වරෙක උදායි තෙරණුවන් විසින් සැරියුත් තෙරණුවන් ගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ “විඳගන්නා සුවයක් නැත්නම් නිර්වාණයෙහි කවර සැපතක් පවතීද?” යන්නයි. එයට සැරියුත් තෙරණුවන්ගේ පිළිතුර වූයේ “යම් හෙයකින් මෙම නිවනෙහි විඳීමක් නැත්තේද එහි සුවය එයම වේය” යන්නයි.
නිර්වාණය සියලුම සංස්කාරයන්ගේ සන්සිඳීමෙන් ලැබිය යුතු වූ අවේදයිත සුවයකි. වේදයිත, අවේදයිත සුඛ දෙකෙහි වෙනස කෘෂ්ඨ රෝගී උපමාවක් මඟින් පැහැදිලි කොට තිබේ. කුෂ්ඨ රෝගියා කැසීමෙන් හා ගින්නෙන් තැවීමෙන් මොහොතක සුවයක් ලබයි. ඒ සුවයම දැවීම් ආදිය ඇතිවීමෙන් පසුව දුකට පත්වේ. මෙවිට ඔහු රෝගය සුවවීමට අදාළ බෙහෙතක් භාවිත කිරීමෙන් එය සුවකර ගතහොත් එයින්ම ශාන්ත සුවයක් විඳියි. මෙම කුෂ්ඨ රෝගියා මුලින් විඳි සුවය වේදයිත සුවයයි. පසුව ලැබූ සුවය සන්සිඳීමේ සුවයයි. සත්වයා පස්කම් සුව විඳ තාවකාලික සුවයක් ලබයි. එහෙත් නිවන් සැප විඳ එවැනි තාවකාලික සුවයක් නො ලබයි. එය හුදෙක් දුක් සන්සිඳීමේ සුවයක් වන හෙයිනි.
https://www.budusarana.lk/budusarana/2014/02/06/PrintPage.asp?REF=vision01