සත්‍යයට මුහුණ දෙමු

virtusa

Member
Sep 7, 2010
8
1
0
සත්‍යයට මුහුණ දෙමු

කාලගුණ විද්‍යාඥයන්ට පවා මෙල්ල කර ගන්නට බැරි තරමට ස්වභාව දහම මුරණ්ඩු වී තිබේ. සමහර පළාත්වල වසරක් තුළ ඇද වැටෙන්නට නියමිත මහ වැසි දවසක් තුළ ඇද වැටී තිබේ. වැස්සට දේශපාලනයක් නැත. කුමන පක්ෂයක් ආණ්ඩු කළත් / කුමන පක්ෂයක් විපක්ෂයේ සිටියත් වැස්ස නතර වන්නේ වැස්සටම එපා වූ විටය.

ආණ්ඩුවේ වරදින් මේ තරමටම වහිනවා යැයි කවුරුන් හෝ කියනවා නම් වැස්ස ලෝකයේ ආණ්ඩු රාශියක් සමග ප්‍රශ්න ඇති කරගෙන තිබේ. කාලගුණ තත්ත්වය ලෝකයටම බල පෑ නිසා මෙතෙක් සිදු වූ හානිය සුළුපටු නොවේ. ඉදිරියටද මොන මොන හානි කරාවිදැයි කිව හැක්කේ වැස්සටම පමණි. එහෙත් එක් දෙයක් පැහැදිලිය.

ඉතා ඉක්මණින් ලෝකය පුරා ආහාර අර්බුදයක් ඇතිවීම නම් කිසිම පෙළපාලියකට / කිසිම උද්ඝෝෂණයකට / කිසිම විලාපයකට වැළැක්විය නොහැකිය. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ පටු පරමාර්ථ ඔස්සේ තීන්දු තීරණ නොගෙන පදනම් විරහිත ප්‍රකාශ නිකුත් නොකොට ඉදිරියේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට ජනතාව සූදානම් කළ යුතුය.

මේ ආණ්ඩුවේ වරදින් ආහාර අර්බුදයක් ඇති වන්නේ යැයි කවුරුන් හෝ සාධාරණ සැකයකින් තොරව තර්කානුකූලව ඔප්පු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දමා ආහාර වලින් ජනතාව සුඛිත මුදිත කරවන පක්ෂයකට රට භාරදීමට ජනතාව ඕනෑම මොහොතක සූදානම් ය. අපට ආහාර අර්බුදය ජයගත හැකි ය. අප ඒ සඳහා කළ යුත්තේ අපට අවශ්‍ය එළවළු ටික / පලතුරු ටික ගෙවත්තේ වවා ගැනීමය.

ආණ්ඩුවට ඒ සඳහා සැලසුම් සහ විසඳුම් තිබේ. මිරිස් පැලයක් /බණ්ඩක්කා පැළයක්/ ගෙදර මිදුලේ වවා ගන්නට අලුත් විශේෂඥ දැනුමක් අවශ්‍ය නැත. ලොකු වියදමක් දැරිය යුතු නැත. එදා අපේ හැම ගෙදරකම එළවළු පැළයක් තිබුණි. කෙසෙල් මුව ගෙදර කෙසෙල් ගසින් කඩා ගත්තේ ය. කොළ මිටිය වත්ත පහළ ඕවිටෙන් සොයා ගත්තේ ය.

ගෙදර කිකිළිය දමන බිත්තර කඩේට විකුණා අපි කරවල මිලට ගෙනාවෙමු. ගසේ තැඹිලි වල්ල පොළට දී හාල් සේරුව ගෙට ගත්තෙමු. එළදෙනගේ කිරිටික විකුණා මිලට ගත් සීනි ඇට දෙකක් අල්ලට ගෙන කහට බීවෙමු. අප ජීවතය ගෙන ගියේ ඒ අන්දමිනි. ඒ නිසා ආහාර අර්බුදය ජය ගැනීම අපට දුෂ්කර කාර්යයක් නොවේ. අපි ඒ සඳහා වෙනස් මගකින් සත්‍යයට මුහුණ දෙමු.
 
  • Like
Reactions: flag au:

virtusa

Member
Sep 7, 2010
8
1
0
සත්‍යට මුහුණ දෙමු. ඔබේ වටිනා අදහස් දක්වන්න :)
 

virtusa

Member
Sep 7, 2010
8
1
0
ඔබට හිතෙන දේ පුන්චියෙන් හරි සටහන් කරලා යන්න