ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර,දෛනික මරණ සංඛ්‍යාවද සීයකට ආසන්න වෙමින් තිබේ .
ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී .
මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.
Source: https://www.lankadeepa.lk/news/සති-හතරකට-රට-වහන්න:-සෞඛ්‍ය-අංශ-ඉල්ලයි/101-596615
කොවිඩ් ආසාදිතවූ තවත් 17 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 111ක් වන අතර මෙය දිනක් තුළ සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,222 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 56 දෙනෙක් සහ කාන්තාවෝ 55 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 90 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 21 දෙනෙක් ද වෙති.
Source: https://www.lankadeepa.lk/latest_news/දෛනික-කොවිඩ්-මරණ-100-ඉක්මවයි/1-596628

දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවයි

Last edited:
ස නිකම්ම ඒලියේ