සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා ති&#351

dissagm

Member
Jun 17, 2012
882
131
0
සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා ති&#351

සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්... සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට, කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා, ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී.... මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය, දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු... ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු... මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ... පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා, හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා.... තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා... මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා.... මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා උපුටා ගැනීමකි >ජනවහර( FB)
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ආච්චිගේ රෙද්ද තමයි අනේ පලයන් බන් යන්න බොරු කතා නොකියා :angry::angry:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා
    :( :(
     
    • Like
    Reactions: dissagm

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,537
    1,818
    113
    ලංකාවෙ අඩා...!
    මේ සින්දුව අහද්දි තේරෙනව මොනවහරි අටමගලක් වෙලා තියනව කියල..ඒත් ඉතින් මෙලෝ බෝලයක් තේරුන්නෑ....

    ඒත් මේ link එකේ තියන තේරුම ඕකට වඩා මට හරී වගේ හිතෙනවා..

    http://real-meanings.blogspot.com/2012/01/sandakada-pahanaka-katayam-opala-sunil.html

    සැර හොඳටම බාල වෙලා..පොර මේ ගීතය අඩංගු චිත්‍රපටිය බලල ලියල තියෙන්නෙ..
    ඒත් අපිට ඕන තේරුමක් හිතාගන්ට නිදහස තියනවා...ඒක තමා සාහිත්‍ය රසවින්දනය..
    පද-වොලී නානායක්කාර
    සංගීතය-වික්ටර් රත්නායක
    මං දන්න විදිහට සුනිල් එදිරිසිංහගෙ පලවෙනි සින්දුව....
    බොහෝම ස්තූතියි!
     
    Last edited:

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    මේ සින්දුව අහද්දි තේරෙනව මොනවහරි අටමගලක් වෙලා තියනව කියල..ඒත් ඉතින් මෙලෝ බෝලයක් තේරුන්නෑ....

    ඒත් මේ link එකේ තියන තේරුම ඕකට වඩා මට හරී වගේ හිතෙනවා..

    http://real-meanings.blogspot.com/2012/01/sandakada-pahanaka-katayam-opala-sunil.html

    සැර හොඳටම බාල වෙලා..පොර මේ ගීතය අඩංගු චිත්‍රපටිය බලල ලියල තියෙන්නෙ..
    ඒත් අපිට ඕන තේරුමක් හිතාගන්ට නිදහස තියනවා...ඒක තමා සාහිත්‍ය රසවින්දනය..
    පද-වොලී නානායක්කාර
    සංගීතය-වික්ටර් රත්නායක
    මං දන්න විදිහට සුනිල් එදිරිසිංහගෙ පලවෙනි සින්දුව....
    බොහෝම ස්තූතියි!
    ado therum 2ke patta wenasak tiyanawane ban
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,537
    1,818
    113
    ලංකාවෙ අඩා...!
    ado therum 2ke patta wenasak tiyanawane ban

    ඔව් බං....
    මෙන්න ඒ තේරුම....
    මේ link එකෙන් ගත්තෙ..

    http://real-meanings.blogspot.com/2012/01/sandakada-pahanaka-katayam-opala-sunil.html

    සඳකඩ පහණක.................අරුත් සරු ගීයකි!

    හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්‍රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟු තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්‍රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය.
    ගීත කලාව පිළිබඳව උනන්දුවක් ඇති වූ අවධියේ සිටම මේ ගීතයේ අරුත් පාදා ගැනීමට මා කළ උත්සාහය සඵල වූයේ දිගු කලකට පසුවය. මා මේ පිළිබඳව මට වඩා දැන උගත් විවිධ පුද්ගලයන්ගෙන් විමසන ලදුව පිළිතුරු ලෙස ලැබුණු විවිධ අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය. කිසියම් නිර්මාණයක රසය තම තමන් රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකි වුව ද එකී අරුත් දැක්වීම් පිළිබඳව සෑහීමකට පත් නොවීමි. විවිධ පුද්ගලයන් මෙය අරුත් සුන් පද රචනයක් ලෙස බැහැර කරන්නට දැරූ උත්සාහයන් ද වරින් වර දැකගත හැකි විය. එහෙත් පසු කලෙක චිත්‍රපටය නැරැඹූ පසු, මඳක් සංකීර්ණ වුව ද, 'සඳකඩපහණක' ගීතය, චිත්‍රපටයෙහි අන්තර්ගතය හා මනා ලෙස ආබද්ධ වූ පරිපූර්ණ 'අරුත් පුන්' ගේය පද රචනයක් බව අපට පිළිගත හැකි විය. මාතර ආච්චි චිත්‍රපටය දිගු කලක් අස්ථාන ගතව තිබීම ද මෙම ගීයෙහි අරුත සපුරා වටහා ගැනීමට කිසියම් බාධාවක්ව පවතින්නට ඇතැයි සිතිය හැකිය.

    මෙම චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි. තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වෙයි. තරුණියට ද අකමැත්තෙන් වුව ද එයට එකඟ වන්නට සිදුවෙයි. කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීයට කැටිවෙයි.


    සඳකඩපහණක කැටයම් ඔපලා

    පාවෙන දේදුනු ලැගුම් ගනී

    කැළැතුණු රසයක පැන ආ බුබුළක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ


    සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.


    යුගයෙන් යුගයට නොමියෙන දහමක

    දිවියක පදනම මතුවෙද්දී

    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකූළක් මැළවෙද්දී


    ප්‍රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්‍රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.

    එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.


    දහසක් පෙති මත රහසක් කොඳුරා

    තුඩින් තුඩට ගෙන යන බිංදු

    ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
    පොපියන දෙතොළක් එහි කැන්දූ

    අහසක් ගුගුරා කළුවක් වපුරා
    ඒ හා මුහුවන වැහි බිංදු
    ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
    තවෙකෙක් ඈ වෙත හද රැන්දූ


    මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්‍රේමවන්තයා ද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.

    කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.


    හද විල ඉපැදුණු කැකුළක් නොකලට

    නටුවෙන් ගලවා දුරක යවා

    මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
    සත් සමුදුරකට මුහුව ගියා

    ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
    එක්ටැම් මැඳුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටියි බලා


    ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත. පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.

    මේ අනුව 'සඳකඩපහණක' ගීතය අරුත් සුන් ගීයක් නොව 'අරුත් පුන්' ගීයක් වන්නා සේම එය දුලබ ගේය පද රචනයක් ද බව අපේ හැඟීමයි. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩපහණකි.

    අකුරු වැලක් දෙහදක ලියැවේ කියන කෑල්ලෙන් හැගෙනව වගේ මේක ආදර කතාවක් කියලා....
    ඒත් මේකෙ පද බරපතලයි කියල හිතෙනව ආදර කතාවකට වඩා...
    මේ link එකේ comment section එක බලපංකො උඹ දාපු තේරුමත් තියනව දාලා..
    මට නං හිතෙන්නෙ උඹ දාපු තේරුම මේ සින්දුව තියන "මාතර ආච්චි" චිත්‍රපටියේ තේමාවට ගැළපුන්නැතත් ඒ ගීතය වෙනම අහද්දි ගැළපෙනව කියල..පද,ගායන විලාසෙ,සංගීතය තුල නිකං ආදර කතාවකට වඩා ලොකු,බරපතල කතාවක් කියන්ට දගලනව කියලයි තේරෙන්නෙ..

     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,784
    113
    එක තැනක නෑ
    මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා
    :( :(

    :( :(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    good post

    PeFZnQv.gif
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ස්තුතියි යාළුවේ. තවත් මේ වගේ ඒවා දාන්න අපේ රස වින්දනය දියුණු වෙන්න.