සඳ අහිමි සඳ !!

blue_in_rio

Well-known member
  • විඳින්නේ මම අද ඔබෙන්
    ණයට ඉල්ලාගත් සතුටය
    ඔබ වන් පුන් සඳක්
    මගේ හිස් අහසේ
    කිසිදා බැස නොයන ලෙස
    නවතා ගත නොහැකි බව
    දනිමි මම
    දහස් වර ඔබ කීවද ආදරේ යැයි මට
    දහස් වර ඔබ ඇසුවද ආදරේ දැයි මට ?
    සියල්ල කැපකර ඔබ
    මා වෙත එන බව දන්නා නිසාම
    කෙසේ නම් කියම් මම
    ඒ පූජනීය වචනය ඔබ හට
    ලොවෙන් සැඟවී පලා යා හැකිවේද අපහට
    අමතක කර දමා වැදූ මවගේ
    අසරණ දෑස, අමතක කල හැකිද
    මගෙන් ඉටුවිය යුතු යුතුකම්
    මා නැගනියට
    ඉතින් සොඳුරිය
    අවසරයි මට
    මෙතුවක් කල් අප දෙදෙනා ලංකල
    ඔබගේ රථයේ මාතලීම වන්නට !!


    :sorry::sorry::sorry::sorry::sorry: :(:(:(:(:(
     
    • Like
    Reactions: asanka10