සඳනී සුලක්ඛනා
පුංචි තිරයෙන් සිනමාවෙන් අද වන විට නවක නළු නිළියන් බිහිවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇත. නමුත් එසේ බිහිවන නවකයින්ගෙන් බහුතරය ටෙලිනාට්‍ය දෙකකට හෝ තුනකට පමණක් සීමා වූවෝ වෙති. අනෙක් පිරිස සිය දස්කම් ඔප් නංවමින් ක්ෂේත්රය තුළ යම් ස්ථාවරයක් ගොඩ නගා ගෙන, රංගන දිවිය තුළ දිගු ගමනක් යැමට මුල පුරන්නෝ වෙති. අද අප හා සංවාදයට එක් වෙන සඳනී සුලක්ඛනා ද කලා ක්ෂේත්රය තුළ දිගු ගමනකට මුල පුරන තවත් සුරූපී නවක නිළියකි.
නිළියක් ලෙස අප, ඔබ හඳුනාගැනීමේ පසුබිම කෙබඳු ද?
මා වේදිකාවට අවතීර්ණ වුණේ අවුරුදු 11 දී. ඒ කීර්ති බණ්ඩාරගේ "සුදු පරවියෝ" වේදිකා නාට්‍යයෙන් ඉන්පසු වෙළෙඳ දැන්වීමකටත් පෙනී සිටියා. මගේ ප්‍රථම ටෙලිනාට්‍ය වුණේ මොහාන් නියාස්ගේ දූවිලි සුවඳ ටෙලි නාට්‍යයි. මේ වන විට ටෙලි නාට්‍ය 10 ට පමණ දායක වී තිබෙනවා. කුල කුමරිය" "ගැහැනු ළමයි" "වාසනා වේවා" "අයාල්" ඒ අතර වෙනවා.
ඔබේ නිවසෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
දෙමාපියන් හැරුණු කොට මට ඉන්නේ නංගි කෙනෙක් පමණයි. ඈ තවම පාසල් යනවා. අම්මා ගෘහනියක්. ඇය තමයි රූගත කිරීම්වලදී මා පසුපසින්ම සිටින්නේ, තාත්තා නම් විදේශ ගත වෙලයි ඉන්නෙ. නමුත් මගේ නිර්මාණ අන්තර්ජාලය හරහා නරඹමින් මගේ සියලු ගුණදොස් කියා දෙන්නේ ඔහුයි.
ඉදිරියේදී තිරගත වීමට නියමිත Colours චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔබ. ඒ පිළිබඳව කතා කළොත්?
මා එහි රඟපෑම් කරන්නෙ ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි මහතා සමග එය ලබන වසරේදී තිරගත වේවි. ඇත්තටම මේ චිත්‍රපටය හරහා මා බොහෝ දේ ඉගෙන ගත්තා. විශේෂයෙන් කමල් අයියාගේ උපදෙස් රංගනයේදී මා අතින් සිදු වූ අඩුපාඩු නිවැරදිකර ගෙන සාර්ථක රංගනයක් ඉදිරිපත් කිරීමට ලොකු පිටිවහලක් වුණා.
මේ දිනවල විකාශය වන "වාසනා වේවා" ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
ජාතික රූපවාහිනිය ඔස්සේ සතියේ දින පහේම විකාශය වන මේ ටෙලිනාට්‍ය කොටස් 100 කින් සමන්විතයි. මම එහි "උත්තරා" කියන ප්‍රධාන චරිතයකට පෙනී සිටිනවා. නාලන් මෙන්ඩිස් මහතාගේ නාට්‍යකට සම්බන්ධ වීමට හැකි වීම මා වාසනාවක් ලෙසයි සලකන්නේ.
රංගනයට අමතරව ඔබ තුළ ඇති වෙනත් කුසලතා?
ශාන් පෙරේරා මහතා යටතේ මම සංගීතයත් නර්තනයත් හැදෑරුවා. ගායනයට හා වයලින් වාදනයට දක්ෂතාවයක් තිබෙනවා. දැනටමත් මාගේ ගීතයක් පටිගත කර අවසන්. ළඟදීම ඔයාලට එය අහන්න ලැබේවි.
නව පරපුරේ නළු නිළියන් ප්‍රවීණයන් නොසලකා හරින බවට චෝදනා කරනවා. ඒ ගැන මොකද හිතන්නේ?
ප්‍රවීණ නළු නිළියන්ට අපට වඩා අත්දැකීම් බහුලයි. එම නිසා ඔවුන්ගෙන් රංගනය පිළිබඳ යම් යම් උපදෙස් ලබා ගත යුතුයි. එය අපගේ අඩුපාඩු හදා ගැනීමට ලොකු රුකුලක්. ඔවුන් සතු ඒ අත්දැකීම් සම සිතින් බෙදා ගැනීමට තරම් අප නිහතමානී විය යුතුයි.
ආදරය ඔබට දැනෙන්නෙ කොහොමද?
මේ ලෝකයේ ජීවත් වන හැම දෙනාටම ආදරය අත්‍යවශ්‍යයි. දැනට මම දෙමාපිය ආදරය නොඅඩුව ලබන කෙනෙක්. පෙම්වතියක් වශයෙන් දැනෙන ආදරය ගැන පසුවට කතා කරමු.
රංගනය ඔබේ වෘත්තියක් ලෙස කරගෙන යැමට බලාපොරොත්තු වෙනවද?
ප්‍රථමයෙන් දැනට අතරමග නතර වී ඇති මාගේ අධ්‍යාපන කටයුතු අවසන් කර සිටින්න ඕනේ. ජීවත් වීමට රංගනයෙන් මුදල් හම්බකර ගැනීමේ අවශ්‍යතාවයක් මා හට තවම දැනිලා නැහැ. ඒ කෙසේ වෙතත් තවදුරටත් රංගනය පිළිබඳ වැඩි දුර අධ්‍යාපනය කරන්න ඕනේ.
අනාගත බලාපොරොත්තු මොනවාද?
අධ්‍යාපනය පැත්තෙන් නම් 2011 දී මම උසස් පෙළ විභාගය සඳහා හොඳින් මූණ දීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී විවිධ චරිත ඔස්සේ මගේ රංගන හැකියාව වැඩි දියුණු කර ගැනීමට අදහස් කරනවා. ඊට අමතරව මා ප්‍රධාන චරිතය රඟ පෑ මුල්ම චිත්‍රපටය වන Colours තිරගත වන තුරු මා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.
සටහන සහ ඡායාරූප දිනේෂ් ගමගේ