කියන අයට කියන්න ලේසි රට වහන්න කියලා , ඒ අයට රට වහලා එදා වෙලා හම්බකරන් කන අයට මොකද වෙන්නේ කියලා විසදුමක් දෙන්න කියන්න. කියන තරම් සුන්දර නෑ ඕක. මේ යන විදියට සැහෙන මැරෙයි මේ ලෙඩේ නිසා. එත් කරන්න දෙයක් නැ. ලෙඩෙන් මැරෙන එක සැපයි බඩගින්නේ මැරෙනවට වඩා කියන සංකල්පේ තමා හුගක් අය ඉන්නේ. හුගක් අයගේ ජොබ් නැති වෙලා. හිගා නොකා හිගා කනවා ඒ අය. තැන් තැන් වල දවසේ පඩියට වැඩ
රටේ සල්ලි නැහැ, එන හැම ආණ්ඩුවක්ම යනකොට ගියේ භාණ්ඩාගාරේ හිස් කරලා, තව ණය එකතු කරලා, රට නන්නත්තාර කරලා යන්නේ. එහෙම කරන්නේ නැතුව ගියේ සිරිමාවෝ ගේ ආණ්ඩුව විතරයි. ඊට පස්සේ එන ආණ්ඩුව මුලින්ම බදු ගහලා පටන් ගන්නේ. ඒ වගේ කාලකන්ණි රටක් වෙලා මේක. තිත්ත වෙලා තියෙන්නේ.
මම එළියේ වැඩ කරන නිසා සැහෙන දකිනවා තත්වය. කියන්න දුකයි. එත් දැන් හැමදාම ආණ්ඩුවට බනිනවට වඩා අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔය කාටවත් රිදෙන්නේ නැහැ අපේ කෙනෙක් මැරුණා කියලා. අපේ කෙනෙක් නැති උනොත් අපිටයි රිදෙන්නේ. එක නිසා හැමවෙලාවෙම පරිස්සම් වෙන්න