සඳුනි (නොකියූ කතාව)

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :love: සඳුනි - තෙවන කොටස :love:

    “පුතා ලෑස්ති වෙන්න මම තව ටිකකින් ටවුන් එකට යනවා ඒගමන් ඔයාව බස් ස්ටෑන්ඩ් එක ගාවින් ‍ඩ්‍රොප් කරන්නම්.” ඒ අනුරාධගේ මවයි.
    “නෑ අම්මා අද මම පොල්ගහවෙලට ගිහින් සහන් මීට් වෙලා එහෙම්ම ට්‍රේන් එකේ යන්නයි ඉන්නේ.”
    “ආ සහන් පුතත් එක්කද යන්නේ? මම එහෙනම් තව බත් පාර්සලයක් බැඳල දෙන්නම් ඒ පුතාටත් එක්කම.”
    “ඕන නෑ අම්මා. අනික මට ඕව උස්සගෙන යන්නත් බෑ. මං යනවා අම්මා!”
    “හරි පුතේ පරිස්සමට ගිහින් එන්න.”

    අනුරාධ සතියක් පුරාවට ම‍ග බලා සිටි දිනය අදයි. ඈ නැවත හමුවීමේ එකම තුරුම්පුව මෙය විය හැකියි. එනිසාමයි ඔහු නැවතත් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ඒ වේලාවටම යන්නට තීරණය කළේ.

    බීප් බීප් බීප්...මේ අතර සහන්ගේ දුරකතනය නාද වෙයි.

    “සහන් මම උඹලගෙ ගෙදර ඇවිත් ගියා කියපං අපෙ අම්ම ‍කතා‍ කළොත් හරි?”
    “මචන් මම ගෙදර නෙවෙයි ඉන්නේ අපෙ අම්මට කිව්වේ උඹලගේ ගෙදර යනවා කියලා. දැන් මොකද ‍කරන‍්නේ?”
    “උඹලත් අපි කොහෙ හරි යන්ඩ හදනකොටමනේ යන්නේ. හරි. ඒවා වැඩක් නෑ. ඇහුවොත් කියපං ඔ‍කේ?”
    “එළ මචන් අයි විල්! පරිස්සමට වැඩේ කරගෙන ඇවිත් අපිට කියපංකෝ. මේ එක නෙවෙයි තව ගුඩ් නිව්ස් එකක් තියෙනවා. මම අද රෑට උඹට කියන්නම්කෝ.”
    “හරි මචන් රෑට සෙට් වෙමු. සී යූ!”

    බස් රථයෙන් බැස පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ඔහු පියනගන විට වේලාව සවස 1.30යි. මීලඟ දුම්රියේ තුන්වැනි පන්තියේ‍ ටිකට් පතක් මිළදී ගත් ඔහු අසුනකට ‍වී වෙනදා මෙන් රේල් පීලි දෙස නොව මගීන් ඇතුලුවන දොරටුව දෙස නෙත් යොමා ඇගේ රුවම සොයන්නට විය.

    දුම්රියක නලා නාදය ඈතින් ඇසේ. ඈ තවමත් නැත.

    මේ අතර සඳුනි තම මිතුරිය සමඟ දුම්රිය ස්ථානයට ඇතුල්විය.
    “නිපූ අන්න අර අයියා ඉන්නවා අතන වාඩිවෙලා. අනේ මාව දකියි. අපි බස් එකේ යං.”
    “පිස්සුද කෙල්ලේ? පේන විදියට නම් හොඳ දතක් ‍වගේ. අනික අපේ කැම්පස් එකේ නේද? අපි පොඩ්ඩක් ගිහින් බලමු.”
    “බෑ බෑ මට බෑ!” නොපෙනෙන ඉසිරු සොයා ගොස් අතරමං වන්නට ඈට බැරිය. ඊටත් වඩා සාරංග දමා යන්නට ඈට සිත් දුන්නේ නැත. කුඩා කළ සිටම හඳුනන සාරාංග ඇයට ඇගේම කොටසකි.
    “අපි ඊලඟ ට්‍රේන් එකේ යං.” නිපු‍නිගේ අතින් අදිමින් සඳුනි පසු බැස්සේය.

    ඈ තවමත් නැත. ටිකෙන් ටික දුම්රිය සෙනඟින් පිරී ඉතිරී යයි. අද නං‍ වෙන මිනිහෙක්ගේ කරේ තමා යන්න වෙන්නේ.
    දුම්රිය ගමන් ආරම්භ කරන්නට විය. අවසන් වරටත් ඈ එනවාදැයි බැලූ අනුරාධ දුම්රියට ගොඩවිය.

    දුම්රිය ස්ථානය පසු වනවාත් සමඟ ඔහු දුම්රිය ස්ථානයෙන් පිටත අසුන් ගෙන සිටින සඳුනි හා ඇගේ මිතුරිය අහම්බෙන් දකින්නේය.

    ෂික්! දැන් මොකද කරන්නේ? හේ දස අතේ කල්පනා කරන්නට විය. හරි. රඹුක්කනින් බැහැලා ඒ ට්‍රේන් එකට නගිනවා.
    රඹුක්කනින් දුම්රියෙන් බසින ඔහු නැවතත් ඊලඟ දුම්රියට ප්‍රවේශ පත්‍ර මිළදී ගන්නේය.
    විනාඩි 30කට පමණ පසු පැමිණි ඒ දුම්රියට ඔහු ගොඩ වන්නේ බලාපොරොත්තු පොදි බැඳගෙනය.

    මැදිරියේ කෙලවර මිතුරිය සමඟ සිටින සඳුනි දකින ඔහුගේ හිසේ මලක් පිපේ.

    “ආ නංගි!”

    නොසිතූ මොහොතක අනුරාධ දකින සඳුනි වික්ෂිප්ත වන්නීය. මොහු මේ දුම්රියට ආවේ කොහොමද? ‍ඔහු කලින් දුම්රියට ගොඩවූයේ ඇගේ දෑස් ඉදිරියේමය. මෙය වූයේ කෙසේද?

    “අඅඅඅයි‍යේ?” ඈ අපහසුවෙන් වචන පටලාගන්නට අසාර්ථක උත්සහයක් දැරීය.

    “ඉතින් කොහොමද ෆස්ට් ‍වීක් එක? අලුත් යාලුවෝ එහෙම ගොඩක් මීට් වෙන්න ඇති නේද?”
    “හම්.”
    අනුරාධ ඈ කතාවට පටලාගන්නට කෙතරම් උත්සහ කළද ඈ‍ නොවේ තනි වචනයකට වඩා කීවේ.

    ඔවුන්ගේ කතාවට නොසිතූ මොහොතක බාධා කරන්නේ දුම්රිය වෙළෙන්දෙකි.
    “කජු මල්ලක්, පෙපර මයිට් එකක්, චුයින්ගම් එකක් ටොපි කඩල, තිබහට බොන්න කූල් වතුර බෝතලයක්. මහත්තයා තම්බපු කඩල කමු?”

    පැමිණි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය. තම්බපු කඩල ගොටු දෙකක්ම මිළදී ගන්නා ඔහු එකක් සඳුනි වෙතට දිගු කරන්නේය.
    “නංගි කඩල කනවනේ?”

    තම්බපු කඩල ගොට්ට දකින සඳුනි දෙලොවක අතරමං විය. ඈ තම්බපු කඩල කන්නට ආසයි. ඈට පාසල් සමය මතක් විය. සාරංග සමඟ එක කඩල ගොටු‍ව බෙදාගෙන කෑ අයුරු ඇගේ මනසේ සිතුවම් විය. ඒ මතකයන් කෙතරම් පැරණි වුවද තවමත් නැවුම්ය.

    “එපා අයියේ. මං මිරිස් දාලා කඩල කන්නේ නෑ.”

    අනුරාධගේ බලාපොරොත්තු සුන් කරමින් ඈ පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් බැස යන්නීය. නමුත් අනු‍රාධ නොවේ උත්සහය අත්හැරියේ. දුම්රිය ස්ථානයෙන් බසින ඔහු පරතරයක් තබා ගනිමින් ඈ ලුහුබඳින්නට විය. අඩුම ව‍ශයෙන් ඈ ඉන්න තැනක් වත් සොයාගත යුතුය.

    ඈ අනුරාධ පසුපසින් එන බව වැඩිවේලා යන්නට පෙර තේරුම් ගන්නීය.

    “නිපූ. අර අයියා අපි පස්සෙන් එනවා වගේ නේද?”
    “මම මෙච්චර වෙලා කටපියාගෙන හිටිය. උඹට නං පිස්සු බන්. ඔය වගේ වැදගත් කොල්ලෝ අද කාලේ හොයන්න අමාරුයි. උඹ කඩල එකත් එපා කිව්වනේ. එක්කෝ මට දුන්නනං මම හරි කනවා. අනික උඹ ඔච්චර ලයින් දීල තාමත් එනවනේ. චාන්ස් එකක් දීල බලමු.”
    “මට බෑ නිපූ. ම‍ට සාරංග ඉන්නවා. “
    “සාරංග සාරංග සාරංග. කෝ උඹේ සාරංග දැන්? උඹ දැන් ඉන්නේ පොල්ගහවෙල නෙවෙයි. පේරා. මෙහෙ ජීවිතේට හුරු වෙන්න පරණ දේවල් එක්ක අමාරුයි. ම‍ට තේරෙන්නේ නෑ. උඹ කැමැත්තක් කරපං.”
    “අපි ත්‍රීවීල් එකක යං.” ත්‍රී රෝද රථයකට අත දිගු කරන සඳුනි මිතුරියත් හා එයට ගොඩවන්නීය.
    “අයියේ ඉක්මණට යමු.” පවනට බඳු වේගයෙන් යන ත්‍රී රෝද රථය දකින අනුරාධ ත්‍රී රෝද රථයක් සොයා ගන්න විට ඈ දෑස් මා‍න‍යෙන් ගිලිහී ගොසිනි.

    අවසන් උත්සහයද ව්‍යර්ථව බෝඩිම කරා මලානිකව පියමණින ඔහුට සහන්ව
    මුණගැසේ.

    “මොකද බං දාහට අරං සත පණහට දීල වගේ. මෙච්චර වෙලා කොහෙද ගියේ. උඹ ට්‍රේන් එක තල්ලු කරගෙනද ආවේ? කෙල්ල හම්බුනාද? මොකෝ කීවේ? නම්බර් එක දුන්නද?” සහන්ගේ නොනවතින ප්‍රශ්න වැල හමුවේ අනුරාධ අසරණ විය.

    “මචන් මගේ ඔලුව කැක්කුමයි. මං ටිකක් නිදාගන්නව. පස්සේ සීන් එක කියන්නම්.”

    ---------------------------------------------------------------------------------

    දිවෙන දුම්රියේ කවුලුවෙන් ඈත ක්ෂිතිජය දෙස ඈ නෙත් යොමා සිටී.
    මෙතනින් පසු සියල්ල වෙනස් වන බව ඔහු දැන සිටියේය.
    "නංගි?"
    "හ්ම්" ඈ තවමත් කවුලුවෙන් පිටත බලාගත් ගමන්මය.
    "ඔයා මට කැමතිද?"

    සිහිනෙන් අවදිවන අනුරාධ මුලින්ම දකින්නේ සහන් බඩ අල්ලාගෙන පෙරලි පෙරලි සිනාසෙන ආකාරයයි.

    “මට මැවිලා පේනවා බන් උඹ ඒකිගෙන් කැමැත්ත අහන හැටි!”

    “අනේ පලයන් බන්. උඹටත් උනා නම් තේරෙයි.”
    “මේ ඒක නෙවෙයි මොකද උනේ කියහංකෝ.”
    අනුරාධ මුල සිට සරලව සිද්ධිය විස්තර කරන්නට විය. සහන්ද කටත් ඇරගෙන අසා සිටියේය.

    “වැඩේ ලේසි වෙන එකක් නෑ බන්. ඒකි අමාරු කෙල්ලෙක්. ඒකි මෙහෙට අලුත්නේ. අනික බන් උඹ වගේ ‍එකෙක් පස්සෙන් ගියාම කවුද බය වෙන්නෙ නැත්තේ.”
    “මම ඉන්න තැනවත් හොයාගන්න හැදුවේ බං. එකත් කෙල උනානේ.”
    “මට උඹට ගුඩ් නිව්ස් එක කියන්න බැරි උනානේ. මට උදාරිගෙන් මල් ගවුම් ඇඳින ලැයිස්තුව ආවා. උඹේ වෙලාවට එක නමයි තිබුනේ.”
    “අඩෝ සිරාවට? මොකද්ද නම?”

    “සඳුනි ලියනගේ.”

    -මතු සම්බන්ධයි-
    සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.
    චන්දිම
    [19-12-2015]
     
    • Like
    Reactions: Niko Boy

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    අනේ මුළු කතාවම එක පාර දාපන් මගේ දෙය්යෝ. මම FILM විතරයි බන් බලන්නේ. TV SERIOUS බලන්නේ නැහැ බන් ඉවසීමක් නැති හින්ද
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Digatama liyamu
    අගෙයි..දිගටම ලියමු...
    Aniwa :D
    Ko ithuru tika. Please ikmanata danna
    Ithuru ekak demma :D
    Subscribed
    Thanks!
    අනේ මුළු කතාවම එක පාර දාපන් මගේ දෙය්යෝ. මම FILM විතරයි බන් බලන්නේ. TV SERIOUS බලන්නේ නැහැ බන් ඉවසීමක් නැති හින්ද
    ටික ටික ලියන්නේ බන් :sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනේ මුළු කතාවම එක පාර දාපන් මගේ දෙය්යෝ. මම FILM විතරයි බන් බලන්නේ. TV SERIOUS බලන්නේ නැහැ බන් ඉවසීමක් නැති හින්ද

    :lol::lol::lol:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    :love::love: පට්ට බන්. දිගටම ලියන්න... ඉක්මනට දාන්න ඉතුරු ටිකත්.. :yes::yes::yes:

    ( චන්දිම කිව්වට උඹ චන්දිම අනුරාධ එහෙම නෙමෙයි නේද??? :P:P:P:P )
     
    • Like
    Reactions: chandima3010

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :P:P:P
    patta digatama karanna
    Aniwa :D
    :love::love: පට්ට බන්. දිගටම ලියන්න... ඉක්මනට දාන්න ඉතුරු ටිකත්.. :yes::yes::yes:
    ( චන්දිම කිව්වට උඹ චන්දිම අනුරාධ එහෙම නෙමෙයි නේද??? :P:P:P:P )
    අපෝ පිස්සුද බන් මට මගේ කතාවම ලියල දාන්න :P
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    ඔන්න අපිත් කාලෙකට පස්සේ කතාවක් කියවන්න සෙට් උනා.. :D
    දිගටම ලියන්න..ජයවේවා!
    11.gif
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :love: සඳුනි - සිව්වන කොටස :love:

    සඳුනි.

    “ඒ නම එයාට ගැලපෙනවා බන්.” අනුරාධ කවුලුවෙන් ඈත බලාගෙන කීවේය.
    “මේ. උඹ ෆේස්බුක් එකේ හොයලා බැලුවද?”

    “සොරි මචන්. එපැත්තට තාම සිග්නල් කවරේජ් එකක් නැති සීන් එකක් තියෙන්නෙ. ‍ප්‍රොෆයිල් එකක් හොයාගන්න බැරි උනා. උඹට පරණ සිස්ටම් එකටම තමයි ටොක් කරන්න වෙන්නේ. පස්සෙන් ගිහින් බස් ස්ටෑන්ඩ් ගානේ චිට් දිදී චාටර් වෙලා ගුටි කාලා. වැඩේ ලේසි වෙන එකක් නෑ පුතේ.” සහන් අනුරාධගේ උර මත අත තබාගෙන කීය.

    “එයාගෙන් නම් ගුටි කෑවත් කමක් නෑ බන්.” අනුරාධ සුසුමක් හෙලීය.

    “ආ මට අමතක උනා තව බෑඩ් නිව්ස් එකක් තියෙනවා. උඹ කලබල වෙන්න එපා. ආරංචියෙ හැටියට ඒකිට ‍බෝයි කෙනෙක් ඉන්නව ව‍‍ගේ.”

    “මොකක්? යකෝ කැම්පස් ඇවිත් සතියක් ගියේ නෑනේ. කවුද ඩයල් එක?” අනුරාධ සහන්ගේ‍ කොල‍රයෙන් අල්ලගෙන ‍ඔහුව ‍සොලවන්නට විය.

    “මම උඹට කිව්වනේ බන් කලබල වෙන්න එපා කියලා. මෙහේ එකෙක් නෙවේ. ගමේ කොල්ලෙක්. ඒකි වැඩිය කැම්පස් එකේ කොල්ලො එක්ක කතාවක් නැල්ලු. ඒකයි උදාරිට එහෙම හිතිල තියෙන්නේ. ශුවර් නෑ ඉතින්. අනික බන් ඒකි බැඳල නෑනේ. බය නැතුව හිටහං. මම උදව් කරන්නම්. කොහොමත් උඹට චාන්ස් එකක් තියනවා. ලයින් එක දාගෙන ඉමු. තැටිය රත් උන ගමන් රොටිය පුච්චගෙන කමු!”

    ---------------------------------------------------------------------------------

    “අම්මෝ නුලෙන් බේරුනේ. මගේ ඇඟේ ලේ වතුර වෙලා හිටයේ.” කවුලුවෙන් පිටත බලමින් සඳුනි කීවාය.

    “උඹට පිස්සු බන්. දැන් ඉතින් ඒ අහිංසකයා අතරමං වෙලාද දන්නෑ ෆලෝ කරන්න ගිහින් උඹව.” නිපුනි සිනාසෙයි.
    “මං මේ ගැන සාරංගට කියනවා නිපූ. එයා මොකක් හරි කරයිනේ.”
    “ඔයාට පිස්සුද? සාරංගට ඊලඟ සතියේ ඒලෙවල් එක්සෑම් නේද? එයාට ඕව කියන්න එපා. කොහොමත් ආයේ ට්‍රේන් එකේ ‍යන්න වෙන්නේ ලබන සතියේ. බය නොවී ඉන්න සඳූ!”
    “ඒකත් ඇත්ත තමයි. ඒ උනාට ඔයාට මතක නැද්ද ඒ අයියා අ‍පේ කැම්පස් එකේ. මාව එහෙටත් හොයාගෙන ආවොත් එහෙම.”

    සඳුනි පාසල් කල සිටම හැදුනේ වැඩුනේ සාරංගගේ රැකවරණය මැද. ඈ සමාජය හා තනිව ගැටෙන මුල්ම අවස්ථාව මෙයයි. සතියක් යන්නට පෙර නාදුනන පිරිමි අයෙක් ඈ පසු පසම හඹා ඒම ඈට මරණ බිය ඇති කරන්නට සමත් විය.
    “උඹ ඒ අයියව ගොඩක් කොන් කරන්න හදන්න එපා. එතකොට ඕව වැඩි වෙනවා. අතේ දුරින් ආශ්‍රය කරපං.”

    “මම දන්නෑ නිපූ. මම මෙහේ අය ගැන දන්නේ නෑ. මම කොහොමද ඒවගේ කෙනෙක් විශ්වාස කරන්නේ.”
    “ඒ අයියා මෙහේ නෙවෙයි. කුරුණෑගල.” නිපුනි නැවතත් සිනාසේ.

    “අනේ මන්දා. මට මේවා තේරෙන්නෑ.”

    මේ අගෝස්තු මාසයයි. සාරංග දහසක් පැතුම් සිතේ දරාගෙන දෙවන වරට උසස්පෙළ විභාගය සඳහා පෙනීසිටියේය. පසුගිය දින කීපය තුළ ඔහුට සඳුනි ගැන සොයා බලන්නට වේලාවක් ති‍බුනේ නැත. සඳුනිද සාරංගගේ විභාගයට බාධාවක් වෙතැයි සිතා ඔහුට කරදර කළේ නැත. ඔහුගේ එකම අරමුණ වූයේ දෙවන වර කෙසේ හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කුමක් හෝ පාඨමාලාවක් හැදෑරීම සඳහා ඇතුල් වීමයි.

    කාලය ගතවිය. අනුරාධ සහන්ගේ උදව්ද ඇතිව දැඩි වෙහෙසක් දරා සඳුනිව සොයාගත්තේය. දෙදෙනා මිතුරන් ලෙස ඇසුරු කළහ. නමුත් සඳුනි හැකි සෑම විටකම අනුරාධ අතේ දුරින් තබා‍ගත්තාය. සඳුනිට විශ්වවිද්‍යාලය තුළ රැකවරණයද ඔහු අතින් ලැබුනු නිසා රැග් වලින්ද බේරීමට හැකියාවක් නිතැතින්ම ලැබිනි. ඔහු ඈට කැම්පස් ජීවිතය පහසුකරවන්නට සමත් විය.

    විභාගයෙන් පසු සාරංග කළ මුල්ම දේ සඳුනි සොයා යෑමයි. නමුත් ඈ මාසෙකින් පමණ ගෙදර පැමිණ තිබුනේ නෑ. ඈට දුරකථනයක් තිබුනේද නැති නිසා සාරංග ඈ සොයා යන්නට තීරණය කළා. තමන්ගේ පැරණි මිතුරෙකු වූ ‍වරුණගේ සහය පතන්නට ඔහු තීරණය කරන‍්නේ ඒනිසාමය.

    “හලෝ මචන් වරුණද?”
    “ඔව් ඔව් කවුද මේ?”
    “අපිව දැන් මතකත් නෑනේද? මම සාරංග.”
    “ආ සාරාංග. මං ගාව මේ නම්බර් එක තිබුනේ නෑ බන්. මොකද වෙන්නේ? මේසැරේ ආයේ කලා නේද? කොහොමද තත්වේ?”
    “අවුලක්මත් නෑ බන්. රිසල්ට් ආවම තමා බලන්න වෙන්නේ.”
    “එළ එළ වරෙන් වරෙන් ඇවිත් මෙහෙන් කෑල්ලක් දාගෙන ආතල් එකේ ඉන්න තියෙන්නේ!”
    ‍”ඉන්න එක මදැයි බං. තව මොන කෑලිද.”
    “උඹට කෙල්ලෙක් ඉන්නවද? කවුද බං ඒ?”
    “ඇයි බං ඒකාලේ ඉඳල තිබුන එකම තමා. සඳුනි. උඹලගේ ෆැකල්ටියේ උඹෙ බැච් එකේ ඉන්නේ.”
    “මචන් මම හිතු‍වේ ඒක ඉවරයි කියල. උඹ සිරාවටමද කියන්නේ? එතකොට දැන් ඒකි එක්ක කැරකෙන ඩයල් එක කවුද? අයියද?”

    සාරංග මොහොතකට නිහඬ විය.
    “මචන්? උඹ ඉන්නවද?”
    “ඒ බන් සොරි වෙන්න ඕන මම දැනගෙන හිටියේ නෑ බන්. සාරංග?”

    බීප් බීප් බීප් බීප්... දුරකථනය විසන්ධි විය.

    ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන.

    ඔහු මෙය අනන්තවත් අසා ඇත. නමුත් මෙය ඔහුට විශ්වාස කරන්නට සිදුවේ යැයි ඔහු කිසි විටෙක සිතුවේ නැත. වසර ගණනාවක් පෙම් කළ ඈ මාසයක් යන්නට මත්තෙන් අන්අයෙකු හා බැඳුනේ කෙසේද? ඔහුගෙන් සිදුවූ අඩුපාඩුව කුමක්ද?

    අනික් අතින් ඈ නිර්දෝෂී කරන්නට ඔහු වෙහෙසුනේය. ඈ ඔහුට සෑම දෙයක්ම කියන්නීය. විභාගය නිසා ඈ පසුගිය මාසයේ කරදර නොකළාය. ‍වෙන කවුරුත් කී කතා අසා පූර්ව නිගමන වල‍ට එළඹෙනවාට වඩා ඈ මුණගැසී මෙහි ඇත්ත නැත්ත බේරුම් කර ගත යුතුය. සාරංග අවසාන නිගමනයට පැමිණි‍යේය.

    මේ අතර සඳුනි හිටිහැටියේ අසනීප වන්නීය.

    සුවයක් නැති හෙයින් පේරාදෙණිය ශික්ෂණ රෝහල‍ට ඇතුල් වන ඈ නිපුනි අතේ සාරංගට සහ පවුලේ අයට පණිවිඩය දන්වා එවන්නීය.

    සාරංග පණිවිඩය ලැබුනු විගස නුවර බලා පිටත් විය. මොනවා වෙලාද දන්නේ නෑ. කරදරයක් නැතිව ඇති. කොහොමත් ලංකාවේ තියෙන හොඳම හොස්පිටල් එකක්නේ. ඔහු බස් රථ‍යේ කවුලුවෙන් පිටත බලාගෙන කල්පනා ලෝක‍‍යේ අතරමං විය.

    ගුඩ් ශෙඩ් බස්නැවතුම්පලෙන් බසින ඔහු පසුම්බියේ ඉතිරි මුදල් වියදම් කර පදික‍
    වේදිකා‍වෙන් පළතුරු මිළදී ගන්නේය.
    පේරාදෙණිය ශික්ෂණ රෝහල‍ට පයින්ම යන විට දහවල් ලෙඩ්ඩු බලන වේලාව පසුවී විනාඩි කීපයක් ගතවී තිබුනේය.

    “මහත්තයෝ මට ඇතුලට යන්න දෙන්න. මගේ ගැණු ළමය අසනීපෙන්. මම කුරුණෑගල ඉඳල ආවේ.”
    “දැන් ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි. ආයේ 4.30ට එන්න. ඔහෙලා දැන් වාට්ටු අස්සේ රිංගුවම දොස්තරලා බේත් දෙන්නේ කොහොමද? වද නොදී හවස එන‍වා!” සිකුරිටිගේ ගෝරණාඩුව හමුවේ ඔහු පසුබසින්නේය.
    “කමක් නෑ. තව පැය 3ක් විතරනේ තියෙන්නේ.” සාරංග මුරකුටිය පිටතට වී සිටියේය. සඳූ දවල්ට කෑවද දන්නෑ. තමන් බීවේ උදේට ප්ලේන්ටියක් පමණක් බව ඔහුට මතක නැත.

    “මෙඩිකල් ස්ටුඩන්ට්.”

    ‍සුදු කබායක් ඇඳි පිරිමි අයෙකු තවත් අයෙකු සමඟ ගේට්ටුවෙන් ඇතුලු විය.
    අපිට එකවිදියක් උන්ට තව විදියක්.
    “මේ මහත්තයෝ දැන් මට ඇතුලට යන්න පුලුවන්ද?” සාරංග නැවතත් සිකුරිටි ඉදිරියේ පින්සෙන්ඩු වන්නට විය.
    “තාම 4යි. 4.30ට එන්න.”
    “එතකොට අර දෙන්නෙක් ඇතුලට ගියේ?”
    “ඒ ඉගෙන ගන්න මහත්තුරු. එයාලට ඕන වෙලාවක යන්න පුලුවන්.”
    “ඒකත් එහෙමද. කමක් නෑ තව පැය බාගයයිනේ.” පළතුරු මල්ලත් තුරුලු කරගත් සාරංග නැවතත් පදික වේදිකාවේ වාඩිවිය.

    “මේ, වෙලාව හරි ඇතුලට යන්න.” සිකුරිටි නිදිකිරමින් සිටින සාරංගව අවදි කළේය.
    ‍නිපුනිගේ විස්තර වලට අනුව ඈ ඇතුලත්වූ වාට්ටුව සොයා ගන්නට ඔහුට සෑහෙන වෙහෙසක් දරන්නට විය.

    “සඳුනි ලි‍ය‍නගේ කියල ගෑණු ළමයෙක් ඉන්නවද වයස 20ක් විතර ඇති.” ඔහු නර්ස් නොනා කෙනෙකුට ඈව විස්තර කරන්නට විය.
    “ආ අර මෙඩිකල් ස්ටුඩන්ට් නේද. ඇඳ අංක 5. දැනුත්‍ දෙන්නෙක් ඇවිත් ඉන්නේ එයාව බලන්න.” හෙදිය කීය.

    පස්වන ඇඳ කරා යන ඔහුට දක්නට ලැබෙන්නේ කලින් ගෙට්ටුවෙන් ඇතුල්වූ දෙදෙනාය. කබාය නැති පුද්ගලයා පුටුවක වාඩිවී ඇගේ අත අල්ලාගෙන සිටිනු දුටු සාරංග‍ට සිදුවන දේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

    -මතු සම්බන්ධයි-
    සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.
    චන්දිම [25-12-2015]
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    daapan ikmanata anith tika :angry::angry: :D:D