සඳකැන් වැසිලා : තුන්කොන් ප්‍රේමය

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සඳකැන් වැසිලා : තුන්කොන් ප්‍රේමය




    සඳකැන් වැසිලා අඳුරේ එතිලා
    ගණඳුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ගණඳුරු තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණී //

    //ජිවිතම සතු එකම සුවේ
    හී සර පහරක වෙලෙනු පෙනේ//
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල් වාසියෙකු සොයනු දැනේ

    සඳකැන් වැසිලා...

    //මා නැත අන්සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන ඉඳිමි බලා//
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා

    සඳකැන් වැසිලා...

    ගායනය - වික්ටර් රත්නායක
    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - වික්ටර් රත්නායක
     
    • Like
    Reactions: ^Buddhika^

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    the music industry today is miserable not because of singers
    but lack of great song writers