සතුට තිබෙන තැන
සතුට තිබෙන තැන
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේසිංහල දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරි අත්තිඩිය පුරාණ විහාරාවාසී,
ශාස්ත්‍රපති කුකුරම්පොල ඤාණවිමල හිමි
සෑම මනුෂ්‍යයෙක්ම සතුටින් ජීවත්වීමට පි‍්‍රය කරති. කුඩා කාලයේ සිට මරණය දක්වාත්, මරණයෙන් පසු ලබන භවයේදීත් පී‍්‍රතිමත් ජීවිතයක් ලැබීමට කැමති වෙති. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘සියලු සත්ත්වයෝ සැප කැමැත්තෝ (සුඛ කාමානි භූතානි) යනුවෙනි. දුක යන වචනය ඇසීමට පවා පි‍්‍රය නොකරන මිනිස්සු දුක් විඳීමට ද අකැමැති වෙති. ‘සන්තුට්ඨි’ යන පාලි වචනයේ තේරුම සතුට හෙවත් පී‍්‍රතිය යන්න යි. සතුට පරම ධනය බව (සන්තුට්ඨි පරමං ධනං) බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (ධම්මපදය - සුඛ වග්ග)
ලෞකික සතුට සහ ලෝකෝත්තර සතුට වශයෙන් සතුටේ අවස්ථා දෙකක් බෞද්ධ සාහිත්‍යය තුළ දැකිය හැකි ය. ලෞකික සතුට, තාවකාලික ය. ක්ෂණිකව වෙනස් වෙයි. එය විඳින දෙයකි. එය ළඟාකර ගත් පසු නැති වී යන දෙයකි. එය බැඳීම් හේතුවෙන් ඇතිවෙයි. ලෝකෝත්තර වශයෙන් ලබන සතුට සදාකාලික වූවකි. එය සදාකාලික වන්නේ, එහි බැඳීමක් හෝ ගැටීමක් නොමැති බැවිනි. බැඳීම් ඇති වන විට ගැටීමක්ද ඇති වෙයි. බැඳීම්වලින් පිරි ලෞකික ජීවිතයෙහි සැබෑ සතුටක් තිබිය හැකි ද? නිවනෙහි බැඳීමක් හෝ ගැටීමක් නොමැති බැවින්, සැබෑ සතුට එහි පවතී. ‘පරම සතුට නිවන් සතුටයි’ (නිබ්බාණං පරමං සුඛං) යනුවෙන් ධම්මපදය සුඛ වග්ගයෙහි දැක්වෙයි.
එහෙත් වර්තමාන සමාජයෙහි මිනිස්සු සතුට සෙවීම පිණිස විවිධ දේ කරති. එමෙන්ම ජීවී අජීවී විවිධ වස්තු ළඟා කර ගැනීමට උත්සහ කරන්නේ ද සතුට බලාපොරොත්තුවෙනි. ලෞකික සෑම වස්තුවක්ම උත්සාහ කර ළඟා කර ගත් පසු එයින් තාවකාලික සතුටක් ලැබුවත් , බලාපොරොත්තු වූ සතුට එහි නොමැති බව හැඟෙයි. ලෝකයෙහි පෘථග්ජන මිනිස්සු කිසිම වස්තුවකින් සෑහීමකට පත් නොවෙති. කොතරම් ලැබුණත් තෘප්තිමත් නොවෙති. මේ සඳහා බලපාන ප්‍රධාන සාධකය, අධික තෘෂ්ණාවයි. අධික තෘෂ්ණාව නිසා ඇති වන්නේ, සතුට නොව දුකකි.
බෝසත් ස්වර්ණ හංසයා තම පෙර භවයේ බිරියටත්, දරුවන්ටත් රන් පිහාටුව බැගින් දිනපතා ලබා දුන්නත් එයින් සතුට නොවූ පෙර භවයේ බිරිය එකවර සියල්ල ලබා ගන්නට ගොස් කිසිවක් නොලබා දුකට පත් වූ හැටි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. (ජාතක ;පාත - ස්වර්ණ හංස ජාතිකය) තෘෂ්ණාව, ශෝකයත් භයත් ගෙන දෙන බව, බුද්ධ දේශනාවයි. (තණ්හාය ජායතී සොකො - තණ්හාය ජායති භයං) ධම්ම පදය.
ඒ ඒ පුද්ගලයන් තුළ හෝ ඒ ඒ වස්තු තුළ සතුට ඇතැයි ඔබ සිතුවත්, සැබැවින්ම එය මිථ්‍යාවකි. එය මිරිඟුවක් පසුපස හඹා යෑමක් හා සමාන යි. ජලය ඇතැයි මිරිඟුව පසුපස දුවන සිව් පා ආදී සතුන් අවසානයේ ලබන්නේ, ජලය නොව - විඩාවත් මරණයත් පමණකි. සතුට සොයමින් භෞතික වස්තු පසුපස හඹා යන මිනිසාට ද අවසානයේ උරුම වන්නේ එයම නොවේ ද? සතුට අපේක්ෂාවෙන් බොහෝ භෞතික වස්තු රැස් කළත්, අවසානයේ ඉතිරිවන්නේ සතුට නොව, අසහනයත්, අවිවේකයත් පමණකි.
මෙම ලිපියෙහි අරමුණ වන්නේ, ඔබ ඔබගේ ජීවිතයට ළඟා කරගත්, ලබාගත් යම් වස්තු තුළ සතුට පවතී දැයි අවධානය යොමු කිරීම යි. ගෘහ ජීවිතයෙහිදී මවුපියන් විසින් දූ දරුවන් හදන්නේ වඩන්නේ සතුටින් ජීවිත ගත කිරීම පිණිස වුවත් දූ දරුවන් සිටින සෑම මවක්ම පියෙක්ම සතුටින් සිටින්නෙහිද ඇතැම් මවුපියන් දරුවන් නිසා කොතරම් තැවීමට - වේදනාවට පත්වෙන්නේ ද? දරුවන් සිටින මවුපියන් , තම දරුවන් ආවාහ - විවාහ කර දෙන්නේ ඔවුන්ට සතුටින් සිටීම පිණිස නොවේ ද? එහෙත් විවාහ ජීවිතයේ සතුට නොමැති බැවින් දික්කසාද වෙන විවාහ ජීවිත අපායක් කර ගන්නා කොතරම් විවාහක පිරිස් සමාජයෙහි සිටිත් ද? එහි සතුට තිබේනම් පවුල් අවුල් වීමට දික්කසාද වීමට හේතු කවරේද? ඇතැම් මවුපියෝ තමන්ට දරුඵල නොමැති විට සමාජයෙන් නැන්දා, මාමා, ඇතුළු ඥාතීන්ගෙන් ද මොනතරම් අපහාස විඳිත් ද?
ඉතා රමණීය මන්දිර සාදාගෙන සුඛෝපභෝගි ලෙස ජීවිත ගත කරන බව සමාජයට පෙන්වන පවුල්වල හැමදෙනා සතුටින් සිටිත් ද? යාන වාහන, ඉඩකඩම් බහුලව ඇති හැම දෙනාම සතුටින් සිටිත්ද? ලොකු රැකී රක්ෂා කරන - ඉහළ තනතුරු, නම්බුනාම දරන හැම දෙනා සතුටින් සිටිත් ද? සැබැවින්ම මෙවැනි සම්පත් ඇති හැම දෙනා ඒ වස්තු තුළ සතුට නොමැති බැවින්, සතුට සොයමින් සිටිති.
ඇතැම් විට තමාට හැකියාව ද තිබියදී ගුණ ධර්මවල නොයෙදී, ගේ දොර ඉඩකඩම් හා දූ දරුවන් ගැන ආඩම්බර වෙමින් සමහරු කල් ගෙවති. (පුත්තාමÀථි ධනංමÀථි) මේ ආකාරයෙන් කල්පනා කරමින් ජීවත් වන පිරිස බාලයන් , මෝඩයන් ලෙස බුදුන්වහන්සේ හැඳින්වූහ. (ඉතිබාලො විහඤ්ඤති) තමාට තමාවත් නොමැති කළ අනෙක් දේවල් පිළිබඳව ආඩම්බර වීමේ ඵලය කිම? කොපමණ සම්පත් තිබුණත් ආඩම්බර නොවී - ගුණධර්මයන්හි නියැළෙන්නා දෙලොව ජය ගනියි.
සමාජයේ ඇතැම්හු තමා ළඟා කරගත් වස්තු තුළ සතුට නොමැති විට, වෙනත් විසමාචාර කෙරෙහි යොමු වෙති. ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම, (ඉත්ති දුතෙතා) සුරාව කෙරෙහි ලොල් වීම, (සුරා දුතෙතා) සූදුව කෙරෙහි ලොල් වීම (අක්‍ඛ දුතෙතා) බහුලව දැකිය හැකි ය (පරාභව සුත්ත) සූදුව, සුරාව හා අනියම් ස්ත්‍රි පුරුෂයන්ගෙන් සතුට අපේක්ෂාවෙන් කටයුතු කර ජීවිත අවුල් කරගෙන මෙලොවත් පරලොවත් පිරිහෙන පිරිස් සමාජයෙහි කොතරම් සිටිත් ද?

Last edited:
රෙප්+
ඒ වගේ.....රෙප්වලට පින්.