සනී ලියොන්ගේ කතාව

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    සනී ලියොන්ගේ කතාව

    image_cd811be66e.jpg

    බොලිවුඩයේ සුරූපී සරාගිනිය සනී ලියොන්ගේ ජීවිත කතාව ඇසුරින්, වෙබ් ටෙලි කතා මාලාවක් නිර්මාණය කිරීමට නියමිත අතර, එම කතා මාලාවේ යොවුන් වියේ පසුවන සනී ලියොන් ලෙස රංගනයෙන් දායක වන්නේ 14 හැවිරිදි රයිසා සෞජානී ය.

    රයිසා සෞජානී බොලිවුඩයට එක් වී සිටින යොවුන් නිළියකි. ඇගේ පළමු බොලිවුඞ් සිනමා නිර්මාණය පසුගිය 2017 වසරේ තිරගත වුණු ‘ඩොබාරා’ චිත්‍රපටයයි.

    රයිසා සෞජානී, රංගනයෙන් එක්වන්නේ සනී ලියොන්ගේ අවුරුදු 12 ත් 15 ත් අතර චරිතය සඳහාය. මේ කාලයේ ඉන්දීය සම්භවයක් ඇති සනී ලියොන් කැනඩාවේ ජීවත් වූවාය. ඇය ලිංගික ජවනිකාවල පෙනී සිටි පෝර්න් ස්ටාර් නිළියක් වූයේ වයස අවුරුදු 18 දීය.

    ‘කරෙන්ජිත් කෝර්: සනී ලියොන්ගේ නෑසූ කතාව’ යන නමින් නම් කළ මෙම වෙබ් ටෙලි නාට්‍ය මාලාවට පාදක වන්නේ සනී ලියොන් පෝර්න් ස්ටාර් නිළියක වීමේත් ඉන්පසු ඉන්දියාවට ගොස් බොලිවුඞ් නිළියක බවට පත් වීමේත් කතාවය.

    චරිතය කෙසේ රඟපෑ යුතුදැයි සනී ලියොන් හමුවී ඒ ගැන කරුණු කාරණා විමසා බැලීමට රයිසා සෞජානී ට පසුගිය දා අවස්ථාව උදා විය. ඇය සනී ලියොන් සමඟ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියාය.

    සනී ලියොන් තමන්ට හමුවුණු බොහොම සුන්දර මෙන්ම නිහතමානී චරිතයක් බවත්, ඇයගේ ජීවිත කතාව හරි අපූරු අත්දැකීමක් බවත් රයිසා සෞජානී මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

    සනී ලියොන් මුල් අවදියේදී රංගනයෙන් දායක වූයේ කරෙන්ජිත් කෝර් වොහ්රා යන නමිනි. සනී ලියොන් උපත ලැබුවේ 1981 මැයි 13 වැනිදාය. අද වනවිට ඇය 37 හැවිරිදි වියෙහි පසුවන්නීය. සනී ලියොන්ගේ සැමියා මාර්ක් වෙබර්ය. සනී ලියොන්, පෝර්න් ස්ටාර් කෙනකු ලෙස ලිංගික ජවනිකා රැසක පෙනී සිටින්නේ ද මෙම මාර්ක් වෙබර් සමඟය. දෙදෙනා විවාහ වූයේ 2011 වසරේදීය. සනී ලියොන් කැනඩාවේ පමණක් නොව, ඇමෙරිකාවේ ද පුරවැසිභාවය ලබා ගෙන ඇත.


    image_fcbf775471.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඉස්සර වික්කෙ නිරුවත. දැන් අඩ නිරුවත. වේසියන්ට කතා හැදෙන රටේ දවසට බාලවයස්කාර දැරිවියන් සීයකට එහා දූශනය වෙනවා. මුන්ට ඒවා නවත්තන්න චිත්‍රපටියක් හදන්න බෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සර වික්කෙ නිරුවත. දැන් අඩ නිරුවත. වේසියන්ට කතා හැදෙන රටේ දවසට බාලවයස්කාර දැරිවියන් සීයකට එහා දූශනය වෙනවා. මුන්ට ඒවා නවත්තන්න චිත්‍රපටියක් හදන්න බෑ.

    පොඩි කෙල්ලෝ දුෂණය කරන උන් ෆිල්ම් බලල ඒවා නවත්තයිද බන්,,, ?:baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    පොඩි කෙල්ලෝ දුෂණය කරන උන් ෆිල්ම් බලල ඒවා නවත්තයිද බන්,,, ?:baffled:

    අද අවුරුදු පහලවේ එකෙක් තව අවුරුදු 5කින් 10කින් දූශනයක් කරන්න පුළුවන්නෙ. ඒ වගේ කතාවක් බලලා කාගෙ හරි මයින්ඩ්සෙට් එක සම්පූර්ණයෙන්ම වෙනස් උනොත්?

    වේසියන්ගෙ කතාවක් අහලා මොනා කියන්නද බන්. කතාව ලස්සනට හදයි පෝර්න් වලට ඉඳලා හම්බෙන සල්ලි වලින් අප්‍රිකාවට ලයිට් දෙන්න ඩොනේට් කරපුවයි, ඉතියෝපියාවෙ බඩගින්නෙ ඉන්න් දරුවන්ට දීපුවයි, අසරණ සත්තුන්ට දීපුවයි හදවතේ ලස්සනයි ඕවනෙ කියන්න තියෙන්නෙ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද අවුරුදු පහලවේ එකෙක් තව අවුරුදු 5කින් 10කින් දූශනයක් කරන්න පුළුවන්නෙ. ඒ වගේ කතාවක් බලලා කාගෙ හරි මයින්ඩ්සෙට් එක සම්පූර්ණයෙන්ම වෙනස් උනොත්?

    වේසියන්ගෙ කතාවක් අහලා මොනා කියන්නද බන්. කතාව ලස්සනට හදයි පෝර්න් වලට ඉඳලා හම්බෙන සල්ලි වලින් අප්‍රිකාවට ලයිට් දෙන්න ඩොනේට් කරපුවයි, ඉතියෝපියාවෙ බඩගින්නෙ ඉන්න් දරුවන්ට දීපුවයි, අසරණ සත්තුන්ට දීපුවයි හදවතේ ලස්සනයි ඕවනෙ කියන්න තියෙන්නෙ.

    එහෙම කාගේ හරි මනස වෙනස් වෙන්න තියන හැකියාව ගොඩක් අඩුයි බන්... අනික උබ ඔය කියන ජාතියේ ෆිල්ම් ඕන තරම් හැදෙනවා...

    වේසි ගැන ෆිල්ම් එක බලල මිනිස්සුන්ට ඉගනගන්න දේවල් ඕන තරම් තියෙයි...
    උදා :- තමගේ දරුවා වෙසියෙක් නොකරන කල යුතු දේ, තමන්ට වෙසියක් වෙන්න සිදු උනත් ඒ මගින් ජීවිතය ජයගන්නේ කෙස්ද? ...etc...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    කොහොම උනත් අද තව වෙනකන් මම මේකි වගේ පොර්න්ස්ටාර් කෙනෙක් දැකලා නෑ..,සෙට් වෙලත් නෑ ...(ලංකාවේ පෙනුමට සමාන නිසාද මන්දා).:baffled: :( perfect හැමදේම :love: ආයිත් industry එකට එන එකක් නෑ නේ :baffled::dull:
     
    Last edited:
    • Like
    Reactions: Sithira Weerasinghe