සත්‍ය යනු කුමක්ද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සත්‍ය යනු කුමක්ද?

    අලි ඉබ්නු අබී තාලිබ් (රලි) විස්තර කරයි: —ඔබ සැකයට තුඩු දෙන දෙයින් ඈත් වී, සැකයෙන් තොරවූ දේ පමණක් පිහිටා සිටින්න. සත්‍ය යනු අධ්‍යාත්මිකව සැනසීමත්, අසත්‍ය යනු අධ්‍යාත්මිකව ව්‍යාකුලතාවයත් ඇති කරයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).:)

    නබි (සල්) තුමන් සත්‍ය යන ගුණාංගය පැහැදිළි කිරීම සඳහා විවිධ ප්‍රකාශයන් කළහ. ඒ අතුරින් එක් ප්‍රකාශයක් සත්‍ය යනු කුමක්ද? යැයි දැන ගැනීම සඳහා අපි මෙහි විස්තර කරමු.

    මිනිසෙකු කුමන කි්‍රයාවක් කරන විටත් ඔහුගේ සිතෙහි යම් කිසි දෙගිඩියාවක් දැනෙන්නේ නම් එම කි්‍රයාව පිළිබඳ ඔහු අවදනාම් විය යුතුයි. කුමන කි්‍රයාවන් කරන විට ඔහුට අධ්‍යාත්මිකව සැනසීමක් ලැඛෙයිද එයයි සත්‍ය යනු ඉහත සඳහන් නබි (සල්) තුමන්ගේ ප්‍රකාශය තහවුරු කරයි.

    වෙනත් වාර්තාවක —ජනයාගේ විනිශ්චය කෙසේ වූවත්˜ (මූලාශ්‍රයන්: අහ්මද්, දාරමි).

    muslim_children_in_south_africa.jpg


    කෙනෙකු යම් ක්‍රියාවක් කරන විට අධ්‍යාත්මික අසහනයක් දකී, ඔහු එම අසහනකාරි තත්ත්වයෙන් මිදීම සඳහාත් ජනයාගේ යහපත් ප්‍රතිචාරය උදෙසාත් එය ජනයා ඉදිරියේ තබයි. එසේ ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනු විට ඔහු එය කිරීමට උත්සහ කරයි. නමුත් මෙම නබි වදන එසේ කටයුතු නොකරන ලෙස පවසයි. ඒ වෙනුවට එම කි්‍රයාවෙහි විනිශ්චය තම සිතින්ම විමසන ලෙස මෙම නබි වදන පැහැදිළි කරයි. තම කි්‍රයාවන් පිළිබඳ නිවැරදිව විනිශ්චය කිරීම සඳහා ඔහුට සිතක් ඇත. ප්‍රථමයෙන් එම සිතයි ඔහුගේ කි්‍රයාවන් යහපත්ද? අයහපත්ද? යනු විනිශ්චය කරන්නේ.

    ධර්මය කළ ඉතා මහගු කර්තව්‍ය නම් ඔහු තුළ සිතක් ඇති කිරීමයි. ඔහු තම සිතට එකඟව ජීවත්විය යුතුයි. කෙනෙකු තම සිත ආගමික ඉගැන්වීම් වලට අනූකුලව පවත්වාගන්නේ නම්, ඔහුගේ ජීවිතයෙහි කුමන දේ හරි, කුමන දේ වැරදි, මෙය කෙරතම් දුරට අනුමත වේ, මෙය කෙතරම් දුරට තහනම් වේ ආදී සීමාවන් ඔහුගේ හිත ඔහුට පහදා දීමට පටන්ගනි. මෙවැනි තත්ත්වයක් තුළ ඔහුගේ හිත ඔහුගේ කි්‍රයාවන් පිළිබඳ නිවැරදි විනිශ්චයක් ලබාදෙයි.

    එනමුත් මිනිසා තම හිතට විරුද්ධව කටයුතු කිරීමට වෙරදරයි. එයට ලෞකීක අලංකාරයන්, නැතහොත් පහත් ආශාවන්ගේ බලය හේතු විය හැක. දහම වැරදි කි්‍රයාවක් සේ දකින දේ ඔහු තම දෛනික ජීවිතය තුළ නිවැරදි ලෙස දකින්නට උත්සහ කරයි. එවිට දහම හා ඔහුගේ දෛනික ජීවිතය අතර සටනක් ඇරඹෙයි. මෙය ඔහු හා ඔහුගේ සිත අතර පවතින සටනකි. මෙම සටනෙහි ඔහු සැනසෙයි නම් ඔහු තම දහමට විශ්වාසනීය පුද්ගලයකු වේ. ඒ වෙනුවට අසහනය පීඩනය හිත තුළ රජ කළ ඊටත් ඉහළින් එම කි්‍රයාව ඔහු කරයි නම් ඔහු තම ධර්මයට එක් මුහුණක් හා තම ජීවිතයට එක් මුහුණක් පෙන්වා ව්‍යාජ ලෙස කටයුතු කරයි. එවිටයි ඔහු තුළ බොරුව රජ කර, සත්‍ය ඔහුගෙන් පිටවෙන්නේ. ධර්මය අපට කුමන දේ සත්‍ය යනුවෙන් පහදා දෙයිද ඒ අනූව අපි කටයුතු කළ යුතුයි. ඇත්ත කථා කිරීම පමණක් සත්‍ය නොවේ. ඒ වෙනුවට සත්‍යට ඉතා පුළුල් අර්ථයක් ඇත. එයයි මෙම නබි වදන පැහැදිළි කරන්නේ.

    මිනිසෙකුගේ ජීවිතය තුළ විශේෂයෙන් අල්ලාහ්ට පමණක් අවනතවී ජීවත් වන බව පොරොන්දු වූ මුස්ලිමෙකුගේ ජීවිතය තුල සත්‍ය නම් ගුණාංගය අනිවාර්ේ‍යන් රජ කළ යුතුය.

    වරක් නබි (සල්) තුමන්ගෙන් විමසන ලදි: —මුස්ලිමෙකු මසුරු විය හැකිද? අධෛර්්‍යය විය හැකිද? එයට එතුමන් එසේ විය හැක යැයි පිළිගත්හ. යළි එතුමන්ගෙන් එක් විශ්වාසවන්තයෙකු බොරු කිව හැකිද? යනු විමසන ලදි එයට එතුමන් විශ්වාසවන්තයෙකු බොරු කිව නොහැකිය යනුවෙන් පිළිතුරු දුන්හ˜ (මූලාශ්‍රය: මුවත්තා මාලික්).

    සමහර පාපයන් බල කිරීම නිසා මුස්ලිමෙකු මගින් සිදුවිය හැක. නමුත් ඔහු මොනම අවස්ථාවක හෝ බොරු කිව නොහැක. මන්ද ඔහු තම සිතට විරුද්ධව ජීවත් විය නොහැක. එසේ ජීවිත්වීම කුහකත්වය ඔහු තුළ රජ කිරීමක් වේ.

    කව්රුන් සතුව පහත සඳහන් සිව්වැදෑරුම් ගුණාංග පවතීද ඔහු සැබෑ කුහකයකි, මින් එකක් හෝ ඔහු සතුවූවත් කුහකත්වයෙහි ගුණාංගයක් ඔහු සමග පවති. විශ්වාස භංගත්වය (විශ්වාස කළ විට එයට පිටුපෑම). කථා කළ විට බොරු කථා කරයි. (අසත්‍ය දේ ඔහුගේ මුවින් නිරතුරුවම පිටවෙයි). පොරොන්දු දුන් විට එය කඩ කරයි. තර්ක කළ විට විතර්කයෙහි යෙදෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

    මෙම නබි වදනෙහි සඳහන් කරුණක් නම්: —කථා කළ විට බොරු කථා කරයි˜. (නිරතුරුව ඔහුගේ මුවින් මුසාව පිටවෙයි). ඔහු තම සිත තුළ පවතින දේට විරුද්ධව භාහිර ජීවිතයෙහි කටයුතු කරයි. එම ගුණාංගය හා විශ්වාසය අතර කිසිදු සම්බන්ධයක් නැත.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    විශ්වාසයෙන් යුත් පුද්ගලයෙකු තම විශ්වාසයෙහි පවතින දුර්වලකම නිසා වරදක් කළ හැක. නමුත් ඔහුව එම වැරදි ක්‍රියාවෙන් මුදවා අල්ලාහ් ඉදිරියට ඔහු රැගෙන ගොස්, නීතියෙන් පනවා ඇති ද~ුවම් ලැබීමට සලස්සන්නේ කුමක්ද? සැබවින්ම සත්‍ය නම් උසස් ගුණාංගය හැර වෙන කිසිවක් නැත. එම සත්‍ය නැත්නම් ඔහු නිවැරදි මගට යළි හැරෙන්නේ නැත. එබැවින් සත්‍ය නම් ගුණාංගය මිනිසා නිවැරදි මාර්ගයෙහි සිටීමට ඉතා අවශ්‍ය කරුණකි. එය විශ්වාසයෙහි මූලික ගුණාංගයක් වශයෙන්ද අල්කුර්ආනය විස්තර කරයි. ශ.ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් විශ්වාසවන්තයින්ට මෙසේ අණකර සිටි.

    විශ්වාසවන්තයිනි, අල්ලාහ්ට බියවනු තවද සත්‍යවන්තයින් සමග එක්ව සිටිනු˜ (ශ. අල්කුර්ආනය 9: 119).

    බොරු කාරයින් සමග ඔබ ආශ්‍රය නොකර යුතුයි. ඔවුන් සමග ආශ්‍රය කිරීමෙන් හෝ එම නීච ගුණාංගය ඔබට නොවැළඳිය යුතුයි. සත්‍ය වන්තයින් සමග ආශ්‍රය කරන්න, මන්ද කෙනෙකු තුළ සත්‍ය නම් ගුණාංගය පිහිටි තිඛෙන විට වෙනත් සියළු උසස් ගුණාංගයන් ඔහු තුළ පවතිනවාට කිසිදු සැකයක් නැත. එය එම මිනිසා කෙරෙහි ආකර්ශනීය භාවයක් ඇති කරයි. එම මිනිසාගේ සෑම කි්‍රයාවක්ම අවදානය කිරීමට අප දිරිගන්වයි. ඔහු ආශ්‍රය කිරීමටත් එය මග විවර කරය.ි නමුත් මුසාවත් සමග ජීවත්වන්නන් සමග ආශ්‍රය පවත්වන විට එම පහත් ගුණාංගයන් අපවත් ආක්‍රමණය කරනු ඇත.

    එබැවිනුයි —විශ්වාසවන්තයිනි අල්ලාහ්ට බියවනු තවද සත්‍යවන්තයින් සමග එක්ව සිටිනු˜ (ශ. අල්කුර්ආනය 9: 119). යනුවෙන් අල්ලාහ් උපදෙස් කරන්නේ.

    සත්‍ය යන ගුණාංගය මුළුමනින් අපි අවබෝධ කරගන්නේ නම්, එය අප සිතත් සමග සාමකාමීව, කිසිදු දෙගිඩියාවකින් තොර, අසහනකාරි මානසිකත්වයකින් තොර ජීවත් වීම යනු කිව හැක. සත්‍ය නම් ගුණාංගයත් සමග කෙනෙකු ජීවත් වීමට මෙයයි අර්ථය. අප සිතට විරුද්ධව අපි කටයුතු නොකළ යුතුයි. සිතත් සමග සටන් කාමි තත්ත්වයක් ඇති කර එයට එරෙහිව කටයුතු නොකර යුතුයි. අපි සෑම අවස්ථාවකම අප සිතත් සමග සිටිය යුතුයි. තම සිතත් සමග සාමකාමීව සිටිය යුතුයි. මිනිසෙකු සෑම අවස්ථාවේදීම තමන්ට සමීපව තබා ගන්නේ තමන්ගේ සිතයි. එම සිතත් සමග ජීවත් වීමට සමහරුන්ට අසීරු වෙයි. ඔවුන් කව්රුන්දැයි ඔබට දන්නවාද?

    ඔවුන්ගේ සිත් තුළ විවිධ අර්බුදයන් ඇත. එම අර්බුදයන් ඔවුන් විසින්ම මතු කරගන්නා ලදි. ගනු දෙනු තුළින් විවිධ ප්‍රායෝගික ප්‍රශ්න මතු කරගනිති. විශ්වාසය පලූදුවන ආකාරයට ඔවුන් කටයුතු කරති. පොරොන්දු දී එය කඩකර විවිධ ප්‍රශ්න මතු කරගනිති. යමක් ලබාගන්නා විට එය යළි ලබාදීමේ අරමුණකින් තොර ලබාගනිමින් ප්‍රශ්න මතු කර ගනිති. යමක් ලබාගන්නා විට එය යළි ලබා දීමේ කිසිදු අදහසක් ඔවුන් තුළ නැත.

    මෙසේ දෛනික ජීවිතයෙහි විවිධ අවස්ථාවන්හි සිතට විරුද්ධව කටයුතු කරමින් අර්බුද මතු කරගනිති. මෙවැනි විවිධ අසහනකාරි තත්ත්වයන් මැද්දේ මිනිසා තම සිතත් සමග තනිව සිටින විට ඔහුට මහත් පීඩනයක් ඇති වෙයි. එවැනි තත්ත්වයක් තුළ ඔහු තමන්ව අමතක කිරීමට උත්සහ කරයි. තමන් සමග සිටින තම සිත ඔහුට පාලනය කිරීමට නොහැකි වෙයි. මෙම තත්ත්වය අමතක කිරීම සඳහා රූපවාහිනි යන්ත්‍රය, ගුවන් විදුලිය, නැතහොත් මිත්‍රයෙකුගෙ පිහිට ඔහු සොයන්න පටන් ගනි. නැතහොත් සුරා සැල්, රාති්‍ර සමාජ ශාලා, මත් ද්‍රව්‍ය, මත් පැන්හි පිහිට සොයා තමන් අමතක කිරීමට වෙර දරයි. මන්ද ඔහුට තම සිත සමග තනිව ජීවත් වීමට නොහැක. මෙසේ ඔහු තුළ ඔහු මහත් අර්බුදයක් මතු කරගෙන ඇත.

    මෙවැනි ඛේදනීය තත්ත්වයකට මිනිසාට මුහුණ දීමට සිදුවූයේ ඔහු තම සිතට විරුද්ධ ජීවිතයක් ගත කිරීමට පටන් ගැනීමයි. ඔහුගේ සිත මුළුමනින් වනසා එයට විරුද්ධව ජීවත් වීම පහසු කාර්්‍යයක් නොවේ. මන්ද සෑම මොහොතකම, සෑම නිමේෂයකම ඔහුත් සමග ජීවත් වන ඔහුගේ සිතට විරුද්ධව කටයුතු කරන විට යහපත් ජීවිතයක් ගත කිරීම යනු මුලාවක් පමණි.

    ඉස්ලාම් දහම මිනිසෙකුට ලබාදෙන මහගු දායාදයක් නම් අධ්‍යාත්මික සැනසීමයි. මෙම සැනසීමට සාපේක‍ෂව වෙනත් කිසිදු සම්පතක් මෙම විශ්වයෙහි නොමැත. ජීවිතයෙහි සැනසීමක් නැත්නම් ඇයි මෙම ජීවිතය? යනු දුක් සුසුම් හෙළන බොහෝ අය අපි දකිමු. අධ්‍යාත්මික සැනසීම සඳහා ඉස්ලාම් පෙන්වන මග කෙතරම් අපූරුද..:)

     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    ඇත්ත යාළුවා. බුද්ධ ධර්මයෙත් ඔය වගේම තමයි. අපේ බුදු හාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරද්දි එකම වතාවක වත් බොරුවක් කියලා නෑ.අපිට උගන්වන්නේත් බොරු කියන්න එපා කියලා. මේ ගැන සුත්‍ර ධර්ම කීපයක්ම තියෙනවා.ඒ අතරින් රාහුල හාමුචුරුවෝ වෙනුවෙන් දේශනා කල අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය ප්‍රසිද්ධයි.

    අපි රණ්ඩු වුනාට ආගම් බෙදාගෙන, හැම ආගමකම මිනිස්සුන්ට උගන්වන්නේ යහපත් දේ මයි. ඒත් අපි ඒවා වෙනස් කරගන්නවා අපේ වාසියට. ශ්‍රී ලාංකික අපිට වැරදිච්ච එක තැනක් තමයි ඒ.
     

    ZakirNaik

    Banned
    May 30, 2010
    10
    1
    0
    ඇත්ත යාළුවා. බුද්ධ ධර්මයෙත් ඔය වගේම තමයි. අපේ බුදු හාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරද්දි එකම වතාවක වත් බොරුවක් කියලා නෑ.අපිට උගන්වන්නේත් බොරු කියන්න එපා කියලා. මේ ගැන සුත්‍ර ධර්ම කීපයක්ම තියෙනවා.ඒ අතරින් රාහුල හාමුචුරුවෝ වෙනුවෙන් දේශනා කල අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය ප්‍රසිද්ධයි.

    අපි රණ්ඩු වුනාට ආගම් බෙදාගෙන, හැම ආගමකම මිනිස්සුන්ට උගන්වන්නේ යහපත් දේ මයි. ඒත් අපි ඒවා වෙනස් කරගන්නවා අපේ වාසියට. ශ්‍රී ලාංකික අපිට වැරදිච්ච එක තැනක් තමයි ඒ.

    Islam teaches to the believers to fight the non believers and kill who stop believing it.

    How good is that teaching ?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Volume 4, Book 52, Number 260:
    Narrated Ikrima:

    Ali burnt some people and this news reached Ibn 'Abbas, who said, "Had I been in his place I would not have burnt them, as the Prophet said, 'Don't punish (anybody) with Allah's Punishment.' No doubt, I would have killed them, for the Prophet said, 'If somebody (a Muslim) discards his religion, kill him.' "

    Many prominent scholars throughout the centuries have held the view that apostasy is not a hadd (singular for hudud = capital) offence. This view is founded on the fact that the Qur'an is completely silent on the death penalty for apostasy. In fact, freedom of religion is a fundamental tenet of Islam. In Surah al-Baqarah, 2:256, Allah explicitly states: "Let there be no compulsion in religion". This Medinan verse was revealed when some Companions asked the Prophet for permission to compel their relatives to profess Islam. It has been widely interpreted to mean that no one can be compelled to embrace Islam because religion depends upon faith and will, and this would be meaningless if induced by force. Islam itself means submission to the will of God; and the willing submission of the self to faith and
    belief must be attained through conviction and reason, not through coercion and duress.



    Islam began by inviting and persuading people to embrace it on the merit of its rationality and truth. In Surah Yunus, 10:99, a verse revealed in Mecca at the advent of Islam, Allah says: "Had your Lord willed, everyone on earth would have believed. Do you then force people to become believers?" This and verse 2:256, together with the norm of Shari'a which affirms freedom of religion, have led many Muslim countries today to include in its Constitution an article on freedom of religion as a fundamental right.
    In his book, The Punishment for Apostasy in Islam, the former Chief Justice of Pakistan, SA Rahman, noted that even though the subject of apostasy occurred no less than 20 times in the Qur'an, the Holy Book remained silent on death as a punishment.



    Surah An-Nisa', 4:137-138, state that "Verily, those who believe, then disbelieve, then believe again, then disbelieve, and then increase in their disbelief - Allah will never forgive them nor guide them to the path. Give to the hypocrites the tidings that there is for them a painful torment." If indeed it was Allah's intention to impose the death penalty for apostasy, then such occasion of repeated apostasy could have provoked such a punishment. But neither the first instance of apostasy, nor repeated apostasy brought about capital punishment.


    Those who advocate the death penalty for apostasy based their reasoning on a hadith which proclaims, "kill whoever changes his religion". But this hadith is open to varying interpretations on several grounds.




    First, this hadith is considered a weak hadith with just a single isnad (this means there is only one chain of transmission or narration) and thus according to the rules of Islamic jurisprudence, it is not enough to validate the death penalty.


    Second, this hadith is also considered a general ('amm) hadith in that it is in need of specification (takhsis); for it would otherwise convey a meaning that is not within its purpose. The obvious reading of the hadith would, for example, make liable the death punishment on a Hindu or Christian who converts to Islam. This is obviously not the intention of the hadith. According to the rules of Islamic jurisprudence, when a text is interpreted once, it becomes open to further interpretation and specification. Therefore, many scholars interpret this hadith to apply only to cases of high treason (hirabah), which means declaring war against Islam, the Prophet, or God or the legitimate leadership of the ummah.


    Third, and most importantly, there is no evidence to show that Prophet Muhammad saw or his Companions ever compelled anyone to embrace Islam, nor did they sentence anyone to death solely for renunciation of the faith.
    Based on these three reasons and the Qur'anic principle of freedom of religion, prominent ulama (scholars) from the seventh to the twentieth centuries have come out with the position that there can be no death penalty for apostasy. According to Professor Hashim Kamali in his award-winning book, Freedom of Expression in Islam, two leading jurists of the generation succeeding the Companions, Ibrahim al-Naka'I and Sufyan al-Thawri, both held that the apostate should be re-invited to Islam, but should never be condemned to death. The renowned Hanafi jurist, Shams al-Din al-Sarakhsi wrote that even though renunciation of faith is the greatest of offences, it is a matter between man and his Creator, and its punishment is postponed to the Day of Judgement. The Maliki jurist Abul Walid al-Baji and the renowned Hanbali jurist Ibn Taymiyyah have both held that apostasy is a sin which carries no hadd punishment.
    In modern times, the celebrated Sheikh of al-Azhar University, the late Mahmud Shaltut who was esteemed for his vast knowledge of Islamic jurisprudence and Qur'anic interpretation, wrote that many ulama are in agreement that hudud cannot be established by a solitary hadith and that unbelief by itself does not call for the death penalty. The current Sheikh of al-Azhar, who was Egypt's former Grand Mufti, Dr Mohammed Sayed Tantawi, also declared that apostasy is not a capital crime.


    Many scholars, including Ibn Taymiyyah, Shaltut and Tantawi, said that the death penalty was not meant to apply to a simple change of faith, but to hirabah, that is, when apostasy is accompanied by rebellion against the community and its legitimate leadership.
    Extracts from
    http://www.sistersinislam.org.my/letterstoeditors/22071999.htm

    wa salaam

    Conclusion:
    As we clearly see from the Noble Verses above, apostates are no longer to be killed in Islam. :)



    I am not here promoting apostates, but there is no reason to kill someone who doesn't deserve to be killed. Certainly if the apostate is hostile toward the Muslims and joins the enemy in a war against them, or tries to corrupt the Muslims in the Muslim lands by trying to convert them to his/her new deviant religion, then the matter becomes different. But if a Westerner today for instance embraces Islam for a while and then changes his position due to the overwhelming false anti-Islamic media, then certainly killing that person would be a grave sin and a big mistake.