ශ්රී ලාංකික මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස සමය අදින් ආරම්භ වනවා. පසුගිය 05 වනදා නව සඳ දැක ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (07) දිනයේ සිට මෙලෙස රාමසාන් උපවාසය ආරම්භ කිරීමට කොළඹ මහපල්ලිය තීරණය කර ඇති අතර ඉස්ලාමීය ආගමික උත්සව අතර ප්රමුඛතම උත්සවය ලෙස ලොව පුරා මුස්ලිම්වරුන් රාමසාන් සමරනු ලබනවා.
කෙසේ වෙතත් අද (07) ආරම්භ වන රාමසාන් උපවාස මාසයේදී ඉස්ලාම් දේවස්ථාන තුල ශබ්ද විකාශන යන්ත්ර භාවිතා කිරීම සඳහා සීමා පනවා තිබෙනවා. මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එම්.ආර්.එම්. මලික් මහතා සඳහන් කරන්නේ පිටතට ශබ්දය නොඇසෙන සේ ශබ්ද විකාශණ යන්ත්ර ක්රියාත්මක කරන ලෙස සියළු ඉස්ලාම් දේවස්ථානවලට දැනුම් දී ඇති බවයි.
එසේම රාමසාන් උපවාසය නිමා කිරීමෙන් අනතුරුව රාති්ර කාලයේ දේවස්ථාන තුළ පවත්වන ආගමික කටයුතුද ඉතා කෙටි කරන ලෙසද ඉස්ලාම් දේවස්ථාන වලට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
Neth news