සන්ධ්‍යාට තර්ජනය කරයි
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ ගොඩනැගිල්ල තුලදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කළ ගලඩගොඩ අත්තේ ඥානසාර නමැති සිවුරුකාරයා අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කෙළේය.
එක්නැලිගොඩ නඩු විභාගය අවසන් වී ඊලඟ නඩුව විභාගයට ගැනෙද්දී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අධිකරණ ශාලාවෙන් පිටතට එද්දී ඇයගේ ඇඟේ හැපෙමින් “තොගේ මිනිහා කොටියෙක්.. තෝ ගිහින් ගිඟා කාපිය“ ඥානසාර චීවරධාරියා තර්ජනය කෙළේය. ඇය සමග සිටි මාධ්‍යවේදියෙකුට ද තර්ජනය කළේය. ඉන්පසුව ඔහු අධිකරණය ඉදිරිපිට අධිකරණයට බැන වදිමින් සිටියේ ය. ‘කොටි එලියේ අපේ කොල්ලෝ ඇතුලේ, පාලකයෝ වාගයක් ඇවිල්ලා රටයි රණවිරුවොයි පාවා දෙනවා‘ යි ඔහු නඩු විභාගයට එරෙහිව බැන වැදුනේය
නඩුවක් විභාගය වෙද්දී එලෙස අධිකරණ ක්‍රියාවලියට බාධා කළ නොහැකි බවත් මෙය සමස්ත අධිකරණ පද්ධතියටම කරන ලද අපහාසයක් බවත් එක්නැලිගොඩ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් යලි පැමිණ මහේස්ත්රාත්වරයාට පැමිණිලි කිරීමෙන් පසු අධිකරණයට අපහාස කිරීම යටතේ ඥානසාර සිවුරුකාරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.
මීට ඉහත මාධ්‍ය හමුකදී ඥානසාර පවසා සිටියේ මින් පසු තමන් කිසිදු නඩුවකට අධිකරණයට නොයන බවයි. ගෝඨාභය නමැති ජන ඝාතකයා බේරා ගැනීම සඳහා දිවි පරදුවට තබා ක්‍රියා කරන ඥානසාරට අවශ්‍ය වී තිබෙන්නේද කෙසේ හෝ හිරේ ගොස් වීරයෙකු වීමට ය. දැන් ඒ සඳහා මාවත වැටී තිබේ.
එක්නැලිගොඩ නඩු විභාගය අද දිනයේද ආරම්භ වූ අතර අත් අඩංගුවේ සිටින හමුදා නිලධාරීන් පිරිස අධිකරණයට ඉදිරිපත් කර තිබිණ. හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පවසා සිටියේ මෙහිදී ප්‍රගීත් එක්නැලිගොඩගේ සිරුරක් හමුවී නැති බවත් ඔහුගේ බිරිඳ ඔහු මිය ගිය අයෙක් ලෙස නොසලකන බවත් නිසා මෙය අපරාධයක් නොවන බවයි.
ඊට එරෙහිව කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ ප්රගීත්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් කියා සිටියේ මෙම නඩුව පරිවේශනීය සාක්කි මත ගොඩ නැගෙන නඩුවක් බවත් මෙම හමුදා නිලධාරීන් ප්‍රගීත් පැහැරගෙන ගිය බවත් අවසන් අවස්ථාව දක්වා මෙකී හමුදා නිලධාරීන් ගේ භාරයේ සිටි බවට සාක්කි තිබෙන බවත් ය.
නඩුවිභාගය ලබන 9 වෙනිදා දක්වා කල් තැබුනු අතර ඒ දක්වා සැකකරුවන් යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
- http://www.lankaenews.com/news/3403/si
-http://www.lankadeepa.lk/index.php/articles/379660