සඳ එළිය තරමටම comment thread

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    නියම story 1, ඉතිරි ටික post කරනකන් බලන් ඉන්නේ මචන්
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    මචන් කතාවේ ඉතිරි ටික තාම නැත්තේ ඇයි..? :love::love:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    7


    යාළුවො කොච්චර කිව්වත් උඹේ හිතේ තියෙන ඒව ඒකිට කියපන් කියලා සවින්දකට ඒකට හිත හදා ගන්න බැරි වුනා.තමන් සඳිතිට ආදරේ කරන බව සවින්දකට හොදටම තේරෙනවා වුනාට හේතු දෙකක් හින්දා ඒක එයාට කියන්නෙ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. එකක් එයා තාම පොඩියි අනික කුසුම ටීචර්.මේ හේතු දෙක හින්දා සවින්දක හැමදාම සිහින ලෝක වලම තනිවෙලා හිටියා.

    එයාව අමතක කරනවා කියලා කොච්චර හිතුවත් ඒ හිනාව කතාව ලඟදි සවින්දක ආයෙමත් හීන ලෝක වලට පා වෙනවා.අන්තිමට සවින්දක තීරණය කරා සඳිතිට ආදරය කරන්න.තමන්ගෙ ආදරය එයාට කියන්න ඕනා කියලා.

    'මචන් සෙන්ටා එයා මට කැමති වේවිද බන්'

    'ඒකි උඹට අකමැති වෙන එකක් නෑ බන්. ඒකි උඹත් එක්ක හැමදාම හොදට කතා කරනවනේ.සමහරවිට ඒකී බලන් ඇත්තේ උඹ ඇයි තාම ඒකිගෙන් ඇහුවේ නැත්තේ කියලා.'

    සඳිතිට ආදරය කරන්න කලින් තමන් හොඳ මිනිහෙක් වෙන්න ඕනා කියලා සවින්දක තීරණය කරා.
    සවින්දක මුලින්ම කරේ සිගරට් බොන එක නවත්වන එක.සවින්දක සිගරට් බොන එක නැවැත්තුවා කිව්වම සමහරු පිලිගත්තෙත් නෑ.සමහර උන් හිනාවුනා.සෙන්ට පොඩියට ශොට් එකක් ගත්තට කවදාවත් සිගරට් බොන්නෙ නෑ.ඉතින් ඒකට වැඩියෙම සතුටු වුනේ සෙන්ට.

    ස්කෝලෙ ඇරෙන වෙලාවෙදි මේක කියන්න බැරිබව සවින්දක දන්නවා.මේක කොයි වෙලාව්දිද එයාට කියන්නේ.

    'හරි මම කියන්නම සෙනසුරාදා හවස සඳිතිට ක්ලාස්. එයා ක්ලාස් යන්නේ දෙව්මිත් එක්ක.අපි ඒ වෙලාවට එයාව අල්ල ගමු.මම දෙව්මිව ශේප් කර ගන්නම උඹ සඳිතිට ටෝක් කරපන්.'

    දෙව්මි සඳිතිගෙ හොඳම යාළුවා ඉන්නෙ සෙන්ටලගෙ ගෙවල් ගාව හින්දා සෙන්ටව හොඳට දන්නවා.

    'මේ සතියෙ මැච් එකක් නෑ මචන්.මේ සතියෙම වැඩේට බහිමුද.'
    'ආ උඹට දැන් හදිස්සියි වගේ නේ.'

    දෙන්නත් එක්ක උදේ ක්ලාස් ගිහින් හවස් වෙලා ටවුන් එකට එන්න කතා කරගෙන හිටියට එදා සෙට් එකම ක්ලාස් කට් කරපු නිසා පුරුදු පරිදිම එදාත් කට්ටියට බීච් යන්න වුනා.සවින්දක බොන්න බෑ කියන කොට ඔක්කොම උන් හිනා වුනා.

    'උඹ ඒ කාලෙ අපිට හිනාවුනේ කෙල්ලෝ හින්දා චාටර් වෙන්න එපා කියලා.දැන් මොකෝ මේ..'

    එරා සවින්දක ඉස්සර කියපුව මතක් කර කර හිනා වෙනවා.

    'මේ මූ ඒකීට ලව් කියල තාම ඒකි දන්නෙත් නෑ බන්.මූ බීමත් නවත්වලා..අපෝ මෙයා චාටර් බන්..'

    කට්ටියගෙ කතන්දර හින්දම සවින්දක ඇති වෙනකම් බිව්වා.
    'උඹලට බොන්නනෙ ඕනෙ හරි මම බොන්නම්..'

    එදා සවින්දක මතක අමතක වෙන ගාණටම බිව්වා.සවින්දකට ආයෙ පියවි සිහිය ආවෙ හවස් වෙලා.එදා ගමන එහෙමම මඟ ඇරුණා.

    සඳුදා ස්කෝලෙ එනකොට කට්ටියම අමුතු අමුතු හිනා දානවා.

    'බලපල්ලකො කුමාරයගෙ ලස්සන'
    'මේ පරිස්සමෙන් හිටපල්ලා මෙයා සුරංගනා කතාවක කුමාරයෙක් හරිද..'

    මේ කතාවල තේරුම සවින්දකට තේරුම්ගියේ එරාගෙ ෆෝන් එකේ තිබුනු රෙකෝඩින් ඇහුවට පස්සේ.
    එදා බීච් එකේදී කියපුව සවින්දකට මතක නැතිවුනාට ඒව ඔක්කොම ෆෝන් එක මතක තියාගෙන.

    'මම බොන එක නැවැත්තුවේ උඹලත් එක්ක තරහකට නෙවේ බන්. ඒකි පුන්චි සුරංගනාවියක් වගේ. ඉතින් සුරංගනාවියකට ආදරය කරන්න මාත් කුමාරයෙක් වෙන්න ඕනෙ නේද බන්.පොඩ්ඩක් හිතපල්ලකෝ.උඹල කැමති නැද්ද මම ලස්සන ආදර කතාවක් ලියනවට.මට උදව් කරපල්ලකෝ.
    මීට පස්සෙ නම් උඹල මට නරක වැඩ වලට කතා කරන්න එපා.මට කුමාරයෙක් වෙන්න ඕනා.
    මගේ පුන්චි සුරංගනාවි මගේම කර ගන්න ඕනා...'

    සවින්දක ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන කතාව අහන් ඉඳලා එරාට සිය පාරක් විතර කියල කියල යන්තම් ඒක ඩිලීට් කර ගත්තා.....
     
    • Like
    Reactions: prageeth119lk

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    @ cspmaxx
    ඉල්ලුම වැඩි නිසා මෙක මෙගානාටකයක් කරන්නද කල්පනාව:P

    මෙගාම වෙන එකක් නෑ මචන්..:D
    ඒත් හිතේ තියෙන ඔක්කොම ට්ක ලියන්න ඕනනේ....;)
    ඇයි දිග වැඩියි වගේද මචන්.:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙගාම වෙන එකක් නෑ මචන්..:D
    ඒත් හිතේ තියෙන ඔක්කොම ට්ක ලියන්න ඕනනේ....;)
    ඇයි දිග වැඩියි වගේද මචන්.:(
    ඔක්කොම ලියන්න :yes::yes::yes:
    මට හිතුනා නිකන් කතාව උවමනාවෙන් දික් කරනවා වගෙ :P
    දිහගටම ලියන්න:love::D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    very nice

    thankss bro....

    ඔක්කොම ලියන්න :yes::yes::yes:
    මට හිතුනා නිකන් කතාව උවමනාවෙන් දික් කරනවා වගෙ :P
    දිහගටම ලියන්න:love::D

    හිතලා දික් කරනවා නෙවෙයි;)
    පොඩ්ඩක් කියවන්නත් තියෙන්න ඕනෙනේ ඒකයි:P
    බොහොම ස්තුතියි සහෝ අදහස් වලට ඒක තමයි වටින්නේ....:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    8​

    සවින්දක සෙනසුරාදා වෙනකම් දින ගැන ගැන හිටියට ඊළඟ සතියෙ සෙනසුරාදා සවින්දකට මැච් එකක් තිබුනා.ඒ හින්දා තව සතියක් දින ගනින්න වුනා.ඊට කලින් සිකුරාදා සවින්දකට ගේට්ටුව ලඟදි සඳිතිව හම්බ වුනා.

    'මට ඔයාව ටිකක් හම්බ වෙන්න ඕනා.'

    'ඉතින් අපි මේ හම්බ වෙලා ඉන්නේ'

    'මෙහෙම නෙවෙයි මම හෙට ඔයගොල්ලන්ට පන්ති ඇරෙන වෙලාවට එන්නද.'

    'ඔයා කොහොමද අපිට පන්ති තියෙන වෙලාව දන්නේ...

    'මම දන්නවනේ ඉතින්....'

    හෙට සඳිතිව හම්බ වෙන්න එනඑකට එයා අකමැත්තක් නෑ කියලා සවින්දකට හිතුනා.එදා රෑ නම් සවින්දකට නින්ද ගියේම නෑ.

    කොහොම හරි වෙලාවට ඇවිත් සඳිතිල පන්ති ඇරිල එන පාරෙ සවින්දකයි සෙන්ටයි දෙන්න බලාගෙන හිටියා.හොඳ වෙලාවට සඳිතියි දෙව්මියි දෙන්න ආවෙ ක්ලාස් එකේ ඔක්කොටම පිටිපස්සෙන්.
    'ඔය දෙන්න ක්ලාස් ඉවරවෙලත් ඉගෙන ගන්නවද..'

    සෙන්ට කතා කෙරුවට සවින්දකට දැනුනේ අමුතුම ගතියක්.මුළු ඇඟම රත්වෙලා වගේ.සවින්දකට දැනුනේ තමන්ගෙ හිතේ තියෙන දේවල් කියා ගන්න බෑ වගේ.
    සවින්දක යාළුවන්ගෙ වැඩ වලදි මේ වගේ අවස්ථා ගොඩකට මුහුණ දීලා තියෙනවා.කාට හරි ගෑණු ළමයෙකුගෙන් අහන්න ඕන වුනාම ඒකට ඉදිරිපත් වෙන එක සවින්දකගෙ පුරුද්දක්.
    ඒත් ඒ හැම තැනකදිම වඩා මේ වෙලාවෙ සවින්දකට දැනුනේ ලොකු වෙනසක්.
    කොහොම හරි සෙන්ට දෙව්මිත් එක්ක ඉස්සර උනාම සවින්දක සඳිති ලඟ තනිවුනා.
    බොහොම අමාරුවෙන් වචන ගලපගෙන සවින්දක කතාකලා.
    'කීයටද පන්ති පටන් ගත්තේ '
    'ඔයා පන්ති ඉවර වෙන වෙලාව දැන ගත්තට පටන් ගන්න වෙලාව දන්නෙ නැද්ද.'
    'ඒකත් ඇත්ත තමයි.3ට ඉවර වෙන්න නම් ඉතින් පන්ති පටන් ගන්න ඕනෙ 1ටනේ.ඒකට අපේ පන්ති 8ට පටන් ගත්තම ඉවර වෙන්න 12ට.'
    'ඔයගොල්ලො ඉතින් ලොකු ළමයිනේ.'

    ආයෙමත් ටික නිහැඬියාවකට පස්සේ සවින්දක හිතුවා දැන්නම අහන්න අහපු එක අහන්නම ඕන කියලා.
    'සඳිති ඔයා මං ගැන මොනවද හිතන්නේ..'

    'ඔයා ගැන.................ඔයා ගැන ඉතින් අනේ මන්දන්නෑ සුදු අයියේ..'

    'හරි එහෙනම් ආදරය ගැන ඔයා මොනවද හිතන්නේ'

    'හාපෝ මොනව අහනවද මන්දා මම තාම ඒව ගැන හිතල නෑ..'

    'එහෙනම් මම ඔයාට ආදරෙයි කියල කිව්වොත්..'

    සඳිතිගෙ ඇස් එකපාරටම උඩ යනවා සවින්දක හොඳටම දැක්කා.

    'ඔයාට පිස්සුද'

    සඳිති ඇහුවෙ බය වෙල වගේ.
    'හරි හරි බය වෙන්න එපා මම විහිළුවටනෙ කිව්වේ..'
    දැන් නම් ටවුන් එකටත් ලඟයි. දැන් මේ ගොල්ලන්ට යන්න දෙන්නත් ඕනා.අන්තිමට සවින්දක මෙහෙම කිව්වා.
    'මේ මම අරක කිව්වෙ විහිළුවට නෙවෙයි.ගෙදර ගිහින් හිමිහිට කල්පනා කරල පස්සෙ ඔයාට හිතෙන ඒව කියන්න.හැබැයි මාව අම්මටවත් ටීචර්ස්ලටවත් කියන්න නම් එපා හරිද..'

    ඒ වෙලාවෙ සඳිතිගෙ මූණෙ තිබුනෙ දේවල් තේරුම් ගන්න සවින්දකට බැරිවුනා.
    ඒ දෙන්නට යන්න දීල සෙන්ට කතාව පටන් ගත්තා.
    'මොකෝ වැඩේ හරිද.
    'යකෝ එහෙම කරන්න පුළුවන්ද එක දවසින් පොඩ්ඩක් ඉදපන්.'

    'මම හිතුවේ දෙන්න මල් කඩන විදිහට අදම වැඩේ හරි කියලා.මම දෙව්මිට කිව්වා.එයාගෙනුත් හෙල්ප් එකක් ගන්න පුළුවන්.මේව නිකන් කරන්න බෑ හරිද මේවට සලකන්න ඕනා.'

    'හරි හරි බන් උඹට නොසලකා ඉන්නවද මම'

    'බලමුකෝ කෙල්ල සෙට්වුනාම උඹට අපිවත් එපා වෙයිද දන්නෙ නෑ.
    'පිස්සුද බන් කෙල්ලෝ නෙවේ කවුරු සෙට්වුනත් මට උඹව එපා වෙනවද...'
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මතුසම්බන්දයි:confused:

    තව ටිකක් තියෙනවා බන් :P

    මචන් busy නැත්නම් ඊලග කොටසට කාලේ හරි

    ඇත්ත තමයි සහෝ මේ දවස් ටිකේම වෙලාවක් තිබුනේ නෑ.පරක්කු උනාට සමා වෙන්න ඕනා.ඉතුරු ටික ඉක්මණටම ලියනවා.:yes::yes:
    හැමදාම දක්වන උනන්දුවට බොහොම ස්තුතියි සහෝ..:):)