සත්‍ය සිදුවීම් පාදක කරගත් හොල්මන්/ත්‍රාසජනක චිත්‍රපට 25ක් ☠️😈

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    1. 𝐓𝐡𝐞 𝐄𝐱𝐨𝐫𝐜𝐢𝐬𝐭 (1973)

    The Exorcist යනු1949 දී යක්ෂාවේශ වූ Roland Doe නම් පිරිමි ළමයෙකුගේ සැබෑ ජීවිතය පාදක කොට ලියූ පොතක් ඇසුරෙන් නිර්මාණය කර ඇත.ඒ සැබෑ සිද්ධි කෙතරම් භයානකද යත්, එය සියැසින් දුටු මිනිසුන් ගැන ලියා ඇති පොත් පවා තිබේ.

    2. 𝐓𝐡𝐞 𝐓𝐞𝐱𝐚𝐬 𝐂𝐡𝐚𝐢𝐧𝐬𝐚𝐰 𝐌𝐚𝐬𝐬𝐚𝐜𝐫𝐞 (1974)

    මෙම චිත්‍රපටිය මද වශයෙන් පදනම් වී ඇත්තේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ දාම ඝාතකයෙකු වන "Ed Gein" ය.ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ මිනිස් සමෙන් සැදූ වෙස් මුහුණු නවයක් ද හම්බ වී ඇත.මේ අවුරුද්දේද මෙහි නවතම චිත්‍රපටයක් නිකුත් විය.

    3. 𝐓𝐡𝐞 𝐍𝐢𝐠𝐡𝐭𝐦𝐚𝐫𝐞 𝐎𝐧 𝐄𝐥𝐦 𝐒𝐭𝐫𝐞𝐞𝐭(2010)

    මෙම චිත්‍රපටයේ නිර්මාතෘවරුන් මෙය නිර්මාණය සඳහා බියකරු ලෙස මිය ගිය ලාඕසියානු සරණාගතයින් පිරිසකගේ ආභාෂය ලබාගෙන ඇත.

    4. 𝐂𝐡𝐢𝐥𝐝'𝐬 𝐏𝐥𝐚𝐲 (1988)

    මෙහි තිර රචනය පදනම් වී ඇත්තේ තිර රචකයා වන Robert Eugene හට ළමා බෝනික්කන් රාත්‍රී කාලයේ තර්ජනයක් බවට පරිවර්තනය වන ලෙස වූඩු ශාපයක් කළ බව කියන හෙදියක් මත ය. බෝනික්කන් ඇති බියජනක චිත්‍රපට අප කවුරුත් දැක ඇති නමුත් මෙම බෝනික්කා සැබවින්ම සිටින බව ඔබ දැන සිටියාද ?

    5. 𝐓𝐡𝐞 𝐀𝐦𝐢𝐭𝐲𝐯𝐢𝐥𝐥𝐞 𝐇𝐨𝐫𝐫𝐨𝐫 (2005)

    චිත්‍රපටය පදනම් වී ඇත්තේ 1975 දී Amityville හි Lutz පවුලේ නව නිවස වන 112,Ocean Avenue හි සිදු වූ සිදුවීම් මත ය. මෙය අද්භූත පර්යේෂකයන් අතර බෙහෙවින් කතාබහට ලක් වූ සිද්ධියකි.

    6. 𝐏𝐬𝐲𝐜𝐡𝐨 (1960)

    මෙම ත්‍රාසජනක චිත්‍රපටය ද Ed Geinගේ අපරාධ සහ Wisconsin මිනීමැරුම් වලින් ලිහිල් ලෙස ආභාෂය ලබා ඇත. මෙම චිත්‍රපටයේ විවිධ පසු විපරම් සිදුවී ඇත. මෙයද අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයකි.

    7. 𝐓𝐡𝐞 𝐆𝐢𝐫𝐥 𝐍𝐞𝐱𝐭 𝐃𝐨𝐨𝐫 (2007)

    මෙම චිත්‍රපටය ලිහිල්ව පදනම් වී ඇත්තේ ඉන්දියානා ප්‍රාන්තයේ සිදු වූ දරුණුතම අපරාධය යැයි පැවසෙන දෙයයි. 1965 දී Gertrude Baniszewski විසින් Sylvia Likens ව වධ හිංසාවට ලක් කර මරා දමන ලද අතර චිත්‍රපටය එහි ආභාෂය ලබා ඇත.

    8. 𝐓𝐡𝐞 𝐂𝐨𝐧𝐣𝐮𝐫𝐢𝐧𝐠 (2013)

    Ed සහ Lorraine Warren දෙපල සැබෑ ජීවිතයේ අද්භූත විමර්ශකයින් වන අතර ඔවුන් කියා සිටින්නේ මෙම සිද්ධිය සමඟ ඔවුන්ට ගනුදෙනු කිරීමට අතිශයින් දුෂ්කර වූ බවයි.

    9. 𝐃𝐞𝐫𝐚𝐧𝐠𝐞𝐝 (1974)

    කෙනෙක් මැරුණට පස්සෙත් එයාගෙ ඇඟ තියාගන්න තරම් ආදරේ කරල තියෙනවද?
    මෙම 1974 දී නිකුත් වූ චිත්‍රපටිය හරියටම ඒ ගැන. එය ඇමරිකාවේ වඩාත්ම කුප්‍රකට අනුක්‍රමික ඝාතකයා වන Ed Geinගේ ජීවිතයෙන් ආභාෂය ලබා ඇත.

    10. 𝐓𝐡𝐞 𝐄𝐧𝐭𝐢𝐭𝐲 (1982)

    1974 දී පමණ අද්භූත විමර්ශකයින් වන Kerry Gaynor සහ Barry Taff ට සිදුවූ සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වූවකි.


    මේ තියෙන්නෙ එවැනි සත්‍ය සිදුවීම් පාදක වූ තවත් චිත්‍රපට 15ක්,
    ඔබම ඒ ගැන විස්තර හොයල බලන්න..😈👻

    11. The Rite (2011)
    12. The Haunting In Connecticut (2009)
    13. Borderland (2007)
    14. The Strangers (2008)
    15. Ravenous (1999)
    16. The Exorcism Of Emily Rose (2005)
    17. The Possession (2012)
    18. Deliver Us From Evil (2014)
    19. Eaten Alive (1980)
    20. Fire In The Sky (1993)
    21. Curse Of The Zodiac (2007)
    22. Silent House (2011)
    23. Annabelle (2014)
    24. The Dentist (1966)
    25. Wolf Creek (2005)

    #horrormovies #thriller #ghost

    -𝘿𝙝𝙖𝙣𝙪𝙨𝙝𝙠𝙖 𝘾.𝙒𝙚𝙡𝙚𝙜𝙚𝙙𝙖𝙧𝙖
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,901
    11,410
    113
    ස්තුති ස්තුති

    පලවෙනි ලෝක යුද්දය සහ දෙවන ලෝක යුද්දය අලලා හදපු එළකිරි ටොපේ ටොප් සුප්පා ගින්දර ජාති තද කොර මුවීස් සීරීස් ටිකකුත් කොටාගෙන යන්ද
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    මේ ෆිල්ම් එකනම් crime thriller එකක්, Horror නෙවෙයි. හැබැයි horror ෆිල්ම් එකක් විදිහට මේක හැදින්නුවත් වරදක් නෑ. හුගක් අය අහලා තියෙන 'Zodiac' කියන real life serial killer සම්බන්ධ සිද්ධි එක්ක මේකෙ කතාව ගලාගෙන යන්නෙ. David Fincher ඩිරෙක්ට් කරපු ෆිල්ම්ස් අතරෙ තියෙන underrated ම ෆිල්ම් එකක්.

    Zodiac (2007)

    91gYQOSys6L._AC_UF1000,1000_QL80_.jpg
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මේ ෆිල්ම් එකනම් crime thriller එකක්, Horror නෙවෙයි. හැබැයි horror ෆිල්ම් එකක් විදිහට මේක හැදින්නුවත් වරදක් නෑ. හුගක් අය අහලා තියෙන 'Zodiac' කියන real life serial killer සම්බන්ධ සිද්ධි එක්ක මේකෙ කතාව ගලාගෙන යන්නෙ. David Fincher ඩිරෙක්ට් කරපු ෆිල්ම්ස් අතරෙ තියෙන underrated ම ෆිල්ම් එකක්.

    Zodiac (2007)

    91gYQOSys6L._AC_UF1000,1000_QL80_.jpg
    Thanks
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,506
    15,470
    113
    Gampaha
    මේ තරම් තාසජනක හොල්මන් චිත්‍රපටයක් තවත් තියනවාද බයියන්ට ? 🤭

    KNOL6JMVKLNB.png
     
    • Like
    Reactions: Gal_banisa