සජිත් ජනාධිපති වෙන නිසා ජනාධිපතිවරණය කල් දානවා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මැතිවරණ වලට බිය වි මේ රටේ පාලකයින් 2025 වසර වන තෙක් මැතිවරණ කල් දැමිමට කටයුතු කරමින් සිටින බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

    පලනි දිගම්බරම් මහතා (15) දින හැටන් පෞද්ගලික උත්සව ශාලාවකදි රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිලිබදව පාක්ෂිකයන් දැනුවත් කිරිම සදහා පැවති උත්සවයේදි ඒ බැව් පැවසිය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ වත්මන් රජය ජනතාව පිට විශාල බදු බරක් පටවා ජනතාව පිඩාවට පත් කර ඇති බවයි.

    මේ රටේ ජන්දදායකයින් ජන්දයක් පැවැත්වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින බවත්, මැතිවරණයක් පැවැත්වුවහොත් වත්මන් රජය පලවා හැරිමට රටේ ජන්ද දායකයින් බලා සිටින බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

    ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි ජන්ද බලයක් නොමැති අයවරුන් පවා එම මැතිවරණයට ඉදිරිපත් විමට සුදානම් වි සිටින බවත්, එම මැතිවරණයේදි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම රටේ ජනාධිපතිවරයා වශයෙන් තේරි පත් වන බවයි පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    සජිත් ප්‍රේමදාස මහතා වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් සහ ජිවන තත්ත්වය ඉහල දැමිමට පොරොන්දු වි ඇති බවත්, වතු කම්කරු ප්‍රජාව වෙනුවෙන් පර්චස් 10 ඉඩමක් ලබාදෙන බවයි පලනි දිගම්බරම් කියා සිටියේ.

    ඉකුත් ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ප්‍රකාශ නොකරන ලෙසට ජන්දදායකයින් දැනුවන් කලද එය නොතකා රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තොරාපත් කර ගැනිමෙන් අනතුරුව ගෝඨභය රාජපක්ෂ මහතා මේ රට විනාශ කල බවයි පලනි දිගම්බරම් වැඩිදුරටත් කියා සිටියේ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    The Big Lebowski What GIF by MOODMAN
     
    • Haha
    Reactions: Asmodeus

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    "දිගම්බරම්" බලය තියෙනකොට තමන් නියෝජනය කරන ප්‍රදේශයට කිසිම වැඩක් නොකරපු කෙනෙක්.
     
    • Like
    Reactions: SLK_sri