සත්‍යය කුමක්ද?
පහුගිය දවස්වල දෙහිවලදී දුම්රියක හැපී මියගිය දැරියන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ප්‍රකාශ නිකුත් වුනා. මේ ඒ සිද්ධිය ගැන කතා කරනවා නෙමෙයි. ඒකෙන් දැන ගන්න ලැබුනු කරුණු කීපයක් ගැන කියනවා විතරයි.
පහලින් තියෙන්නෙ 'දිවයින' පත්‍රයේ පලවූ පශ්චාත් මරණ පරීක්ෂනයේ සාක්ෂි වාර්තාවක්. මේ සාක්ෂි ඉදිරිපත් කරල තියෙන්නෙ දුම්රිය රියැදුරු, එක දැරියකගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරා යන තිදෙනා.
දැරියගේ පෙම්වතාගේ සාක්ෂියට අනුව සිද්ධියෙන් පස්සෙ දැරියන් දෙදෙනාගේ මළසිරුරු කෝච්චියේම දමාගෙන දෙහිවල දුම්රිය ස්ථානයට ගෙනැත් තියෙනවා. මගේ අදහසේ හැටියට මේක මරණයට පත්වුන තැනැත්තාට කරන අගෞරවයක්. කෙනෙක් මරණයට පත් වුනත් ඒ තැනැත්තාගේ ගරුත්වය ආරක්ෂා කරන්න ඕන. කෝච්චියේ බිම දාලා අරගෙන යනවා කියන්නෙ මලසිරුරට කරන අගෞරවයක්. මගේ අදහසේ හැටියට කරන්න තිබුනේ සිද්ධිය වූ ස්ථානයට වහාම ගිලන් රථයක් ඇතුලු හදිසි සේවා අංශ වලට කැඳවීමක් කරල ගිලන් රථයකින් නියම විදියට ඒ සිරුරු රෝහලට හෝ වෙනයම් ස්ථානයකට ගෞරවයක් ඇතුව අරගෙන යන එක. තුවාල වුන කෙනෙක් හිටියනම් ඉතා ඉක්මනින් ගිලන් රථයෙන් රෝහලට ගෙන යනඑක.ඉස්සර වගේ නෙමෙයි, ලංකාවෙ දැන් මේ සේවාවන් තියෙනවා.
ඒ එක්කම දැරියගෙ පෙම්වතාගෙ සාක්ෂියට අනුව මේ සාදය සංවිධානය කරල තියෙන්නෙ පෙම්වතා විසින් කලක සිටම සැලසුම් කරලා. ඒත් මාධ්‍ය වල තිබුනේ දැරිය විසින් 'ස'ප්‍රයිස් පාටියක්' සැලසුම් කරා කියල. ඒ 'ස'ප්‍රයිස්' එක දෙන්න කලබලයෙන් දුවලා ගිහිල්ලා මේ ඛේදවාචකය වුනා කියලා.
මම හිතන්නෙ අද කාලේ දේශපාලන තලයේ සිට සමාජයේ අන් පැතිකඩවල් වල සිදුවෙන දේවල් වල ඇත්ත තත්වය දන්නෙ උඩ ඉන්නෙ දෙයියෝ විතරයි.