සතුට හඹායන ඔබව හඹා එන දුක

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සතුට හඹායන ඔබව හඹා එන දුක

    පෞද්ගලිකව මුහුණ දුන්න උන කාරණයක් නිසා මේ දේ ලියන්න හිතුවෙ. අපිට ජීවිතේ සමහර දේවල් අපි නොහිතන වෙලාවට නැති වෙනවා. ඒ දේවල් නැති උනාම අපිට දුක හිතෙනවා. ඒ ඇති වෙන දුක ගැන සහ ඒ දුක නැති කරලා හැමදාටම සතුටින් ඉන්න හැටි ගැනයි මේ කියන්නෙ. මුලින්ම කියන්නෙ මේ දේවල් මමත් 100%ක් ළඟාකරගෙන නැහැ නමුත් ළඟාකරගන්නට උත්සහ කරනවා.

    මම මේ මුලින්ම පෙන්නලා තියෙන්නෙ අපේ ජීවිතේ ගලා යන පාර. ඔය 'ඔබ' කියලා තියෙන බෝලෙ තමයි ඔයාව පෙන්නන්නෙ. අපිට ඔය පාර යනකොට දෙපැත්තෙන් ඕනම පැත්තකට බර වෙලා යන්න පුලුවන්. හැම මනුස්සයෙක්ම වගේ ඔබත් කැමති ඇති ඔය සතුට කියන පැත්තට කොහොම හරි බර වෙලා ඉස්සරහට යන්න. හරි ඉදිරි පැහැදිලි කිරීමට ඊළඟ රූපයට යමු.

    qH0hzEr.jpg


    මේ රූපෙන් පෙන්නන්නෙ ඔය පාර හරස්කඩක්. අපිට ඔය පාට පාට වලින් පෙන්නන ඕනම ස්ථානයක ඉඳන් ඉදිරියට යන්න පුලුවන්. ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නෙ ඔය රතුපාට තියෙන තැනින් ඉදිරියට යන්න. මොකද සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක් කැමතියි ගොඩාක් සතුටින් ඉන්න.

    pDwyKRx.jpg

    හැබැයි ඔය කියන තැන තියෙන්නෙ ටිකක් ඉහලින්. ඒ කියන්නෙ ඔබට නිරායාසයෙන් ඒ තැන‍ට යන්න බැහැ උත්සහ කරන්න වෙනවා. මහන්සි වෙන්න වෙනවා. දිවා රෑ නොබලා වැඩ කරන්න වෙනවා. ඒ හැමදේම කරලා තමයි ඔබ ඔය කියන සතුට ට ළං වෙන්නෙ. ඔබ වෙහෙස වෙලා වෙහෙස වෙලා 'කහ' පාට තැනට ලං වෙනකොට ඔබ ඊළඟට 'තැඹිලි' පාට ට ලං වෙන්න උත්සහ දරනවා. ඊට පස්සෙ රතුපාටට, ඔය වගේ නිතරම සතුටෙන් ඔබ සෑහීමකට පත් වෙන්නෙ නැහැ. ඔබ ගෙයක් හැදුවොත් ඊළඟට වාහනයක්, ඊළඟට පූල් එකක්, ඊළඟට අතට පයට වැඩකාරයො, ඊළඟට තමන්ගෙ බලය වර්ධනය කරගන්න.... ඔය වගේ අනේක විද උවමනා පියවරෙන් පියවර ඔබට ඇති වෙනවා. හැබැයි ඔබ මොහොතක් හොඳින් හිතුවොත් පෙනෙයි මේ සතුට හොයාගෙන යන ගමනේ ඔබ යම් අවස්ථාවක විඩාවට පත් වෙනවා.

    ඔබ සිතුවත් නොසිතුවත් අර අමාරුවෙන් ඉහලට ගෙනියපු ජීවිතය යම් ‍මොහොතක ආපසු පහතට කඩා වැටෙන්න පුලුවන්. එහෙම වැටෙන මොහොතක ඔබ ස්වභාවයෙන් අත්දැක ඇති ආකාරයටම 'නිල්' පාට තැනින් නතර වෙන්නෙ නැහැ. ඉහලින් අරගෙන ආපු ශක්තියත් එක්කම කෙලින්ම ඇදිලා යන්නෙ දුක පැත්තට. ඔබ සතුට හොයාගෙන ඉහලට නගින සෑම අවස්ථාවකම ඔබ විසින්ම ඔබව දුකට තල්ලු කරන්න බලයක්, විභවයක් ලබා දෙනවා.

    ඔයා මොකක් හරි දෙයක් ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න සෑම අවස්ථාවකම ඔබ ඔබේ හිතට දුකක් දැනෙන්න අවධානමක් ලබාදෙනවා. ඔබට අහිමි උන බලාපොරොත්තු නිසා ඔබ කොයි තරම් විඳවලා ඇති ද? ඔබ ලංකරගන්න උත්සහ කරපු දේවල් අහිමි වීම නිසා ඔබ කොයිතරම් දුක් විඳලා ඇත්ද? ඔබට මේ සියලු දුක් කරදර විඳින්න උනේ, මිරිඟුවක් පස්සෙ දුවලා විඩාවට පත් වෙන්න උනේ ඇයි? ඔබ සතුට සොයන්න ගියපු නිසා. ඔබ මේක ම‍ගේ, එයා මගේ, කිය කිය සතුට ළං කරගන්න උත්සහ කරපු නිසා.

    එහෙනම් ජිවිතේ ඉදිරියට දුකක්‍ නොවිඳින්න, දුකක් නැති වීමේ සතුට විඳින්න ඔයා කැමති නම් ජීවිතේ සතුට හොයනවා වෙනුවට, අනාගතය වෙනුවෙන් සතුට පස්සේ දුවනවා වෙනුවට ඔබ වර්තමානයේ ජීවත් වෙන්න. මගේ අයිතිය, මට, ම‍ගේ, මට විතරයි කියලා බදාගන්න බදාගන්න ඔබ නොදැනුවත්ව 'දුක' ඔබව බදාගන්නවා. ඒ නිසා ඔබ වර්තමානයේ කරන දේ කරන්න, අනාගතය ගැන සිතා හෝ අතීතය කරමත තියාගෙන හෝ සතුට ලං කරගන්න සතුට පස්සෙ දිවුවොත් නිසැකව ම ඔබ යම් අවස්ථාවක දුකට වැටෙනවා.

    මේ ලෝකෙ සතුට පස්සෙ ගිහින් සතුට හොයාගත්තු සදාකාලික සතුටක් ලබපු කෙනෙක් ඉන්නවා පෙන්නන්න කියලා මම ඔයාට අභියෝග කරනවා. එහෙම කෙනෙක් නැහැ. ඔබ ගොඩගහගන්න බලාපොරොත්තු, ඔබ රැස් කරන ධනය, ඔබ මගේ මගේ කියා ළඟන් තියාගන්න දෑ හැම දෙයක්ම ඔබට යම් අවස්ථාවක නැති වෙනවා. ඒ මොහොතේ ඔබ සිතින් බදා‍ගෙන ඉන්න දෑ කොච්චරද ඒ තරමටම ඔබට ඒවා අතෑරලා යන්න දුකයි. ඔයා ඔයාගෙ වස්තුව ධනය හිතින් බදාගෙන නැත්තම් ධනය නැති උනාට ඔයාට දුක හිතෙන්නෙ නැහැ.

    මතක තියාගන්න,

    බදාගන්නා තරමට දුක වැඩියි.
    හිමිකරගන්නා තරමට අහිමිවීම් වැඩියි.
    ළං කරගන්නා තරමට ඈත්වීම් වැඩියි.
    ගොඩනගාගන්නා තරමට බිඳවැටිම් වැඩියි.

    ගොඩනැගීම නවත්තන්න, බිඳවැටීම නවතීවි... :yes:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බදාගන්නා තරමට දුක වැඩියි.
    හිමිකරගන්නා තරමට අහිමිවීම් වැඩියි.
    ළං කරගන්නා තරමට ඈත්වීම් වැඩියි.
    ගොඩනගාගන්නා තරමට බිඳවැටිම් වැඩියි.
    :yes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මධ්‍යස්ථව ඉන්න කිවුවට එක පාර ඒක කරන්න අමාරුයි මචන් ඒකට ලේසිම වැඩේ තමයි හැම තප්පරේකම ඒ තප්පරේ ජීවත් වෙන එක. මොකද අපි හොඳට බැලුවොත් හැම වෙලේම ඉන්නෙ එක්කෝ අනාගතයේ සිදුවිය හැකි දෙයක් ගැන හිතමින්, නැත්තම් අතීතයේ උන දෙයක් ගැන හිතමින්. එක පාර කරන්න අමාරුයි. පුරුදු කරගෙන යනකොට ඔයාට තේරෙයි අපි අවුරුදු ගානක් මේ ලෝකෙ හිටියට මෙච්චර කල් ජීවත් වෙලා නැහැ කියලා.