සඳුනි (නොකියූ කතාව)

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    සඳුනි (නොකියූ කතාව)


    සඳුනි
    (නොකියූ කතාව)

    znuC7ZC.jpg


    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යාපනය හදාරන යුධ හමුදා වෛද්‍ය ශිෂ්‍යයෙකු වන මගේ සායනික පුහුණුව අතර මුහුණ දුන් සත්‍ය සිදුවීම් ඇසුරින් ලියැවෙන "නොකියූ කතාව" මේ දවස්වල facebook ඉන්න අය කියවනව ඇති. :D

    කීප දෙනෙකුගේ ඉල්ලීම මත මේ දවස් වල ජනප්‍රිය අලුත්ම :love: තුන්කොන් සරසවි ප්‍රේමයක් :love: ගැන කියැවෙන නොකියූ කතාව ElaKiri.com එකෙත් අද සිට සමගාමීව publish කරන්න බලාපොරොත්තු වෙනවා.
    මේ සඳහා අවසර ලබාදුන් GTRZ සහෝට මම ‍ණයගැතියි. :rolleyes:

    සෑම සෙනසුරාදාවකම අලුත් කොටසක් බලාපොරොත්තු වෙන්න. :cool: කලින් ලියපු කතා මම හිමීට දාන්නම් ;)

    කියවන අයගේ පහසුවට මම මුල් පෝස්ට් එකේ කොටස් වල ලින්ක් සේරම දාන්නම්. :nerd:

    පළමු කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19512442&postcount=2
    දෙවන කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19516410&postcount=32
    තෙවන කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19549606&postcount=52
    සිව්වන කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19564418&postcount=66
    පස්වන කොටස :http://www.elakiri.com/forum/showpost.php?p=19572001&postcount=91
    හයවන කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19579474&postcount=101
    හත්වන කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19594000&postcount=129

    සියලුම වර්ගයේ කමෙන්ට්ස් බාර ගනු ලැ‍බේ. චෝදනා ප්‍රශංසා සහ නව අදහස් වලට උනත් මම විවෘතයි. :yes:

    අවවාදයයි : සංවේදී අය කියවීමෙන් වලකින්න. රෝගීන්ගේ අනන්‍යතාවය සුරැකීම සඳහා කතෘ අභිමතය පරිදි නම් ගම් වෙනස් කර ඇත.
    ‍​
     
    Last edited by a moderator:

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :love: සඳුනි - පළමු කොටස :love:


    “පළමු වැනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය බදුල්ල බලා පිටත් වේ. මීලග නැවතුතුම්පල..”

    “‍පේරා වලට ඊලඟට තියෙන ට්‍රේන් එකේ සෙකන්ඩ් ක්ලාස් තියෙනවද?”

    හැමදාම මෙන් අදත් ප්‍රමාදව පැමිණි අනුරාධ දුම්රිය ටිකට් කවුන්ටරයට එඹී ඇසුවේ බලාපොරොත්තු රහිත ස්වරයෙනි.

    “දැන් තියෙන එකේ ඉතුරු වෙලා තියෙන්නේ තර්ඩ් ක්ලාස් ‍විතරයි.”
    “ඊලඟ ට්‍රේන් එක කීයටද?”
    “ආයේ ට්‍රේන් එකක් තියෙන්නෙ පැය 2කින්”

    පැය 2ක් බලන් ඉන්නවද? තර්ඩ් ක්ලාස් එකක් අරන් යනවද? අනුරාධ දෙලොවක තනිවිය. කුඩා කල සිටම සැප පහසු ජීවිතයකට හුරුවූ ඔහු දුම්රියෙන් ගමන් ගොස් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වීමෙන් පසු තමන්ගේ ඉදිරි අධ්‍යාපනය ඉංජිනේරු අංශයෙන් හැදැරීමට ‍තෝරා ගත්තේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයයි. මින් පෙර ගෙදරින් පිට ජීවත්වී නැති අනුරාධට අකැමැත්තෙන් වුවද විශ්වවිද්‍යාලයට සමීප ස්ථානයක නැවතී අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිදුවිය. මුල් මාස කීපයේ යෑමට එමට පියාගේ කාර් රථය ලැබුනද නිතර යාමට ඒමට පොදු ප්‍රවාහන ක්‍රමයක් පාවිච්චි කරන්නට ඔහුට සිදුවිය.

    දුම්රියේ යාමට ඔහු කැමති නැත. ඕන වෙලාවක යන්නට ට්‍රේන් නැත. පළමු, දෙවැනි පන්ති වල ටිකට්ද සීමිතය. පරක්කු උනොත් තුන්වැනි පන්තියේ චප්ප වී යන්නට සිදුවේ.

    නමුත් ට්‍රේන් එකේ එක වාසියක් තිබේ. බස් එකට වඩා ඉක්මණින් යා හැකිය. ට්‍රැෆික් එකට අහුවෙන්නේද නැත.

    “තර්ඩ් ක්ලාස් එකක් දෙන්න.”

    ප්‍රවේශ පත්‍රය උදුරාගත් ඔහු වේගයෙන් ඉදිරියට ඇදෙන දුම්රිය දෙසට දිව යන්නට විය.

    ------------------------------------------------------------------------------

    ආයෙ නම් ජීවිතේට පරක්කු වෙන්නෙ නෑ. වෙනදාට ඔහුටම වෙන්වූ සුව පහසු අසුනකට වී කවුලුවෙන් පිටත සුන්දරත්වය නරඹමින් දුම්රියේ ගිය ඔහු අද හුස්ම ගන්නට වත් ඉඩක් නැති තරමට තෙරපුනු තුන්වැනි වේදිකාවේ සිටගෙන වහල දෙස බලාගෙන තමන්ටම බැනගන්නට විය.

    “අයියේ මේ බෑග් එක උඩට දාලා දෙන්න පුලුවන්ද?”
    හිටගෙන නිදිකිරමින් සිටි ඔහුට හීනෙන් මෙන් කවුදෝ කියනු ඇසුනි.

    “අයියේ?”

    “ආහ්” ඇස් දෙක අඩවන්ව ඔහු ඈ දෙස බැලුවේය. මල් ගවුමකින් සැරසී සිටි යුවතියකි. හේ නැවතත් ඇස් පොඩි කර බැලුවේය. මේ ‍හීනයක්ද?

    “මොකද්ද නංගි?”

    “අයියේ මේ බෑග් එක උඩට දාලා දෙන්න පුලුවන්ද? මට උස මදි.”
    ට්‍රැවලින් බෑගයක් අත් දෙකින්ම ඔසවාගෙන ඈ ඔහු දෙස බලා සිටී.

    “කෝ දෙන්න.” අනුරාධ බෑගය අතට ගත්තේය. “මේකෙ බර. නංගි ගෙවල් මාරු කරනවද?” බෑගය ඉහළින් අඩුක් කරමින් අනුරාධ ඇසුවේ මුවගට සිනහක් නංවමිනි.
    “හ්ම්. හෙට කැම්පස් පටන් ගන්නවා අයියා. බෝඩිමට බඩු ගෙනියනවා ඉතින්. ගෙවල් මාරු කරනවා වගේ තමයි.” ඈ එක හුස්මට කීය.

    “කොහෙද ‍පේරාද?”
    “හ්ම්.”
    “ආට්ස් වෙන්න ඇති ශුවර් එකට.”
    “නෑ අයියා. මම බයෝ කළේ.” ඇය නුරුස්සනා සුලු ස්වරයකීන් කීය. “මෙඩිසින්.”
    “ෂා මරුනේ. දොස්තර නෝන කෙනෙක්. අපිටත් පස්සෙ කාලෙක බේත් ගන්න පුලුවන් වෙයි නේ?”

    ඈ දුප්පත් පවුලකින් පැවත එන්නියකි. කුරුණෑගල නගරයෙන් දුර බැහැර පාසලක උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ ඈ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ජීව විද්‍යා විෂයධාරාවෙන් උසස්පෙළ සමත් වූයේ දෙමාපිය ගුරු සැමගේ බලාපොරොත්තු පහන් කරමිනි. ලංකාවේ පමණක් නොව ලොව සුන්දරතම විශ්වවිද්‍යාලයක් වන පේරාදෙනිය විශ්වවිද්‍යාලය ඈ ‍වෛද්‍ය විද්‍යාව හැදෑරීමට තො‍්රාගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට යෑමට ඈට උවමනාවටත් වඩා ලකුණු තිබියදීය. නගරයට ඈගේ වැඩි කැමැත්තක් මුල සිටම තිබුනේ නැත. කුරුණෑගලින් පිටත දුෂ්කර ගම්මානයක හැදුනු ඇය සැමවිට ඒ ගැමිකමට පෙම් කළාය. කුඩාකළ පාසලින් ගිය අධ්‍යාපන චාරිකාවකදී වරක් ඈ පේරාදෙනිය උද්භීද උද්‍යානය නැරඹීමට ගිය අයුරු ඈට අද මෙන් මතකය. “කොහොම හරි මෙහෙ කැම්පස් එකට එනවාමයි.” එදා පුංචි ඇගේ සිහිනය අද වන විට යථාර්ථයක් බවට පත්වී අවසන්ය.

    “නංගි? හීන බලනවද?”
    “ආහ්.” ඈ ‍පියවි සිහියට පැමිණියාය.
    “තාම පටන්ගෙන වත් නෑ අයියා. මොන බේත්ද” ඈ ලැජ්ජාවෙන් බිම බලාගෙන කීවාය.

    ඈ සමඟ දොඩමලු වන අතර කාලය වේගයෙන් ගෙවී ගියේය. ඔවුන් සිතන්නටත් පෙර පේරාදෙනිය දුම්රිය ස්ථානයට දුම්රිය ප්‍රවිශ්ඨ විය.

    “අයියා බෑග් එක අරන් දෙන්න. මම මෙතනින් බහිනවා.”
    “ආ බහිනවද? මෙන්න” අනුරාධ බෑගය අරන් දුන්නේය. “එහෙනම් ගුඩ් ලක් නංගි.”
    “ස්තූතියි අයියා.” ඈ දුම්රියෙන් බැස ගියාය.

    මරු කෙල්ල. අනුරාධ කැම්පස් ‍එකේ ඕනෑ තරම් යුවතියන් දැක ඇත. ‍කෙල්ලො නම් පේරා. නමුත් ඈ තුළ ඔහු වෙනදා නුදුටු දෙයක් දුටුවේය. ඒ අහින්සක බව. ගැමි බව. අනුරාධ සිහින ලොවක අතරමං විය.

    සරසවි උයන දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියෙන් අනුරාධ බැස ගත්තේ සිහියකින්‍ ‍තොරවය. ගතවූ පැය කීපයට ඈව ඔහුට ඒ තරම් සමීප වී තිබුනි. නැවත කෙසේ හෝ ඈ හමුවිය යුතුමයි.

    “මල කෙළියයි නම අහගත්තෙ නෑනේ.”

    ඔහු ඈ දොඩමලුවූ ඒ පැය කීපය තුල ඔහු ඇගේ අනන්‍යතාවය පිළිබඳ කිසිම දෙයක් අසා තිබුනේ නැත. දුරකතන අංකයක්, ඉන්නෙ කොහෙද තියා නම වත් අහගන්නට ඔහුට මතක් වුනේ නැත.

    දැන් මොකද කරන්නේ. දෙදරා යමින් තිබූ ඔහුගේ සිහිනය නැවත ‍‍ගොඩනගන්නට ඔහු දස අතේ කල්පනා කරන්නට විය.
    කැම්පස් එකේ හොයන්න තමයි වෙන්නේ. ඒත් ෆෙෂර්ස්ලා කීයක් නම් එයිද. අනික අපේ ෆැක් එකෙත් නෙවෙයි මට ‍කතාවක් අහගන්න තමයි වෙන්නෙ අන්තිමට.
    ඒ අදහස ඔහුට අකැමැත්තෙන් වුවද අත්හරින්නට විය.

    හරි. ලබන ඉරිද මේ ට්‍රේන් එකේ මේ වෙලාවටම ගිහින් බලනවා.
    සරසවි උ‍යන සමීපයේ පිහිටි බෝඩිමට අනුරාධ පියනැගුවේ ඊලඟ ඉරිදා ගැන සිහින මවමිනි.

    -මතු සම්බන්ධයි-
    සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.
    චන්දිම
    [05-12-2015]
     
    Last edited:
    • Like
    Reactions: apple.buddika

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    GOOD WORK..CJ MALE..
    Posted the first part :D Thanks for the bump!
    BUMP good work!!!Hope to stay touch with this thread!!:cool::cool:
    Thanks for subscribing :D expect more!
    hmm ape kurunegala kollek neda malli uamba sathutui dakinnath tho koheda malli kurunegala?
    Dan nam inne Colombo. Kurunegala pola pare :D ayya koheda?
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    චන්දිම උඹට මෙච්චර හොඳට ලියන්න පුළුවන් කියලා මන් දන්නෑ නෙ බන්,,, :rofl::rofl:
    නියමයි ආ,, දිගටම දාපන්,, :) :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    එල එල CJ :cool: උබට හොදට ලියන්න පුළුවන් නෙහ් ;) ඔව් ඔව් උබේ යාලුවෙක් තමයි :yes:
     
    Last edited:

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;19512666 said:
    Bump.digatama story eka continue karanna.
    Thanks for the bump :D

    එළ මචෝ.....කියවන්න එන්නම් හිමීට
    11.gif
    දිගටම කියවන්න :D
    චන්දිම උඹට මෙච්චර හොඳට ලියන්න පුළුවන් කියලා මන් දන්නෑ නෙ බන්,,, :rofl::rofl:
    නියමයි ආ,, දිගටම දාපන්,, :) :)
    ඉස්සර ඉදල හොරෙන් ලිව්ව බන් පබ්ලිශ් කරන්න පටන් ගත්තේ ලගක ඉදල :P
    එල එල CJ :cool: උබට හොදට ලියන්න පුළුවන් නෙහ් ;) ඔව් ඔව් උබේ යාලුවෙක් තමයි :yes:
    තෑන්ක්ස් මචන් :D කවුද මේ? :P
    Ela Machang :D
    ආ කෙබෝ :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරය යනු වේදනාවකි, ඉතිරි වන්නේ දුක පමණයි..
    ඇතැම් විට ආදරය ජිවිතයේ අසුන්දරම හැගිමක් යැයි මට සිතේ,
    සැම වේදනාවකටම මුල ආදරය නොවේද.?
    සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි..
    ආදරය විදින්නේ කෙටි කාලයයි, නමුත් සදාකාලයටම විදවනවා..
    ආදරය නිසා හටගත් මතකයන් සුන්දර වුනත් සිහියට එද්දි දුකයි..
    ආදරය කියන්නේ අපි අපම රවටා ගැනිමකි..
    ආදරය කරන්න අසයි නමුත් වේදනාවට බයයි..
    ආදරය නිසා වැඩියෙන්ම හට ගන්නේ සිනහවද? කදුළුද.?
    සිහිනයන් අතරින් ඔබ සිහිවන විට මා කුමක් කරන්නද.?
    සිනාසෙන්නද ලොවට හොරා හඩන්නද.?
    ආදරය ඉදිරියේ මා අසරණයි..
    ආදරය මා අසරණ කලා, දුකක් ඉතිරි කලා, සිතන්න යමක් ඉතිරි කලා, හැඩවුවා..
    එ හැම දෙයකින්ම මම ආදරයේ අසුන්දරම පැත්ත දැක්කා..
    එ දේ දකින්න තරම් ඔනැකමක් වත් ශක්තියක් වත් දැන් මට නැත..
    මා මේ ලොවේ තනිවු විට යායුතු මග පෙන්වුයේ නුඹයි..
    ආදරයේ නියම අර්ථය තේරැම් කර දුන් ඔබම අද මා අසරන කළා..
    මා හට වේදනාවක් ගෙන දුන් ඔබ සතුටු වන විට මා කුමක් කරන්නද.?
    මා හට ආදරය කරන්න මේ ලොවේ කවුරැන් හෝ සිටිද.?
    සිටියත් එම ආදරයත් පෙරසේ දුකක් ගෙනදෙවිද.?
    ආදරය නිසා පවතින මේ ලොවේ ආදරය නිසාම දුක් විදිනා අය කොතරම් සිටිද.?
    මාත් එවැන්නෙක් නොවේද.? ආදරය යනු ප්‍රශ්න වැලකි..
    කුරිරු ලෝකයේ ආදරය නිසා විදවන්න තරම් මා කළ පව කුමක්ද.?
    පිවිතුරැ ආදරයට ලැබෙන දඩුවම වේදනාවද.?
    ආදරය තුලින් සතුට ලැබිමට මා කළ යුත්තේ ආදරය නොකිරිමද.?
    උදයට පිපී සුවද දෙන මලක් බදු මගේ ආදරය
    හවසට පරව යන්නේ මාගේ දෙනෙතේ කදුළු ඉතිරි කරමිනි..
    ආදරය ඔය තරම් දරැනු ඇයි දැයි මා නොදනිමි..
    ආදරය කොතරම් සුන්දරද නමුත් එ සුන්දරත්වය දකින්න තරම් මා වාසනාවන්ත නැත..
    ඇස ගැටෙන මානයේ කොතරම් අය සිටියත්
    ඔබ කෙරේහි පමණක් සිත ඈදි ගියේ ඇයි දැයි මට නොවැටහේ..
    දුක කදුළු උරැම මට එම උරුමයන් පිලිගන්න තරම් ශක්තියක් මට දෙන්නේ කවුද.?
    මා ළග නුඹ නැති කළ මා සනනසන්නට කවුරැද සිටියේ.?
    මා දුක් වන විට මාත් සමග දුක බෙදාගන්න සිටියේ කවුරැන්ද.?
    ඔබ සිටිය යුතු තැන සිටියේ වෙන කෙනෙකි..
    නමුත් හදවතේ ඔබට ඇති තැන වෙන කාට දිය හැකිද.?
    මගේ හදවතේ ඔබට ඇති තැන ඔබ විසින්ම නැති කරගන්නේ ඇයි.?
    කදුළු සුසුමන් මැද මා තනි වන විට මුවගට සිනාවක් ගෙන දුන් ඔබ කොහේ ගියාද.?
    අද මා කදුළු සුසුමන් මැද තනි වන විට ඔබ මා ළග නැත..
    මගේ ජිවිතයට ඔබ පිවිසෙන විට ඔබ කුමක් කියන්නේද.?
    හැම ප්‍රශ්නයකටම මුල ආදරය නොවේද.?
    හැගිම් අතර මා තනි වන විට ශක්තියක් වුනේ ඔබයි..
    නෙතු පියාගත් කළ මගේ හදවතේ සැරිසරන්නේ කවුරැන්ද.?
    සැම විටම මට ඔබ සිහි වන්නේ ඇයි දැයි මා නොදනි..
    එ ආදරයද වේදනාවද කියා වෙන් කර ගැනිමට ශක්තියක් දෙන්නේ කවුරැන්ද.?
    ආදරය විවිධාකාරයි නමුත් එයින් හට ගන්නා දුක එකාකාරීයි..
    හදවත ආදරය අයදින විට මා කුමක් කරන්නද.? මට එය වටහා දෙන්නේ කවුරැද.?
    කළ හැකි කිසිවක් නැත, කළ හැක්කේ නෙතු පියා ඉවසිම නොවේද.?
    සැම විටම ශක්තියක් වු ඔබ වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද.?
    ඔබ දුක් වන විට දුකකුත්, සතුටු වන විට සතුටකුත් දැනේන්නේ ඇයි දැය මා නොදනි..
    මගේ ජිවිතයට ඔබ තරම් ළංවු වෙන කිසිවෙක් නැති බව ඔබ දන්නවා නොවේද.?
    අනේ ඔබ මා හැර යන්න එපා..
    ඔබත් මා හැර ගියොත් යා යුතු මග සොයාගැනීමට තරම් වත් මාගේ දැස් පැහැදිලි නොවේවි..
    දැසින් වැටෙන හැම කදුළකම නුඹේ නම ලියවේවි..
    ඔබේ මතකයන් මාගේ සිතින් ඉවත් කිරිමට තරම් ශක්තියක් මට නැත..
    මට ඔබ සැමවිටම සිහි වුනත්, ඔබට මා....
    ඔබ මට ළංවු තරම් මේ ලොවේ කිසිවෙකුත් මට ළංවුයේ නැත.. ආදරය කළේ නැත..
    එසේ කළ නුඹ දුක් වන විට මම සතුටු වන්නේ කෙසේද.?
    බිදුනු හසරැල්, බොදවු මතකයන් ඇති මගේ හදවතට නුඹ ලොකු ශක්තියකි..
    ඔබ මා ළග නැති කළ මා නිසැකවම දුර්වල වනවා ඇත..
    මා ඔබ කොතරම් විශ්වාස කරත්, ඔබට මා....
    මා ඔබ වෙනුවෙන් හෙලන සුසම්, ඔබත් මා වෙනුවෙන් හෙලනවාද.?
    අනේ ඔබ එසේ කරන්න එපා..
    මාගේ අදහස්, හැගීම්, සිතුවිලි පවසන්නේ කා හටද.?
    ඔබ දනී, එ ඔබටයි, ඔබ වෙනුවෙනුයි....