ඔතන කේස් මේකයි.
ආණ්ඩුවට බදු සල්ලි ඕන. දරාගන්න බැරි තරම් රජයේ සේවකයෝ නඩත්තු කරනවා, පාඩු පිට සමාගම් තියාගන්නවා, සහනාධාර දෙනවා, පොහොර් දෙනවා, කැම්පස් වෙනකන් ෆ්‍රී එඩියුකේෂන්, ෆ්‍රී හෙල්ත්.
දැන් ඕවට සල්ලි කොහෙන්ද? මිනිස්සු මිරිකෙන තරමට PAYE වැඩි කරලා, VAT වැඩි කරලා තියෙන්නේ. තව වැඩි කරන්න විදියක් නැහැ, හැබැයි අර උඩින් කිව්ව සහන දෙන්නම වෙනවා, රජයේ සේවකයෝ තියාගන්නත් ඕන ආණ්ඩු වලට. ණය අරගෙන, සල්ලි අච්චු ගහල නස්පුක් වෙන්න කෙලවාගෙන ඉන්නේ. අත්‍යවශ්‍ය ආහාර වගේ ඒවාට බදු ගහන්නත් අමාරුයි. ඉතින් වාහන, තෙල් වගේ ඒවාට ඇඩ්රස් නැති වෙන්න බදු ගහනවා.
මෙච්චර ගහලත් හැබැයි අයවැය පරතරය හිඟයි.
දරා ගන්න බැරි තරම් ආණ්ඩුව, ආණ්ඩුවේ සමාගම් ලොකු වීම තමයි ප්‍රශ්නෙට මුල. කට්ටිය වැඩි වෙන්න වෙන්න ආණ්ඩුවෙන් මිනිහෙක්ට වැඩක් කරගන්න එකත් අමාරු වෙලා. අත්‍යවශ්‍ය අංශ වලට (දොස්තරලා, ගුරුවරු, අකවුන්ටින්, දුම්රිය රියදුරු, IT වගේ ඒවාට) මිනිස්සුත් නැහැ. ඉන්නේ මෙලෝ වැඩක් නැති කළා උපාධි ගත්ත උනුයි කම්කරු ලෙවල් වල උනුයි.
හැබැයි හැම ආණ්ඩුවක්ම දේශපාලන හේතු හින්දා මේක අඩු කරන්න බයයි.
ඔන්න ඕක තමයි ප්‍රස්නේ....