සජින් ද වාස්ගේ නිවස වටලති
පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ සිටියදී සොයාගත් අලි පැටවා ලබාගෙන ඇත්තේ රුපියල් කෝටියක මුදලකට බව වනජීවි නිලධාරීහු පවසති.
ඔවුන් ප්‍රකාශ කළේ, එම අලි පැටවා 2009 වසරේ වනජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බව ය.
සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ අම්බලංගොඩ,පිහිටි නිවස ඊයේ හික්කඩුව වනජීවි නිලධාරීන් විසින් වටලනු ලැබුවේ අලි පැටවෙක් රඳවාගෙන සිටින බවට ලද තොරතුරක් අනුව ය.
අලි පැටවාගේ බලපත්‍රය අද පෙරවරු 9ට ඉදිරිපත් කළ හැකි බව නිවැසියන් ඊයේ ප්‍රකාශ කර තිබිණ.
කෙසේ වෙතත්, වන සත්ත්ව හා වෘක්ෂලතා අඥා පනතේ දැක්වෙන්නේ කිසියම් පුද්ගලයෙකු සතුව අලියෙකු සිටී නම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක බලපත්‍රය ලබා දීම එය දරන්නාගේ වගකීම වන බව ය.
ඊයේ බලපත්‍රය ඉදිරිපත් කිරීමට අපොහොසත් වුව ද අද වනජීවි නිලධාරීන්ට බලපත්‍රය ඉදිරිපත් කළ බව වැටලීමට ගිය නිලධාරීහු නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළහ.
ඊයේ නිවස වැටලූ අවස්ථාවේ දර්ශන ලබා ගැනීමට මාධ්‍යවේදීන්ට අවසර හිමිවුව ද අද මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවසර හිමි නොවී ය.