සඳ දිය දෙවුන සේ
සඳ දිය දෙවුන සේ සිනහව දුටුවාම
නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව
පෙම්වතාට මේ සමාජයේ දකින්න ලැබෙන කලහකාරී දේවල් එක්ක බැලුවම තමන්ගේ පෙම්වතිය තරම් සැනසුමක් ලබාදෙන දර්ශනයක් තවත් නැහැ . කොච්චර රණ්ඩු සරුවල් උනත් පෙම්වතියගේ සිනහව තරම් පෙම්වතෙත් දකින්න කැමති දෙයක් තවත් නැහැ . පෙම්වතියො ඔය හිනාව හංගගෙන ඉන්නෙත් ඕක නිසාම තමයි . සඳ දියෙන් දෝවනය කරලා ගත්ත මුහුණෙන් වෑහෙන සිනහවේ සුවඳ අද තියෙන්නේ පෙම්වතාගේ හිත ළඟ විතරයි . ඒ දෙන්නට ලං වෙන්න එකතුවෙන්න විදියක් නැති නිසා .
දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම
දෙන්නට ලං වෙන්න විවාහ වෙන්න විදියක් නැත්තේ දෙපාර්ශවයේ තියෙන කුල සිරිත්වල නොගැළපීම නිසා . දෙන්නා මෙතෙක් කල් ගමන් කරගෙන ආව ගමන් මග ආවරණය කරලා තියෙන්නෙත් මේ කුල ප්රශ්න . ඉතින් දැන් දෙන්නට විවාහ වෙන්න විදියක් නැති නිසා තියෙන්නේ හමුවෙලා කතා කරලා දුක් වෙන්න විතරයි .
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව
මේ පෙම් යුවලට තියෙන්නේ අනිත් පෙම් යුවලවල් වලට වගේම නෑඹුල් ප්රාර්ථනා සමූහයක් . ඒවා ටිකෙන් ටික වැඩිවෙලා අහස උසට නැග යන්නේ දෙන්නටම රහසෙන් . ඒ ප්රාර්ථනා අන්තිමට සඳ ගාව දිළිසෙන්නේ හරියට පුර පක්ෂයේ සඳ වගේ . ඒ කියන්නේ පසළොස්වක සඳ වගේ .
ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම
දියවී ගිහින් බැඳුනේ තරු ඇස ගාව
ඒත් දැන් ඒ ප්රාර්ථනා ඔක්කොම සුනු විසුණු වෙලා ගිහින් වගේ . ඒ මොකද දෙන්නට එකතුවෙන්න ලැබෙන්නේ නැත්නම් ඒ ප්රාර්ථනා ඉෂ්ට කරගන්න බැරි වෙන නිසා . දියවක හඳ කියන්නේ පොඩි ඉරක් වගේ තියෙන හඳ පිරෙන්න පටන් ගන්න මොහොතේ තියෙන හඳට . ඒ කියන්නේ ඒ වගේ අඩු ආලෝකයක් තියෙන හඳ වගේ මේ අයගේ ප්රාර්ථනාවල ආලෝකයත් අඩුවෙලා අන්තිමට තරුවක් ළඟ ඒ ප්රාර්ථනා නැවතිලා කියලා . තරුව කියන්නේ නිවෙන දැල්වෙන ආලෝකයක් නිකුත් කරන වස්තුවක් . ඒ කියන්නේ මේ අයගේ ප්රාර්ථනාත් දැන් ඒ වගේ නිවෙනවා පත්තුවෙනවා කියන එක .
ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ
සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව
පවුල් වලින් දෙන්නටම එල්ල වෙන්නේ මේ වෙලාවේ ගැරහුම් මිසක් ආශිර්වාද නෙවෙයි . ඒ නිසා දෙන්නාටම වෙලා තියෙන්නේ දෙන්නාගේම ආදරයේ උණුසුම දුක් ගින්දරකට පෙරළලා විඳ ගන්න .
කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නළ සේම
කඩ ඉම කියන්නේ දෙන්නා අතරේ තියෙන විවාහයෙන්එකතුවෙන්න තියෙන කඩ ඉම . දෙන්නට එකතුවෙන්න බැරි නිසා දෙන්නම කල්පනා කරනවා වෙනත් විවාහයක් කරගන්නේ නැතුව තනියම ඉඳගෙන දෙන්නට දෙන්නා ආදරය කරන්න .ලං වෙන කෙනෙක්ට අත වනන්න ඕනා වෙන්නේ නැහැ . ඒත් ඈතින් ඉන්න කෙනෙක්ට තමන්ගේ හිතේ තියෙන ලෙන්ගතු කම අත වනලා හරි ප්රකාශ කරන්න කියලා තමයි දෙන්නට දෙන්නා අන්තිමටම බලාපොරොත්තු වෙන්නේ .
http://sinduwagemiyasiya.blogspot.com/2016/02/blog-post_10.html