....................සතියේ රස කවිය....................

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ....................සතියේ රස කවිය....................

    .........ලොකුම ලෙඩේ.............


    මූණට දැක්කම හිනැහෙයි දත් ඇන්දම පෙන්නාලා
    පණ දෙන්නට කතා කරයි හදවත ගලවල දීලා
    හැරිලයද්දි ඔරවනවා තරහින් දත්මිටි කාලා
    තුඃ නොදකින් හෙණ ගහපිය හැඳිගෑවිල පල කියලා

    කෙනෙකුගෙ දියුණුව දැක්කම අනිකට නෑ වාවන්නේ
    අණ විණ හදි හූනියම් ද යටින් උගුල් අටවන්නේ
    අනේ අපිට හරි සතුටුයි හොඳ මුහුණයි පෙන්වන්නේ
    නැත්තට නැති කරන්නටයි නිදි නොලබා දතකන්නේ

    දකින දකින කොයි කාටත් ඇත මේ රෝගය හැදිලා
    බෝ නොවුනත් ඉබේ හැදී වරිගෙම යයි වැනසීලා
    හැම ලෙඩටම බෙහෙත් ඇතත් අද ලෝකය දියුණුවෙලා
    කිසි ජගතෙක් තවමත් නෑ මේකට බේතක් හොයලා


    ශ්‍රීපති​