සජිත්+රනිල් සන්ධානයක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සජිත්+රනිල් සන්ධානයක්

    සන්ධානය පිහිටුවන්න සජිත් - රනිල් එකඟ වෙති

    ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු පුළුල් සන්ධානය හැකි ඉක්මණින් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පූර්ණ එකඟතාවය පළ වී ඇත.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ව්‍යවස්ථාවේ ඇති කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ අද(08) සාකච්ඡා කළහ.

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කළ අතර පක්ෂ නායක, අමාත්‍ය කබීර් හෂීම් මහතා වෙත බාරදුන් පක්ෂයේ සංශෝධන එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට පියවර ගෙන තිබුණි.

    ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පුළුල් සංධානයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව ඉදිරි දින දෙක තුළ සංශෝධනය කර අවසන් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ අගෝස්තු මාසයේදී පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කරනු ලැබීය.

    ලංකාදීප
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    Thambi tika unta dei,sinhalese dote unuth sajithta dei.sinhalu iwarai mae parath:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Thambi tika unta dei,sinhalese dote unuth sajithta dei.sinhalu iwarai mae parath:rofl:

    ඔය සජිත් කියන හාලියාත් පෙනී සිටින්නේ ධනපතියන් වෙනුවෙන් මිසක් ඕකා කියන බිම් මට්ටමේ ගං මට්ටමේ උන් වෙනුවෙන් නෙවි

    ඕකා ජනා උනොත් ලංකාවේ බිස්නස් ඔක්කොම රන් කරන්නේ sak කිලී මහරාජා, ඩිල්අලස වගේ සෙට් එකක්

    මං කියන්නේ මු වගේ නුගත් බයියෙක්ට වඩා පොනිල් හොඳයි මොකද උගේ ප්‍රතිපත්තිය පැහැදිලියි ඒක වෙනස් වෙන්නේ නෑ උ සිංහලු වෙනුවෙන් නෑ. ප්‍රේමදාසගේ මෝඩ පුට්‍රය මොන පිස්සුවක් කෙලිද කියන්න බෑ නොදන්නා එකාට වඩා අපි දන්නා පොනිල් හාමු හොඳයි :rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය සජිත් කියන හාලියාත් පෙනී සිටින්නේ ධනපතියන් වෙනුවෙන් මිසක් ඕකා කියන බිම් මට්ටමේ ගං මට්ටමේ උන් වෙනුවෙන් නෙවි

    ඕකා ජනා උනොත් ලංකාවේ බිස්නස් ඔක්කොම රන් කරන්නේ sak කිලී මහරාජා, ඩිල්අලස වගේ සෙට් එකක්

    මං කියන්නේ මු වගේ නුගත් බයියෙක්ට වඩා පොනිල් හොඳයි මොකද උගේ ප්‍රතිපත්තිය පැහැදිලියි ඒක වෙනස් වෙන්නේ නෑ උ සිංහලු වෙනුවෙන් නෑ. ප්‍රේමදාසගේ මෝඩ පුට්‍රය මොන පිස්සුවක් කෙලිද කියන්න බෑ නොදන්නා එකාට වඩා අපි දන්නා පොනිල් හාමු හොඳයි :rofl:

    ඉතිං මුන් දෙන්න ඵකතු වෙලා දින්න කියන්නෙ ඔය කිව්ව දේ වෙනව කියන ඵකනේ..