සඳුගේ අභිරහස්
සඳු පිළීඹදව අදප දන්නේ මොනවාද චන්ද්‍රයා හෙවත් සද පෘඨිවියේද මිනිසාගේද සත්ත්වයින්ගේද දුරස්ථ හිතවතෙකි. පෘතිවිය වටා එක් ඉලිප්සාකාර ගමන් වාරයක් නිම කිරීමට දින 27 පැය 7 ක් මිනිත්තු 43 හා තත්පර 11.5 ලබා ගනී. එහි විශ්කම්භය පෘථිවියේ විශ්කම්භයෙන් ¼ පමණ වන විට පරිමාව 1/50 පමන වේ. මිනිසා සඳු ජයගෙන දැනට වසර හතලිහකටද වඩා කාලයක් ගත වී ඇත. සිතියම් ගත කල සද දැන් සම්පූර්ණයෙන් http://www.google.com/moon/ තුලින් දැක බලා ගත හැක. අද විද්‍යාවේ දියුණුවත් සමග ආලෝක වර්ශ ගණන් දුර ග්‍රහ වස්තු නිරීක්ෂණය කිරීමටද සෞරග්‍රහ මණ්ඩලයෙන් ඈත තාරුකා වල පවතින ජීවීන්ට සුදුසු ග්‍රහවස්තු සොයා ගනීමටද මිනිසා සමත් වී ඇත. නමුත් කොතරම් දුරට විශ්වය නිරීක්ෂණය කලද දැනුම වඩාගත්තද පෘඨිවියේ ලගම නෑයා වන සඳු සම්බන්යෙන් තවමත් නොවිසඳුනු ගැටලු පවතින බව ඔබ දන්නවාද? දන්නා දැනුම ජනප්‍රිය කරවන සම්ප්රදාය යටතේ බොහෝ දෙනෙකු සද පිළිඹද මිනිසාගේ විද්‍යා දැනුම 100% සම්පූර්ණයැයි සිතා සිටියද සද පිළිඹද තවමත් නොවිසුදු ගැටලු කිහිපයක්ම පවතී.
ඉතිහාසයේ සිටම පෘථිවිය සෘතු වෙනස් වීම් කෘෂිකාර්මික කටයුතු ආදී බොහෝ දේ සදහා දායකත්වය ලබා දෙන සඳු මිනිසාගේ ජීවිතයටද බලපෑම් කරන බව ජෝතිෂ්‍ය හරහා විස්තර වෙයි. බුදු දහමට අනුව ශ්‍රක්‍ර දේවේන්ද්‍රයා විසින් සඳුගේ මුහුණේ සාවාගේ රුව ඇදි බව අපගේ ජාතක කථාවක සදහන් වෙයි. පෘථිවියේ අපට දැක ගත හැක්කේ සැමදාම සඳුගේ එක් පෙදෙස් පමණි අනෙක් පෙදෙස අදුරු කොටස ලෙස හැදින් වෙන අතර සෑම විටම පෘථිවියට පිටුපා තිබෙයි. ක්ෂිතයෙන් විශාලව මතුවන සඳු අහස මැදට පැමිණෙන විට කුඩාවට දිස්වන අතර මෙය එක්තරා ද්රශ්ඨි මායාවකි. වසරින් වසර ඉතා සුලු ප්‍රමාණයකින් පෘඨිවියෙන් ඈත් වෙමින් යයි.
චන්ද්‍රයාගේ පිළිඹද ගැටලුව වලින් මුල්ම ගැටලුව වන්නේ එහි උපත හා එය නිර්මාණය වී ඇති ආකාරයයි. එය තවමත් නොවිසඳුනු ගැටලුවකි. ඒ පිළිබඳව විවිධ මත පවතින අතර . එයින් එක් මතකයට අනුව චන්ද්‍රයා පෘථිවියෙන් පැලී, වෙන් වී එහි කක්ෂය වටා භ්‍රමණය වේ. සඳේ ඝනත්වය සහ පෘථිවියේ හරස් හෝ ඉහළ උප ස්ථරයේ පාෂාණවල ඝනත්වය සමාන වීම එම මතයට එක් සාක්ෂියකි. තවත් මතයකින් කියවෙනුයේ පෘථිවිය, චන්ද්‍රයා හා සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු සියලු ම වස්තූන් විශාල වලාකුළක් ලෙස එකට කොටු වී තිබූ බවත්, පසුව ඒවායින් බොහොමයක් මධ්‍යයට එක් වී සූර්යයා නිර්මාණය වූ බවත් ය. තෙවැනි මතයෙන් චන්ද්‍රයා, සෞරග්‍රහ මණ්ඩලයට පිටතින්ද, පෘථිවියට ඉතා ඈතින්ද නිර්මාණය වූ බවත් පසු කලෙක දී පෘථිවියේ ස්ථිර කක්ෂයට ඇද ගන්නට ඇති බවත් කියවේ. කෙසේ වුවත් අද වනතුරුත් අද වනු තුරුත් සඳු ගේ නිර්මාණය පිළඹදව අවසාන නිගමනයක් නොමැත.
පැරුන්නන් සූර්යග්රහන සදහා දී තිබුනේ ඉතාමත්ම සුවිසේෂි තැනකි. එය ස්වභාවික සංසිද්ධියක් නැරඹීමට එහා ගිය වැදගත් කමක් විය. සමහර ශිෂ්ඨාචාර මගින් මෙම සූර්්යග්හන ඇති වන අවස්ථා නිරීක්ෂණය කිරීමට විශාල කැප කිරීම් සිදු කොට තිබුනි. අද විද්‍යාව මගින් සූර්යග්රහන මගින් පෘථිවියේ පරිසරයට එතරම්ම බලපෑමක් සිදු කරන බවක් සොයා ගෙන නොමැති නමුත් සූර්්යග්රහන සම්බන්ධයෙන් එක් සුවිසේෂි සිුවීමක් වන්නේ සඳු මගින් ඊට දුරින් ඇති සූර්යයා ඉතාමත් නිවුරැදිව ආවරණය කිරීමයි. එය අඩු හෝ වැඩි නැත. එය ඉතාමත්ම විෂේශිතම වූ පිහිටීමකි. එසේම පුර සද පායන අවස්ථාවල සද මගින් මිනිසුන් වෙත අසහනකාරී හැගීම් ගෙන දෙන බවද පුරාණයේ සිට පැවත එන මතයකි. මේ පිළිඹද අද කාලයේ පවා පරීක්ෂණ සිදු කර ඇති අතර තවමත් 100 % සත්‍යා නොවන බවටද ඔප්පු කොට නොමැත.
සඳු පිළිඹද මීලග ප්‍රෙහෙලිකා පටන් ගන්නේ අතීතයේ සිටම විවධාකාර විද්‍යාඥයින් ඇතුලු නිරීක්ෂයකයින් විසින් සඳු මත සිදුවන අසාමාන්‍ය සිදුවීම් වාර්ථා කිරීමට පටන් ගැනීමමෙනි. සඳු මතුපිට වලාකුලින් සැරසුනු කොල පැහති පරිසරයන් කෙත් වතු නගර හරහා ඒ මේ අත ධාවනය වන යානා පිළිඹද කතාන්දර හා විශ්වාසයන් විවිධ හේතූන් නිසා අතීතයේ සිටම විවිද විද්වතුන් වාර්කා කර තිබුනි. සද මතුපිට කිසිවකු ජීවත් වන බවට අතීතයේ බොහෝ දෙනා විශ්වාස කර තිබුනි. 1969 වසරේ අමෙරිකාව විසින් සඳු මතු පිටට මිනිසුන් ගොඩ බැස්වීමට පෙර නාසා ආයතනය මගින් සිදුකල කුතු හලය දනවන ගවේශයනයක් වූයේ වසර ගණනාවක් තුල මවිවිධ මිනිසුන් විසින් සඳු මතු පිට නිරීක්ෂණය කරන ලද අසාමාන සිදුවීම් පිළඹද වසර තුනක පමණ අධ්‍යයනයක් සිදු කරනු ලැබීමයි. මෙම වාර්ථාව සද ගමනට පෙර 1968 වසරේදී NASA Technical Report R-277 නමින් මෙම එලි දැක්විනි. ඉතිහාසයේ සිටම සඳු මතුපිට නිරීක්ෂණය කරනු ලැබුනු අසාමාන්‍ය සිදුවීම් හයසියයක් මෙහි අන්තර් ගත විය. මෙම සම්පූර්ණ වාර්ථාව http://www.creationism.org/books/nasalunar/ යොමුව තුලින් දැක ගත හැක.
සඳු මතුපිට ජීවීන්ට සුදුසු පරිසරයක් පවතිනවාද?
සමහර විද්‍යාඥයින් සඳු මතුපිට ස්වභාවිත සංසිද්ධි ලෙස හැදින්විය හැකි වලාකුලු, විදිලි කෙටීම්, හා හරිත වර්ණ පරිසරයන් නිරීක්ෂණය කර තිබීම මෙම සැකයට හේතුවයි. සඳු මතුපිට ධ්‍රැවයන් ආශ්‍රිතව මිදුනු ජලය පවතින බවට දැනට දන්නා කරුණකි. නමුත් මේ තත්වය සමග ඇති වන ගැටලුව වන්නේ සඳු සතු අඩු ගුරුත්වාකර්ශණය මෙවැනි යාවලියක් සදහා සහයක් නොදක්වන බවයි.
සෙනෙසුරුගේ චන්ද්‍රයින් හතර දෙනෙකු මුලින්ම නිරීක්ෂණය කිරීමට බ්‍රහස්පතිගේ රතු ලපය මුලින්ම නිරීක්ෂණය කිරීම ආදියට සම්බන්ධ වුනු ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ විද්‍යාඥයකු වන ගියොවානි කැසිනි ගේ වාර්ථාවක් ඉහත නාසා පර්යේෂ පත්‍රිකාවට අඩංග වන අතර කැසිනි විසින් 1671 වසරේදී සඳු මුතු පිට සුදු වලාවක් ඇදී යනු නිරීක්ෂණය කර තිබුනි. 1787 වසර වන විට තවත් විද්යාඥයයින් දෙදෙනකු විසින් සඳු මතු පිට ඇති වන අකුණු ගැසීම් ආදිය පිළිඹදව වාර්ථා කර තිබුනි.
පසුව මෙම වලාකුලු ඡායාරෑප ගත කිරීමට විද්‍යාඥයින් සමත් වූ නමුත් ඒ කුමක්දැයි යන්නට නිෂ්චිත පිළිතුරක් දීමට අපොහොසත්ව සිටිති. චන්ද්‍රයා මත සිදුවන ගිණි කදු ක්රියාකාරීත්වයන් මේ සදහා හේතු වන බවට සමහරෙක් අදහස් දැක්වුවද එය තවමත් විද්‍යානුකූලව සනාථ කිරීමට අපොහොසත් වී ඇත.
1959 සප්තැම්බර් මාසයේ 13 වන දින විද්‍යාඥයින්ට සඳුගේ ලිත්රෝ නැමති කොටස ඡායාරූප ගත කිරීම නොහැකි වූයේද එම පෙදෙස වසා ගනිමින් පැතිරී ගිය අදුරු පදාර්ථයක් හෝ වලකුලක් නිසාය. එසේම වරක් සදේ ට්‍රැන්කොලිටි මුහුද නැමති කලාපය හරහා ඇදී ගියේ දම්පැහැ සීමාවන්ගෙන් යුක්ත වුනු වුනු අදුරු වලාකුලකි.
එසේම සමහර විද්වතුන් සද මතුපිට ඇති ක්‍රේටාර් තුල ඇති සලකුණු ජල ඛාදනයෙන් සිදුකෙරුනාක් බදුවුනු සලකුණු යැයි සැක පහල කරති.
සඳු මත තවත් අද්භූත සිදුවීඹක් වන්නේ ඒ මත ඇදී යන විවිධා කාර වූ ආලෝක ලප වරින් වර නිරීක්ෂණය කිරීම පිළිඹද වාර්ථා නිසාය. සද මතු පිට ආලෝක ලප පිලිඹද මුල්ම වාර්ථාව ගෙන ඒනේ ක්‍රිස්තූ පූර්ව 400 පමණ ප්ලේටෝ නැමති දාර්ශණිකයා විසිනි. සද මතුපිට ඇදී ගිය ආලෝක ලප කිහිපයක් ඔහු විසින් වාර්ථා කර තිබුනි. යූරේනස් ග්‍රහ ලොව සොයා ගත් සර් ෆෙඩ්රික් විලිම් හර්ෂෙල් විසින්ද 1771 දී සඳු මතු පිට සැරි සරන කිසියම් එලි කිහිපයක් නිරීක්ෂණය කර ඇත. ඔහුගේ පටන් එදා මෙදා තුර කාලය තුල මෙවැනි එලි හා දිලිසීම් දුටු අවස්ථා පිළිද වාර්ථා දෙසිය ගණනකටද අධිකය. නීල් ආම්ස්ට්ාට්රාන්ග් හා පසුකාලීන ගගන ගාමීන් විසින්ද පසුව සද මතුපිටදී මෙවැනි දේ දුටු බවට වාර්ථා කෙරුනි.
සඳු මතු පිට ඡායාරෑප ගත තකරුනු අමුතු එලි පෙලක්
නීල් ආම්ස්ට්‍රොන්ග් විසින් ඡායාරෑපයට නැගූනු ආාලා්කයක්.
ජනප්‍රියත්වයත් සමග මොවා transient lunar phenomenon ලෙස හැදින්වුනු අතර පසුගිය වකවානු තුල සිදු කෙරුනු අභ්‍යාවකාශ තරනයන් තුලදී මෙවැනි සිදුවීම් ඡායාරෑප ගත කර ගැනීමට විද්‍යාඥයින් සමත් වුනි. සමහර ආලෝක ලපයන් වායූන් හා ආරෝපිත අංශූන්ගේ ගැටීම නිසා සිදුවන ‘Cerenkov radiation’ effect නම් සංසිද්ධියක් නිසා සිදුවන බවට මත පල කෙරුනද සමහර ආලෝක ලපයන් ගේ අමුතු ගමන් ගැනීම් හා අමුතු රටාවන් විස්තර කිරීමට එය නොසෑහිනි.
http://news.bbc.co.uk/2/hi/science/nature/789095.stm
ඇපලෝ 11 සද ගමනේදී යානයට කිලෝමීටර් 6000 පමණ දුරින් ගත් කිසිවක් මෙසේ ඡායාරෑපයට නගා තිබුනි.
ඒ පිළිඹද බස් ඕලිඩ්රින් ගේ වාර්ථාව මෙය තුලින් දැක බලා ගත හැක.
© රංග නානායක්කාර
http://sinhalabuddhist.com/2012/05/mysteries-of-moon/

Last edited: