සතුට ජීවිතය කරගත් යුරෝපයේ මිනිස්සු

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සතුට ජීවිතය කරගත් යුරෝපයේ මිනිස්සු

    ඉකුත් සතියක යුරෝපයේ රටවල් පහක සංචාරය කිරීමේ අවස්ථාවක් ලැබිණි. ඉතාලිය ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම හා ස්විට්සර්ලන්තය එකී රටවල් පහයි.

    මගේ සංචාරයේ පළමු රට වූයේ ඉතාලියේ රෝමයයි. විශේෂයෙන්ම වතිකානු නගරයයි. මෙයට වසර සිය ගණනකට පෙර රෝම අධිරාජ්‍යය සමයේ ඉදිකෙරුණු වතිකානුවේ, ඒ ඉපැරැණි පෙනුම රැකගන්නට වතිකානුව සමත්ව තිබිම පුදුමයකි. එහි තවමත් ඇත්තේ ගල් ඇල්ලු පාරවල්ය. තාර නැත්නම් කාපට් එලා සකසන නවීන මාර්ග පුරුදු අපට වතිකානුවේ ගල් පාරවල් අපූරු අත්දැකීම් ගෙනදුන්නේය. රෝමයේ ඉදිකෙරුණු පළමු මාර්ගය රෝම නගරයේ සිට කැපුවා නගරය තෙක් විහිදිණි. වියා ඇපියා ලෙස හඳුන්වන මේ මාර්ගය වසර සිය ගණනක් පැරණි නමුදු අදටත් හොඳ තත්ත්වයේ පවතී. හේතුව නිසි නඩත්තුවය. වතිකානුවේ ගොඩනැගිලි සහ පල්ලි ද ඒ ඓතිහාසික බව ​මොනවට රැකගත් නිර්මාණ ය. මට හැඟුණේම වතිකානුවේ නැත්නම් රෝමයේ අනන්‍යතාව වන්නේ ඒ ඓතිහාසිකත්වය බවයි.

    ඉතාලියේ ගෙවුණු පැය කිහිපය අවසන අප ගියේ ප්‍රංශයට ය. පැරිස් නුවර පිහිටි ලුවර් කෞතුකාගාරය මගේ නෙත් විශ්මයෙන් පුරවන්නට සමත් විය. එහි ඇති බොහෝ කෞතුක වස්තු වසර පන් හාර දහසක් තරම් පැරැණි ය. නමුත් පුදුමය වන්නේ ඒ කෞතුක භාණ්ඩවලින් වැඩිකොටස වෙනත් රටවලට අයත් ඒවා වීමය. බොහෝ චිත්‍ර මූර්ති ආදිය මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා චිත්‍රය ඉන් එකකි. එය අඩි එක හමාර සහ දෙක හමාර ප්‍රමාණයේ ලෑල්ලක අදින ලද්දකි. බැලු බැල්මට එහි ඇති වටිනාකමක් නොමැත. එහෙත් ලියනාඩෝ ඩාවින්චි නම් අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියා නිර්මාණය කළ මේ චිත්‍රයේ වටිනාකම මුදල්වලින් නියම කළ නොහැකිය. ඒ බව දන්නේ ඓතිහාසික දේවල ඇති වටිනාකම දන්නා පුරාවිද්‍යාඥයන් පමණි. මේ චිත්‍රය බලන්නට පමණක් අවුරුද්දකට මිලියන ගණනාවක සංචාරක පිරිසක් ලුවර් කෞතුකාගාරයට පැමිණෙති.

    එහි ඇති ප්‍රදර්ශන භාණ්ඩ බොහෝය. ඉන් ඇතැම් කෞතුක භාණ්ඩයක් ග්‍රීක ශිෂ්ටාචාරයට අයත්ය. තවත් භාණ්ඩ ඊජිප්තුවට අයත්ය. ආසියාවේ බොහෝ රටවලට අයත් කෞතුක භාණ්ඩද රාශියකි.

    ප්‍රංශය කලෙක අධිරාජ්‍යක් විය. එකල තම ආධිපත්‍ය පිහිටවූ රටවලට අයත්ව පැවැති බොහෝ කෞතුක භාණ්ඩ ඔවුහු කොල්ල කෑහ. එහෙත් එවා විනාශ නොකර ආරක්‍ෂා කළේ ඉතිහාසය බොහෝ වැදගත් බව ඔවුන් තුළ තිබූ අවබෝධය නිසාය.

    ලුවර් කෞතුකාගාරයේ ඇති මේ පුරා විද්‍යා භාණ්ඩ කන්දරාව මොන තරම් අගනා කමක් ප්‍රංශයට එක්කර ඇත්ද?
    තට්ටු ගණනාවකින් යුතු මේ අනගි කෞතුකාගාරය එක් දවසකින් බලා නිම කිරීමට පුළුවන්කමක් නැත. ජර්මනිය අපේ ඊළඟ ගමනාන්තයක් විය. එරට වූ කලී ලෝ පතළ වූයේ හිට්ලර්ගේ යුදෙව් සංහාරය හේතුවෙනි. ඔහු දැවැන්ත වද කඳවුරු පිහිටුවමින් ජර්මනියේ පමණක් නොව බෙල්ජියම, ඔස්ට්‍රියාව ඇතුළු බොහෝ රටවල විසූ යුදෙව් ජනතාව කුදලාගෙන විත් ගෑස් කාමරවල දමා අමු අමුවේ මරා ඇමුවේය.

    මේ යුදෙව් සංහාරයේ නෂ්ඨාවශේෂ තවමත් ජර්මනියේ ඉතිරිව තිබේ. අද ජර්මනියට යන සංචාරකයෝ මේ යුදෙව් ස්මාරක නරඹමින් කඳුළු හෙළති. මෙබදු අපරාධයක් යලිත් නම් නොවේවා යැයි ඒ සියල්ලන් ප්‍රාර්ථනා කරනු නියතය. නමුත් ඊළඟට අප ගමන්ගත් ස්විට්සර්ලන්තය. බෙල්ජියම යන දෙරටෙහි අපට දක්නට ලැබුණේ ඓතිහාසික වටිනාකමක් නොව පාරිසරික වටිනාකමකි. ස්විට්සර්ලන්තය වූ කලී ලෝකයේ තිබෙන ලස්සනම රට දෝයි මට හැඟුණේ වරක් දෙවරක් නොවේ. අහස සිඹින කඳුවළලුවලින් සමන්විත එරට සුළඟ ද සිසිල් විය. පිරිසුදු විය. ලොව බොහෝ රටවල් පාරිසරික දූෂණයට ලක්ව තිබියදීත් ස්විට්සර්ලන්තය තම නොඉඳුල් බව රැකගෙන තිබීම අගය කළ යුතුය.
    එරට දී අඩි හාරදහස් පන්සීයක උසකින් යුත් කන්දක් නගින්නටද අපට හැකිවිය. හැබැයි ඒ පාගමනින් නොවේ. කේබල් කාර් එකකිනි. ස්විට්සර්ලන්තය එරට ඇති ලස්සන දේවල් සංචාරකයන්ට පෙන්වන්නේ නිර්ලෝභීවය. ඒ සඳහා කේබල් කාර් වැනි පහසුකම් අපමණක් සලසා තිබේ. මේ නිසා එරට ඇති සුන්දර කඳුකරය සිහිනයක් සේ නෙත්වල ඇඳ ගැනීමේ වාසනාව අපට උදාවිය. මෙම යුරෝපා සංචාරයේදී හමුවුණු මිනිසුන් ගැනද යමක් ලිවිය යුතුමය. ඉතාලියේ වෙසෙන්නෝ අදේවවාදීහුය. ඔවුහු දෙවියන් කෙරෙහි දැඩි භක්තියක් නොදක්වති.

    මේ මොහොතේ ලාංකිකයන් සමග ඔවුන් සංසන්දනය කිරීමට සිතෙයි. ලාංකිකයන් වූ කලී දැඩි දේවභක්තිකයන් වන බැවිනි. ඇතැම් විට ආගම් ශාස්තෘන් වහන්සේලාටත් වඩා දෙවියන් අදහන බැතිමත්තු මෙරට සිටිති. ඔවුන් පන්සලකට පල්ලියකට යනවාත් වඩා භක්තියකින් දේවාලවලට යති. දෙවියෝ අදහති, පූජාවට්ටි භාරකරති.

    ඒ රටවල ජනතාව තුළ අපේ රටේ ජනතාව තුළ තරමට ආගමික භක්තියක්ද නැත. වතිකානුව වූ කලී කතෝලික ලෝකයේ අග්‍රගණය ස්ථානයයි. එහෙත් වතිකානුව දැක බලාගන්නේ ඉතාලි ජනතාවට වඩා ලෝක ජනතාවයි. එයින් හැඟෙන්නේ රෝම වැසියන්​ෙග් ආගමික භක්තිය අඩුකම නොවේද?

    මෙකී සංවාරයේදී මා දුටු තවත් විශේෂත්වයක් වන්​ෙන් පරිසරයයි. ප්‍රංශයේත් ඉතාලියේත් තරම් දුම්බොන මිනිසුන් ලොව තවත් කොතැනකවත් නැතුවා විය යුතුය. වතිකානුවේ වීදි පුරා ඉවත දැමූ සිගරට් කොටය. ප්‍රංශයේද එසේමය. මේ මිනිසුන් මේ තරමට දුම් බීමට නැඹුරුව ඇත්තේ ඇයිදැයි නොදනිමි. එහෙත් නගරවල කුණු පොදක්වත් දැකිය නොහැකි තරම්ය. මිනිසුන් දහස් ගණනක් ගැවසෙන නගරවලත් පාරවල් නැතිනම් පරිසරය පිරිසුදුව තබාගන්නේ කෙසේදැයි විමතියකි.

    පැරිස් නගරය වූ කලී විශාල ජන ඝනත්වයක් සහිත නගරයකි. එහි ජනගහනය මිලියන 1.2 කි. එහෙත් නගරයේ දිග පළල කිලෝමිටර 13 සහ 8 කි.

    මේ වර්ග ප්‍රමාණය වැඩිකර ගැනීමටද ක්‍රමයක් නැත. එනිසාදෝ මෙහි වර්ග මීටරයක් යුරෝ 20000 තරම් මිල වේ.

    පැරිස් නුවර අනෙක් විශේෂත්වය වන්නේ ගොඩනැගිල්ලක උස මහල් හත නොඉක්මවීමය. ඊට හේතුව බව කියන්නේ පොළව අභ්‍යන්තරය මඩ සහිතවීමය.
    කෙසේ හෝ ​ෙව්වා, එයින් පැහැදිලිවන්නේ ප්‍රංශය, එරට පොළවේ ස්වභාවය වටහාගෙන තම නගර ඉදිකිරීමට සමත් වන බවයි.

    ප්‍රංශ වැසියන් ප්‍රමුඛ යුරෝපීය ජාතිකයන්ගේ විශේෂත්වය ලෙස මා දුටුවේ ඔවුන් සතුටින් ජීවත්වීමයි. ඒ සතුට ගැන විමසීමේදී අපේ අසතුට සමග සැසඳීමක් නොකරම බැරිය.
    අපි නිතරම අරපරෙස්සමෙන් විය පැහැදම් කිරීමට පුරුදුව සිටිමු. අනාගතය වෙනුවෙන් ඉතිරි කරමු. බොහෝ විට අප හරි හම්බ කරන්නේ දුක් විඳගෙනය එහෙත් ඒ උපයන දේ අපේ සතුට වෙනුවෙන් විය පැහැදම් කිරීමේ පුරුද්දක් අපට නැත. ​ෙබාහෝ විට අපි අපේ දරු පැටවුන්ගේ පැවැත්ම උදෙසා ඉතිරි කරමු.

    එහෙත් ප්‍රංශ වැසියන් ප්‍රමුඛ යුරෝපීයයන් අතර එලෙස ඉතිරි කිරී​ෙම් ක්‍රමවේදයක් නැත. ඔවුහු නිතරම සංචාරය කරති. තම සතුට වෙනුවෙන් බොහෝ සේ මුදල් විය පැහැදම් කරති. දරුවන් වෙනුවෙන් ඉතිරි කර තැබිමක් හෝ එසේ කළ යුතු යැයි සිතීමක්ද දක්නට නැත. යුරෝපය අද සිය අනන්‍යතාව කෙලෙසාගෙන සිටින බවද පෙ​ෙන්. ඒ සරණාගත ප්‍රශ්නය නිසාය. අපි සංචාරය කළ රටවල් පහේම සරණාගතයන් ද දැකිය හැකි විය. බටහිර අප්‍රිකාවෙන් සහ මැද පෙරදිගින් පැමිණි මේ සරණාගතයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුගීහු ය. ඔවුහු ජීවත්වීම උදෙසා කරන්නේ සමරු සිහිවටන විකිණීමය. නමුත් වැඩිදෙනෙක් කරන්නේ හිඟාකෑමය.
    බෙල්ජියම හිඟන්නන්ගෙන් තොර රටකි. එහෙත් දැන් අර සරණාගත පිරිස් බෙල්ජියමේ ද හිඟා කති. බෙල්ජියමේ අගනුවර වන බ්‍රසල්ස් නුවර ඇති සුපතළ ජනතා උද්‍යානයක් පවා අද මේ සරණාගතයන්ගේ වාසය සඳහා වෙන්කර ඇත. මේ නිසා නගර අලංකාරය පවා අහිමිව තිබෙන බව දැකගත හැකිවිය.

    ඒ කෙසේ වෙතත් යුරෝපය යනු ලස්සන රටවල් සමූහයක එකතුවකි. පොදුවේ ගත් කල ජනතාව පරිසරයට ආදරය කරති. ඔවුන්ගෙන් අපට ගත හැකි පාඩම් බොහෝය. ඓතිහාසික ස්ථාන කෙරෙහි ඔවුන් දක්වන ඇල්ම ගැන මුලින්ම කීවෙමි. අපේ රටේ එබදු ඓතිහාසික ස්ථාන කොයිතරම් ද?

    අනුරාධපුරය, ​ෙපාළොන්නරුව, සීගිරිය මුල්තැනට වැටේ. අනුරාධපුරය ලංකාවේ පළමු අගනුවරයි. පො​ෙලාන්නරුව දෙවැන්නයි. එදා සිටි රජ දරුවෝ නිර්මාණය කරවූ දැගැබ් හා වැව් කොයිතරම්ද? මෙයින් සමහරක් සංරක්ෂණය කර තිබේ. ඒ පුරාවස්තු සංචාරක ආකර්ෂණය බව පෙනෙන්නේ රෝමයේත් පැරිසියෙත් සංචාරය කරන විටදී ඒ නටඹුන් බලන්නම ලෝක ජනතාව දක්වන උනන්දුව දකින විටය. එසේනම් ලංකාව පුරාම පවතින විවිධ ඓතිහාසික ස්ථානවලට ලෝක ජනතාව කැඳවාගැනීම බරපතළ නැත්නම් අමාරු කටයුත්තක් නොවිය හැකිය.

    අනෙක් අතට අපේ රටේ ඇති සුන්දරත්වයෙන් අනූන ස්ථාන බොහෝය. එහෙත් එම තැන් ලෝක සංචාරකයන්ගේ නෙතට අසු කිරීමේ වුවමනාවක් අපට නොමැති තරම්ය. නුවරඑළිය යනු සංචාරක ආකර්ශනයකි. එහෙත් ග්‍රෙගරි වැව අවට පරිසරය කොළඹ පිටකොටුවට වඩා වෙනස්වෙන්නේ සුළු වශයෙනි.

    කළ යුත්තේ නුවරඑළිය සුවිශේෂ සංචාරක නගරයක් සේ සලකා විධිමත් ලෙස සංවර්ධනය කිරීමය. නුවරඑළියේ කඳු අතර ගමන් කරන්නට කේබල් කාර් සේවයක් තවමත් නැත. කලින් කලට එබදු ව්‍යාපෘති ගැන කිව්වත් ඒ සැලසුම් හමස් පෙට්ටියට වැටෙන සේ ය. ලංකාව ගත​හොත් එහි හැම බිම් අඟලක්ම ඓතිහාසික වටිනාකම් සහිතය. හැම බිම් අඟලක්ම සුන්දරත්වයෙන් අනූන ය. එහෙත් මේ ස්ථාන කිසිවක් විධිමත් ලෙස පාලනය නොවීම කනගාටුවකි. අමාරුවෙන් සංරක්ෂණය කර ඇති ඓතිහාසික චෛත්‍යය ආදිය මතට නැග ඒවා විනාශ කර දමන ජනතාවක් අපේ රටේ වෙසෙති.

    සුන්දර පරිසර පද්ධති පොලිතීන්වලින් කුණු කසළ වලින් අපවිත්‍ර කරන පිරිස් හැමතැනමය. ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීමේ වුවමනාවක්වත් අපට නොමැත. එහෙත් යුරෝපයේ ජනතාව වෙසෙන්නේ අපට වඩා බොහෝ ඉදිරියෙනි. ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්ප අපට වඩා බොහෝ ඉදිරියෙනි.

    උපුටා ගැන්මකි. මා කිසිදු අයුරකින් අපේ රට අවතක්සේරු කිරීමට උත්සහ නොකරමි. මා උපන් රට තවත් කිසිදු රටකට සමාන නොකරමි. : Elababa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    අපේ රටේ මිනිස්සු සතුටින් ඉන්නවද කියල හිතන්න අමාරුයි බන්... උදාහරණයක් විදිහට අපිට සතුටු හිතෙන තැනක නැතිල කාල බිල විනෝද වෙලා ඇවිල්ල එකේ ඇරියර්ස් එක ගෙවන්න ගෙවෙන්නේ ඊළඟ මාසේ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    yako oya ratawal wala un 24^7 marenawa,,
    un maseka dekaka sapak daanawa awruddata

    anik 24^7 ma wada..

    yako ape un balapanko 24^7 nikan

    a unata unta wada sapata ape un innwa,,

    oya ratawala sahenna issue eka stress

    yako lankawe unta mona stress da :lol:

    ekay yako ara mokadda darshakeka lankawataudinma inne
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    yako oya ratawal wala un 24^7 marenawa,,
    un maseka dekaka sapak daanawa awruddata

    anik 24^7 ma wada..

    yako ape un balapanko 24^7 nikan

    a unata unta wada sapata ape un innwa,,

    oya ratawala sahenna issue eka stress

    yako lankawe unta mona stress da :lol:

    ekay yako ara mokadda darshakeka lankawataudinma inne

    මම දන්න තරමින් නම් Europe වල තමා හොඳම Work life balance එක තියෙන්නේ. ළඟදි උන් වැඩ කරන පැය ගාන පැය 6ටත් ගෙනාවද කොහෙද
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පුලුවන් විදියට +rep දුන්නා..
    ඒක්කෙනෙක් rep කපලා..:D:D
    ඒයාට ඒළකිරි account 03ක් තියෙනවා.. :yes::yes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ABxM6ys.jpg
     
    • Like
    Reactions: ElaBaba

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    මම දන්න තරමින් නම් Europe වල තමා හොඳම Work life balance එක තියෙන්නේ. ළඟදි උන් වැඩ කරන පැය ගාන පැය 6ටත් ගෙනාවද කොහෙද
    ow machn uba hari .athdakinawa italiyedi
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    yako oya ratawal wala un 24^7 marenawa,,
    un maseka dekaka sapak daanawa awruddata

    anik 24^7 ma wada..

    yako ape un balapanko 24^7 nikan

    a unata unta wada sapata ape un innwa,,

    oya ratawala sahenna issue eka stress

    yako lankawe unta mona stress da :lol:

    ekay yako ara mokadda darshakeka lankawataudinma inne

    Sira oi.fb eke tibba ice seen ekk idam register karana tana ganiyek novel ekak kiyawanawa...paththiru kole illuwama orawala balanne
    :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sira oi.fb eke tibba ice seen ekk idam register karana tana ganiyek novel ekak kiyawanawa...paththiru kole illuwama orawala balanne
    :lol:

    එක දවසක් වැඩක් කරගන්න NSB හේඩ් ඔෆිස් එකට ගියා. ඒකෙ උන් ඔක්කෝම වගේ නවල්ස් බලනවා. උන් ලගට මැනේජර් කෙනෙක් ආවා. ඒත් එකෙක්ටවත් කිසි ගානක් නෑ. :lol:
     
    • Like
    Reactions: Ithika mithika

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    ඉකුත් සතියක යුරෝපයේ රටවල් පහක සංචාරය කිරීමේ අවස්ථාවක් ලැබිණි. ඉතාලිය ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම හා ස්විට්සර්ලන්තය එකී රටවල් පහයි.

    මගේ සංචාරයේ පළමු රට වූයේ ඉතාලියේ රෝමයයි. විශේෂයෙන්ම වතිකානු නගරයයි. මෙයට වසර සිය ගණනකට පෙර රෝම අධිරාජ්‍යය සමයේ ඉදිකෙරුණු වතිකානුවේ, ඒ ඉපැරැණි පෙනුම රැකගන්නට වතිකානුව සමත්ව තිබිම පුදුමයකි. එහි තවමත් ඇත්තේ ගල් ඇල්ලු පාරවල්ය. තාර නැත්නම් කාපට් එලා සකසන නවීන මාර්ග පුරුදු අපට වතිකානුවේ ගල් පාරවල් අපූරු අත්දැකීම් ගෙනදුන්නේය. රෝමයේ ඉදිකෙරුණු පළමු මාර්ගය රෝම නගරයේ සිට කැපුවා නගරය තෙක් විහිදිණි. වියා ඇපියා ලෙස හඳුන්වන මේ මාර්ගය වසර සිය ගණනක් පැරණි නමුදු අදටත් හොඳ තත්ත්වයේ පවතී. හේතුව නිසි නඩත්තුවය. වතිකානුවේ ගොඩනැගිලි සහ පල්ලි ද ඒ ඓතිහාසික බව ​මොනවට රැකගත් නිර්මාණ ය. මට හැඟුණේම වතිකානුවේ නැත්නම් රෝමයේ අනන්‍යතාව වන්නේ ඒ ඓතිහාසිකත්වය බවයි.

    ඉතාලියේ ගෙවුණු පැය කිහිපය අවසන අප ගියේ ප්‍රංශයට ය. පැරිස් නුවර පිහිටි ලුවර් කෞතුකාගාරය මගේ නෙත් විශ්මයෙන් පුරවන්නට සමත් විය. එහි ඇති බොහෝ කෞතුක වස්තු වසර පන් හාර දහසක් තරම් පැරැණි ය. නමුත් පුදුමය වන්නේ ඒ කෞතුක භාණ්ඩවලින් වැඩිකොටස වෙනත් රටවලට අයත් ඒවා වීමය. බොහෝ චිත්‍ර මූර්ති ආදිය මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා චිත්‍රය ඉන් එකකි. එය අඩි එක හමාර සහ දෙක හමාර ප්‍රමාණයේ ලෑල්ලක අදින ලද්දකි. බැලු බැල්මට එහි ඇති වටිනාකමක් නොමැත. එහෙත් ලියනාඩෝ ඩාවින්චි නම් අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියා නිර්මාණය කළ මේ චිත්‍රයේ වටිනාකම මුදල්වලින් නියම කළ නොහැකිය. ඒ බව දන්නේ ඓතිහාසික දේවල ඇති වටිනාකම දන්නා පුරාවිද්‍යාඥයන් පමණි. මේ චිත්‍රය බලන්නට පමණක් අවුරුද්දකට මිලියන ගණනාවක සංචාරක පිරිසක් ලුවර් කෞතුකාගාරයට පැමිණෙති.

    එහි ඇති ප්‍රදර්ශන භාණ්ඩ බොහෝය. ඉන් ඇතැම් කෞතුක භාණ්ඩයක් ග්‍රීක ශිෂ්ටාචාරයට අයත්ය. තවත් භාණ්ඩ ඊජිප්තුවට අයත්ය. ආසියාවේ බොහෝ රටවලට අයත් කෞතුක භාණ්ඩද රාශියකි.

    ප්‍රංශය කලෙක අධිරාජ්‍යක් විය. එකල තම ආධිපත්‍ය පිහිටවූ රටවලට අයත්ව පැවැති බොහෝ කෞතුක භාණ්ඩ ඔවුහු කොල්ල කෑහ. එහෙත් එවා විනාශ නොකර ආරක්‍ෂා කළේ ඉතිහාසය බොහෝ වැදගත් බව ඔවුන් තුළ තිබූ අවබෝධය නිසාය.

    ලුවර් කෞතුකාගාරයේ ඇති මේ පුරා විද්‍යා භාණ්ඩ කන්දරාව මොන තරම් අගනා කමක් ප්‍රංශයට එක්කර ඇත්ද?
    තට්ටු ගණනාවකින් යුතු මේ අනගි කෞතුකාගාරය එක් දවසකින් බලා නිම කිරීමට පුළුවන්කමක් නැත. ජර්මනිය අපේ ඊළඟ ගමනාන්තයක් විය. එරට වූ කලී ලෝ පතළ වූයේ හිට්ලර්ගේ යුදෙව් සංහාරය හේතුවෙනි. ඔහු දැවැන්ත වද කඳවුරු පිහිටුවමින් ජර්මනියේ පමණක් නොව බෙල්ජියම, ඔස්ට්‍රියාව ඇතුළු බොහෝ රටවල විසූ යුදෙව් ජනතාව කුදලාගෙන විත් ගෑස් කාමරවල දමා අමු අමුවේ මරා ඇමුවේය.

    මේ යුදෙව් සංහාරයේ නෂ්ඨාවශේෂ තවමත් ජර්මනියේ ඉතිරිව තිබේ. අද ජර්මනියට යන සංචාරකයෝ මේ යුදෙව් ස්මාරක නරඹමින් කඳුළු හෙළති. මෙබදු අපරාධයක් යලිත් නම් නොවේවා යැයි ඒ සියල්ලන් ප්‍රාර්ථනා කරනු නියතය. නමුත් ඊළඟට අප ගමන්ගත් ස්විට්සර්ලන්තය. බෙල්ජියම යන දෙරටෙහි අපට දක්නට ලැබුණේ ඓතිහාසික වටිනාකමක් නොව පාරිසරික වටිනාකමකි. ස්විට්සර්ලන්තය වූ කලී ලෝකයේ තිබෙන ලස්සනම රට දෝයි මට හැඟුණේ වරක් දෙවරක් නොවේ. අහස සිඹින කඳුවළලුවලින් සමන්විත එරට සුළඟ ද සිසිල් විය. පිරිසුදු විය. ලොව බොහෝ රටවල් පාරිසරික දූෂණයට ලක්ව තිබියදීත් ස්විට්සර්ලන්තය තම නොඉඳුල් බව රැකගෙන තිබීම අගය කළ යුතුය.
    එරට දී අඩි හාරදහස් පන්සීයක උසකින් යුත් කන්දක් නගින්නටද අපට හැකිවිය. හැබැයි ඒ පාගමනින් නොවේ. කේබල් කාර් එකකිනි. ස්විට්සර්ලන්තය එරට ඇති ලස්සන දේවල් සංචාරකයන්ට පෙන්වන්නේ නිර්ලෝභීවය. ඒ සඳහා කේබල් කාර් වැනි පහසුකම් අපමණක් සලසා තිබේ. මේ නිසා එරට ඇති සුන්දර කඳුකරය සිහිනයක් සේ නෙත්වල ඇඳ ගැනීමේ වාසනාව අපට උදාවිය. මෙම යුරෝපා සංචාරයේදී හමුවුණු මිනිසුන් ගැනද යමක් ලිවිය යුතුමය. ඉතාලියේ වෙසෙන්නෝ අදේවවාදීහුය. ඔවුහු දෙවියන් කෙරෙහි දැඩි භක්තියක් නොදක්වති.

    මේ මොහොතේ ලාංකිකයන් සමග ඔවුන් සංසන්දනය කිරීමට සිතෙයි. ලාංකිකයන් වූ කලී දැඩි දේවභක්තිකයන් වන බැවිනි. ඇතැම් විට ආගම් ශාස්තෘන් වහන්සේලාටත් වඩා දෙවියන් අදහන බැතිමත්තු මෙරට සිටිති. ඔවුන් පන්සලකට පල්ලියකට යනවාත් වඩා භක්තියකින් දේවාලවලට යති. දෙවියෝ අදහති, පූජාවට්ටි භාරකරති.

    ඒ රටවල ජනතාව තුළ අපේ රටේ ජනතාව තුළ තරමට ආගමික භක්තියක්ද නැත. වතිකානුව වූ කලී කතෝලික ලෝකයේ අග්‍රගණය ස්ථානයයි. එහෙත් වතිකානුව දැක බලාගන්නේ ඉතාලි ජනතාවට වඩා ලෝක ජනතාවයි. එයින් හැඟෙන්නේ රෝම වැසියන්​ෙග් ආගමික භක්තිය අඩුකම නොවේද?

    මෙකී සංවාරයේදී මා දුටු තවත් විශේෂත්වයක් වන්​ෙන් පරිසරයයි. ප්‍රංශයේත් ඉතාලියේත් තරම් දුම්බොන මිනිසුන් ලොව තවත් කොතැනකවත් නැතුවා විය යුතුය. වතිකානුවේ වීදි පුරා ඉවත දැමූ සිගරට් කොටය. ප්‍රංශයේද එසේමය. මේ මිනිසුන් මේ තරමට දුම් බීමට නැඹුරුව ඇත්තේ ඇයිදැයි නොදනිමි. එහෙත් නගරවල කුණු පොදක්වත් දැකිය නොහැකි තරම්ය. මිනිසුන් දහස් ගණනක් ගැවසෙන නගරවලත් පාරවල් නැතිනම් පරිසරය පිරිසුදුව තබාගන්නේ කෙසේදැයි විමතියකි.

    පැරිස් නගරය වූ කලී විශාල ජන ඝනත්වයක් සහිත නගරයකි. එහි ජනගහනය මිලියන 1.2 කි. එහෙත් නගරයේ දිග පළල කිලෝමිටර 13 සහ 8 කි.

    මේ වර්ග ප්‍රමාණය වැඩිකර ගැනීමටද ක්‍රමයක් නැත. එනිසාදෝ මෙහි වර්ග මීටරයක් යුරෝ 20000 තරම් මිල වේ.

    පැරිස් නුවර අනෙක් විශේෂත්වය වන්නේ ගොඩනැගිල්ලක උස මහල් හත නොඉක්මවීමය. ඊට හේතුව බව කියන්නේ පොළව අභ්‍යන්තරය මඩ සහිතවීමය.
    කෙසේ හෝ ​ෙව්වා, එයින් පැහැදිලිවන්නේ ප්‍රංශය, එරට පොළවේ ස්වභාවය වටහාගෙන තම නගර ඉදිකිරීමට සමත් වන බවයි.

    ප්‍රංශ වැසියන් ප්‍රමුඛ යුරෝපීය ජාතිකයන්ගේ විශේෂත්වය ලෙස මා දුටුවේ ඔවුන් සතුටින් ජීවත්වීමයි. ඒ සතුට ගැන විමසීමේදී අපේ අසතුට සමග සැසඳීමක් නොකරම බැරිය.
    අපි නිතරම අරපරෙස්සමෙන් විය පැහැදම් කිරීමට පුරුදුව සිටිමු. අනාගතය වෙනුවෙන් ඉතිරි කරමු. බොහෝ විට අප හරි හම්බ කරන්නේ දුක් විඳගෙනය එහෙත් ඒ උපයන දේ අපේ සතුට වෙනුවෙන් විය පැහැදම් කිරීමේ පුරුද්දක් අපට නැත. ​ෙබාහෝ විට අපි අපේ දරු පැටවුන්ගේ පැවැත්ම උදෙසා ඉතිරි කරමු.

    එහෙත් ප්‍රංශ වැසියන් ප්‍රමුඛ යුරෝපීයයන් අතර එලෙස ඉතිරි කිරී​ෙම් ක්‍රමවේදයක් නැත. ඔවුහු නිතරම සංචාරය කරති. තම සතුට වෙනුවෙන් බොහෝ සේ මුදල් විය පැහැදම් කරති. දරුවන් වෙනුවෙන් ඉතිරි කර තැබිමක් හෝ එසේ කළ යුතු යැයි සිතීමක්ද දක්නට නැත. යුරෝපය අද සිය අනන්‍යතාව කෙලෙසාගෙන සිටින බවද පෙ​ෙන්. ඒ සරණාගත ප්‍රශ්නය නිසාය. අපි සංචාරය කළ රටවල් පහේම සරණාගතයන් ද දැකිය හැකි විය. බටහිර අප්‍රිකාවෙන් සහ මැද පෙරදිගින් පැමිණි මේ සරණාගතයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුගීහු ය. ඔවුහු ජීවත්වීම උදෙසා කරන්නේ සමරු සිහිවටන විකිණීමය. නමුත් වැඩිදෙනෙක් කරන්නේ හිඟාකෑමය.
    බෙල්ජියම හිඟන්නන්ගෙන් තොර රටකි. එහෙත් දැන් අර සරණාගත පිරිස් බෙල්ජියමේ ද හිඟා කති. බෙල්ජියමේ අගනුවර වන බ්‍රසල්ස් නුවර ඇති සුපතළ ජනතා උද්‍යානයක් පවා අද මේ සරණාගතයන්ගේ වාසය සඳහා වෙන්කර ඇත. මේ නිසා නගර අලංකාරය පවා අහිමිව තිබෙන බව දැකගත හැකිවිය.

    ඒ කෙසේ වෙතත් යුරෝපය යනු ලස්සන රටවල් සමූහයක එකතුවකි. පොදුවේ ගත් කල ජනතාව පරිසරයට ආදරය කරති. ඔවුන්ගෙන් අපට ගත හැකි පාඩම් බොහෝය. ඓතිහාසික ස්ථාන කෙරෙහි ඔවුන් දක්වන ඇල්ම ගැන මුලින්ම කීවෙමි. අපේ රටේ එබදු ඓතිහාසික ස්ථාන කොයිතරම් ද?

    අනුරාධපුරය, ​ෙපාළොන්නරුව, සීගිරිය මුල්තැනට වැටේ. අනුරාධපුරය ලංකාවේ පළමු අගනුවරයි. පො​ෙලාන්නරුව දෙවැන්නයි. එදා සිටි රජ දරුවෝ නිර්මාණය කරවූ දැගැබ් හා වැව් කොයිතරම්ද? මෙයින් සමහරක් සංරක්ෂණය කර තිබේ. ඒ පුරාවස්තු සංචාරක ආකර්ෂණය බව පෙනෙන්නේ රෝමයේත් පැරිසියෙත් සංචාරය කරන විටදී ඒ නටඹුන් බලන්නම ලෝක ජනතාව දක්වන උනන්දුව දකින විටය. එසේනම් ලංකාව පුරාම පවතින විවිධ ඓතිහාසික ස්ථානවලට ලෝක ජනතාව කැඳවාගැනීම බරපතළ නැත්නම් අමාරු කටයුත්තක් නොවිය හැකිය.

    අනෙක් අතට අපේ රටේ ඇති සුන්දරත්වයෙන් අනූන ස්ථාන බොහෝය. එහෙත් එම තැන් ලෝක සංචාරකයන්ගේ නෙතට අසු කිරීමේ වුවමනාවක් අපට නොමැති තරම්ය. නුවරඑළිය යනු සංචාරක ආකර්ශනයකි. එහෙත් ග්‍රෙගරි වැව අවට පරිසරය කොළඹ පිටකොටුවට වඩා වෙනස්වෙන්නේ සුළු වශයෙනි.

    කළ යුත්තේ නුවරඑළිය සුවිශේෂ සංචාරක නගරයක් සේ සලකා විධිමත් ලෙස සංවර්ධනය කිරීමය. නුවරඑළියේ කඳු අතර ගමන් කරන්නට කේබල් කාර් සේවයක් තවමත් නැත. කලින් කලට එබදු ව්‍යාපෘති ගැන කිව්වත් ඒ සැලසුම් හමස් පෙට්ටියට වැටෙන සේ ය. ලංකාව ගත​හොත් එහි හැම බිම් අඟලක්ම ඓතිහාසික වටිනාකම් සහිතය. හැම බිම් අඟලක්ම සුන්දරත්වයෙන් අනූන ය. එහෙත් මේ ස්ථාන කිසිවක් විධිමත් ලෙස පාලනය නොවීම කනගාටුවකි. අමාරුවෙන් සංරක්ෂණය කර ඇති ඓතිහාසික චෛත්‍යය ආදිය මතට නැග ඒවා විනාශ කර දමන ජනතාවක් අපේ රටේ වෙසෙති.

    සුන්දර පරිසර පද්ධති පොලිතීන්වලින් කුණු කසළ වලින් අපවිත්‍ර කරන පිරිස් හැමතැනමය. ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීමේ වුවමනාවක්වත් අපට නොමැත. එහෙත් යුරෝපයේ ජනතාව වෙසෙන්නේ අපට වඩා බොහෝ ඉදිරියෙනි. ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්ප අපට වඩා බොහෝ ඉදිරියෙනි.

    උපුටා ගැන්මකි. මා කිසිදු අයුරකින් අපේ රට අවතක්සේරු කිරීමට උත්සහ නොකරමි. මා උපන් රට තවත් කිසිදු රටකට සමාන නොකරමි. : Elababa

    Well said bro..100%b True