සදාකාලික සැපය ලැබීමට

Kalyanamitta

Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    වරෙක උදායි තෙරණුවන් විසින් සැරියුත් තෙරණුවන් ගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ “විඳගන්නා සුවයක් නැත්නම් නිර්වාණයෙහි කවර සැපතක් පවතීද?” යන්නයි. එයට සැරියුත් තෙරණුවන්ගේ පිළිතුර වූයේ “යම් හෙයකින් මෙම නිවනෙහි විඳීමක් නැත්තේද එහි සුවය එයම වේය” යන්නයි.

    නිර්වාණය සියලුම සංස්කාරයන්ගේ සන්සිඳීමෙන් ලැබිය යුතු වූ අවේදයිත සුවයකි. වේදයිත, අවේදයිත සුඛ දෙකෙහි වෙනස කෘෂ්ඨ ‍රෝගී උපමාවක් මඟින් පැහැදිලි කොට තිබේ. කුෂ්ඨ රෝගියා කැසීමෙන් හා ගින්නෙන් තැවීමෙන් මොහොතක සුවයක් ලබයි. ඒ සුවයම දැවීම් ආදිය ඇතිවීමෙන් පසුව දුකට පත්වේ. මෙවිට ඔහු රෝගය සුවවීමට අදාළ බෙහෙතක් භාවිත කිරීමෙන් එය සුවකර ගතහොත් එයින්ම ශාන්ත සුවයක් විඳියි. මෙම කුෂ්ඨ රෝගියා මුලින් විඳි සුවය වේදයිත සුවයයි. පසුව ලැබූ සුවය සන්සිඳීමේ සුවයයි. සත්වයා පස්කම් සුව විඳ තාවකාලික සුවයක් ලබයි. එහෙත් නිවන් සැප විඳ එවැනි තාවකාලික සුවයක් නො ලබයි. එය හුදෙක් දුක් සන්සිඳීමේ සුවයක් වන හෙයිනි.

    https://www.budusarana.lk/budusarana/2014/02/06/PrintPage.asp?REF=vision01
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,579
    113
    ඔය කියන සංස්කාරයෝ, නිත්‍ය අනිත්‍ය බව, කාලය, මූලධර්ම... ඕවා මිනිස්සු ගොඩ නගන සංකල්ප. මිනිස් සංහතිය සදාකාලිකයි කියලා ගත්තොත් ඔය මූලධර්ම සදාකාලික වේවි.

    ඒක තමයි කියන්නේ වචන වල අවුල කියලා. සැපය කියන වචනය බිඳෙන්නේ සුඛ කියන යෙදුමෙන්. සුඛ කියන්නේ වේදනාවක්, විඳීමක්. ඒකට නිවීම කියලා පර්යාය අර්ථ දීලා තියෙන ශබ්ධකෝෂයක් කොහෙද තියෙන්නේ?
    ------ Post added on Apr 5, 2023 at 11:09 PM
    Eka hari.mata podi prashnayak tiyenawa nirodha wima kiyana eke.me loke kisima dekata athurudahan wela yanna wenna be.e kiyanne athurudahan wela yanna bene.walakulak nan watura wela atom wenna one.atomuth nethi wenna bene.e point eken tamai man sadakalikay kivve.
     
    • Like
    Reactions: Lovtus

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    ඔතන තියෙන්නේ වචන වල අවුලක් නේ. පුද්ගලයෙක් ගෙන් ස්වායත්තව වාස්තවිකව ගන්න පුළුවන් සැපය කියලා දෙයක් නැහැනේ. නිවනේදී පුදගලයා නිරුද්ධ නම් සැපයක් කොහෙද තියෙන්නේ?
    මෙතැනදී කියන සැප කියන එක අපි දන්න (ලෞකික) සැප නෙවෙයි, දුක් සහිත දේ වලින් අයින් වෙන එකේ සැප.
    විඳින කෙනෙක් ඉන්නවනම් ආපහු සංකත දේවල් වල තියන දුක තියනවා මොකද විඳින කෙනෙක් ඉන්නවනම් අඩුම ගානේ ඉන්නේ කෙනා අනිත්‍ය වෙනවා (සබ්බේ සංඛාරා අනිච්චාති).එක නිසා විඳින්න කෙනෙක් ඉන්දැද්දී සදාකාලික සැපක් තියෙන්නේ බැහැ.

    (විඳින කෙනෙක් නැත්නම්, දැනෙන්න කෙනෙක් නැත්නම් ලැබෙන සැපෙන් වැඩක් නැහැ කියල අපිට හිතෙන්නේ අපේ තියන ආත්ම දෘශ්ටිය නිසා කියල මට හිතෙනවා.)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වරෙක උදායි තෙරණුවන් විසින් සැරියුත් තෙරණුවන් ගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ “විඳගන්නා සුවයක් නැත්නම් නිර්වාණයෙහි කවර සැපතක් පවතීද?” යන්නයි. එයට සැරියුත් තෙරණුවන්ගේ පිළිතුර වූයේ “යම් හෙයකින් මෙම නිවනෙහි විඳීමක් නැත්තේද එහි සුවය එයම වේය” යන්නයි.

    නිර්වාණය සියලුම සංස්කාරයන්ගේ සන්සිඳීමෙන් ලැබිය යුතු වූ අවේදයිත සුවයකි. වේදයිත, අවේදයිත සුඛ දෙකෙහි වෙනස කෘෂ්ඨ ‍රෝගී උපමාවක් මඟින් පැහැදිලි කොට තිබේ. කුෂ්ඨ රෝගියා කැසීමෙන් හා ගින්නෙන් තැවීමෙන් මොහොතක සුවයක් ලබයි. ඒ සුවයම දැවීම් ආදිය ඇතිවීමෙන් පසුව දුකට පත්වේ. මෙවිට ඔහු රෝගය සුවවීමට අදාළ බෙහෙතක් භාවිත කිරීමෙන් එය සුවකර ගතහොත් එයින්ම ශාන්ත සුවයක් විඳියි. මෙම කුෂ්ඨ රෝගියා මුලින් විඳි සුවය වේදයිත සුවයයි. පසුව ලැබූ සුවය සන්සිඳීමේ සුවයයි. සත්වයා පස්කම් සුව විඳ තාවකාලික සුවයක් ලබයි. එහෙත් නිවන් සැප විඳ එවැනි තාවකාලික සුවයක් නො ලබයි. එය හුදෙක් දුක් සන්සිඳීමේ සුවයක් වන හෙයිනි.

    https://www.budusarana.lk/budusarana/2014/02/06/PrintPage.asp?REF=vision01
    "නිබ්බානං පරමං සුඛං" කියන තැන සැපය කියන්නේ "දුක් නැති" කියන අර්ථයෙන් මිසක් පවතින සැපයක් ගැන නෙමෙයි. දැන් අඳුරක් නැහැ කිවුවාම අපි ඒක ආලෝකයක් විදියට තේරුම් ගන්නේ විරුද්ධාර්ථ ස්වරූපය නිසයි. අපේ මනසට සහ ඉන්ද්‍රියයන්ට ගෝචර වෙන්නේ ඔය දෙක නිසා. ඒත් අඳුර නැති තැන අනිවාර්ය ආලෝකය තිබෙනවා කියලා දෙයක් නැහැ. සමහර විට අඳුර නැත කිවුවම ආලෝකය ඇත වෙන්නත් පුළුවන්. ඒක අපේ ඉන්ද්‍රිය වලට ගොචරයි. සමහර විට අඳුර නැත කිවුවම අඳුර ද නැත, ආලෝකය ද නැත වෙන්න පුළුවන්. ඒක අපේ ඉන්ද්‍රිය වලට ගෝචර නෑ. නිබ්බානං පරමං සුඛං කිවුවේත් ඒ වගේ දෙයක්. හරිනම් ඕක තේරුම් ගන්න ඕනේ දුක ද නැති සැප ද නැති විදියට. ඒක තමයි නිවන. ඉන්ද්‍රිය ගෝචර නෑ. ඒ කිවුවේ ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් සංකල්ප ගොඩනගන අපිට සාපේක්ෂව නිවන කියලා දේකට අර්ථයක් නෑ

    Eka hari.mata podi prashnayak tiyenawa nirodha wima kiyana eke.me loke kisima dekata athurudahan wela yanna wenna be.e kiyanne athurudahan wela yanna bene.walakulak nan watura wela atom wenna one.atomuth nethi wenna bene.e point eken tamai man sadakalikay kivve.
    මෙතෙක් මිනිස්සු දැනගෙන තියෙන ඉහලම විද්‍යාවට අනුව ජීව, අජීව, පධාර්ථ යන මේ සියල්ලක් ම එකම ශක්තියක අවස්ථා. මේ අවස්ථා පරිවර්ථනය තමයි සිදුවෙන්නේ. විද්‍යාව ට අනුව විශ්වයේ ශක්තිය නියතයක්. ශක්ති හානියක් වෙන බවක් සොයාගෙන නෑ. එහෙම ශක්ති හානියක් පිළිගත්තොත් ඒක විශ්වයේ පැවැත්මට විශාල අභියෝගයක් වෙනවා. ඒත් බුදු දහමේ එන නිවන කියන එක ශක්ති හානියක්. නිවන විශ්ව නියාමයට ඉඳුරා පටහැණියි. ඒක තමයි මාර සංකල්පයෙන් නියෝජනය කරන්නේ. එහෙම බැලුවොත් විශ්ව නියාමය හෙවත් ස්වභාව ධර්මය සචේතනික යි.
    ------ Post added on Apr 5, 2023 at 11:36 PM

    (විඳින කෙනෙක් නැත්නම්, දැනෙන්න කෙනෙක් නැත්නම් ලැබෙන සැපෙන් වැඩක් නැහැ කියල අපිට හිතෙන්නේ අපේ තියන ආත්ම දෘශ්ටිය නිසා කියල මට හිතෙනවා.)
    සැපෙන් වැඩක් නෑ කියලා නෙමෙයි කියන්නේ. සැපයක් නෑ කියල කියන්නේ. ආයෙමත් කිවුවොත් පුද්ගලයෙකු ගෙන් ස්වායත්තව වාස්තවිකව පවතින සැපයක් නෑ. සැපය කියන්නේ දැනීමක් විනා ශක්තියක් හෝ පදාර්ථයක් නොවෙයි.
    ------ Post added on Apr 5, 2023 at 11:41 PM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113

    මෙතෙක් මිනිස්සු දැනගෙන තියෙන ඉහලම විද්‍යාවට අනුව ජීව, අජීව, පධාර්ථ යන මේ සියල්ලක් ම එකම ශක්තියක අවස්ථා. මේ අවස්ථා පරිවර්ථනය තමයි සිදුවෙන්නේ. විද්‍යාව ට අනුව විශ්වයේ ශක්තිය නියතයක්. ශක්ති හානියක් වෙන බවක් සොයාගෙන නෑ. එහෙම ශක්ති හානියක් පිළිගත්තොත් ඒක විශ්වයේ පැවැත්මට විශාල අභියෝගයක් වෙනවා. ඒත් බුදු දහමේ එන නිවන කියන එක ශක්ති හානියක්. නිවන විශ්ව නියාමයට ඉඳුරා පටහැණියි. ඒක තමයි මාර සංකල්පයෙන් නියෝජනය කරන්නේ. එහෙම බැලුවොත් විශ්ව නියාමය හෙවත් ස්වභාව ධර්මය සචේතනික යි.
    ------ Post added on Apr 5, 2023 at 11:36 PM
    මෙතෙක් තියෙන ඉහලම විද්‍යාවට අනුවත් තියනව singularity/singularity point, ඵතනදි ඔය විශ්වයේ ශක්තිය නියතයක් කියන බයිල වැලිඩ් නැ. කෙටියෙන් කිවේ ඔන්නන් deep search කරල බලන්ඩ
     
    • Haha
    Reactions: Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    තෘෂ්ණාව නැති කලාම හේතු නිසා පවතින තත්වයෙන් මිදෙනවා මිසක් නිවන තෘෂ්ණාව නැති කලහම අලුතෙන් ඇති වෙන දෙයක් නෙවෙයි.
    ඉතින් ඒක නෙවෙයි ද නිවන කියන්නේ ?

    හේතු නිසා හටගත්ත දේවල් වලින් සදාකාලික සැපයක් ලබාගන්න බැරි නම් ඒ දුකට (සදාකාලික සැපයක් ලබාගන්න බැරි දුකට ) හේතු වෙන දේවල් වලින් (සංකත දේවලින්) මිදෙන එක සැපයි. එතනින් අයින් උනහම ඇති වෙන තත්වය (නිවන) අසන්කත නිසා සදකාලික සැපයක් වෙනවා.
    සදාකාලික දුක නැති කිරීම කියන්නේ සදාකාලික සැපක් නෙවෙයි නේ . ඒක නැති කිරීම මිසක් තව දෙයක් දිගින් දිගට ලබාගැනීමක් නෙවෙයි.

    සදාකාලික දුක නැතිකරල , පැවැත්මක් නැති තැන තව සදාකාලික වෙන සැපක් කාටද තියෙන්නේ ?

    සදාකාලික සැපක් , නිත්‍ය සැපක් ගැන කතා කරන්නේ ජෛන ආගමේ නේ.
    බුදුදහමේ තියෙන්නේ පරම සැපක් මිසක් නිත්‍ය/සදාකාලික සැපක් නෙවෙයි.
    ------ Post added on Apr 6, 2023 at 4:53 AM
     
    Last edited:

    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    ඉතින් ඒක නෙවෙයි ද නිවන කියන්නේ ?

    සදාකාලික දුක නැති කිරීම කියන්නේ සදාකාලික සැපක් නෙවෙයි නේ . ඒක නැති කිරීම මිසක් තව දෙයක් දිගින් දිගට ලබාගැනීමක් නෙවෙයි.

    සදාකාලික දුක නැතිකරල , පැවැත්මක් නැති තැන තව සදාකාලික වෙන සැපක් කාටද තියෙන්නේ ?

    සදාකාලික සැපක් , නිත්‍ය සැපක් ගැන කතා කරන්නේ ජෛන ආගමේ නේ.
    බුදුදහමේ තියෙන්නේ පරම සැපක් මිසක් නිත්‍ය/සදාකාලික සැපක් නෙවෙයි.
    ------ Post added on Apr 6, 2023 at 4:53 AM

    සැම කල්හි ඇත්තා වූ, දිරීමක් නැත්තා වූ, බිඳීමක් නැත්තා වූ, ලෝකෝත්තර මාර්ග ඥානයෙන් ම ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැකිය යුතු වූ ලෝකෝත්තර වූ පරම සුඛ ස්වභාවය නිර්‍වාණ නම් වේ.

    https://pitaka.lk/books/abhidharma-margaya/7-11.html

    "නිබ්බානං පරමං සුඛං" කියන තැන සැපය කියන්නේ "දුක් නැති" කියන අර්ථයෙන් මිසක් පවතින සැපයක් ගැන නෙමෙයි. දැන් අඳුරක් නැහැ කිවුවාම අපි ඒක ආලෝකයක් විදියට තේරුම් ගන්නේ විරුද්ධාර්ථ ස්වරූපය නිසයි. අපේ මනසට සහ ඉන්ද්‍රියයන්ට ගෝචර වෙන්නේ ඔය දෙක නිසා. ඒත් අඳුර නැති තැන අනිවාර්ය ආලෝකය තිබෙනවා කියලා දෙයක් නැහැ. සමහර විට අඳුර නැත කිවුවම ආලෝකය ඇත වෙන්නත් පුළුවන්. ඒක අපේ ඉන්ද්‍රිය වලට ගොචරයි. සමහර විට අඳුර නැත කිවුවම අඳුර ද නැත, ආලෝකය ද නැත වෙන්න පුළුවන්. ඒක අපේ ඉන්ද්‍රිය වලට ගෝචර නෑ. නිබ්බානං පරමං සුඛං කිවුවේත් ඒ වගේ දෙයක්. හරිනම් ඕක තේරුම් ගන්න ඕනේ දුක ද නැති සැප ද නැති විදියට. ඒක තමයි නිවන. ඉන්ද්‍රිය ගෝචර නෑ. ඒ කිවුවේ ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් සංකල්ප ගොඩනගන අපිට සාපේක්ෂව නිවන කියලා දේකට අර්ථයක් නෑ

    මෙතෙක් මිනිස්සු දැනගෙන තියෙන ඉහලම විද්‍යාවට අනුව ජීව, අජීව, පධාර්ථ යන මේ සියල්ලක් ම එකම ශක්තියක අවස්ථා. මේ අවස්ථා පරිවර්ථනය තමයි සිදුවෙන්නේ. විද්‍යාව ට අනුව විශ්වයේ ශක්තිය නියතයක්. ශක්ති හානියක් වෙන බවක් සොයාගෙන නෑ. එහෙම ශක්ති හානියක් පිළිගත්තොත් ඒක විශ්වයේ පැවැත්මට විශාල අභියෝගයක් වෙනවා. ඒත් බුදු දහමේ එන නිවන කියන එක ශක්ති හානියක්. නිවන විශ්ව නියාමයට ඉඳුරා පටහැණියි. ඒක තමයි මාර සංකල්පයෙන් නියෝජනය කරන්නේ. එහෙම බැලුවොත් විශ්ව නියාමය හෙවත් ස්වභාව ධර්මය සචේතනික යි.
    ------ Post added on Apr 5, 2023 at 11:36 PM

    සැපෙන් වැඩක් නෑ කියලා නෙමෙයි කියන්නේ. සැපයක් නෑ කියල කියන්නේ. ආයෙමත් කිවුවොත් පුද්ගලයෙකු ගෙන් ස්වායත්තව වාස්තවිකව පවතින සැපයක් නෑ. සැපය කියන්නේ දැනීමක් විනා ශක්තියක් හෝ පදාර්ථයක් නොවෙයි.
    ------ Post added on Apr 5, 2023 at 11:41 PM

    https://pitaka.lk/dict/
    ------ Post added on Apr 6, 2023 at 6:46 AM
     
    Attachments

    • 20230406_054935.jpg
      20230406_054935.jpg
      70.6 KB · Views: 62
    • Like
    Reactions: nalaka526

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නිර්වාණය කියන්නෙ අවේදයිත සුඛයක්. ඒ කියන්නේ නිවන ලැබීම නිසා අමුතුවෙන් ලැබෙන්නා වූ සුඛයක් නැහැ. නිවන ලැබීමත් සමග එතෙක් තිබූ දුක්ඛයන්ගෙ අහෝසිවීමම සැපයක්. නිවන කියන එක "කොහේ හරි තැනක තියෙන දෙයක්" කියන එක වර්ථමාන දුර්මතයක්. නිර්වාණ ධාතුව තියනවා කියන්නේ, භාවනා යෝගියෙකුට සාර්ථකව භාවනා කලොත් නිවන යනුවෙන් නිර්වචනය කරන ලද අත්දැකීමක් ලබන්න පුලුවන් කියන එක. ඒ ඇරෙන්න නිවන තවත් භවයක් කරගෙන කොහේ හරි තියන ගුප්ත දෙයක් නෙමෙයි.

    අපේ (සාංසාරික සත්වයාගේ) පුරුද්දක් තියනවා අත්දැකීමෙන් දේවල් පනවා ගන්න. නමුත් නිවන කියන්නෙ තවදුරටත් "දේවල්" නොපනවාගන්නා තත්වයක්. දේවල් පනවාගන්නෙ නැහැ කියන්නෙ අත්දැකීමක් නැති වෙලා නෙමෙයි. එතනින් අදහස් කරන්නේ අත්දැකීමට සාපේක්ෂව අත්දකින දෙයකුත්, අත්දකින දෙයකට සාපේක්ෂව අත්දකින කෙනෙකුත් සකස් නොවීමයි. ඉතින් නිර්වාණ ධාතුවක් ඇත කියන්නෙ ඔය අර්ථයෙන්. අත්දැකීමක් ලබන්න පුලුවන් නමුත් ඒ අත්දැකීම දෙයක්, තැනක්, විදිහට පනවා නොගැනෙන ස්වාභාවයක් තමා ඒ අත්දැකීම තුල තියෙන්නෙ.

    මේබඳු තත්වයක් ගැන ත්‍රිපිටකය පුරාම සඳහන් වෙනවා. පහත තියෙන්නෙ ඉන් එක තැනක්.

    Then Venerable Ānanda went up to the Buddha, bowed, sat down to one side, and said to him:

    “Could it be, sir, that a mendicant might gain a state of immersion like this? They wouldn’t perceive earth in earth, water in water, fire in fire, or air in air. And they wouldn’t perceive the dimension of infinite space in the dimension of infinite space, the dimension of infinite consciousness in the dimension of infinite consciousness, the dimension of nothingness in the dimension of nothingness, or the dimension of neither perception nor non-perception in the dimension of neither perception nor non-perception. And they wouldn’t perceive this world in this world, or the other world in the other world. And yet they would still perceive.”

    It could be, Ānanda...................And yet they would still perceive.”

    “But how could this be, sir?”

    “Ānanda, it’s when a mendicant perceives: ‘This is peaceful; this is sublime—that is, the stilling of all activities, the letting go of all attachments, the ending of craving, fading away, cessation, extinguishment.’
    - සමාධි පටිලාභ සූත්‍රය

    ඕක ගැන ඕනෙ නම් තව කතාකරන්න පුළුවන්. භාවනා යෝගීන් ඔය කියන තැනට ලංවෙන කොට බයවෙනවා තැති ගන්නවා. අනේ මේ හොඳට ඉන්න මම නැතිවෙනවා නේද කියලා සෝකයට පත්වෙනවා. හැබැයි ඒ බයට සෝකයට පත්වෙන්නේ කිසිම අරමුණක් නැතිව ගිහින් නෙමෙයි. ලබන ලබන අරමුණු තුල "මමය මගේය මගේ ආත්මයය" කියලා රඳන්න පිහිටන්න ප්‍රතිෂ්ඨාවක් නොලදීම මයි බයට සෝකයට හේතු වෙන්නේ. ඉතින් නිර්වාණ ධාතුවක් ඇත කියන්නෙ "ඉහත ආකාරයට අත්දකින්න පුලුවන් බවක්" තිබීම මයි. එහෙම නැතිව වාස්තවික යථාර්තයක් නෙමෙයි.
     
    • Love
    • Like
    Reactions: NRTG and nalaka526

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,579
    113
    Kotchara mama nethi karath.vinchnayata pihitanna tanak nethi karath methana kriyawaliyak sidda wenawane.ahata rupa pena eka nawatineth ne,sadda ahena eka nawatineth ne
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අපේ (සාංසාරික සත්වයාගේ) පුරුද්දක් තියනවා අත්දැකීමෙන් දේවල් පනවා ගන්න. නමුත් නිවන කියන්නෙ තවදුරටත් "දේවල්" නොපනවාගන්නා තත්වයක්. දේවල් පනවාගන්නෙ නැහැ කියන්නෙ අත්දැකීමක් නැති වෙලා නෙමෙයි. එතනින් අදහස් කරන්නේ අත්දැකීමට සාපේක්ෂව අත්දකින දෙයකුත්, අත්දකින දෙයකට සාපේක්ෂව අත්දකින කෙනෙකුත් සකස් නොවීමයි. ඉතින් නිර්වාණ ධාතුවක් ඇත කියන්නෙ ඔය අර්ථයෙන්. අත්දැකීමක් ලබන්න පුලුවන් නමුත් ඒ අත්දැකීම දෙයක්, තැනක්, විදිහට පනවා නොගැනෙන ස්වාභාවයක් තමා ඒ අත්දැකීම තුල තියෙන්නෙ.
    දේවල්, දේවල් හැටියට පනව ගන්නව නෙමෙයි, විපාකය නිසා පැනවෙනව නමුත් ඒ පැනවුන දේවල් කෙරෙහි ඇතිවෙන චන්දරාගය, වෙන වචන වලින් කිව්වොත් එකක් අනිකට වඩා උසස්, සම හෝ පහත් (මම, මගේ, මම කැමති, මම අකමැති....) යන හැගීම නැතිකර ගැනීම තමයි මම දන්නා හැටියට නිවන. දේවල් වල දේවල් ගතිය නැතිකර ගැනීම කියන්නෙ සංඥාව නැතිකර ගැනීම... අනික් අයටවත් මේ මෝඩකම තේරුම් ගන්න කිව්වේ greenthunder මහත්තය, නැත්නම් බීරි අලින්ට වීනා ගහල වැඩක් නැහැනෙ. ;-)

    දේවල් වල දේවල් ගතිය නැතිවෙල නම්, තථාගතයන් වහන්සේ තමන් වහන්සෙගේ සිවුර, පාත්තරය, කුටිය කියල කතාකලේ දේවල් නෙමෙයිද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    තිබ්බ දෙයක් නැත්තම් , වෙනස්වෙන්න දේකුත් නෑ.. අනිත්‍යයි කියල දෙයකුත් නෑ
    පුරුතග්ජනය! ඔබ ධර්මය කෙරෙහි සැක උපදවා ඇති බව පෙනේ? :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    පුරුතග්ජනය! ඔබ ධර්මය කෙරෙහි සැක උපදවා ඇති බව පෙනේ? :ROFLMAO:
    තේරුමක් නැතුව ආගමක කියලා තියන හැමදේම ඇත්ත කියලා පිළිගන්න තරම් අන්ද භක්තිකයෙක් නෙවෙයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    තේරුමක් නැතුව ආගමක කියලා තියන හැමදේම ඇත්ත කියලා පිළිගන්න තරම් අන්ද භක්තිකයෙක් නෙවෙයි.
    මම ඔය වගේ කතාවක් දවසක් හාමුදුරු කෙනෙක්ට කිව්වා එයා කියනවා මම ගැඹුරට හදාරලා නැතිනිසා තෙරැම් ගන්න අමාරැ ඇතිලු මට.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    මම ඔය වගේ කතාවක් දවසක් හාමුදුරු කෙනෙක්ට කිව්වා එයා කියනවා මම ගැඹුරට හදාරලා නැතිනිසා තෙරැම් ගන්න අමාරැ ඇතිලු මට.
    ඕකත් කියන කතාවක්.. එක්කෝ ඒ කියන කෙනාට හෙන ගැඹුරුයි වගේ නොතේරෙන දේවල් ඇති.
    නැත්නම් අනිත් කෙනාට දෙන්න උත්තර නැති උනාම ඔයාට මේක තේරෙන්නේ නෑ වගේ කියලා ශේප් වෙන්ව.
     
    • Like
    Reactions: kingcapton

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෙතෙක් තියෙන ඉහලම විද්‍යාවට අනුවත් තියනව singularity/singularity point, ඵතනදි ඔය විශ්වයේ ශක්තිය නියතයක් කියන බයිල වැලිඩ් නැ. කෙටියෙන් කිවේ ඔන්නන් deep search කරල බලන්ඩ
    මනුස්සයෙක් කාරණයක් ඉදිරිපත් කරනකොට ඒකෙ අග මුල පහදන එක ඒ කාරණය ඉදිරිපත් කරන කෙනාට අයිති වැඩක්. කරුණක් සඳහන් කරලා ඒක අනිත් මිනිස්සුන්ට deep search කරල බලන්ඩ කියන්නේ මොළේ කුරුවල් වෙච්චි මන්දබුද්ධිකයෙක් විතරයි. මගෙත් එක්ක තියෙන පුද්ගලික හුටපට නිවනට පටලගෙන තේරුමක් නෑ. වතුර එක්ක තියෙන තරහට *ක හෝදන්නේ නැතුව ඉන්න එපා බන් 🤭
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මනුස්සයෙක් කාරණයක් ඉදිරිපත් කරනකොට ඒකෙ අග මුල පහදන එක ඒ කාරණය ඉදිරිපත් කරන කෙනාට අයිති වැඩක්. කරුණක් සඳහන් කරලා ඒක අනිත් මිනිස්සුන්ට deep search කරල බලන්ඩ කියන්නේ මොළේ කුරුවල් වෙච්චි මන්දබුද්ධිකයෙක් විතරයි. මගෙත් එක්ක තියෙන පුද්ගලික හුටපට නිවනට පටලගෙන තේරුමක් නෑ. වතුර එක්ක තියෙන තරහට *ක හෝදන්නේ නැතුව ඉන්න එපා බන් 🤭
    අර මොකද්ද ඵක පුරදර්ශනය කරන්ඩ ඵපා. මට ඔයත් ඵක්ක තරහ වෙන්ඩ කාරනෙ මොකද්ද? මම නන් දෙවල් හිතේ තියන් නැ.
    Thread ඵක කියවන් ඵද්දි තව කියවන අය "ඉහලම විද්‍යාවට අනුවත් විශ්වයේ ශක්තිය නියතයක් කියන" බයිල අදහස් වලින් ඵක්කෙනෙක් හරි ගලව ගන්න ඵක මගේ අරමුන.
    Sorry ඹයව quote වෙල තියන ඵක. Deep Search කියන්නේ "singularity/singularity point",ඵක google/yahoo,..වල type කරල බලන ඵක. කැමති කෙනෙක search කරල බලන්ඩ ඔන්නන් බලයි.
    Elakiri ඵක කාගෙවත් පුද්ගලික බුදලයක් නෙවෙනේ thread ඵක කියවල කාලේ බුද්ධිය වැය කරන්ඩ කැමති කෙනෙක් ‍ප‍ුඥ්ඥාව දියුනු කරගනි
     
    විශ්වයේ පවතින ශක්තිය නියතයක් කියන එක බයිලාවක් ද? හැරත් විශ්වයේ ශක්තිය නියතයි කියන දේ මම පුද්ගලිකව පරීක්‍ෂණ කරලා හොයාගත්ත දෙයක් නෙමෙයි. එහෙම කියන්නේ බටහිර විද්‍යාඥයන්. එතකොට බයිලා කියන්නේ මම නෙමෙයි බටහිර විද්‍යාඥයෝ. මට බටහිර විද්‍යාඥයින් වෙනුවෙන් පෙනීහිටින්න අවශ්‍යත් නෑ. අනිත් එක තමයි ඔය කියන singularity/singularity point වලදී ශක්ති සංස්ථිතිය බිඳ වැටෙනවා කියලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද? නැත්නම් ඒකත් අපිම search කරල බලන්ඩ ඕනෙද?
     
    ඉතින් සරලයිනේ ඔයාට තියෙන්නේ බටහිර විද්‍යාව තමා හරි/ බටහිර විද්‍යාඥයෝ කියන ඵක තමා Base කියල හිතන්ඩ මොනාවත් deep search කරන්ඩ ඵපා.
    Forget it about singularity point
     
    • Haha
    Reactions: Lovtus