සඳ දිය දෙවුන සේ

Stein

Member
Jul 29, 2016
67
30
0
සඳ දිය දෙවුන සේ

සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම
නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව

පෙම්වතාට මේ සමාජයේ දකින්න ලැබෙන කලහකාරී දේවල් එක්ක බැලුවම තමන්ගේ පෙම්වතිය තරම් සැනසුමක් ලබාදෙන දර්ශනයක් තවත් නැහැ . කොච්චර රණ්ඩු සරුවල් උනත් පෙම්වතියගේ සිනහව තරම් පෙම්වතෙත් දකින්න කැමති දෙයක් තවත් නැහැ . පෙම්වතියො ඔය හිනාව හංගගෙන ඉන්නෙත් ඕක නිසාම තමයි . සඳ දියෙන් දෝවනය කරලා ගත්ත මුහුණෙන් වෑහෙන සිනහවේ සුවඳ අද තියෙන්නේ පෙම්වතාගේ හිත ළඟ විතරයි . ඒ දෙන්නට ලං වෙන්න එකතුවෙන්න විදියක් නැති නිසා .

දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම

දෙන්නට ලං වෙන්න විවාහ වෙන්න විදියක් නැත්තේ දෙපාර්ශවයේ තියෙන කුල සිරිත්වල නොගැළපීම නිසා . දෙන්නා මෙතෙක් කල් ගමන් කරගෙන ආව ගමන් මග ආවරණය කරලා තියෙන්නෙත් මේ කුල ප්‍රශ්න . ඉතින් දැන් දෙන්නට විවාහ වෙන්න විදියක් නැති නිසා තියෙන්නේ හමුවෙලා කතා කරලා දුක් වෙන්න විතරයි .

නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව

මේ පෙම් යුවලට තියෙන්නේ අනිත් පෙම් යුවලවල් වලට වගේම නෑඹුල් ප්‍රාර්ථනා සමූහයක් . ඒවා ටිකෙන් ටික වැඩිවෙලා අහස උසට නැග යන්නේ දෙන්නටම රහසෙන් . ඒ ප්‍රාර්ථනා අන්තිමට සඳ ගාව දිළිසෙන්නේ හරියට පුර පක්ෂයේ සඳ වගේ . ඒ කියන්නේ පසළොස්වක සඳ වගේ .

ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම
දියවී ගිහින් බැඳුනේ තරු ඇස ගාව

ඒත් දැන් ඒ ප්‍රාර්ථනා ඔක්කොම සුනු විසුණු වෙලා ගිහින් වගේ . ඒ මොකද දෙන්නට එකතුවෙන්න ලැබෙන්නේ නැත්නම් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න බැරි වෙන නිසා . දියවක හඳ කියන්නේ පොඩි ඉරක් වගේ තියෙන හඳ පිරෙන්න පටන් ගන්න මොහොතේ තියෙන හඳට . ඒ කියන්නේ ඒ වගේ අඩු ආලෝකයක් තියෙන හඳ වගේ මේ අයගේ ප්‍රාර්ථනාවල ආලෝකයත් අඩුවෙලා අන්තිමට තරුවක් ළඟ ඒ ප්‍රාර්ථනා නැවතිලා කියලා . තරුව කියන්නේ නිවෙන දැල්වෙන ආලෝකයක් නිකුත් කරන වස්තුවක් . ඒ කියන්නේ මේ අයගේ ප්‍රාර්ථනාත් දැන් ඒ වගේ නිවෙනවා පත්තුවෙනවා කියන එක .

ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ
සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව

පවුල් වලින් දෙන්නටම එල්ල වෙන්නේ මේ වෙලාවේ ගැරහුම් මිසක් ආශිර්වාද නෙවෙයි . ඒ නිසා දෙන්නාටම වෙලා තියෙන්නේ දෙන්නාගේම ආදරයේ උණුසුම දුක් ගින්දරකට පෙරළලා විඳ ගන්න .

කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නළ සේම

කඩ ඉම කියන්නේ දෙන්නා අතරේ තියෙන විවාහයෙන්එකතුවෙන්න තියෙන කඩ ඉම . දෙන්නට එකතුවෙන්න බැරි නිසා දෙන්නම කල්පනා කරනවා වෙනත් විවාහයක් කරගන්නේ නැතුව තනියම ඉඳගෙන දෙන්නට දෙන්නා ආදරය කරන්න .ලං වෙන කෙනෙක්ට අත වනන්න ඕනා වෙන්නේ නැහැ . ඒත් ඈතින් ඉන්න කෙනෙක්ට තමන්ගේ හිතේ තියෙන ලෙන්ගතු කම අත වනලා හරි ප්‍රකාශ කරන්න කියලා තමයි දෙන්නට දෙන්නා අන්තිමටම බලාපොරොත්තු වෙන්නේ .

http://sinduwagemiyasiya.blogspot.com/2016/02/blog-post_10.html
 
  • Like
Reactions: RSmith and ~Titi~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න සින්දු....
    පට්ට තේරුමක් තියෙන.. පට්ට මියුසික් තියෙන පට්ට සින්දුවක්...
     
    Stein

    Member
    Jul 29, 2016
    67
    30
    0
    578049_211772685593048_875077121_n.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මේකටනන් කියන්න දේවල් ගොඩාක් තියනව මචන්...
    බැන්දට පස්සෙත් පරණ විදිහට පෙම්වතුන් විදිහට ලව් කරන අය ඉන්නව සමාජෙ.. (අතලොස්සක්)
    බැදල ජීවිතේ එන ප්‍රශ්නත් එක්ක ආලය පස්ස දොරෙන් පැනල යන අවස්ථා තමයි වැඩි...
    හිමිවීම ම ආදරය වෙන්නෙත් නැහැ. හිමිනොවීම ම ප්‍රේමය වෙන්නෙත් නැහැ..
    අනිත් එක තමයි ගොඩක් අයට හිමිවුන ළග තියෙන දේ අගයක් නැති වෙනව කාලයක් එක්කම. අහිමි ළග නැති දේ අගය වෙනව කල් යද්දි.. ඒක මිනිස් හිතේ ස්වභාවයක්.. නොනිත් ආශා කියන්නෙ ඒකට.. ඉතින් කොච්චර ආදරයක් තමා ළගම තිබ්බත්, නොලැබුන දේ ගැන අහිමි දේ ගැන මිනිස්සු ලත වෙනවා..එ් අහිමි දේ තමයි හරිම ආදරේ කියල හිතනවා.. ඒත් ඒ හරිම ආදරේ වුනත් හිමි කරගෙන ටික කාලයක් යද්දි අර විදිහටම ඒකත් පරණ වෙනවා...එපා වෙනවා.. ඒ ආදරෙත් ඉවර වෙනවා..
     
    :sorry::sorry::rolleyes::yes::yes:
     
    blue_in_rio

    Well-known member
  • මේකටනන් කියන්න දේවල් ගොඩාක් තියනව මචන්...
    බැන්දට පස්සෙත් පරණ විදිහට පෙම්වතුන් විදිහට ලව් කරන අය ඉන්නව සමාජෙ.. (අතලොස්සක්)
    බැදල ජීවිතේ එන ප්‍රශ්නත් එක්ක ආලය පස්ස දොරෙන් පැනල යන අවස්ථා තමයි වැඩි...
    හිමිවීම ම ආදරය වෙන්නෙත් නැහැ. හිමිනොවීම ම ප්‍රේමය වෙන්නෙත් නැහැ..
    අනිත් එක තමයි ගොඩක් අයට හිමිවුන ළග තියෙන දේ අගයක් නැති වෙනව කාලයක් එක්කම. අහිමි ළග නැති දේ අගය වෙනව කල් යද්දි.. ඒක මිනිස් හිතේ ස්වභාවයක්.. නොනිත් ආශා කියන්නෙ ඒකට.. ඉතින් කොච්චර ආදරයක් තමා ළගම තිබ්බත්, නොලැබුන දේ ගැන අහිමි දේ ගැන මිනිස්සු ලත වෙනවා..එ් අහිමි දේ තමයි හරිම ආදරේ කියල හිතනවා.. ඒත් ඒ හරිම ආදරේ වුනත් හිමි කරගෙන ටික කාලයක් යද්දි අර විදිහටම ඒකත් පරණ වෙනවා...එපා වෙනවා.. ඒ ආදරෙත් ඉවර වෙනවා..

    හරියටම හරි.අන්න ඒක තමයි වෙන්නේ.ඕනෑම දෙයක් ලැබෙන කම් තමයි ඒකේ අගයක් තියෙන්නේ.ලැබුනාම අගයක් නෑ.ආයෙත් පාරක් ඒ දේ අහිමි උනාම, නැවතත් අර කලින් තිබුන අගය දැනෙනවා.අර නන්දා මාලනීගේ සිංදුවකත් කියන්නේ, "නෙලා ගන්න බැරි හින්දයි, ඔබ ඔය තරමට ලස්සන...නෙලා ගෙනා කිසිම මලක්, නැහැ ඔය තරමට ලස්සන" කියලා.මේක මිනිස් ස්වභාවය.කොච්චර දේවල් තිබුනත්, හිතන්නෙම නැති දේ ගැන. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරියටම හරි.අන්න ඒක තමයි වෙන්නේ.ඕනෑම දෙයක් ලැබෙන කම් තමයි ඒකේ අගයක් තියෙන්නේ.ලැබුනාම අගයක් නෑ.ආයෙත් පාරක් ඒ දේ අහිමි උනාම, නැවතත් අර කලින් තිබුන අගය දැනෙනවා.අර නන්දා මාලනීගේ සිංදුවකත් කියන්නේ, "නෙලා ගන්න බැරි හින්දයි, ඔබ ඔය තරමට ලස්සන...නෙලා ගෙනා කිසිම මලක්, නැහැ ඔය තරමට ලස්සන" කියලා.මේක මිනිස් ස්වභාවය.කොච්චර දේවල් තිබුනත්, හිතන්නෙම නැති දේ ගැන. :yes::yes:

    සහෝ ඔයා ? :shocked:
     
    නෙලාගන්න බැරි හින්දයි
    ඔබ ඔය තරමට ලස්සන
    නෙලා ගෙනා කිසිම මලක්
    නෑ ඔය තරමට ලස්සන

    හීන මවාගෙන දහසක්
    තනියෙන් රස විඳපු
    බිතු සිතුවම් වූ මෙන් හද
    තෙළිකඩ මත ඇඳපු
    ලොවට හොරා පැස පුරවා
    ගෙනවිත් හැඩ බලපු
    ලස්සන නැති හැටි මල්වල
    ඉස්සර මං නෙලපු

    මුහුණ දෙමින් සර පහරට
    අනංගයා විදපු
    නොදැක හිටිය දවස්වලට
    ඉකි බිඳ බිඳ හඬපු
    කාත් කවුරුවත් නැති තැන
    තුරුළු වෙලා දොඩපු
    පැහැය සුවඳ කොහෙ ගිහින්ද
    මල්වල මං නෙලපු
     
    blue_in_rio

    Well-known member
  • නෙලාගන්න බැරි හින්දයි
    ඔබ ඔය තරමට ලස්සන
    නෙලා ගෙනා කිසිම මලක්
    නෑ ඔය තරමට ලස්සන

    හීන මවාගෙන දහසක්
    තනියෙන් රස විඳපු
    බිතු සිතුවම් වූ මෙන් හද
    තෙළිකඩ මත ඇඳපු
    ලොවට හොරා පැස පුරවා
    ගෙනවිත් හැඩ බලපු
    ලස්සන නැති හැටි මල්වල
    ඉස්සර මං නෙලපු

    මුහුණ දෙමින් සර පහරට
    අනංගයා විදපු
    නොදැක හිටිය දවස්වලට
    ඉකි බිඳ බිඳ හඬපු
    කාත් කවුරුවත් නැති තැන
    තුරුළු වෙලා දොඩපු
    පැහැය සුවඳ කොහෙ ගිහින්ද
    මල්වල මං නෙලපු

    :love::love: