සත්‍ය කතාවක් >>

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    සත්‍ය කතාවක් >>

    පුතා ලොක්කෙක් කරවා ගෝනිය ඇතුළේ අවසන් ගමන් ගිය අම්මා

    true-story.jpg


    ශ්‍රද්ධා රූපවාහිනිය බලන කොට තමයි මට මේ කතාව මතක් වුණේ. අධ්‍යාපනය කියලා දරුවෝ මව්කුසින් එළියට එන්නත් කලින් ටියුෂන් යවන අම්මලා තාත්තලට මේ කතාව වටියි කියලා හිතුණා. ඒ නිසයි ලියන්නේ. දහමින් පෝෂණය නො වූ, ඉගෙනීමෙන් අභිෂේක ලැබූ ලොකු ඉස්කෝලේ මහත්තයගෙ ඇත්ත කතාව මේ ලියන්නේ.

    වැලිමඩ දුෂ්කර ගමක මේ සිද්ධිය වුණේ. මගේ තාත්තා මුහුණ දුන් සිද්ධියක් මේක. තාත්තා මට මේ කතාව කිව්වේ මට වයස 26 දී. දවසක් මං අපේ ඉස්කෝලේ හිටිය පරණ ප්‍රින්සිපල් සර්ලා ගැන කිය කිය හිටියා. එතකොට තාත්තා කිව්වා ඔන්න ඔය පව්කාරයා ගැන නම් කතා කරන්න එපා කියලා. එතකොට තමයි තාත්තා මට මේ කතාව කිව්වේ.

    අපේ ගෙට එහා පැත්තේ වත්තේ තමයි මීට අවුරුදු 70කටත් ඉස්සර මේ කියන ලොකු ඉස්කෝලේ මහත්තයා හැදුන වැඩුණ ගෙදර තිබිලා තියෙන්නේ. ඒවා වල් බිහි වෙලා. පුංචි කාලෙ ම තාත්තා දාලා ගිහින්. ඊට පස්සේ අම්මා කුලීවැඩ කරලා දරුවා හැදුවා. අම්මා හැම වෙලේ ම කිව්වේ “ඉගෙන ගනින්, ඉගෙන ගනින්, ඉහළට ම පලයන්. ගමේ එවුන්ට පේන්න මයේ කොල්ලා ලොක්කෙක් වෙන්න ඕන.” උන්දැගේ කටේ තිබ්බෙ ම ඔය කතාව. දහම් පාසල් යන්න දුන්නේ නෑ. එදාටත් පොත බලපන් කිව්වා. අර කොලුවා පොතේ ම ලොකු වුණා. හොඳට ඉගෙන ගත්තා. විභාග පාස් වෙනකොට ඒ අම්මා පුතාට සක්විතිකම හම්බ වුණා වගේ කඳුළු සැලුවා. කිරිබත් ඉව්වා. ඒ අම්මා තේ වතුවල වැඩට ගිහින්, කුලී වැඩ කරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මුදල් යැව්වා. පුතා බෝඩිංවල නවත්තලා පැල්පතේ අම්මා බත්වලට ලුණු ඉහගෙන කෑවා සල්ලි ඉතිරි කර ගන්න ඕන නිසා පුතාට යවන්න. පුතා ලොක්කෙක් කරන එක තමයි අම්මාගේ සිහිනය. පුතා ගෙදර ආ වෙලාවේ පන්සල පැත්තේ ගියොත් ඒ අම්මට හරි බයයිලු මහණ වෙයි කියලා. ඒ නිසා “පුතා පන්සලට යන්න ඕන නෑ” කියලා අම්මා කියනවා ඒ කාලේ අපේ තාත්තටත් ඇහුණලු. ඒ තාත්තා පුංචි කාලේ ඇහිලා තිබුණ දේ කිව්වේ.

    පුතා සියලු උපාධි පාස් කරලා, විදුහල්පති විභාගය පළමු ශ්‍රේණියෙන් පාස් කරලා ගමේ ඉස්කොලේ ලොකු මහත්තයා වුණා. ඒ කාලේ ඉඳලා මම පුංචි පන්තිවල ඉන්න කාලෙත් ඒ සර් තමයි විදුහල්පති. අවුරුදු 40ක් විතර අපේ ගමේ ඉස්කෝලේ හිටියා. ඊට පස්සේ විශ්‍රාම ගියා. ගමෙනුත් ගියා. ඌව පළාතේ ප්‍රධාන නගරයක දැන් ව්‍යාපාර බොහොම ඉහළින් කරනවා.

    ඉස්කෝලේ මහත්තයා ඉස්කෝලේට ආසන්නයේ ම හොඳ ඉඩමක් පාර ළඟින් අරං හොඳ බංගලාවක් හැදුවා. මමත් දවසක් ගිහින් තියෙනවා. ලොකු ගෙයක්. ඉස්කෝලෙ ම ටීචර් කෙනෙක් බැන්දා. ඒ ගෙදර පදිංචියට ගියා. අම්මාට කිව්වාලු ගමේ ගෙවලුත් පාළුවට යනවානේ, අම්මා පරණ ගෙදර ම ඉන්න කියලා. අර පරණ පැල්පතේ ඉඳගෙන රොටියක් කකා අම්මා ඉස්කෝලේ මහත්තයව වර්ණනා කර කර හිටියා. පුතාගේ ගෙදර ගිය දවසට ඉක්මනට ආපහු ගෙදර එවනවා. හේතුව ලොකු ලොකු අය මුණ ගැහෙන්න එනකොට ‘මේ අම්මා ද?’ කියලා අහන නිසා. ඇත්තටම ඒ අම්මා මිටියිලු. රූපෙ විරූපියිලු. ගොඩක් කෙට්ටුයිලු. මගේ තාත්තා මට එහෙම තමයි විස්තරේ කීවේ.

    ලොකු ඉස්කෝලේ මහත්තයා තමයි ඒ පැත්තෙන් ම ඉස්සෙල්ලාම කාර් එකක් ගත්තේ. දරුවොත් ඉන්නවා. ඒත් කවමදාවත් අම්මාව ඒ කාර් එකේ දාගෙන ගිහින් නෑ. අම්මා ලෙඩ වුණා. දවසක් හදිසියේ ලොකු ඉස්කෝලේ මහත්තයා අපේ තාත්තා මුණ ගැහෙන්න ඇවිත්. තාත්තා ඒ කාලේ තරුණයෙක්. සර්ගේ ගෝලයෙක්. සර් කිව්වාලු “පුතා, මං වියදම් ටික ටික එවන්නම්. අම්මා ගැන බලපං” කියලා. ඊට පස්සේ තාත්තා විටින් විට ඒ ගෙදර ගියා. ඒ අම්මා තනියම ලෙඩ ඇඳේ. අපේ තාත්තා බේත් ගෙනත් දුන්නාලු. එදායින් පස්සේ ලොකු සර් කවදාවත් අම්මා බලන්න ආවේ නෑ. අර අම්මා නිතර නිතර අහනවා “පුතා ආව ද? පුතා ආව ද?” කියලා. ඒක ම හිතලා උන්දැට පිස්සු හැදුනා.

    පිස්සු හැදුන ඒ අම්මා කොණ්ඬේ කඩා දාගෙන දුවනවා. තාත්තා ලොකු සර්ට ගිහින් කිව්වා. සර් කිව්වා “පුතා කොණ්ඬේ කපපං. බූ ගාපං. එතකොට හරි” කිව්වලු. අපේ තාත්තා ඇවිත් ඒ පිස්සු අම්මාගේ කොණ්ඬේ කැපුවා. ඊට පස්සේ උන්දෑ ඇඳුම් ගලව ගන්නවා. නිරුවතින් දුවනවා. අපේ තාත්තා ලොකු සර්ට ගිහින් කිව්වා. “පුතා ලැජ්ජාවේ බෑ. අම්මට ගවුමක් අන්දපං. මේං සල්ලි. යනකොට අරං පලයන්.” තාත්තා සර් කියන දේ කරනවා. ඔන්න අර පිස්සු අම්මට අපේ තාත්තා බායියක් අන්දලා. ඒ බායිය ඇඳගෙන ඒ අම්මා ගෙවල් ගානෙ දුවනවා. අපේ තාත්තා ලොකු සර්ට ගිහින් කිව්වා. සර් සල්ලි ටිකක් දීලා “පුතා, ගෙට දාලා දොර වහපන්. උඹ හොයා බලාපන්. ආ… වියදමට මේක තියා ගනින්” කිව්වා. දැන් අර පිස්සු අම්මා පරණ පැල්පතේ ගේ ඇතුළේ. කන්ට දෙයක් දුන්නත් විසි කරනවා. මළ මූත්‍රගොඬේ ඉන්නවා. අපේ තාත්තා ඒවා අස් කරනවා. ටික කාලෙකින් ඇඳට ම උනා. පිස්සු අම්මා දොඩවනවා. ලොකු සර් බලන්නවත් ආවේ නෑ. මේ ගෙදර ඉඳලා ලොකු සර්ගේ ගෙදරට කිලෝමීටර 5ක් විතර තියෙන්නේ.

    දවසක් හැන්දෑවේ හතට විතර තාත්තා කෑම ටිකත් අරං පන්දමේ එළියෙන් ඒ පැල්පතට යනකොට අර අම්මා මැරිලා. ඇස් උඩ ගිහිල්ලා. ඇඟ සීතල වෙලා. දිව හැපිලා. මල මූත්‍ර පහවෙලා. තාත්තා එක පිම්මට රෑ ම ලොකු සර්ට ගිහින් කිව්වා. සර් කලබල වුණා. තාත්තට මෙහෙම කිව්වා. “ඉඳා මේ සල්ලි උඹ ගනින්. දැන් රෑ එළි වෙන්න කලින් ඒ මිනිය මෙහෙට අරං වරෙන් කොහොම හරි. කාටවත් දැනගන්න තියන්න එපා. පලයං ඉක්මනට.” අපේ තාත්තා පුදුම හිත හයිය මනුස්සයෙක්. ශරීර ශක්තියත් ඒ වගේ තමයි.

    තාත්තා ආපහු ඇවිල්ලා අර අම්මා පුංචි නිසා ලොකු ගෝනියක් අරං ඒක ඇතුළට දාලා තද කරලා කට බැඳලා, කෙසෙල් කැනක් අරං යනවා වගේ කරේ තියාගෙන බිම තිය තියා අරං ගිහින්. රෑ එක දෙක වෙනකොට ලොකු සර්ගෙ ගෙදරට ගියා කිව්වා. ගිය ගමන් ඇතුළේ කාමරේක ඇඳක තියලා අඬන්න ගත්තාලු බොරුවට. මල් ශාලාවට කතා කළාලු. තාත්තා රෑ ම ගෙදර ආවලු. හිතේ වේදනාවට තාත්තා හොඳට ම බීලා. මළ ගෙදර ගිහිල්ලත් නෑ. භූමිදානේ දවසේ දවල් පාංශුකූලේ වෙලාවේ අපේ තාත්තා එහේ ගියා. ලොකු සර්ගේ ගෙදර පේන්නේ නෑ. ඒ තරම් සංවේග බැනර්. ‘අපේ ලොකු සර්ගේ රත්තරං අම්මාට නිවන් සුව.’ ‘ඔබ අප අතර ම ඉපදේවා!’ , ‘පිනැති පුතෙකු ලද පින්බර මව්නි, ඔබට නිවන් සුව!’ ඕවා තමයි බැනර්වල තිබුණා කිව්වේ. මිනිස්සු පිරිලා මළ ගෙදර. මිනිය විහාර මහාදේවි වගේ අන්දවලා. පෙට්ටිය වටේ මල් කළඹවල්. නිවෙන පත්තු වෙන ලයිට් දාලා තොරණ වගේ. මිනී පෙට්ටිය රන් පැහැ පිත්තල කැටයම්වලින් සරසලා. පලස් මත තබා උඩු වියන් බැඳ, ඇත් දළ දෙපැත්තේ තියලා තිබුණා. සේසත්, තෝමර බිත්තිය දෙපැත්තේ. තාත්තා ඔය විදිහට මට විස්තර කිව්වා.

    පළාතේ මන්ත්‍රීතුමාගේ කතාව. “ශෝකාකූල ප්‍රදේශවාසී සහෝදරවරුනි, මව්වරුනි, පියවරුනි. සමාවෙන්න අපේ ගරුතර මහා සංඝරත්තනයෙන් අවසරයි. අපේ ඉස්කෝලේ මහත්තයා ගැන කවුරුත් දන්නවා. පුදුුම ගුණගරුක, අවංක, නිහතමානී, දැන උගත් ශාසනයට හිතෛෂී, නිතර නිතර දන් දෙන දානපති, දාන සාගර, ළමයින් දහස් ගණනකගේ ඇස් පෑදූ පරම ආචාර්ය, මව් සෙනෙහස දන්නා දුර්ලභ මනුෂ්‍ය රත්නයක්. තමන්ගේ අම්මා මේ ගෙදර උඩුමහලේ කාමරයක නවතා කවා පොවා නාවා උපස්ථාන කළා. මේ ගෙදරට එන යන අයවත් අම්මා කෝ කියලා දන්නේ නෑ. ඇයි ඒ? අහවල් දේ ඕන කියලා කතා කරන්න දෙයක් නෑ. සියල්ල දීලා, නාවලා, කවලා පොවලා තියා ගත්තේ. හදිසියේ මේ කරදරේ වෙලා තියෙන්නේ. අපට හිතාගන්න බෑ ලොකු සර් මෙතරම් කඳුළු සඟවාගෙන මේ අවමංගල්‍ය සභාවේ මේ විදිහට සිටින එක. හේතුව ඒ තරම් අම්මට ළෙංගතු පුතෙක්. මේ ලොකු ඉස්කෝලේ මහත්තයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබලා, විදුහල්පති පළමු ශ්‍රේණිය පාස් කරලා……” අයියෝ ඒ මන්ත්‍රී පිස්සා මැරිච්ච අම්මා නැගිට්ටුවන කෙපර ටිකක් ඇද බෑවා. මැරුණේ අම්මා. කිව්වේ පුතා ගැන.
    අපේ තාත්තා ඔය විස්තර මට ඔය විදිහට කියනකොට තාත්තගේ මතක ශක්තිය ගැන මට පුදුම හිතුණා. හාමුදුරුවරුත් ලොකු ඉස්කෝලේ මහත්තයාගෙ ම ගුණ කියලා පැන් වඩපු බව තමයි තාත්තා කිව්වේ. රතිඤ්ඤා දාලා මළබෙර ගහලා මිනිය උස්සලා මිනිය ගෙනියන රන්සිවි ගෙට පෙට්ටිය ගන්නකොට තාත්තා කලකිරිලා ගෙදර ආවලු. ලොකු ඉස්කෝලේ මහත්තයා අඬ අඬ විළඳ ඉහිනවා තාත්තා දැක්කා. තාත්තා දැකපු ගමන් සර් අහක බලා ගත්තලු. අදත් ඒ අම්මාගේ සොහොන් කොත ගලින් හදලා නම කොටලා තියෙනවා. අම්මා කියන එක පුංචිවට තියෙනවා.

    තිසරණය නැතිව, ගුණ දහම් නැතිව, බණ පදයක් දන්නේ නැතිව, අපාය දිව්‍ය ලෝකේ පිළිගන්නේ නැතිව ලොක්කෙක් වුණ පුතාගේ කතාව ඕක. ඒ අම්මා දැන් කොහේ ඇති ද? ලොකු සර් ගැන මං දැන් හරියට දන්නේ නෑ. ඉන්න තැන දන්නේ නැති වුණාට යන තැන හිතාගන්න පුළුවනි. අපේ තාත්තත් ඒවට හූමිටි තිබ්බ එක ගැන හරියට දුක් වුණා. මගේ රත්තරං තාත්තා ගිය අවුරුද්දේ නැති වුණා. මං අසපුවට ගෙන්නගෙන ගිහින්, දඹදිව යවලා තාත්තාට පිං කරවන්න උත්සාහ කළා. දැන් තාත්තා කොහේද ඉපදුණේ කියලා මං දන්නේ නෑ. අපි මොනවා කිව්වත් කර්මය සත්වයා දායාද කර ගන්නවනේ. ඔය කතා තාත්තා කියනකොට මං අහගෙන හිටියට කර්ම සකස් වෙන හැටි හිතනකොට මං හරියට බය වුණා. මට නම් මේ උතුම් තිසරණය නිසා ලැබුණ ලාභය හිතාගන්න බෑ. තමාට තමා ම යි සරණ. ධර්මය දූපතයි. සරණ සොයා යා යුතුයි.
    ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ටීවී වැඩසටහනේ නන්දා මාලනී මහත්මිය අම්මා ගැන කිව්ව මේ ගීතය මගේ හිතේ fදා්ංකාර දෙනවා. මේ ලිපියත් එහි ප්‍රතිඵලයක්.

    “මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
    අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා
    මේ දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා
    තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා
    සිය දහසක් නෙක ලෝදා එළිය කරන අම්මා
    සොලොස් කලා පිරි පුර හඳ එළිය කරන අම්මා
    සඳ නැති දා සක්වළ තරු එළිය කරන අම්මා
    උදාගිරෙන් ලොවට වඩින ළහිරු මඬල අම්මා”

    දහමෙන් තොරව ඉගෙනීමෙන්, තම දරුවන් ලොක්කන් කරන්නට යන අම්මලා තාත්තලා මේ කතාව ගැන ටිකක් හිතන්න. ඒක තමයි මගේ ඉල්ලීම..

    මම වැලිමඩ කිත්සිරි.


    Source : Mahamegha.lk
     
    Last edited:

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    තමන්ව ලේ කිරි කරලා හදපු අම්මටයි, දරුවන් වෙනුවෙන් නොවිදිනා දුක් විදල ලොකු මහත් කරපු තාත්තටයි දුකක් දෙනවනම් ඒකට පවු ගෙවන්න ආත්ම ගානකුත් මදි වෙයි.. එහෙම දරුවන්ට මේ ආත්මෙදිම ඒවට සුදුසු දඩුවම් ලැබෙන්න ඕන..:(:(:(
     
    • Like
    Reactions: cool-sasika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    "මිහි මඞලේ අදුරැ කුසේ දිය උල්පත අම්මා...
    අහස් තලෙන් මරැ කතරට වහින වැස්ස අම්මා..."

    හරිම සංවේදී කතාවක් මචං, මේ වගෙ පව්කාරයොන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනෙ..
    දිඨ්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා සහතිකයි..!
    ස්තුතියි අප සමග බෙදා ගත්තට..!
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගේ තාත්තා මුහුණ දුන් සිද්ධියක් මේක

    තාත්තා ලොකු සර්ට ගිහින් කිව්වා. සර් කිව්වා “පුතා කොණ්ඬේ කපපං. බූ ගාපං. එතකොට හරි” කිව්වලු. අපේ තාත්තා ඇවිත් ඒ පිස්සු අම්මාගේ කොණ්ඬේ කැපුවා.

    ඊට පස්සේ උන්දෑ ඇඳුම් ගලව ගන්නවා. නිරුවතින් දුවනවා. අපේ තාත්තා ලොකු සර්ට ගිහින් කිව්වා. “පුතා ලැජ්ජාවේ බෑ. අම්මට ගවුමක් අන්දපං. මේං සල්ලි. යනකොට අරං පලයන්.” තාත්තා සර් කියන දේ කරනවා. ඔන්න අර පිස්සු අම්මට අපේ තාත්තා බායියක් අන්දලා.

    ඒ බායිය ඇඳගෙන ඒ අම්මා ගෙවල් ගානෙ දුවනවා. අපේ තාත්තා ලොකු සර්ට ගිහින් කිව්වා. සර් සල්ලි ටිකක් දීලා “පුතා, ගෙට දාලා දොර වහපන්. උඹ හොයා බලාපන්. ආ… වියදමට මේක තියා ගනින්” කිව්වා. දැන් අර පිස්සු අම්මා පරණ පැල්පතේ ගේ ඇතුළේ. කන්ට දෙයක් දුන්නත් විසි කරනවා.

    මළ මූත්‍රගොඬේ ඉන්නවා. අපේ තාත්තා ඒවා අස් කරනවා. ටික කාලෙකින් ඇඳට ම උනා. පිස්සු අම්මා දොඩවනවා. ලොකු සර් බලන්නවත් ආවේ නෑ. මේ ගෙදර ඉඳලා ලොකු සර්ගේ ගෙදරට කිලෝමීටර 5ක් විතර තියෙන්නේ.

    ඒ පැල්පතට යනකොට අර අම්මා මැරිලා. ඇස් උඩ ගිහිල්ලා. ඇඟ සීතල වෙලා. දිව හැපිලා. මල මූත්‍ර පහවෙලා. තාත්තා එක පිම්මට රෑ ම ලොකු සර්ට ගිහින් කිව්වා. සර් කලබල වුණා. තාත්තට මෙහෙම කිව්වා. “ඉඳා මේ සල්ලි උඹ ගනින්. දැන් රෑ එළි වෙන්න කලින් ඒ මිනිය මෙහෙට අරං වරෙන් කොහොම හරි. කාටවත් දැනගන්න තියන්න එපා. පලයං ඉක්මනට.” අපේ තාත්තා පුදුම හිත හයිය මනුස්සයෙක්. ශරීර ශක්තියත් ඒ වගේ තමයි.

    තාත්තා ආපහු ඇවිල්ලා අර අම්මා පුංචි නිසා ලොකු ගෝනියක් අරං ඒක ඇතුළට දාලා තද කරලා කට බැඳලා, කෙසෙල් කැනක් අරං යනවා වගේ කරේ තියාගෙන බිම තිය තියා අරං ගිහින්. රෑ එක දෙක වෙනකොට ලොකු සර්ගෙ ගෙදරට ගියා කිව්වා.

    මම වැලිමඩ කිත්සිරි.

    යකෝ මුගේ තාත්තට සල්ලි ටිකක් දීලා පොඩ්ඩක් කටට ගන්න කිව්ව නම් ඌ ඒකත් කරයි :rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pita rata loku job karana samahara Lokkange Parents laatath oya duka athi vela thiyenava. Mama dannava Australia vala inna engineer kenek ta podi kaley idalama uge education ekata help kaley uge Aunty kenek. Anthimedi Aunty ta pissu haduna. Help kaley vata pitave inna poor people la. Aunty marune Mahalu madame lissala vatila.
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    තමන්ව ලේ කිරි කරලා හදපු අම්මටයි, දරුවන් වෙනුවෙන් නොවිදිනා දුක් විදල ලොකු මහත් කරපු තාත්තටයි දුකක් දෙනවනම් ඒකට පවු ගෙවන්න ආත්ම ගානකුත් මදි වෙයි.. එහෙම දරුවන්ට මේ ආත්මෙදිම ඒවට සුදුසු දඩුවම් ලැබෙන්න ඕන..:(:(:(
    :(
    Harima Sanwedi kathawak. Tfs

    "මිහි මඞලේ අදුරැ කුසේ දිය උල්පත අම්මා...
    අහස් තලෙන් මරැ කතරට වහින වැස්ස අම්මා..."

    හරිම සංවේදී කතාවක් මචං, මේ වගෙ පව්කාරයොන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනෙ..
    දිඨ්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා සහතිකයි..!
    ස්තුතියි අප සමග බෙදා ගත්තට..!



    යකෝ මුගේ තාත්තට සල්ලි ටිකක් දීලා පොඩ්ඩක් කටට ගන්න කිව්ව නම් ඌ ඒකත් කරයි :rofl:
    :rolleyes::rofl:

    Pita rata loku job karana samahara Lokkange Parents laatath oya duka athi vela thiyenava. Mama dannava Australia vala inna engineer kenek ta podi kaley idalama uge education ekata help kaley uge Aunty kenek. Anthimedi Aunty ta pissu haduna. Help kaley vata pitave inna poor people la. Aunty marune Mahalu madame lissala vatila.







    :(
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කවදාවත් දරුවෝ අපිට සලකයි කියලා නම් හිතන් ඉන්ඩ නරකයි.:(
     
    • Like
    Reactions: cool-sasika

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where