සතුට නේද පරම ධනය?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සතුට නේද පරම ධනය?

    එකොමත් එක කාලෙක රටක හිටපු රජ කෙනෙකුට හැදුන ලෙඩක් හොද වෙන්නේම නැති තැන රටේ හිටපු රිශි තුමෙක් කිව්වා මේ රටේ සතුටෙන්ම ඉන්න පුද්ගලයාගේ කමිසය රජ තුමා අන්දොත් මේ ලෙඩේ සනීප වෙන බව.

    අප්පට සිරි මහලොකු කජ්ජක් ඈ ඕක.අපේ මහ ඇමති සතුටින් නේන්නම් ඉන්නේ මොනවයින් අඩුපාඩුද? ධනය බලය …....පුහ් ඉහවහා ගිහින් නේ. ඉල්ලන් එනවලා මහ ඇමතිගේ කමිසයක් සතුටින්ද ඉන්නේ කියල අහලා. කියල රජ තුමා රාජ පුරුශයො පිටත් කලා.

    රාජපුරුශයොත් මහ ඇමතිගෙන් ඇහුවා ඔබතුමා සතුටින් නම් ඉන්නේ අපට කමිසයක් දෙනවද රජතුමා සනීප කරන්න කියලා.
    "අනේ මට ඔක්කොම තියෙන එක ඇත්ත ඒ වුනාට තවත් ඇමති ලා කීයක් නම් මගේ මේ තනතුර ගන්න කැස කවනවද?අපේ රජ්ජුරුවන්ට පස්සේ අපේ කුමාරයා රජ වෙච්චි දවසක මාව තියා ගනීද? ඔය කෙලවරක් නැති ප්‍රශ්න මට තියෙනවා. ඉතින් මගේ කමිසේ හරියන්නේ නෑ ඔය වැඩේට" කියල මහ ඇමති කියපි.


    දැන් මොනවා කරන්න ද අපි යමු සිටු තුමා ගාවට එතුමා තමයි මේ රටේ වැඩියෙන් ම ධනවත් පුද්ගලයා අනිවා එතුමා සතුටෙන් තමයි ඉන්නේ අපි යමු සිටු මැදුරට කියල රාජ පුරුශයො පිටත් වුනා සිටුතුමාව බැහැ දකින්න.
    අනේ සිටු තුමත් කියපි
    " මම සතුටින් ඉන්නේ කොහෙද මේකෙ ඉන්න හොර හතුරො මගෙ දෙවල් හොරකම් කරන්න බලාගෙන ඉන්නෙ. මගෙ ලග වැඩ කරන එවුන් එහෙන් හොරකම් කරනවා. නියගෙ හින්ද මගේ වතු ගානක් මේ පාර පාඩුයි...." කතා ගොඩයි. මනුස්සයත් හරි යන්නේ නැති පාටයි.


    ඊලගට රාජ පුරුශයො ගියා සෙන්පති තුමා හම්බෙන්න. අනේ එයත් ඒවගෙමයි සතුටින් නෙමෙයි ඉන්නේ. රටේ නැති ප්‍රශ්න. ඔය වගේ රටේ පිලිගත් මිනිස්සු ඔක්කොගෙන්ම ඇහුවා සතුටෙන්ද ඉන්නේ කියල කවුරුත් සතුටෙන් නෙමෙයි ඉන්නේ.. සමහරුන්ට ලෙඩ දුක්, රැකියා ගැටලු, පවුල් ප්‍රශ්න, ගේ දොර ඉඩ්කඩම් ප්‍රශ්න, ලමයින්ගෙ ප්‍රශන් එක කොටියයි ප්‍රශ්න . කවුරුත් සතුටින් ඉන්නෙ මිනිහෙක් හොයා ගන්න බැරි වුනා කට්ටියට.


    අන්තිමට රාජ පුරුශයන්ටත් වැඩේ එපා වුනා හෙම්බත් වෙලාම. ඉති හවස් වෙලා ආපහු හැරියා එන්න එනකොට ගොපලු කොල්ලෙක් විසිල් එකකුත් ගගහා කොටුකුත් කරකව කරකව ගහක් යට බුදියගෙන ඉන්නවලු එයාගෙ හරක් ටික තනකොල කනකන්..."අපි මූගෙන් වත් අහල බලමු සතුටෙන්ද ඉන්නේ " කියල හිතපු රාජ පුරුශයො..


    shepherd.jpg


    "ඒයි කොලුවො උබ සින්දු කිය කියා සතුටින් ඉන්න බව පේනවා. ඇත්තටම උඹ ඉන්නේ සතුටින්ද කියපන් බලන්න.”

    "අනේ එහෙමයි ආයුබොවන්ඩ මම සතුටින් තමයි ඉන්නේ මට ඉතින් මොන ප්‍රශ්නද හවසට හරක් ටික දක්කලා උන්ට කෑම ටික කවාගෙන ඉන්න එක තම්යි මගෙ වැඩේ. ඉතින් මට දුක් වෙන්න දෙයක් නෑ මම සතුටින් තමයි ඉන්නේ"


    රාජ පුරුශයන්ටත් මාර හැපි දැන් වැඩෙ හරිනේ කියල හිතලා" එහෙනම් කොල්ලො දීපන් උඹේ කමිසයක් අපේ රජතුමාට දෙන්න" කියල ඉල්ලුවා.

    දන්නවද කොල්ල දීපු උත්තරේ " අනේ තරහ අවසර ආයුබොවන්ඩ මට කවදාවත් කමිසයක් තිබිලා නෑ.ඉතින් මට දෙන්න කමිසයක් නෑ"


    ඔන්න ඕකයි කතාව.ඒ වුනාට මහා ගැබුරක් තියෙන කතාවක් තම්යි මේක. සන්තොසය ඇත්තෙ මිල මුදල් ,යාන වාහන, දැසි දස්සන් අතරෙ නෙමෙයි තමාගේම හිත ඇතුලේ කියන එකයි මේකෙ තේරුම.සල්ලිය බාගේ තියා හිගා කෑවත් සතුටින් ඉන්න පුලුවන් අපිට ඕන නම්. අපිට මහල් මැදුරු, යාන වාහන, ධනය බලය නැතුව කොච්චර තැවි තැවී ඉන්නවද? මම කාර් එකක් ගත්ත දවසට තමයි මට නින්ද යන්නේ. කොහොමද අප්ප වැඩියෙන් සල්ලි හොයන්නේ. මාව සමාජේ කවුරුත් පිලිගන්නේ නෑ, මගෙ ලමයි දොස්තර කෙනෙක් කරන්න බැරි වෙයි වගේ ලොවෙත් ප්‍රශ්න අපිට තියෙනවා නේ? කවුරු හරි නෑ කියනවනම් ඌ නියම ඩයල් එකක්.නමුත් සතුටින් ඉන්න මේ මොකවත් ඕන නෑ.


    දැන් අපි සුනිල් එදිරි සින්හ මහතාගේ ගීතයකට සවන් දෙමු මොහොතකට.
    :dull:

    රජෙකු වුනත් ගිලන් වෙලා //
    එක්තැන් වුණ දා
    කියනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා //

    ඉසුරු සමඟ හාද වෙලා //
    නොසතුට ආදා
    දැනෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
    සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා //


    වැඩ කරන මනුස්සයෙක්ගෙන් ඇහුවොත් එයාගේ දින චරියාව අපි හිතමු මෙහෙම.


    උදේ 5 නැගිටිනවා,උයල පිහල 6.30 ට බස් එකට නගිනවා තෙරපිලා මාරුවෙන් වැඩට එනවා 8.00 . 8.00 සිට 5.00 වෙනකම් වැඩ කරනවා.

    BATTARAMULLA-BUS-SERVICE-300x199.jpg


    ආයෙත් බස් වල ඔට්ටු වෙලා ගෙදර එනවා 7.00 යි. ඇග හොදගෙන තෙකක් බීලා ,කාල ටී.වී බලලා ගෙදර කට්ටියත් එක්ක චැටක් දාල නිදා ගන්නේ 10.00.

    blonde%20man%20drinking%20tea%20with%20lemon.jpg


    දැන් මෙයාගෙන් ඇහුවොත් දවසේ කොයි කොටසට ද වැඩියෙන්ම කැමති කියල ඔක්කොම කියන්නේ හවස 7.00 ඉදන් 10.00 වෙනකම් ගෙදර ඉන්න කොටසට කියල. ඉතින් කැමතිම කෑල්ල පැය තුනයි අකමැති කොටස නිදා ගන්න එක හැරුනම පැය 14 යි.ඉතින් කොහෙද සතුටක්. ජීවත් වෙන්නේ රස්සාවක් කරන්නද? රස්සවක් කරන්නේ ජීවත් වෙන්නද? පොඩ්ඩක් හිතමු.


    ජීවිතේ ඇත්ත මේකයි. රස්සාව දාලගෙදර ඉදල හරියන්නේ නෑ මෙහෙම කිව්ව කියල. නමුත් අපි මේ කරන්නේ මොකක්ද කියල බලපුවාම ඇඩෙනව තනි ඇහැට නේද?



    ඔන්න තව පොඩි කතාවක් දවසක් මිනිහෙක් දකිනවා පොඩි බිලීපිත්තක් අරගෙන සුරුට්ටුවකුත් උර උරා කම්මැලි කමේ මාලු බාන දුප්පත් මනුස්සයෙක්.අර මිනිහට කේන්තියි මුගෙ වැඩේට. මිනිහ කියනාවා ."අනේ අනේ මිනිහො ඔහොම මාලු බාල කවද ද තමුසේ මාලු ගොඩක් අල්ලන්නද? තමුසේ දියුනුවක් වෙන්න කැමති නැද්ද? ඉසෙල්ලා ගන්නවා ලොකු බිලී පිත්තක් එකෙන් මාලු අල්ලලා ගන්නවා ලොකු දැලක්. ටික දවසක් යනකොට තමුසෙට පොඩි බොට්ටුවක් එහෙමත් ගන්න බැරි වෙන එකක් නෑ.ඊට පස්සේ තමුසෙ මහන්සි වුනොත් ලොකු නැවක් වුනත් ගන්න පුලුවන්.”







    "ඉතින් මම එච්චර දියුනු වෙලා මොකද කරන්නේ ?"කියල අර මාලු බාන මිනිහ ඇහුවා. එතකොට එතෙන්ට ආපු මනුස්සය කියනවා " අනේ අනේ....ගොනො මට නම් එච්චර සල්ලි තියෙනව නම් මම ගන්නවා මුහුද අයිනෙන් ලස්සන බන්ගලාවක්.තමුසෙට වුනත් බැරි වෙන එකක් නෑ උත්සාහ කලොත්. එතකොට තමුසෙට පුලුවන් කිසි වැඩක් පලක් නොකර කකුල් දෙකත් උඩදාගෙන සුරුට්ටුවකුත් ඕන නම් උර උර චූන් එකේ ඉන්න" කියල මිනිහ කිව්ව.



    අර මාලු බාන මනුස්සය කිව්වා" ඒක තමයි හලො මම දැනුත් කරන්නේ..මට ලස්සන බන්ග්ලා නැව් නැති වුනාට මම ෆුල් චූන් එකේ තම්යි මේ දැනුත් සුරුට්ටුවක් උර උර මේ පොඩි මාලුවෙක් බා ගන්න හදන්නේ රෑ කෑමට. තමුසෙ තම්යි ඇවිත් මගේ ආතල් එක කෑවෙ" කියල කියපි.


    අපිට ලස්සන මැදුරු, නැවි ඕන නෑ සතුටින් ඉන්න.ඒකයි පාඩම.

    දැන් මම කියන දේ වරදවා තෙරුම් ගන්න එපා දියුනු වෙන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ.දියුනු වෙමු නමුත් විදවන එක අත්හරිමු


    සමහරු ඉන්නේ අසතුටෙන් සතුටු වෙන්න හිතාගෙන ඉන්නේ විභගෙ ඉවර වුනාම, තවත් අය සතුටු වෙන්න ඉන්නේ ජොබ් එකක් හම්බුනාම, විවාහ වෙලා සතුටු වෙන්න බලන් ඉන්න අයත් ඉන්නවා ඇයි කාර් එකක් ගන්න දවසට් තමයි සමහරු සතුටු වෙන්න් ඉන්නේ, බලන් ගියාම අද සතුටෙන් ඉන්න එකෙක් නෑ. ඔක්කොම දුක් කම්කටොලු විදිනව හෙට සතුටින් ඉන්න. හෙට ගැන හිතන එක හොදයි නමුත් ඇයි අද දුකෙන් අසතුටෙන්


    මට තනි ඇහැට ඇඩිච්ච සීන් එකක් කියන්නද? කොල්ල කැම්පස් එහෙම අවුට් වෙලා දැන් බැජාලත් එක දෙක කාර් ගන්නවා.කෙල්ලගෙත් අදහස කාර් එකක් ගන්න. ඔන්න දැන් ලෝන් කාරිය දාල, එහෙන් මෙහෙන් සෙට් කරගෙන ඉන්නවා කාර් එකක් ගන්න. ඔන්න ඔය දවස් වල මම ගෙදර ඉදන් ටවුමට පයින් එනකොට අපේ ගෙවල් ලග අයිය කෙනෙක් ,පොර ඉස්කොලෙක පී.ටී සර් කෙනෙක් නැවැත්තුවා ත්‍රි වීල් එකක්. මේ ත්‍රී වීල් කියද්දි මතක් වුනා ලගදි දැකපු ත්‍රීවීල් වැකියක්." ඉවසල බැරිම තැන ඒකයි ඉවසිය යුතුම තැන" යකො මේක ලියපු එකා දාර්ශනිකයෙක් වෙන්න ඕන

    ඌටත් පින් පෙත් ටික අනුමොදන් කරල අපි කියපු කතාව ඉතුරු ටික අහපල්ලකො.මනුස්සයා අරගෙන ත්‍රී වීල් එකක්. කියන්න බැරි වුනානේ මනුස්සයගෙ වයිෆුත් ටීචර් කෙනෙක්. පොඩි එකෙකුත් හිටිය

    දැන් වීල් එකේ යන ගමන් මම ඇහුවා මොකද අයියෙ වීල් එකක් ගත්තෙ අඩු ගානෙ මරුටි කට්ටක් වත් ගන්න එපැයි.(දැන් මේ කොල්ල ලගදිම කාර් එකක් බස්සන්නනේ යන්නේ හිත යටින් පොඩි ආඩම්බරයකුත් ආවා )අය්ය කිව්වනම් සෙට් කරල දෙනවනේ අඩු ගානට පොඩි ලොන් එකකුත් දාල ගන්න එපැයි. දැන් මම මේ කියනව හරිද?

    ඔන්න ඇඩුන තැන මේ දියරකුස් උතුමානන්ට. අයිය කිව්වා " අනේ මල්ලි මොකටද මම නැති සල්ලියකින් කාර් ගන්නේ මේ ත්‍රීවීල් එක මම ගත්තෙ පොඩි එකයි අම්මයි දැන් බයිසිකලේ තියාගෙන යන්න බැරි හින්ද උන්දෙන්නගෙ ආරක්ශාවටත් එක්ක. අනික මල්ලි අපි දෙන්නම එකම ඉස්කොලෙනෙ ඉන්නෙ ගුරු නිවාසෙටත් මහ දුරක් නෑ. ඉතින් 2 ට වැඩ ඇරුනම හවසට ටවුන් එකට යන්න ,අම්මලාගෙ ගෙදර යන්න විතරයි මට මේක ඕනේ.පොඩි එකාත් දැන් මට නිදි කරවගෙනම යන්න පුලුවන්.මොකට මල්ලි අනවශය දෙවල්"

    මම බැහැල බස් හොල්ට් ඒකට වෙලා කල්පනා කලා යකො මම මොන කාලකන්නියෙක්ද කියල.මම තනියෙන් බොඩිමක කොලබ ඉන්නවා, අම්මල ගෙදර කෙල්ල කැම්පස්. සති දෙක තුනකට සැරයයි හම්බෙන්නේ. එහෙන් කඩෙන් කන්නේ.අරුන් දෙන්නා 2 ට් ඕෆ් වෙලා ගෙදර පොඩි එකත් එක්ක මොන සැපද? මම මේ කාර් එක ගන්න හදන්නේ සෙනසුරාද ඉරිදට ගමේ පොඩි ශො එකක් දාන්න නෙද කියල මට හිතුනා.

    කාර් එක ගෙදර පාක් කරන්න වෙන්නේ හැමදාම කොලබ යන්නත් බෑ. මගෙ වත් කෙල්ලගෙ වත් සතියෙ දවස් වල් ජීවිතෙ අබමල් රෙනුවකින් වත් වෙනස් වෙන්නේත් නෑ. ගෙදර තිබ්බට තාත්ත එලවන්නෙත් නෑ.

    ඔන්න ඕකයි ඇත්ත තත්වෙ හුගක් දෙනෙකුගේ.හා නෑ කියනවද?

    ඉන්න ටිකේ සතුටින් ඉමු කට්ට කාල මහන්සි වෙලා වැඩ කරපල්ලා. නමුත් විදවන්න එපා සතුටින් ඉමු.
    මේ මම දැන් යන්න ඕන යාලුවො පොඩි අඩියක් ගහනවා. වයිෆ් එන්න කලින් ඉවර කරල යන්නත් ඕනේ. ඒයා පරල වුනොත් ඉතින් සන්තොසේ කැලේ.මේ සන්තොසෙ කිව්වේ අඩි ගහන එකට නෙමෙයි හරිද?




     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොඳ පෝස්ට් එකක්.. සතුට තියන්නේ ජීවිතේ අල්පේජ්ජ වෙන තරමට.. සතුටු වෙන්න කියලා දේවල් ලංකරගන්න ලංකරගන්න ඒකෙන් ඇති වෙන්නේ දුකක්.. පොඩ්ඩක් හිතල බලන්න අපේ තාත්තලා අවුරුදු 20-30 අතර කාලේ හිටියා තරම් සතුටකින්ද අපි ඉන්නේ? අපිට මුකුත්ම ප්‍රශ්නයක් නැත්තන් ෆේස්බුක් එකේ හරි ප්‍රෂ්නයක් නේද?. අපිට අඩුම ගානේ අපි වෙනුවෙන් වැය කරන්නවත් වෙලාවක් තියනවද? අනුන්ගේ ඉත්තෝ වෙලා මුලුදවසම ඒ වෙනුවෙන් ගතකරනවා නේද?
    රෙප්5+
     

    Master Chity

    Member
    Oct 13, 2014
    19
    2
    0
    ඇත්ත කතාව. මම මේ ඊයේ පෙරේදා දවසක දැක්කා ලෝකේ ඉන්නා කවුදෝ ලොකුම ව්‍යාපාරිකයෙක් කියලා තියපු දෙයක්. ඒ මනුස්සයා කියන විදියට ඔහු ව්‍යාපාරික වැඩ කරන්නේ සතියට දවස් 3 ලු. ඉතිරි දවස් වල ඔහු කරන්නේ ගෙදර උදවිය එක්ක කාලේ ගෙවන එක කියලයි ඔහු කියන්නේ. ඔහුගේ සමාගම් වල වැඩ කරනා අයත් එහෙමලු. සතියේ වැඩ කරන දවස් තුනේ මහන්සි වෙලා වැඩ කරලා, අනික් දවස් හතරේ ගෙදර අය එක්ක නිදහසේ ඉන්නවා. ඔහු කියන විදියට ඔහු ලෝකේ ලොකුම සල්ලි කාරයෙක් වෙලා තියෙන්නෙත් එහෙම වැඩ කරලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සතුට තියෙන්නේ සල්ලි වල නම් නෙවෙයි.....
    මම සතුටු වෙන ක්‍රම අතලොස්සයි......
    මෙන්න මෙහෙම සංස්කෘත ශ්ලෝකයක් තියනවා...
    සංසාරස්‍ය විෂ වෘක්ෂස්ස - ද්වීහි අමා ඵලේ භවිත්
    සුභාවිත රසාවාද: - සදා සජ්ජන සමාගම:


    සංසාරය නම් විෂ වෘක්ෂයේ හට ගන්නේ අමා ඵල දෙකක් පමණි
    ඒ සුභාවිත රසාස්වාදයත්, සත් ජනයන් ඇසුරත් ය.
    මම ඔය දෙකම කරනවා.....
    ඉතිං මම සතුටින්.......:D
     
    • Like
    Reactions: Diya Rakus

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;17250212 said:
    හොඳ පෝස්ට් එකක්.. සතුට තියන්නේ ජීවිතේ අල්පේජ්ජ වෙන තරමට.. සතුටු වෙන්න කියලා දේවල් ලංකරගන්න ලංකරගන්න ඒකෙන් ඇති වෙන්නේ දුකක්.. පොඩ්ඩක් හිතල බලන්න අපේ තාත්තලා අවුරුදු 20-30 අතර කාලේ හිටියා තරම් සතුටකින්ද අපි ඉන්නේ? අපිට මුකුත්ම ප්‍රශ්නයක් නැත්තන් ෆේස්බුක් එකේ හරි ප්‍රෂ්නයක් නේද?. අපිට අඩුම ගානේ අපි වෙනුවෙන් වැය කරන්නවත් වෙලාවක් තියනවද? අනුන්ගේ ඉත්තෝ වෙලා මුලුදවසම ඒ වෙනුවෙන් ගතකරනවා නේද?
    රෙප්5+
    Thanks
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇත්ත කතාව. මම මේ ඊයේ පෙරේදා දවසක දැක්කා ලෝකේ ඉන්නා කවුදෝ ලොකුම ව්‍යාපාරිකයෙක් කියලා තියපු දෙයක්. ඒ මනුස්සයා කියන විදියට ඔහු ව්‍යාපාරික වැඩ කරන්නේ සතියට දවස් 3 ලු. ඉතිරි දවස් වල ඔහු කරන්නේ ගෙදර උදවිය එක්ක කාලේ ගෙවන එක කියලයි ඔහු කියන්නේ. ඔහුගේ සමාගම් වල වැඩ කරනා අයත් එහෙමලු. සතියේ වැඩ කරන දවස් තුනේ මහන්සි වෙලා වැඩ කරලා, අනික් දවස් හතරේ ගෙදර අය එක්ක නිදහසේ ඉන්නවා. ඔහු කියන විදියට ඔහු ලෝකේ ලොකුම සල්ලි කාරයෙක් වෙලා තියෙන්නෙත් එහෙම වැඩ කරලා.
    ඇයි බන් ලන්කාවෙ ධම්මික පෙරේරත් එහෙමයි සෙනසුරාද ඉරිදට ෆොන් එකෙත් ඕෆ් කරගෙන ඉන්නේ...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සතුට තියෙන්නේ සල්ලි වල නම් නෙවෙයි.....
    මම සතුටු වෙන ක්‍රම අතලොස්සයි......
    මෙන්න මෙහෙම සංස්කෘත ශ්ලෝකයක් තියනවා...
    සංසාරස්‍ය විෂ වෘක්ෂස්ස - ද්වීහි අමා ඵලේ භවිත්
    සුභාවිත රසාවාද: - සදා සජ්ජන සමාගම:


    සංසාරය නම් විෂ වෘක්ෂයේ හට ගන්නේ අමා ඵල දෙකක් පමණි
    ඒ සුභාවිත රසාස්වාදයත්, සත් ජනයන් ඇසුරත් ය.
    මම ඔය දෙකම කරනවා.....
    ඉතිං මම සතුටින්.......:D

    සු භා වි ත රසාස්වාදයත්
    Brushel_Thinking_2.gif
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඔයාට ඕව කල්පනා වෙන්නේ තවම දරුවෙක් මල්ලෙක් නැති නිසා. උන් එකෙක් දෙන්නක් පාත් උනාම බලන්නකෝ රගේ.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ow Ow umba wage hithana ewun wedi wena tharamata Lankawa develop wei. Meke godak inne 16-25 kollo, life eke stability ekakata awata passe nam ohoma hithuwata kamak na

    -rep
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ගොපල්ල අසනීප වුනාම ?
    අතක් පයක් කැඩුන ?
    කෝ සතුට ?
    මේ වගේ පණ්ඩිත ටෝක් දෙන්න ඕනෙ තරං උන් ඉන්නව..
    සල්ලි නෙමේ සතුට..
    ඔව්ව කියන්නෙ බිලියන ගනං මිලියන ගනං වත්කම් තියෙන උන්..
    සල්ලි නෙමේ සතුට කියන උන්ගෙ සතේටම හූරගෙන ගිහිං දාන්න ඕනෙ බස් එහෙකවත් එන්න බැරි හද්ද හිඟන අප්‍රිකානු ගමක් පැත්තට..
    සල්ලි තියෙනකොට සතුට නෑ..
    සල්ලි නැතුනාම දුකයි..