අධ්‍යාපන අමාත්‍යංශය හා සති පාසල පදනම විසින් සංවිධානය කෙරෙන සති පාසල වැඩසටහන අද (04) කොළඹ ආනන්ද විද්‍යාලයේ දී ආරම්භ කෙරුණා. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්. මෙරට සියලු පාසල් දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිතයි.
සතිය යනු කුමක්ද?
යෙදෙන කාර්යයට සිත යොමු කර වර්තමාන මොහොත එළැඹ සිටීමෙන් හා තීන්දු-තීරණ වලින් තොරව, ඒ ඒ මොහොතේ සිහිය පැවැත්වීමේ අත්දැකීම තුළින් මතුවන දැනුවත් වීමයි. තවත් ආකාරයකින් අර්ථ දැක්වූවොත්, මේ මොහොතේ තමා කරන කියන දේට සිහිය යොදා කිරීම, මුළු හදින්ම කිරීම, දෙඅතින්ම කිරීම මෙයින් කියවෙයි.
සතිමත් බව පුහුණු වන ප්‍රධාන ආකාර

- ඉඳගෙන සතිමත් වීම
- ඇවිදින විට සතිමත් වීම
- එදිනෙදා වැඩකටයුතු කරන විට සතිමත් වීම