සත්‍ය කතාවක්

JayeSL

Member
Dec 15, 2017
174
54
0
මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණ?

මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. ? අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් එක පැත්තට එද්දි නෝනා කිව්වා බස් හෝල්ට් එකේ කවුද වයසක කෙනෙක් ඉන්නවා කියලා. මම වාහනයෙන් බැහැලා ගිහින් බැලුවා. බලනකොට ගොඩාක් වයෝවෘද්ධ කෙනෙක්. මම ඇහුවා ඇයි තාත්තෙ පාරෙ කියලා. ඔහු කිව්වා දරුවො මාව ගෙනැල්ලා පාරට දැම්මා කියලා. මහත්තයා කුමාර තිරිමාදුර නේද ? මේ වයෝවෘද්ධ පුද්ගලයා මාව හඳුනත්තා.
පස්සෙ මම අපේ දුවව ගෙදරින් දාලා බොරැල්ල ලංකාරාමෙ අපෙ පොඩි හාමුදුරුවන්ට කතා කළා. එහෙ මහළු මඩමක් තිබුණා. මම පොඩි හාමුදුරුවන්ට කිව්වා අනේ පොඩි හාමුදුරුවනේ පාරෙ වයෝවෘද්ධ කෙනෙක් ඉන්නවා. ළමයි එයාව දාලා ගිහිල්ලා කියනවා. ඒ වයසක කෙනාව එක්ක එන්නද ? කියලා මම ඇහුවා. හා හා මහත්තයා එක්කගෙන එන්න කියලා පොඩි හාමුදුරුවො කිව්වා. ඊට පස්සෙ මම වයෝවෘද්ධ පුද්ගලයාවත් වාහනේ දාගෙන බිරි`දත් එක්ක බොරැල්ලෙ පංසලට ගියා. එතනට ගියාම ලොකු හාමුදුරුවො කිව්වා අපිට බාර ගන්න බැහැ කියලා. ඊට පස්සෙ පොඩි හාමුදුරුවොත් ගොඩක් අසරණ වුණා.
ඊට පස්සෙ මම කිව්වා ලොකු හාමුදුරුවනේ බුදු හාමුදුරුවො සුනීත සෝපාකලා ව සොහොනෙ ඉඳලා අරගෙන ඇවිත් පිහිට වුණා. ඇයි ඔබ වහන්සේලාට මෙහෙම කෙනෙක් කරදරයක වැටුණාම උදවු කරන්න බැරි කියලා. නෑ නෑ මෙහෙ තියා ගන්න බැහැ කියලා හාමුදුරුවො කිව්වා. මම කිව්වා අනේ හාමුදුරුවනේ හෙට උදේ වෙනකල් වත් තියා ගන්න බැරිද කියලා. ඒත් බෑ කියලා කිව්වා. මම ලොකු හාමුදුරුවන්ට බුදුසරණයි කියලා තුන්සැරයක් වැඳලා පංසලෙන් පිටත් වුණා.
මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණද, එහෙම නැත්නම් ගේට්ටු දාලා තිබුනද ? කියලා. එහෙම ගේට්ටු දාලා තාප්ප ගහලා තිබුණා නම් පටාචාරාට කිසා ගෝතමීට එන්න හම්බ වෙන්නෙ නැහැ.
ඉතින් මේ වයෝවෘද්ධ පියාවත් අරගෙන මම තව තැන් කිහිපයකට ගියා. ඒත් මේ තාත්තාව බාර ගන්න කව්රුත් කැමති වුණේ නැහැ. අන්තිමට මම අපේ ගෙදරට එක්ක ගෙන ආවා. ඊට පස්සෙ පහුවදා නැවතත් උත්සාහ කළේ තව මහළු මඩම් කිහිපයකට එයාව යොමු කරන්න. ඒත් බැරි වුණා. මහළු මඩම් වල ඉඩ නැහැලූ. අන්තිමටම මම මේ තාත්තව පොලිසියට එක්කගෙන ගියා. එතනදි තමයි රටක නීතිය ක‍්‍රියාත්මක වෙන විදිය මොන තරම් නම් නරකද කියලා දැනෙන්න ගත්තෙ. අපි අන්ත අසරණ වුණා.
මේ පුද්ගලයාව හෙට දිනයේදී උසාවියට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ මදිවට මටත් විත්ති කූඩුවට නගින්න වෙනවා කියලා පොලිසිය කිව්වා. පාරෙ හිටපු අසරණ මනුෂ්‍යයෙක්ටයි මම උදවුවක් කරන්න ගියෙ. එවැනි උදව්වකදී නීතිය මට මේ තරම් කරදර කරනවාද කියන එක මට දැනෙන්න ගත්තා. මගේ බිරිඳට පොලිස් නිලධාරියෙක් ප‍්‍රකාශ කරලා තිබුණේ ඔයාගෙ නැන්දම්මා මාමා පාරෙ වැටිලා හිටියත් උඩින් පැනලා යන්න. ඒගොල්ලන්ව උස්සගෙන ඇවිල්ලා නැති කරදර වල පැටලෙන්න එපා කියලා.
අන්තිමට මම කිව්වා මම උසාවි ගාණෙ යන්න වරදක් කරලා නැහැ. මේ වයසක තාත්තා එහෙම වරදක් කරලත් නැහැ. ඊට පස්සෙ පොලිසියෙන් කිව්වා පාරෙ හිටපු මනුස්සයෙක් කියලා ඉස්පිරිතාලයකට බාර දෙන්න කියලා. ඊට පස්සෙ අපි ඒ තාත්තව හෝමාගම ඉස්පිරිතාලෙට බාර දුන්නා.
ඉතින් මම අද දුක් වෙනවා මගේ රට ගැන. අනේ මේ රටේ තව කෙනෙකුට උදවුවක් කරන්න එපා කියලද කියන්නෙ. උදේ ඉඳන් බණ අහන රටක්නෙ මේක. බණ කියන හාමුදුරුවො දේශනා කරන්නෙ කාට හරි හැම වෙලාවෙම උදවුවක් කරන්න කියලා. ඒ වුණාට අනේ බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න මේ ලංකාව ඇතුළෙ නම් ආයෙ කිසිම කෙනෙකුට උදවු කරනවා තියා හිතන්නෙ වත් නෑ. මොකද උදවු කළාම නඩු දාන අමුතුම වර්ගයේ දිවයිනක් දැන් මේක

~කුමාර තිරිමාදුර
 
  • Like
Reactions: [email protected]

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    පටාචාරාට බුදුන් දැකිමට අවසර තිබුණත් බුදුන්ගෙ ශාවකයන් දකින්න ඇපොයින්මන්ට් ඕනෙ ආයුබොවන්ඩ.
     
    • Like
    Reactions: JayeSL

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මේක ගැන කලිනුත් ත්රෙඩ් එකක් ගියා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිහින් ආ මෙන්න කියල බාරදෙන එක නෙවේ අමාරුව ඒ මනුස්සයට කන්න බොන්න දීල බලාගන්න එක නෙ. තව තව මොන කරදර එයිද දන්නේ නෑ ඕවට දුවන්නේ කවුද හාමුදුරුවන්ට උනත් පුලුවනෑ ඕවා කරන්න.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ගිහින් ආ මෙන්න කියල බාරදෙන එක නෙවේ අමාරුව ඒ මනුස්සයට කන්න බොන්න දීල බලාගන්න එක නෙ. තව තව මොන කරදර එයිද දන්නේ නෑ ඕවට දුවන්නේ කවුද හාමුදුරුවන්ට උනත් පුලුවනෑ ඕවා කරන්න.

    :shocked::shocked::shocked::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙහෙමයි බන්.
    මිනිස්සුන්ට උදව් කරන්න කලින් ලක්ශ පාරක් හිතලා බලන්න ඕන.
    දෙමාපියන් හොදට හිටියානම් , කවදාවත් ලමයි පාරට දාන්නේ නෑ , පාරට දාන්න හිතන්නෙවත් නෑ.
    එහෙම හිතෙනවානම් ඒ ලමයාව හදලා තියන විදිය වැරදියි.
    අපි දෙමාපියන් එක්ක වෙලාවකට හොදට ඉන්නවා , වෙලාවකට රණ්ඩු වෙනවා ඒත් එහෙමයි කියලා අපි කවදාවත් මේ කැරියා හරියන්නේ නෑ කියලා පාරට දාන්නේ නෑ නේ.
    රණ්ඩු වෙයි , ඕන නම් දවසක් දෙකක් කතා නොකර ඉදිවි ඒත් පස්සේ මුකුත් උනේ නෑ වගේ කතා කරලා වෙනදා වගේ ඉදිවි.
    ඒ අපිව හරියට හදපු නිසානේ.
    අනිත් එක පන්සල් තියෙන්නේ පාරේ වැටිලා ඉන්න මිනිස්සු භාරගන්න නෙවෙයි.
    පන්සල් වල හාමුදුරුවන්ටත් ජීවත් වෙන්න වැලේ වැල් නැතුව ඉන්න කාලයක් මේක.
    එහෙව් එකේ තව කොහෙද මිනිස්සු භාරගන්නේ ?
    පූසි පැටව් ගැහුවත් පන්සලට දානවා , බැල්ලි පැටව් ගැහුවත් පන්සලට දානවා ඒ මදිවට හතර වටේ ඉන්න මිනිස්සුන්වත් දාගන්න ඕනද ?
    සතෙක්ට උදව් කරත් මිනිස්සුන්ට උදව් කරන්න බෑ එකපාරම ශුවර් කරන්න බැරි නිසා.
    ඔය මිනිහව පන්සලට දාගත්තා , ඌට ටිකක් පන ගහලා ආවම පන්සලේ තියන දෙයක් අතපත ගාගෙන ගියා , ඊට පස්සේ දායක සභාව හාමුදුරුවන්ගේ ඔලුව කන්න හදයි.
    ඔතන මහලොකු හුත්තක් කරන්න ඕන නෑ.
    ඒ මනුස්සයට කන්න අරන් දීලා 119 කතා කරලා ඒ මනුස්සයා ඉන්න තැන කිව්වා නම් , වෙච්ච දේ කිව්වානම් හදිසි ඇමතුම් ඒකකයෙන් ඇවිත් සීන් එක බලලා , ලමයි ඉන්න තැන අහලා , ලමයි ඇරෙස් කරලා , ඒ මිනිහට ප්‍රයිවට් අනාත නිවාසෙක හරි ඉන්න පුලුවන් විදියට වන්දියක් අරන් දෙයි.
    පන්සලට බරත් නෑ , ඉස්පිරිතාලෙට බරත් නෑ.
    අපිත් ඔයවගේ කේස් කර ගහලා තියනවා , කටු කාලත් තියනවා , නොකරපු වැරදි වලට තව ටිකකින් හිරෙත් ලගින්න වෙනවා.