සත්‍ය සිදුවීමක්
ස්ථානය - මාතර පාලම අසල ස්ථානයක්.
වේලාව - සවස 6.00 ට පමණ.
මැදි වියෙහි මිනිසෙකු පාලම දෙසට ගමන් කරන අතර මැදිවියෙහි කාන්තාවක් ඔහුට මදක් පසු පසින් ගමන් කරයි.මහමග වැඩි සෙනඟක් නොමැති අතර මිනිසා එකවරම තමා ඉදිරියෙහි වැටී ඇති පාර්සලයක් අහුලා ගනී.පාර්සලය මදක් පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු විමසිලිමත් වන්නේ වෙනත් කවුරුන් හෝ මෙය දුටුවාදැයි සැක හැර දැනගැනීමටය.පසුපසින් පැමිණි කාන්තාවද මෙය දුටු බව දකින ඔහු පාර්සලය දිග හැර කාන්තාවට පෙන්වා " මිස් මේ බලන්න සල්ලි පොදියක්..අපි දෙන්නා විතරයි මේක දැක්කේ.කාටවත් කියන්න එපා මේක අපි බෙදා ගනිමු". පාර්සලයේ ඇති රු. ලක්ෂයක පමණ මුදල දෙස කෑදරව බලා කාන්තාව අකමැත්තෙන් වුවද "අනේ පවු කාගෙ හරි බැංකුවකින් ගනිපු සල්ලි වගයක්" යැයි පවසයි.
කෙසේ හෝ කාන්තාව කැමති කරගන්න මිනිසා "මිස් මෙතන සල්ලි ගනින්න බෑ. අපි වෙනතැනකට යමු" යැයි පවසා කාන්තාව පාලු ස්ථානයකට රැගෙන යයි(මැදගොඩ පාර).
දෙදෙනා සල්ලි ගනින අතර හැඩි දැඩි මිනිසෙක් එකවරම කඩාපැන "තමුසෙලා මගේ සල්ලි ගත්තා නේද?? " යැයි පවසා සල්ලි පොදිය උදුරා ගනී.. "අනේ නෑ අපි ගත්තේ නෑ" කාන්තාව බියෙන් වික්ශිප්තව පවසයි."නැත්තේ මොකද මේ තියෙන්නේ පාර්සලේ..දෙනවා මගේ ඉතුරු සල්ලි ටිකත්".
"නෑ අපි ගත්තෙ නෑ" මැදිවියේ පිරිමියා පවසයි. "එහෙනම් දිවුරණවා මගේ ආගමේ හැටියට.මම Tamil ඒක නිසා තමුසෙලාගේ රත්තරන් බඩු වල අත තියලා දිවුරන්න ඕන." වහාම මැදිවියේ පිරිමියා තමා සතු රන් බඩු ගලවා ඒ මත අත තබා දිවුරයි.
ප්‍රමාද වි හෝ තමා උගුලකට හසුවී ඇති බව තේරුම් ගන්නා කාන්තාව තම රන් බඩු අතින් තද කරගනිමින් කෑ ගසාගෙන පැන දුවයි...

කට්ටිය මේ ගැන අම්මලා සහෝදරියෝ දැනුවත් කලොත් හොඳයි නේද...