අරගලේ රනිල් ආවට පස්සෙ නිහඬ උනේ ඒකෙ හිටපු මැද පාංතිකයො ටික, අනිත් අයට උවමනාව තිබ්බත් පිරිස් බලයෙ අඩුකම නිසා මුකුත් කරන්න බෑ. මැද පාංතිකයො ටික සද්ද වහනව කියන්නෙ කේස් ක්ලෝස්ඩ් වගේ තමා.
හේතුවක් අරගලයට ලොකු ක්‍රියාකාරී දායකත්වයක් දුන්නා මැද පාංතිකය. ඕක පිළිවෙලකට ඇදන් යන්න ලොකු හේතුවක් උනේ ඒ අය. මැද පාංතික තක්කඩිකම් විවේචනය කරන කරමින් උනත් මේ ගැන ගෞරවය දිය යුතුයි. හේතුව ඉතින් සාපේක්ෂව ලැබිල තියෙන ආර්ථික පහසුව හැකියාව නිසා හැඟීම් වලින් වියුක්ත වෙලා වැඩ කරන්න යම් වරප්‍රසාදිත තත්ත්වයක් මැද පාංතිකයන් සතුව තිබීම.
අනිත් කාරනේ අරගලය කාලෙ ඉඳලම කිව්වා. යමෙක් මැද පාංතික, සිංහල ඩිමොග්‍රැෆියෙන් පිට නම් ඉන්නෙ නම් එයාගෙ ගැටලුව සමාජය සහ රාජ්‍යය විසින් සීරියස් ගන්න තියෙන ප්‍රවණතාවය සෑහෙන්න අඩුයි. ගෘහ සේවිකාව, රජරට ගොවියා, දෙමළා, තේ කම්කරුවා, ගාමන්ට් කෙල්ල - මුන්ගෙ ගැටලු ඇත්ත ගැටලු නෙමේ. අරගලයෙ පවා ආරක්ෂක අංශ විසින් තුවක්කු කොකා ගැස්සුවෙ කොළඹින් පිට බව මතක් කරගන්න. ඒ කාලෙම අපි කිව්වා you fucked with the wrong generation කියද්දි එතන ඇත්තම අදහස උනේ you fucked with the middle class කියන එක බව. ජෙනරේෂන් එක නෙමේ වෙනස ලංකාවෙ ගොඩ කාලෙකට පස්සෙ සිංහල මැද පාංතිකයන්ට තරහ යන වැඩ ටිකක් සිද්ද වෙලා පාරට බැස්සා.
මැද පාංතිකය අතේ තමයි ලංකාවෙ දිශානතිය තීරණය කරන වැඩේ තියෙන්නෙ. මුන්ට තෙල්, විදුලිය, ඔන්ලයින් බඩු ගෙන්නගන්න අවකාශය තියන තාක්කල් රටේ කොයිතරම් ස්ට්‍රක්චරල් ගැටලු තිබ්බත් අපිට පුකද වගේ ඉන්න මාර හැකියාවක් තියෙනව. මුන්ට එහෙම ආතල් එකේ ඉන්න ඉඩ හදල දෙන්නෙත් මුන් විසින් නොසලකා හැරෙන අර පහළ පාන්තික අපනයන කර්මාන්ත සේවකයාම තමයි.