සන්නස්ගලගෙ දේශපාලන කියවීම, පක්ෂ ගැන පුද්ගලයෝ ගැන තේරුම් අරන් තියෙන විදිය ගොඩක් දුරට ගැලපෙනවා. කාලෙකට ජෙප්පො සන්නා කියපු එකක් අල්ලගෙන ටොයියොන්ව බයියොන්ව මඩවනවා. තව කාලෙකට ටොයියෝ බයියෝ සන්නා කිව්ව එකක් අල්ලගෙන ජෙප්පොන්ව මඩවනවා. තව කාලෙකට සන්නා කිව්ව එකකින් සන්නාම මැඩවෙනවා.
ඉස්සර ටියුෂන් කරපු සිංදු ලිව්ව සන්නාට වඩා දැන් ඉන්න එකා ටිකක් බයානකයි, මොකද අවධානෙ ගන්න ඕනි දෙයක් කියලා මිනිස්සුන්ගෙ තීරණ වෙනස් කරන්න ඔලුවට එක එක ඒවා දාන්න දක්ෂයෙක්. ඔය කියන දේවල් තනියෙන් හිතලා කියනවාද කාගෙහරි ඩීල් එකකට කියනවාද අපි දන්නෙ නෑ. අනික ටිකක් මෙන්ටල් අවුලකුත් තියෙන කෙනෙක් හින්දා වැඩිපුර අවධානෙ දුන්නාමත් කරදරේ රටේ මිනිස්සුන්ටම තමයි.