සත්‍ය යනු කුමක්ද?
අලි ඉබ්නු අබී තාලිබ් (රලි) විස්තර කරයි: —ඔබ සැකයට තුඩු දෙන දෙයින් ඈත් වී, සැකයෙන් තොරවූ දේ පමණක් පිහිටා සිටින්න. සත්‍ය යනු අධ්‍යාත්මිකව සැනසීමත්, අසත්‍ය යනු අධ්‍යාත්මිකව ව්යාකුලතාවයත් ඇති කරයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).
නබි (සල්) තුමන් සත්‍ය යන ගුණාංගය පැහැදිළි කිරීම සඳහා විවිධ ප්‍රකාශයන් කළහ. ඒ අතුරින් එක් ප්‍රකාශයක් සත්‍ය යනු කුමක්ද? යැයි දැන ගැනීම සඳහා අපි මෙහි විස්තර කරමු.
මිනිසෙකු කුමන කි්රයාවක් කරන විටත් ඔහුගේ සිතෙහි යම් කිසි දෙගිඩියාවක් දැනෙන්නේ නම් එම කි‍්‍රයාව පිළිබඳ ඔහු අවදනාම් විය යුතුයි. කුමන කි්රයාවන් කරන විට ඔහුට අධ්‍යාත්මිකව සැනසීමක් ලැඛෙයිද එයයි සත්‍ය යනු ඉහත සඳහන් නබි (සල්) තුමන්ගේ ප්‍රකාශය තහවුරු කරයි.
වෙනත් වාර්තාවක —ජනයාගේ විනිශ්චය කෙසේ වූවත්˜ (මූලාශ්රයන්: අහ්මද්, දාරමි).
කෙනෙකු යම් ක්‍රියාවක් කරන විට අධ්‍යාත්මික අසහනයක් දකී, ඔහු එම අසහනකාරි තත්ත්වයෙන් මිදීම සඳහාත් ජනයාගේ යහපත් ප්‍රතිචාරය උදෙසාත් එය ජනයා ඉදිරියේ තබයි. එසේ ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනු විට ඔහු එය කිරීමට උත්සහ කරයි. නමුත් මෙම නබි වදන එසේ කටයුතු නොකරන ලෙස පවසයි. ඒ වෙනුවට එම කි්රයාවෙහි විනිශ්චය තම සිතින්ම විමසන ලෙස මෙම නබි වදන පැහැදිළි කරයි. තම කි්රයාවන් පිළිබඳ නිවැරදිව විනිශ්චය කිරීම සඳහා ඔහුට සිතක් ඇත. ප්‍රථමයෙන් එම සිතයි ඔහුගේ කි්රයාවන් යහපත්ද? අයහපත්ද? යනු විනිශ්චය කරන්නේ.
ධර්මය කළ ඉතා මහගු කර්තව්‍ය නම් ඔහු තුළ සිතක් ඇති කිරීමයි. ඔහු තම සිතට එකඟව ජීවත්විය යුතුයි. කෙනෙකු තම සිත ආගමික ඉගැන්වීම් වලට අනූකුලව පවත්වාගන්නේ නම්, ඔහුගේ ජීවිතයෙහි කුමන දේ හරි, කුමන දේ වැරදි, මෙය කෙරතම් දුරට අනුමත වේ, මෙය කෙතරම් දුරට තහනම් වේ ආදී සීමාවන් ඔහුගේ හිත ඔහුට පහදා දීමට පටන්ගනි. මෙවැනි තත්ත්වයක් තුළ ඔහුගේ හිත ඔහුගේ කි්රයාවන් පිළිබඳ නිවැරදි විනිශ්චයක් ලබාදෙයි.
එනමුත් මිනිසා තම හිතට විරුද්ධව කටයුතු කිරීමට වෙරදරයි. එයට ලෞකීක අලංකාරයන්, නැතහොත් පහත් ආශාවන්ගේ බලය හේතු විය හැක. දහම වැරදි කි්රයාවක් සේ දකින දේ ඔහු තම දෛනික ජීවිතය තුළ නිවැරදි ලෙස දකින්නට උත්සහ කරයි. එවිට දහම හා ඔහුගේ දෛනික ජීවිතය අතර සටනක් ඇරඹෙයි. මෙය ඔහු හා ඔහුගේ සිත අතර පවතින සටනකි. මෙම සටනෙහි ඔහු සැනසෙයි නම් ඔහු තම දහමට විශ්වාසනීය පුද්ගලයකු වේ. ඒ වෙනුවට අසහනය පීඩනය හිත තුළ රජ කළ ඊටත් ඉහළින් එම කි‍්‍රයාව ඔහු කරයි නම් ඔහු තම ධර්මයට එක් මුහුණක් හා තම ජීවිතයට එක් මුහුණක් පෙන්වා ව්‍යාජ ලෙස කටයුතු කරයි. එවිටයි ඔහු තුළ බොරුව රජ කර, සත්‍ය ඔහුගෙන් පිටවෙන්නේ. ධර්මය අපට කුමන දේ සත්‍ය යනුවෙන් පහදා දෙයිද ඒ අනූව අපි කටයුතු කළ යුතුයි. ඇත්ත කථා කිරීම පමණක් සත්‍ය නොවේ. ඒ වෙනුවට සත්‍යට ඉතා පුළුල් අර්ථයක් ඇත. එයයි මෙම නබි වදන පැහැදිළි කරන්නේ.
මිනිසෙකුගේ ජීවිතය තුළ විශේෂයෙන් අල්ලාහ්ට පමණක් අවනතවී ජීවත් වන බව පොරොන්දු වූ මුස්ලිමෙකුගේ ජීවිතය තුල සත්‍ය නම් ගුණාංගය අනිවාර්ේයන් රජ කළ යුතුය.
වරක් නබි (සල්) තුමන්ගෙන් විමසන ලදි: —මුස්ලිමෙකු මසුරු විය හැකිද? අධෛර්්‍යය විය හැකිද? එයට එතුමන් එසේ විය හැක යැයි පිළිගත්හ. යළි එතුමන්ගෙන් එක් විශ්වාසවන්තයෙකු බොරු කිව හැකිද? යනු විමසන ලදි එයට එතුමන් විශ්වාසවන්තයෙකු බොරු කිව නොහැකිය යනුවෙන් පිළිතුරු දුන්හ˜ (මූලාශ්‍රය: මුවත්තා මාලික්).
සමහර පාපයන් බල කිරීම නිසා මුස්ලිමෙකු මගින් සිදුවිය හැක. නමුත් ඔහු මොනම අවස්ථාවක හෝ බොරු කිව නොහැක. මන්ද ඔහු තම සිතට විරුද්ධව ජීවත් විය නොහැක. එසේ ජීවිත්වීම කුහකත්වය ඔහු තුළ රජ කිරීමක් වේ.
—කව්රුන් සතුව පහත සඳහන් සිව්වැදෑරුම් ගුණාංග පවතීද ඔහු සැබෑ කුහකයකි, මින් එකක් හෝ ඔහු සතුවූවත් කුහකත්වයෙහි ගුණාංගයක් ඔහු සමග පවති. විශ්වාස භංගත්වය (විශ්වාස කළ විට එයට පිටුපෑම). කථා කළ විට බොරු කථා කරයි. (අසත්‍ය දේ ඔහුගේ මුවින් නිරතුරුවම පිටවෙයි). පොරොන්දු දුන් විට එය කඩ කරයි. තර්ක කළ විට විතර්කයෙහි යෙදෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).
මෙම නබි වදනෙහි සඳහන් කරුණක් නම්: —කථා කළ විට බොරු කථා කරයි˜. (නිරතුරුව ඔහුගේ මුවින් මුසාව පිටවෙයි). ඔහු තම සිත තුළ පවතින දේට විරුද්ධව භාහිර ජීවිතයෙහි කටයුතු කරයි. එම ගුණාංගය හා විශ්වාසය අතර කිසිදු සම්බන්ධයක් නැත.