සතොස පුද්ගලීකරණය කරයි
ලංකා සතොස ආයතනය පුද්ගලීකරණය කිරීමට රජය මේ වන විට පියවර ගෙන ඇත.
මේ යටතේ මුලින්ම ලංකා ස.තො.ස ආයතනය සතු තොග ගබඩා පුද්ගලීකරණය කෙරේ.
මේ තොග ගබඩා මුල් මාස තුන තුළදී ලංකා සතොස හා අදාළ පුද්ගලික ආයතනයේ සේවක දෙපාර්ශ්වය විසින්ම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබේ.
ඉන්පසු ක්‍රමයෙන් මිලදී ගැනුම් ඇතුළු සියලු කටයුතු අදාළ පුද්ගලික සමාගම වෙත පැවරීමට නියමිතය.
වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව ලංකා ස.තො.ස. බලධාරීන් විසින් සේවකයන් වෙත දන්වා ඇති අතර සේවකයන් විසින් මෙම පුද්ගලීකරණ ක්‍රියාවලියට දැඩි විරෝධය පළකර තිබේ.
මීට පෙරද ස.තො.ස. ආයතනය පුද්ගලීකරණය සිදු කෙරුණු අතර ඉන්පසු ස.තො.ස. ආයතනය වසා දමන්නට සිදුවිය.
නව ආයතනයක් ලෙස ලංකා ස.තො.ස. ආයතනය ආරම්භ කෙරුණේ ඉන් පසුවය.
මේ සම්බන්ධව විෂය භාර ඇමැතිවරයාගෙන් තොරතුරු විමසීමට "දිවයින ඉරිදා සංග්‍රහය" කිහිප වතාවක්ම උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ විය.
http://www.divaina.com/2016/02/14/news05.html