෙන කුකුස, සැකය නැති කරවන්න පොඩි මවා පෑමක් කරන්න, පොඩි ට්ර්යි එකක් දෙන්න. ඒක ටිකක් විතර සාර්ථක වුනා කියන්න පුලුවන් මොකද negative marketing වලින් වුනත් මිනිහට promotional post ගොඩාක් වැටෙන්න පටන් ගත්තා. ඊලග කාරනේ මේ ජනාධිපතිවරණයේදේ සජිත් බලහත්කාරයෙන් හරි තමන්ගේ මැතිවරණ ප්චාරක කටයුතු කලින්ම පටන් අරන් රට වටේ යන්න ගත්තු නිසයි රනිල් ඇතුලු සෙට් එකටම සිද්ධ වුනේ සජිත්ට අපේක්ෂක කම දෙන්න. මොකද මිනිස්සුන්ගේ අතරේ ජන මතයක් ගොඩ නැගෙන්න ගත්තා ඒකෙන්. සජිත් දැනගත්තා මේ ජනාධිපතිවරණයේ දී කලින්ම කරලියට ආවේ නැත්නම් එයාට ඒක ලැබෙන්නේ නැහැ කියන එක. රනිල් ගේ නඩයේ ඉන්නා බොහෝ දෙනෙක් ඒක තැන් තැන් වල කියන කොට ඒක හරියටම එලියට ආවේ ලක්ෂ්මන් කිරිඇල්ල ගෙ කටින් "ඔය එක එක්කෙනා රට වටේ ගියාට මේ එහෙම දෙන්න නැහැ, මේක කෘත්‍යාදී කාරී මන්ඩලය මේක තීන්දු කරන්න ඕන දෙයක්" කියලා. අවසානේ අපේක්ෂක කම ප්‍රකාශ කරන්න කලින් මහජනය අතර ඇති කරපු රාවය නිසා, අවුලපු ගින්න නිසා රනිල් ඇතුලු නඩයට සිද්ධ වෙනවා සජිත්ටම ඒක දෙන්න. ඔක තමයි වුනේ. හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ සජිත්ට සිරිසේනට වුනාට වඩා අන්ත විදියට ගේම් එක දේන්න ඔවුන් ප්ලෑන් හදලයි තියෙන්නේ. මොකද රනිල් ගේ උපදේශක මාස්ටර් මයින්ඩ් පොරක්. රනිල්ව මහ බැංකු කේස් එකෙන් ගලවගත්තෙ පොරම තමයි මෙතනදිත් හරියටම තුරුම්පුව ගැහුවේ. හැබැයි සජිත් පැරදුනත් රනිල් දිනුම්. මොකද මොනා කලත් ඌ විපක්ශ නායක කමේ ඉන්න නිසා. විපක්ශ නායක කියන්නෙ අගමැතිගේ වරප්‍රසාද සියල්ල ලැබෙන තනතුරක් නේ. සජිත්ට තමන්ගේ ඇමති කම පමණක් නැති වෙලා ගෙදර යන්න ලැබෙනවා. එච්චරයි. UNP එකේ අය පිලිගන්න අකමැති ඇත්ත තමයි මේ.

    ඊලගට එන පාර්ලිමේන්තු මැතිවරණයේදී හරිම මිනිස්සු ටික විතරක් පාර්ලිමේන්තුවට යවපල්ලා. එතනදි අකමැති මිනිස්සුන්ව හොරුන් ව පාර්ලිමේන්තු නොයවා තරුණ නියෝජනය වැඩි කරලා මේ රට යන මාවත වෙනස් කරන්න ඕන කරන තරුණ අදහස් පාර්ලිමේන්තුවට දීපල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ. මේක තේරුම් ගනිපු එවුන් මේ චන්දෙදි ඒ දේ හරියට කරාවි කියලා මම හිතනවා. මමත් මේ රටේ සමාන්‍ය පුරවැසියෙක් බන්. මේ වෙලාවේ මේ රටට ඕන විදේශ රාජ්‍ය වලට පුක නොදෙන, දෙකට නැවෙන්නෙ නැති මිනිහෙක් රටේ ජනාධිපති වෙන එක. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි විදේශ රටවල් එක්ක තරහ වෙනවා කියන එක. අවශ්‍ය වෙන්නේ විදේශ ගැති ප්‍රතිපත්තියක් වෙනුවට මොලෙන් ගේම ගහලා උන්ගෙන් වැඩ ගන්න ප්‍රතිපත්තියක් මේ රටේ ගෙනියන එක. ඒක කරන්න UNP එවුන්ට බැහැ බන්. මොකද රනිල් කියන්නේ විදේශ වලට ගැති පුද්ගලයෙක්. පොන්නයෙක් කිවුවොත් නිවැරදියි. උගේ පාලනයේ ඉන්න සිද්ධ වෙන සජිත්ටත් අත් වෙන්නේ ඒ ඉරණමම තමයි.

    මේ ලංකාව සම්පත් වලින් පිරුනු රටක් බන්. මොනවද මේ රටේ තියෙන්නේ නෙවෙයි, මොනවද මේ රටේ නැත්තේ කියලා අහපල්ලා?? මේ රට හදනවනම් එක අවුරුද්දෙන් මේ රටේ ගොඩාක් දේවල් වෙනස් කරන්න පුලුවන්. ඒත් එහෙම නොවෙන්නෙ රටක දූෂිත ඇමති වරු වැඩි වුනාම. අන්න උනව ඊලග පාර්ලිමේන්තු මැතිවරනෙන් හලපල්ලා. එච්චරයි ඉල්ලන්නේ. මේ ජනාධිපතිවරණයේ කොන්ද පණ තියෙන, ජෝකර් කෙනෙක් නොවෙන මිනිහෙක්ව, කතාවෙන් වුනත් තේජස පේන මිනිහෙක්ව මේ රටේ ජනාධිපති කරවපන්. කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු නෙවෙයි බන් අපේ අනාගතේ දරු පරම්පරාවල් වලට ජීවත් වෙන්න රටක් ඉතුරු වෙන්න නම් පින් සිද්ද වෙයි මේ ජනාධිපතිවරණයේදී හරි තීරණය ගනින්. එච්චරයි ඉල්ලන්නේ උබලා හැමෝගෙන්ම
     
    Last edited:
    • Like
    Reactions: kinkon and KDH

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    75027760_2365735517089867_3041384011516608512_n.jpg
     
    • Like
    Reactions: forbidden