සති හතරකට රට වහන්න: සෞඛ්‍ය අංශ ඉල්ලයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

    රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

    කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර,දෛනික මරණ සංඛ්‍යාවද සීයකට ආසන්න වෙමින් තිබේ .

    ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

    මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී .

    මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.

    Source: https://www.lankadeepa.lk/news/සති-හතරකට-රට-වහන්න:-සෞඛ්‍ය-අංශ-ඉල්ලයි/101-596615

    දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවයි​


    කොවිඩ් ආසාදිතවූ තවත් 17 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.

    ඒ අනුව ඊයේ දිනය තුළ මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 111ක් වන අතර මෙය දිනක් තුළ සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.

    ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,222 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 56 දෙනෙක් සහ කාන්තාවෝ 55 දෙනෙක් වෙති.

    මියගිය අයගෙන් 90 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 21 දෙනෙක් ද වෙති.

    Source: https://www.lankadeepa.lk/latest_news/දෛනික-කොවිඩ්-මරණ-100-ඉක්මවයි/1-596628
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පිස්සුද බන් එතකොට සංචාරකයන්ට කාමරේට වෙලා ඉන්නද කියන්නේ ?? එතකොට උදයංග ගානක් හොයාගන්නේ කොහොමද? උබල ගැන විතරක් හිතන්න එපා. උදයංග ගැනත් පොඩ්ඩක් හිතපල්ලා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උන් කියන ඒවා වැඩක් නෑ .. නන්දෙසෙනට හිතෙන හිතෙන විදිහට තමා යන්නේ දැන් ... අව්ලක් නෑ ඉතින් චන්දෙට කලිනුත් එකදිපතියෙක් නේ ජනතාව ඉල්ලුවේ ... දැන් ඉතින් හම්බෙලානේ තියෙන්නේ .. ඉල්ලපු දේ හම්බෙලා තියනව
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,062
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනෙ මගුල
    උන්ට ඕන නන් ගෙට වෙල ඉන්න කියපන්
    Corona Working From Home GIF by MOODMAN
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    Matath hithenne jana gahanaya adu karala rata diyunu karanna supiri planak gahala athi
    රට දියණු කරන්න අනුරයියා ඒනව ගැම්මෙන් ලබන ඡන්දෙන් :rolleyes: ස නිකම්ම ඒලියේ
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    දැන් වහන්න බෑ මචෝ. සල්ලි නෑ

    දැන් තමයි නියම වසන්ගතේ පටන්ගන්නෙ ලන්කාවෙ. ඉන්දියාවෙ මට්ටමට දැනටත් ඇවිල්ල ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    දොලහටත් ලගයි.
    දැන් ඔය ළමයි ගිහිම් නිදාගන්න.
    හෙට බැරියැ රට හදන්න.

    ඉතින් තව විනාඩි 15 නෙ හෙට වෙන්න
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලංකාවේ හෙල්ත් සෙක්ටර් එක ඉවරයි දැනටම. ගොඩක් හොස්පිටල් වල ස්ටාෆ් බාගෙට බාගයක් පොසිටිව්. හොස්පිටල් පිරිලා ලෙඩ්ඩු නිසා.මේ එළඹෙන්නේ පාරක් ගානේ මිනිස්සු බල්ලෝ වගේ මැරෙන සමයයි.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Moka kiwwath rata wahanawada nadda decide wenne Dilith Dhammika Jonny Prasanna business gang eke kemaththa oney.Un okey nokiwoth karanna ba..Thiththa Aththa
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    පිස්සුද බන් එතකොට සංචාරකයන්ට කාමරේට වෙලා ඉන්නද කියන්නේ ?? එතකොට උදයංග ගානක් හොයාගන්නේ කොහොමද? උබල ගැන විතරක් හිතන්න එපා. උදයංග ගැනත් පොඩ්ඩක් හිතපල්ලා
    උබලට මේවා තේරෙන්නේ නැ මටත් හරියට තේරෙන්නේ නැ ඉතින්.
    හැබැයි මේ කරන්නේ රිසර්ච් එකක් මචන් කොරෝනා ගැන,
    කොවිඩ් කොහොමද බෝවෙන්නේ, බබල් එකක් එලිය යන්නේ කොහොමද? කොවිඩ් හැදුනහම මිනිස්සු මැරෙනවද? යුක්රේන් වල තියන ප්‍රභේද අපිට බෝවෙනවද වගේ දේවල්.
    මේ වගේ රිසර්ච් එකක් ලෝකේ කොහෙවත් කරලා නැ උදයංග සර්ගෙ මුලිකත්වයෙන් තමා වැඩේ වෙන්නේ.

    අර මොල හතේ මනුස්සයා තමා කිව්වේ වරදින්ඩ විදිහක් නැ
     

    Similar threads