සජින් වාස් ගුණවර්ධන
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේට නිල වශයෙන් ආරාධනා කිරීම සඳහා මේ වන විට රෝමයේ වතිකානු රාජ්‍ය සදහා ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් අතරට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සහභාගි කර ගැනීම කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වතිකානු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සදහා හේතු වී ඇත්තේ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන නිව්යෝක් නුවරදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියයි. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කතෝලික පවුලකින් පැවත එන වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ශ්‍රී ලංකා කතෝලික සභාවේ සම්භාවනාවට පාත්රවූ පුද්ගලයෙකි. කිසිදු සාධාරණ හේතුවකින් හෝ ප්‍රකෝප කිරීමකින් තොරව සිදුවූ මෙම අමානුෂික පහරදීම ශිෂ්ඨ සම්පන්න ලෝකයේ දැඩි පිලිකුලට හා විවේචනයට මේ වන විට බදුන් වෙමින් පවතී.
මෙම තත්වය සමනය කොට දෙදෙනා අතර ප්රශ්නය විසඳීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට වතිකානුව කරා පැමිණෙන ලෙස ආරාධනා කළ බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ක්‍රිස් නෝනිස් මහතා තවම වතිකානුව කරා පැමිණ නැති බව ජනාධිපතිවරයාගේ ආරාධිත කණ්ඩායමේ කිහිප දෙනෙකුම ‘ලංකා නිවුස් වෙබ්' වෙත පැවසීය. බෙහෝ දුරට වෛද්‍ය ක්‍රිස් නෝනිස් අද (02) දිනය තුල වතිකානුවට පැමිණිය හැකි බව ඔව්හු වැඩි දුරටත් සඳහන් කළහ.
කෙසේ වුවද ප්රශ්නය සමනය නොවුනහොත් මැර මන්ත්‍රීවරයාව ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැ දැකීම සඳහා ගෙන යා නොහැකි බවට දැඩි ස්ථාවරයක අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පසුවන බව අපගේ වතිකානු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.