සජින් වාස් ගුණවර්ධන

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සජින් වාස් ගුණවර්ධන

    10702099_595920803846325_4765465831911746279_n.jpg


    ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේට නිල වශයෙන් ආරාධනා කිරීම සඳහා මේ වන විට රෝමයේ වතිකානු රාජ්‍ය සදහා ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් අතරට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සහභාගි කර ගැනීම කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වතිකානු ආරංචි මාර්ග සඳහන් කරයි.
    මේ සදහා හේතු වී ඇත්තේ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන නිව්යෝක් නුවරදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියයි. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කතෝලික පවුලකින් පැවත එන වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ශ්‍රී ලංකා කතෝලික සභාවේ සම්භාවනාවට පාත්‍රවූ පුද්ගලයෙකි. කිසිදු සාධාරණ හේතුවකින් හෝ ප්‍රකෝප කිරීමකින් තොරව සිදුවූ මෙම අමානුෂික පහරදීම ශිෂ්ඨ සම්පන්න ලෝකයේ දැඩි පිලිකුලට හා විවේචනයට මේ වන විට බදුන් වෙමින් පවතී.
    මෙම තත්වය සමනය කොට දෙදෙනා අතර ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට වතිකානුව කරා පැමිණෙන ලෙස ආරාධනා කළ බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ක්‍රිස් නෝනිස් මහතා තවම වතිකානුව කරා පැමිණ නැති බව ජනාධිපතිවරයාගේ ආරාධිත කණ්ඩායමේ කිහිප දෙනෙකුම ‘ලංකා නිවුස් වෙබ්' වෙත පැවසීය. බෙහෝ දුරට වෛද්‍ය ක්‍රිස් නෝනිස් අද (02) දිනය තුල වතිකානුවට පැමිණිය හැකි බව ඔව්හු වැඩි දුරටත් සඳහන් කළහ.
    කෙසේ වුවද ප්‍රශ්නය සමනය නොවුනහොත් මැර මන්ත්‍රීවරයාව ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැ දැකීම සඳහා ගෙන යා නොහැකි බවට දැඩි ස්ථාවරයක අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පසුවන බව අපගේ වතිකානු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ඉතාලියේ සහ ශුද්ධ වතිකානයේ චාරිකාවක් සඳහා ඊයේ (ඔක්. 2) පස්වරුවේ රෝමයට ළඟා වූහ


    10488113_10152276329001467_2005055318330065843_n.jpg


    10671325_10152276328986467_5504856279061803888_n.jpg


    10261959_10152276328981467_8814542202507637783_n.jpg
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී??? මොකද්ද බන්z මේ තණතුර?
     

    Similar threads