සඳුගේ_අභිරහස්

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සඳුගේ අභිරහස්
    5542386876_582b4a9251.jpg


    සඳු පිළීඹදව අදප දන්නේ මොනවාද චන්ද්‍රයා හෙවත් සද පෘඨිවියේද මිනිසාගේද සත්ත්වයින්ගේද දුරස්ථ හිතවතෙකි. පෘතිවිය වටා එක් ඉලිප්සාකාර ගමන් වාරයක් නිම කිරීමට දින 27 පැය 7 ක් මිනිත්තු 43 හා තත්පර 11.5 ලබා ගනී. එහි විශ්කම්භය පෘථිවියේ විශ්කම්භයෙන් ¼ පමණ වන විට පරිමාව 1/50 පමන වේ. මිනිසා සඳු ජයගෙන දැනට වසර හතලිහකටද වඩා කාලයක් ගත වී ඇත. සිතියම් ගත කල සද දැන් සම්පූර්ණයෙන් http://www.google.com/moon/ තුලින් දැක බලා ගත හැක. අද විද්‍ය‍ාවේ දියුණුවත් සමග ආලෝක වර්ශ ගණන් දුර ග්‍රහ වස්තු නිරීක්ෂණය කිරීමටද සෞරග්‍රහ මණ්ඩලයෙන් ඈත තාරුකා වල පවතින ජීවීන්ට සුදුසු ග්‍රහවස්තු සොයා ගනීමටද මිනිසා සමත් වී ඇත. නමුත් කොතරම් දුරට විශ්වය නිරීක්ෂණය කලද දැනුම වඩාගත්තද පෘඨිවියේ ලගම නෑයා වන සඳු සම්බන්යෙන් තවමත් නොවිසඳුනු ගැටලු පවතින බව ඔබ දන්නවාද? දන්නා දැනුම ජනප්‍රිය කරවන සම්ප්‍රදාය යටතේ බොහෝ දෙනෙකු සද පිළිඹද මිනිසාගේ විද්‍යා දැනුම 100% සම්පූර්ණයැයි සිතා සිටියද සද පිළිඹද තවමත් නොවිසුදු ගැටලු කිහිපයක්ම පවතී.

    ඉතිහාසයේ සිටම පෘථිවිය සෘතු වෙනස් වීම් කෘෂිකාර්මික කටයුතු ආදී බොහෝ දේ සදහා දායකත්වය ලබා දෙන සඳු මිනිසාගේ ජීවිතයටද බලපෑම් කරන බව ජෝතිෂ්‍ය හරහා විස්තර වෙයි. බුදු දහමට අනුව ශ්‍රක්‍ර දේවේන්ද්‍රයා විසින් සඳුගේ මුහුණේ සාවාගේ රුව ඇදි බව අපගේ ජාතක කථාවක සදහන් වෙයි. පෘථිවියේ අපට දැක ගත හැක්කේ සැමදාම සඳුගේ එක් පෙදෙස් පමණි අනෙක් පෙදෙස අදුරු කොටස ලෙස හැදින් වෙන අතර සෑම විටම පෘථිවියට පිටුපා තිබෙයි. ක්ෂිතයෙන් විශාලව මතුවන සඳු අහස මැදට පැමිණෙන විට කුඩාවට දිස්වන අතර මෙය එක්තරා ද්‍රශ්ඨි මායාවකි. වසරින් වසර ඉතා සුලු ප්‍රමාණයකින් පෘඨිවියෙන් ඈත් වෙමින් යයි.

    චන්ද්‍රයාගේ පිළිඹද ගැටලුව වලින් මුල්ම ගැටලුව වන්නේ එහි උපත හා එය නිර්මාණය වී ඇති ආකාරයයි. එය තවමත් නොවිසඳුනු ගැටලුවකි. ඒ පිළිබඳව විවිධ මත පවතින අතර . එයින් එක් මතකයට අනුව චන්ද්‍රයා පෘථිවියෙන් පැලී, වෙන් වී එහි කක්‍ෂය වටා භ්‍රමණය වේ. සඳේ ඝනත්වය සහ පෘථිවියේ හරස් හෝ ඉහළ උප ස්ථරයේ පාෂාණවල ඝනත්වය සමාන වීම එම මතයට එක් සාක්ෂියකි. තවත් මතයකින් කියවෙනුයේ පෘථිවිය, චන්ද්‍රයා හා සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු සියලු ම වස්තූන් විශාල වලාකුළක් ලෙස එකට කොටු වී තිබූ බවත්, පසුව ඒවායින් බොහොමයක් මධ්‍යයට එක් වී සූර්යයා නිර්මාණය වූ බවත් ය. තෙවැනි මතයෙන් චන්ද්‍රයා, සෞරග්‍රහ මණ්ඩලයට පිටතින්ද, පෘථිවියට ඉතා ඈතින්ද නිර්මාණය වූ බවත් පසු කලෙක දී පෘථිවියේ ස්ථිර කක්‍ෂයට ඇද ගන්නට ඇති බවත් කියවේ. කෙසේ වුවත් අද වනතුරුත් අද වනු තුරුත් සඳු ගේ නිර්මාණය පිළඹදව අවසාන නිගමනයක් නොමැත.

    පැරුන්නන් සූර්යග්‍රහන සදහා දී තිබුනේ ඉතාමත්ම සුවිසේෂි තැනකි. එය ස්වභාවික සංසිද්ධියක් නැරඹීමට එහා ගිය වැදගත් කමක් විය. සමහර ශිෂ්ඨාචාර මගින් මෙම සූර්්‍යග්‍හන ඇති වන අවස්ථා නිරීක්ෂණය කිරීමට විශාල කැප කිරීම් සිදු කොට තිබුනි. අද විද්‍යාව මගින් සූර්යග්‍රහන මගින් පෘථිවියේ පරිසරයට එතරම්ම බලපෑමක් සිදු කරන බවක් සොයා ගෙන නොමැති නමුත් සූර්්‍යග්‍රහන සම්බන්ධයෙන් එක් සුවිසේෂි සිුවීමක් වන්නේ සඳු මගින් ඊට දුරින් ඇති සූර්යයා ඉතාමත් නිවුරැදිව ආවරණය කිරීමයි. එය අඩු හෝ වැඩි නැත. එය ඉතාමත්ම විෂේශිතම වූ පිහිටීමකි. එසේම පුර සද පායන අවස්ථාවල සද මගින් මිනිසුන් වෙත අසහනකාරී හැගීම් ගෙන දෙන බවද පුරාණයේ සිට පැවත එන මතයකි. මේ පිළිඹද අද කාලයේ පවා පරීක්ෂණ සිදු කර ඇති අතර තවමත් 100 % සත්‍යා නොවන බවටද ඔප්පු කොට නොමැත.

    සඳු පිළිඹද මීලග ප්‍රෙහෙලිකා පටන් ගන්නේ අතීතයේ සිටම විවධාකාර විද්‍යාඥයින් ඇතුලු නිරීක්ෂයකයින් විසින් සඳු මත සිදුවන අසාමාන්‍ය සිදුවීම් වාර්ථා කිරීමට පටන් ගැනීමමෙනි. සඳු මතුපිට වලාකුලින් සැරසුනු කොල පැහති පරිසරයන් කෙත් වතු නගර හරහා ඒ මේ අත ධාවනය වන යානා පිළිඹද කතාන්දර හා විශ්වාසයන් විවිධ හේතූන් නිසා අතීතයේ සිටම විවිද විද්වතුන් වාර්කා කර තිබුනි. සද මතුපිට කිසිවකු ජීවත් වන බවට අතීතයේ බොහෝ දෙනා විශ්වාස කර තිබුනි. 1969 ව‍සරේ අමෙරිකාව විසින් සඳු මතු පිටට මිනිසුන් ගොඩ බැස්වීමට පෙර නාසා ආයතනය මගින් සිදුකල කුතු හලය දනවන ගවේශයනයක් වූයේ වසර ගණනාවක් තුල මවිවිධ මිනිසුන් විසින් සඳු මතු පිට නිරීක්ෂණය කරන ලද අසාමාන සිදුවීම් පිළඹද වසර තුනක පමණ අධ්‍යයනයක් සිදු කරනු ලැබීමයි. මෙම වාර්ථාව සද ගමනට පෙර 1968 වසරේදී NASA Technical Report R-277 නමින් මෙම එලි දැක්විනි. ඉතිහාසයේ සිටම සඳු මතුපිට නිරීක්ෂණය කරනු ලැබුනු අසාමාන්‍ය සිදුවීම් හයසියයක් මෙහි අන්තර් ගත විය. මෙම සම්පූර්ණ වාර්ථාව
    http://www.creationism.org/books/nasalunar/ යොමුව තුලින් දැක ගත හැක.

    සඳු මතුපිට ජීවීන්ට සුදුසු පරිසරයක් පවතිනවාද?

    සමහර විද්‍යාඥයින් සඳු මතුපිට ස්වභාවිත සංසිද්ධි ලෙස හැදින්විය හැකි වලාකුලු, විදිලි කෙටීම්, හා හරිත වර්ණ පරිසරයන් නිරීක්ෂණය කර තිබීම මෙ‍ම සැකයට හේතුවයි. සඳු මතුපිට ධ්‍රැවයන් ආශ්‍රිතව මිදුනු ජලය පවතින බවට දැනට දන්නා කරුණකි. නමුත් මේ තත්වය සමග ඇති වන ගැටලුව වන්නේ සඳු සතු අඩු ගුරුත්වාකර්ශණය මෙවැනි යාවලියක් සදහා සහයක් නොදක්වන බවයි.

    408054_10150550307124306_535204305_8771293_384978980_a1.jpg


    සෙනෙසුරුගේ චන්ද්‍රයින් හතර දෙනෙකු මුලින්ම නිරීක්ෂණය කිරීමට බ්‍රහස්පතිගේ රතු ලපය මුලින්ම නිරීක්ෂණය කිරීම ආදියට සම්බන්ධ වුනු ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ විද්‍යාඥයකු වන ගියොවානි කැසිනි ගේ වාර්ථාවක් ඉහත නාසා පර්යේෂ පත්‍රිකාවට අඩංග වන අතර කැසිනි විසින් 1671 වසරේදී සඳු මුතු පිට සුදු වලාවක් ඇදී යනු නිරීක්ෂණය කර තිබුනි. 1787 වසර වන විට තවත් විද්‍යාඥයයින් දෙදෙනකු විසින් සඳු මතු පිට ඇති වන අකුණු ගැසීම් ආදිය පිළිඹදව වාර්ථා කර තිබුනි.

    පසුව මෙම වලාකුලු ඡායාරෑප ගත කිරීමට විද්‍යාඥයින් සමත් වූ නමුත් ඒ කුමක්දැයි යන්නට නිෂ්චිත පිළිතුරක් දීමට අපොහොසත්ව සිටිති. චන්ද්‍රයා මත සිදුවන ගිණි කදු ක්‍රියාකාරීත්වයන් මේ සදහා හේතු වන බවට සමහරෙක් අදහස් දැක්වුවද එය තවමත් විද්‍යානුකූලව සනාථ කිරීමට අපොහොසත් වී ඇත.

    1959 සප්තැම්බර් මාසයේ 13 වන දින විද්‍යාඥයින්ට සඳුගේ ලිත්‍රෝ නැමති කොටස ඡායාරූප ගත කිරීම නොහැකි වූයේද එම පෙදෙස වසා ගනිමින් පැතිරී ගිය අදුරු පදාර්ථයක් හෝ වලකුලක් නිසාය. එසේම වරක් සදේ ට්‍රැන්කොලිටි මුහුද නැමති කලාපය හරහා ඇදී ගියේ දම්පැහැ සීමාවන්ගෙන් යුක්ත වුනු වුනු අදුරු වලාකුලකි.
    එසේම සමහර විද්වතුන් සද මතුපිට ඇති ක්‍රේටාර් තුල ඇති සලකුණු ජල ඛාදනයෙන් සිදුකෙරුනාක් බදුවුනු සලකුණු යැයි සැක පහල කරති.

    සඳු මත තවත් අද්භූත සිදුවීඹක් වන්නේ ඒ මත ඇදී යන විවිධා කාර වූ ආලෝක ලප වරින් වර නිරීක්ෂණය කිරීම පිළිඹද වාර්ථා නිසාය. සද මතු පිට ආලෝක ලප පිලිඹද මුල්ම වාර්ථාව ගෙන ඒනේ ක්‍රිස්තූ පූර්ව 400 පමණ ප්ලේටෝ නැමති දාර්ශණිකයා විසිනි. සද මතුපිට ඇදී ගිය ආලෝක ලප කිහිපයක් ඔහු විසින් වාර්ථා කර තිබුනි. යූරේනස් ග්‍රහ ලොව සොයා ගත් සර් ෆෙඩ්රික් විලිම් හර්ෂෙල් විසින්ද 1771 දී සඳු මතු පිට සැරි සරන කිසියම් එලි කිහිපයක් නිරීක්ෂණය කර ඇත. ඔහුගේ පටන් එදා මෙදා තුර කාලය තුල මෙවැනි එලි හා දිලිසීම් දුටු අවස්ථා පිළිද වාර්ථා දෙසිය ගණනකටද අධිකය. නීල් ආම්ස්ට්‍ාට්‍රාන්ග් හා පසුකාලීන ගගන ගාමීන් විසින්ද පසුව සද මතුපිටදී මෙවැනි දේ දුටු බවට වාර්ථා කෙරුනි.


    400876_10150550311894306_535204305_8771318_468581527_a1.jpg

    සඳු මතු පිට ඡායාරෑප ගත තකරුනු අමුතු එලි පෙලක්


    401710_10150550312724306_535204305_8771320_1633987151_a1.jpg

    නීල් ආම්ස්ට්‍රොන්ග් විසින් ඡායාරෑපයට නැගූනු ආාලා්කයක්.

    ජනප්‍රියත්වයත් සමග මොවා transient lunar phenomenon ලෙස හැදින්වුනු අතර පසුගිය වකවානු තුල සිදු කෙරුනු අභ්‍යාවකාශ තරනයන් තුලදී මෙවැනි සිදුවීම් ඡායාරෑප ගත කර ගැනීමට විද්‍යාඥයින් සමත් වුනි. සමහර ආලෝක ලපයන් වායූන් හා ආරෝපිත අංශූන්ගේ ගැටීම නිසා සිදුවන ‘Cerenkov radiation’ effect නම් සංසිද්ධියක් නිසා සිදුවන බවට මත පල කෙරුනද සමහර ආලෝක ලපයන් ගේ අමුතු ගමන් ගැනීම් හා අමුතු රටාවන් විස්තර කිරීමට එය නොසෑහිනි.


    http://news.bbc.co.uk/2/hi/science/nature/789095.stm
    ඇපලෝ 11 සද ගමනේදී යානයට කිලෝමීටර් 6000 පමණ දුරින් ගත් කිසිවක් මෙසේ ඡායාරෑපයට නගා තිබුනි.

    399554_10150550312854306_359489062_a1.jpg


    ඒ පිළිඹද බස් ඕලිඩ්‍රින් ගේ වාර්ථාව මෙය තුලින් දැක බලා ගත හැක.



    50540_151742781933_1471898647_q.jpg

    © රංග නානායක්කාර
    http://sinhalabuddhist.com/2012/05/mysteries-of-moon/
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සද ඇතුලත හිස්ද?

    සමහරුන්ට අනුව සඳු වනාහී කෘත්‍රීම නිර්මාණයකි. එහි ඇතුලත හිස්ය. මෙම මතයට බල පෑ ප්‍රධාන කරුණු දෙකින් එකක් නම් සද මතුපිට ඇති ක්‍රේටර්ය. සඳු මතුපිට සෑදුනු විශාල වලවල් ක්‍රෙට්ර් ලෙස හදුවනු ලැබේ. විද්‍යාඥයින් අනුමාන කරන පරිදි මෙම ක්‍රේටර් නිර්මාණය වන්නේ අභ්‍යාවකාශයේ සිට ඇදී එන ග්‍රහ වස්තු සඳු මතු පිට ගැටීමයි. මෙම ආවාට අනෙකුත් ග්‍රහලෝක සතු චනුද්‍රයින්ගෙන්ද දැක ගත හැක. නමුත් සඳු මතුපිට තිබෙන සමහර ක්‍රේටර් කෙතරම් ගැඹුරුද යත් ඒවායේ පතුලක් පවා දැක ගත නොහැක. එසේම අවස්ථා බොහෝ ගණනකදී මෙම ක්‍රේටාර් තුල හා අවට සිදුවන අද්භූත සිදුවීම් රැසක් විද්‍යාශඥයින් විසින් නිරීක්ෂණය කර ඇත. සමහර ක්‍ර්ටාර් විටෙන් විට හැඩය වෙනස් කරන අතර සමහර තැන් වල ක්‍රේටර් අතුරුදහන් වන විට තවත් තැනකින් අලුත් ක්‍රේටර් මතු වේ. මෙම පතුලක් නොමැති යැයි පෙනන අතිශයින් ගැඹුරු ක්‍රේටාර් නිසා සද ඇතුලත හිස් බවත් ඒවා හරහා සද තුලට ඇතුල් විය හැකි බවත් සමහරුන් විශ්වාස කරති. ක්ලාවියස් වැනි ක්‍රේටාර් තුල විටන් විට දර්ශණය වුනු ආලෝකයන්ද මේ මතය වැඩි දියුණු කිරීමට හේතුවී ඇත.

    409319_10150550327994306_12441746_a1.jpg

    405693_10150550332464306_535204305_8771375_1799040206_a1.jpg


    මෙම අදහසට මුල්වන දෙවන කරුණ වන්නේ 1969 නොවැම්බර් 20 වන දින ඇපලෝ සද ගමනේදී ආපසු මව් යානය වෙත පැමිණිමෙන් පසු ලූනාර් මොඩියුලර් නම් යානය සද මතට නිදහස් කෙරිනි. සද මතුපිට මෙම යානය ගටීමත් සමග සද මත තැන්පත් කල උපකරණ පැයක් පමන යනතුරුත් සද සීනුවක් මෙන් කම්පනය වන ආකාරය වාර්ථා කරන්නට විය. මෙම සිදුීමම ඇපලෝ 13 සද ගම‍නේදීද වාර්ථා වුනු අතර මෙවර පැය තුනක කාලයක් සද කම්පනය වී තිබුනි. රුසියානු විද්‍යාශයින් දෙදෙනෙකු වූ වසින් හා ෂර්බකොව් යන දෙදෙනා මෙවැනි සිදුවීම් පිළිඹද වසර ගනාවක අධ්‍යයනයකින පසු පවසා සිටියේ සද ඇතුලත හිස් විය හැකි බව මෙන්ම එය කෘත්‍රීම නිර්මාණයක්ද විය හැකි බවයි.

    මෙයටම සහය පල කෙරෙන අදහසක් ඇමෙරිකානු ප්‍රථාම සද ගමනින්ද ඇති විය. සද නිරතුරුවම අභ්‍යාවකාෂයේ සිට ඇදී එන ග්‍රහ කැබලි දූවිලි ආදීන්ට මුහුණ දෙන බැවින් සද මතුපිට සදේ වයස අනුව බල විට අගල් අසූ හතරක වත් දූලි තට්ටුවකින් එහි මතුපිට ගැවසී තිබිය යුතු බවට නාසා ආයතනය සද ගමනට පෙරම සැක කලේය. සද මතුපට ඇති තත්වය පිළිඹද කිසිදු හෝඩුවාවක් ඒ වන විට ඔවුන් තුල නොතිබුනි. නමුත් ඔවුන්ට අවසානයේ හමු වූයේ අගල් දෙකක පමන වුනු දූලි තත්ටුවක් පමනී.
    නමුත් මෑත කාලීන නාසා ආයතයේ අධ්‍යයන්ට අනුව සද ඇතුලත සිදුරු නොවන බවට සනාථ කර ගෙන ඇති බව පැවසෙතත් සදේ කම්පනයට හේතු වීම පිළිඹද නිෂ්චිත නිගමනයක් නොමැත.





    සඳු මතුපිට ගොඩනැගිලි?

    ඉතිහාසයේ සිට මෙන්ම ඇපලෝ සද ගමන් වලදීද ලබාගත් ජායාරෑප මගින් තවත් අත්භූත කරුනු රැසක් හෙලි කර තිබුනි. එනම් සඳු මතු පිට පැවති අසාමාන්‍ය පිහිටීම් රැසකුයි.සමහර සලකුණු සැතපුම් ගණන් දිගු වුනු බවට වාර්ථා විය. ඕර්බිටර් 3 නැමති සද යානය සද වටා ගමන් කරමින් ඡායාරෑප ලබා ගන්නා විට සදේ යුකර්ට් නැමති කොටසේ දක්නට ලැබුනේ සද මතුපිට සිට ඉහලට නැගුනු අසාමාන්‍ය කුලුණකුයි. පසුව එය ෂාර්ඩ් ලෙස නම් කෙරුනි. ඒ සමගම එයට ඉහලින් ඇදී ගිය තවත් කිසියම් වස්තුවක්ද දැක ගත හැකි විය. එසේම 1953 දී නිව්යෝර්ක් ටි්‍රබියුන් පුවත් පතේ විද්‍යා කතෘ කෙනෙකු කලේ මාරි ක්‍රිසියම් ක්‍රේටරය මත සැතපුම් දොලහක් පමන දිගු විය හැකි පාලමක් දැක ගත් බව වාර්ථා කර තිබුනි.

    මේ සදහා විද්‍යාඥයිට දිය හැකි වුනු එකම පිළිතුර වූයේ මේවා චලනය වන ගල් නිසා ඇති වූ ඒවා බවයි. නමුත් සමහර රේඛා තුල අසාමාන්‍ය කෘත්‍රීම බවක් දැකිය හැකි විය.

    සඳු මතුපිට සෑදුනු විශාල වලවල් ක්‍රේටර් ලෙස නම් කර ඇත. විද්‍යාඥයින් අනුමාන කරන පරිදි මෙම ක්‍රේටර් නිර්මාණය වන්නේ අභ්‍යාවකාශයේ සිට ඇදී එන ග්‍රහ වස්තු සඳු මතු පිට ගැටීමයි. මෙම ආවාට අනෙකුත් ග්‍රහලෝක සතු චන්ද්‍රයින්ගෙන්ද දැක ගත හැක. නමුත් සඳු මතුපිට තිබෙන සමහර ක්‍රේටර් කෙතරම් ගැඹුරුද යත් ඒවායේ පතුලක් පවා දැක ගත නොහැක. එසේම අවස්ථා බොහෝ ගණනකදී මෙම ක්‍රේටාර් තුල හා අවට සිදුවන අද්භූත සිදුවීම් රැසක් විද්‍යාශඥයින් විසින් නිරීක්ෂණය කර ඇත. පෙර නිරීක්ෂණය කල සමහර ක්‍රේටාර් පසුව කලෙක බලන විට අතුරුදහන් ව ඇති බව විද්‍යාඥයින් විසින් හොදින්ම නිරීක්ෂණය කර ඇති සිදුවීමකි. සමහර නොගැඹුරු ක්‍රේටාර් විටෙන් විට හැඩයන් හා එහි ඇතුලත වෙනස් කරන අතර සමහර තැන් වල ක්‍රේටර් අතුරුදහන් වන විට තවත් තැනකින් අලුත් ක්‍රේටර් මතු වේ.

    ගැසෙන්ඩි ක්‍රේටරය මෙසේ විද්‍යාඥයින් විසින් අසාමාන්‍ය බවට මත පල කෙරුණූ ක්‍රේටරයකි. නිරන්තර අමුතු එලි මතුවීම අමුතු රේඛා මතුවීම් ආදී සිදුවීම් රැසක් මෙය තුලින් නිරීක්ෂණය කර තිබුනි.


    395411_10150550317169306_535204305_8771328_2009846800_a1.jpg

    ෂාර්ඩ් ලෙස නම් කෙරුණු කුලුණ


    403715_10150550322099306_179024315_a1.jpg

    එසේම ඔර්බිටර් 3 මගින් ලබා ගත් තවත් අසාමාන්‍ය පිහිටීමක් වූ මෙය "කුලුණ" ලෙස නම් කර ඇත. ගගන ගාමීන් සදහන් කලේ මෙය සැතපුමක් පමන පලල සැතපුම් පහක් පමන උස කිසිවක් බවයි. අසාමාන්‍ය කෘත්‍රීම බවක් මෙයින් දැක ගත හැක.


    399415_10150550323319306_535204305_8771344_641264943_a1.jpg

    මේ ඉතිහාසයේ සිටම සද මත නිරීක්ෂකයින් නිරීක්ෂණය කර තිබුනු අසාමාන්‍ය පිහිටීමකි.



    සද ගමන

    සද පිළිඹද කථා කිරීමේ දී වඩාත්ම කුතුහලය දනවනව හා විශ්මිත සිදුවීම් රැසක් සද ගමන හාද බැදී පවතී. මෙයින් ප්‍රධානම තැන ගන්නා කරුණ වූයේ 1969 වර්ෂ‍ේ මුල් සද ගමනින් පසුව විවිධ පුද්ගලයින් විසින් සද ගමන බොරුවක් බවට මතයක් ගෙඩ නැගීමට උත්සාහ කිරීමයි. මෙහි විශේෂත්වය වූයේ මින් සමහරකු නාසා ආයතනයේම සේවය කල අය වීමයි.

    සද ගමනේදී ලබා ගත් ඡායාරෑප වීඩියෝ දර්ශණ සිදු කෙරුනු කථා බහ ආදිය පිළිඹද ඉතාමත් සියුම් ලෙස පරීක්ෂා සිදු කල ‍පිරිස්ද අවසාන‍යේ මේ මතය සත්‍ය බවත් නාසා ආයතනයේ සද ගමන බොරු මවා පෑමක් බවත් ප්‍රකාශ කරන්න විය. නමුත් 2009 වර්ෂයේදී moon orbiter යානය විසින් 1969 වසරේ සද ගම‍නේ පෙදෙස මෙලෙස ඡායාරෑපයට නගා තිබුනි.

    මින් 1969 සද ගමන සැබැවින්ම සිදු වූවක් බවට සහතිකයක් ලැබුනද 1969 සද ගමනේදී ලබා ගත් සමහර ඡායාරූප හා වීඩියෝ පට පිළිඹද සැකයන් දුරු කරවීමට එය සමත් වූයේ නැත.

    409010_10150550336219306_535204305_8771384_943529539_a1.jpg
    407325_10150550336554306_535204305_8771388_1835214997_a1.jpg

    චන්ද්‍ර පාෂාණ මත C අකුර සටහන්ව තිබීම. පසු කලෙක ඡායාරෑප වලින් මෙම අකුර ඉවත් කර තිබුනි.


    සඳු මත ඡායාරෑප ගනීමේදී වස්තු හා දුර පිළිඹද මැනුම් ලබා ගැනීමට උපයෝගී කරගත් කතිරයක් මෙම තිරය කැමරාව මගින්ම ඇති වන්නක් වන අතර මේ ඡයාරෑපය අනුව පෙර ලබා ගත් ඡායාරෑපයකට ඉදිරියෙන් මෙම යානය තබා ඡායාරෑපය ගෙන ඇති බව පැහැදිලි වේ.
    400290_10150550338654306_535204305_8771392_1467955515_a1.jpg
    408589_10150550337639306_1103189930_a1.jpg



    එසේම එකම පසු බිමේ ආකාර දෙකක ඡායාරෑප පවතින ස්ථානක් මෙම ඡායාරෑපයෙන් දැක්වේ.
    401036_10150550339924306_535204305_8771394_1260648667_a1.jpg
    396080_10150550340134306_785235059_a1.jpg



    1982 වසරේ පමන සද ගමන පිළිඹද පොතක් ලියා පල කල විද්‍යාඥයකු වුනු විලියම් බ්‍රවුන් නැමැත්තා හෙලි කර සිටියේ වෙනත් අදහසකි. නාසා ආයතනය මගන් සදට යාම සිදු කරන ලද අතර ඒ සමගම ඒ සදහා බොරු කලින් දර්ශණ ගත කන ලද වීඩියෝ දර්ශණද ඇතුලත් කල බව කියා සිටියේය. එසේම සඳු මතට යාමට නාසා ආයතනය භාවිතා කල තාක්ෂණය රොකට් තාක්ෂණය නොවන බවත් යාන ගොඩ බස්වන විට දුහුවිලි ආදියක් පැන නොනැගැනේ මේ නිසා බවත් ඔහි සිය Moongate නම් පොත හරහා විස්තර කර සිටියේය. සද මතට මිනිසකු ගොඩ බැස්සවීමට තරම් ඒ වන විට කාත්ෂණය දියුණු නොවුනු බවද බොහෝ දෙනෙකු ප්‍රකාශ කර සිටි මතයකි. සමහර විට මිනිසුන් නොමැති යානා මගින් ඡයාරූප ලබා ගැනීමට කටයුතු කලාද යන සැකයද මතුවේ.

    නමුත් සද ගමන තවත් අද්භූත තත්වයකට පත් වූයේ සඳු ගමන් වලදී ගගන ගාමීන් හා පාලන ස්ථානය සමග ඇති වුනු විවිධ කථා බහ කිහපයක් සම්බන්ධයෙනුයි. එක් කථාවක් අනුව නීල් ආම්ස්ට්‍රොන් පවසා සිටින්නේ සිතාගැනීමට නොහැකි තරමේ කිසියම් අතිවිශාල යානාවක් හා තමුන්ව නරඹමින් සිටින පිරිසක් පිළිඹදවයි. නමුත් ඔහුගේ කථාව මගහැරවීමට පාලන මැදිරිය කටයුතු කරයි. මේ පිළිඹද සුලු විස්තරයක් මෙම යොමුවේ මුල් කොටසින් දැක ගත හකි අතර වැඩි විස්තර අන්තර් ජාලය තුලින් සොයා ගත හැක.




    එසේම සඳු ගමනට පෙර සඳු මත ජනාවාස බිහිකිරීම පිළීඹද නිරතුරු සිහින මැවූ නාසා ආයතය ඉන්පසු ඒ පිළිඹදව බොහෝ දුරට නිහඩ විය.

    මෙහි දැක්වුනේ සඳුගේ අසාමාන්‍ය බව පිළිඹද කරුණු කිහිපයක් පමණි. කෙසේ නමුත් ඉතිහාසයේ සිටම මිනිසාගේ නොමද සැලකීමට පාත්‍රවුනු සඳු පිළිමද නියම තතු දැන ගැනීමට අපහට තවත් කලක් බලා සිටීමට නම් සිදු වනු ඇත.




    50540_151742781933_1471898647_q.jpg

    © රංග නානායක්කාර
    https://www.facebook.com/sinhala.buddhist
    http://sinhalabuddhist.com/2012/05/mysteries-of-moon/
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,152
    12,139
    113
    Ohio, USA
    නියමයි.. මචන් පුළුවනන්ම් ෆොන්ට්ස් සයිzස්එක ටිකක් ලොකුකරලා දාන්න.
     
    • Like
    Reactions: Sadeepa Arosha