සදාහරිත කොම්පැනිය

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
සදාහරිත කොම්පැනිය

සදාහරිත කියන කොම්පැනි එකෙන් නේද වැඩේ කරන්නේ?
..

‘සදාහරිත ප්ලාන්ටේෂන්’, ‘කුඩුමීරිය’ වනාන්තරය සදා සොත්ති කරයි..! හොරෙන් වටිනා ගස් වල කඳ විද විෂ යොදා ගස් මරා කපා ගනිති..!! මෙන්න සාක්කි..

(ලංකා ඊ නිව්ස් - 2018.ඔක්.04, පෙ.ව.7.40) ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන ‘කුඩුමීරිය වැසි වනාන්තරයේ’ වටිනා ගස් වල කඳ හිල් කර උග්‍ර විෂ රසායන ද්‍රව්‍යයක් යොදා ගස් මරා දමා පසුව මැරුණු ගස් කපා ගනිමින් ‘සදාහරිත ප්ලාන්ටේෂන්’ නමැති සමාගම සහ ගහන වන විනාශයක් සිදු කරමින් සිටින බව වැසි වනාන්තර සුරැකීමේ සංවිධානය විසින් සාක්කි සහිතව බරපතල හෙළිදරව්වක් කරයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති කුඩුමීරිය වැසි වනාන්තරය සිංහරාජ පරිවාර වනන්තරයක් වන දෙල්වල වලන්කන්ද රක්ෂිතයේ නිරිතදිග බෑවුමට මුහුණලා ඇත. සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම විසින් මේ වන විට එම රක්ෂිතය විෂ රසායන ද්‍රව්‍යය යොදාගනිමින් විනාශ කරන බව වැසි වනාන්තර සුරැකීමේ සංවිධානයට ගම්වාසීහු පැමිණිලි කර තිබේ.

වටිනාකමින් ඉහල විශාල ගස් සැලසුම් සහගතව යන්ත්‍ර යොදා ගනිමින් සිදුරු කර ඒතුලට විස රසායන ද්‍රවය යොදා ඉතාමත් ම්ලේච්ඡ අයුරින් මරාදමා ඇත. ගස් සිදුරු කර ඒ තුලට රසායනයක් ඇතුල්කර ගස් මරාදැමීම මගින් මේ ගස් ස්භාවිකව මැරුණු බව පෙන් වීමට උත්සාහ ගෙන ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් සිදු කළ හැකි කාර්යයක් නොවන අතර එය මහා පරිමාණ සැලසුම් සහගත අයතනනයක හෝ ව්‍යාපාරයක ක්‍රියාවක් ලෙස හොඳාකාරවම දැකිය හැකියැයි වැසි වනාන්තර සුරැකීමේ සංවිධානය පවසයි.

වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් මේ පිලිබඳව සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම දිගින් දිගටම දැනුවත් කර ඇති අතර මෙම විනාශය පිලිබඳවද එම සමාගමට හා අදාල ආයතන කීපයක් වෙත ලිපියොමුකර ඇත. මෙවැනිම වන විනාශයක් ගැන පැමිණිලි කළ විට සදාහරිත සමාගම පවසා ඇත්තේ එකී ඉඩම් ඔවුන් විකුණා දමා ඇති බව නමුත් ඒ කාටදැයි හෙළි කර නැත.

සදාහරිත ප්ලාන්ටේෂන් සමාගම යනු ස්වභාවික වනාන්තර වනසා, සුදු හඳුන්, අගාවුඩ්, තේක්ක, මැහෝගනී ආදී වානිජ වගාවේ යෙදෙන සහ ඒ සඳහා මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගන්නා ආයතනයකි. (කියවන්න http://www.sadaharitha.com)

කෙසේ වෙතත් කවුරුන් සිදුකළත් මෙහි දැක්වෙන සේයාරූ වලින් ‘කුඩුමීරිය’ වනාන්තරයට සිදුකරන වන විනාශය ඉතා හොඳින් පැහැදිලිය. බිහිසුණුය. නපුරා කුමන තරමේ බලවන්තෙයකු වුවද සිදුකරමින් තිබෙන සහගහන අපරාධය පිලිබඳ තරාතිරම නොබලා දඬුවම් දීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

(සිදුකර ඇති වන විනාශය මෙහි දැක්වෙන සේයාරූ වල ඇති අතර වැසි වනාන්තර සුරැකීමේ සංවිධානය සදාහරිත ප්ලාන්ටේෂන් වෙත යවන ලද ලිපියක් ද වේ.)

01_3.jpg


082.jpg

04_3.jpg


06_3.jpg


Sadaharitha-letter1.jpg


Sadaharitha-letter2.jpg

 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මාත් දැක්ක FB එකේ ශෙයා වෙනවා
    තව තැනක දැක්ක මේ ෆොටෝම දාල තියනවා සිංහරාජෙ වෙන දෙයක් කියලා ෆොටෝ ගත්තෙත් ඌම කියලා දාපු එකා කිය කිය හිටියා

    කොහොම හරි ෆේස්බුක් එකේ නම් ඔය කම්පැනියෙන් දාපු ඔෆීශියල් ස්ටේට්මන්ට් එකක් දාල තිවුනා ඔය කියන ඉඩම උන් වෙන කාටද සෑහෙන කාලෙකට කලින් විකුනලා තියන නිසා මේක ගැන කිසිම වගකීමක් ඒ කම්පැනි එකට නැහැ කියලා
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මාත් දැක්ක FB එකේ ශෙයා වෙනවා
    තව තැනක දැක්ක මේ ෆොටෝම දාල තියනවා සිංහරාජෙ වෙන දෙයක් කියලා ෆොටෝ ගත්තෙත් ඌම කියලා දාපු එකා කිය කිය හිටියා

    කොහොම හරි ෆේස්බුක් එකේ නම් ඔය කම්පැනියෙන් දාපු ඔෆීශියල් ස්ටේට්මන්ට් එකක් දාල තිවුනා ඔය කියන ඉඩම උන් වෙන කාටද සෑහෙන කාලෙකට කලින් විකුනලා තියන නිසා මේක ගැන කිසිම වගකීමක් ඒ කම්පැනි එකට නැහැ කියලා

    පත්තර වල ගිය ලිපිත් මේ බලපන්කො

    1) සිංහරාජයට යාබද වනයක විෂ යොදාගෙන ගස් විනාශ කිරීමේ ජාවාරමක්

    දිනමිණ

    2) සිංහරාජ පරිවාරයක ගස් විෂ රසායනික ද්‍රව්‍ය දමා මරා දමයි

    අද පුවත්පත
     

    Similar threads