වාස්ගේ සම්පුර්ණ කතාව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom

    වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනාට පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි



    a533a940-5547-11ef-b90b-e9aa696b974f.jpg.webp


    8 අගෝස්තු 2024

    බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (අගෝස්තු 8 වැනිදා) තහවුරු කරනු ලැබීය.

    එම දඬුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පූලි විසින් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ පෙත්සම්කරුවන් හා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බව ය.

    අභියාචනා නිෂ්ප්‍රභයි

    මෙහිදී මහාධිකරණය විසින් විත්තිකරුවන්ට ලබා දුන් තීන්දුවට මැදිහත්වීමට සාධාරණ පදනමක් නොමැති හෙයින් විත්තිකරුවන්ගේ අභියාචනා නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

    2013 වසරේ මැයි මස 22 වැනිදා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2015 වසරේ නොවැම්බර් මස 27 වැනිදා මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

    මෙසේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් අතර වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග සමීපව කටයුතු කළ උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී සරච්චන්ද්‍ර , ප්‍රියන්ත සංජීව සහ කැලුම් රංග යන අය ඇතුළත් වෙති.

    බම්බලපිටිය ප්‍රදේශයේදී පැහැරගත් බව කියන මොහොමඩ් ෂියාම් නමැත්තාගේ මෘත ශරීරය දොම්පේ ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිබුණි.

    ඉන් අනතුරුව වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට අදාළ නඩු විභාගය කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවති අතර 2015 වසරේ නොවැම්බර් මස 27 වැනිදා ඔවුන් එම චෝදනාවලට වරදකරුවන් කරමින් මරණය දණ්ඩනය නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කර තිබුණි.

    තමන්ට එම දඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා වාස් ගුණ වර්ධන ඇතුළු විත්තිකරුවෝ ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කළහ.

    වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් 2017 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කරනු ලැබීය
    පුරා වසර හතකට ආසන්න කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරන ලදී

    වාස් ගුණවර්ධනට තවත් සිර දඬුවමක්

    2019 වසරේ මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති තරුණයකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාසයේ අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කෙරුණු, මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් බරපතළ වැඩ සහිත වසර 4 සිර දඬුවමක් අද (අගෝස්තු 8 වැනිදා ) නියම කරනු ලැබීය. ඊට අමතරව වාස් ගුණවර්ධන රුපියල් 20000 ක දඩයක් ද නියම කෙරුණි.


    ඊට අමතරව පැහැරගෙන යාම, අයුතු සිරකර තැබීම සහ සුළු තුවාල කිරීමේ චෝදනාවන් හතරකට වරදකරුවන් කරනු ලැබූ වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 16 ක් බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම් වසර 04 කින් ගෙවා අවසන් විය යුතු බවත් නියෝග කර සිටියේය. ඊට අමතරව එම විත්තිකරුවන්ට තුන්දනාට රුපියල් 82000 බැගින් දඩ මුදල් නියම කෙරුණි.

    එසේම මෙම සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ ලලිත් ශාන්ත විතාන නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 8 ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම වසර 4 කින් ගෙවා අවසන් කළ යුතු බවත් නියෝග කර සිටියේය. ඊට අමතරව එම විත්තිකරුට රුපියල් 40000 ක දඩයක්ද නියම කෙරුණි.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය විසින් තීන්දු කරන ලදී.

    තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරුවන් බහුතරයක් සාම නිලධාරීන් බවත් මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන්ගේ වගකීම බවත් සඳහන් කර සිටියා. එවැනි වගකීමක් දරා සිටින පිරිසක් මේ ආකාරයෙන් පුද්ගලයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා හිරිහැර කිරීම අනුමත කළ නොහැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පොලිස් නිලධාරින් ද රටේ සාමාන්‍ය නීතියට යටත් බව හැඟවෙන ආකාරයේ පණිවිඩයක් ලබාදිය හැකි තීන්දුවක් ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් අතුරින් බහුතරය සාමය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින පොලිස් නිලධාරීන් බවට අධිකරණය හමුවේ කරුණු පැහැදිලි වී ඇති බව සඳහන් කළේය. එසේ තිබියදී ඔවුන් විසින් සිදු කර තිබෙන වරදවල්වල ස්වභාවය බරපතල බවත් මෙම සිද්ධියට මුහුණ දුන් පැමිල්ලිකාර තරුණයා දින 20 ක් පමණ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,053
    34,569
    113
    කාගේ උවමනාවටද මූූ ඒ ව්‍යාපාරිකයාව උස්සලා මරලා තියෙන්නේ?
     
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    කාගේ උවමනාවටද මූූ ඒ ව්‍යාපාරිකයාව උස්සලා මරලා තියෙන්නේ?
    මතක විදියට ඌගේ හොදම යාලුවෙක් හරි බිස්නස් පාර්ට්න්ර් ලොකු ණයක් අරගෙන තිබිලා මරපු ඩයල් එක ගෙන්, එක ගෙවන්න වෙනවට, ඌ පොලිසියේ සෙට් එකට දෙනවා අරුව මරන්න.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඌ කූඩු කාරයෙක් කියන ඕනි එකෙක් කූඩු කාරයෙක් වෙනවද
    ඒ මිනිහා කුඩු කාරයෙක් නෙමේ.. වෙන බිස්නස් කාරයෙක්ගේ වුවමනාවට කරපු මිනිමෑරුමක්.. බලු වෑඩක්

    gothabayage උවමනාවට
    ඕකට ගෝඨා ගේ කිසිම සම්බන්ධයක් නෑ
    ------ Post added on Aug 9, 2024 at 2:09 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ මිනිහා කුඩු කාරයෙක් නෙමේ.. වෙන බිස්නස් කාරයෙක්ගේ වුවමනාවට කරපු මිනිමෑරුමක්.. බලු වෑඩක්


    ඕකට ගෝඨා ගේ කිසිම සම්බන්ධයක් නෑ
    ------ Post added on Aug 9, 2024 at 2:09 PM
    gothabaya karapu dewal thamai mun baya nathuwa follow kare
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    New zealnd tour එකේ තමයි මුලින්ම ආවේ 1995 ද කොහෙද
     
    • Like
    Reactions: NRTG