සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ...
උනුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න, සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්‍රිය වුනා නම්...
මුව උඩින් පාත් වී හිඳිමි
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය වුනා නම්...
ලඟ ලඟම මා එතැයි සිතාලා
බිඳක් වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුන සිඹින්නට
අනේ මට ඔබව හිමි වුනා නම්...
ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ලං වෙලා හිඳීවි
උරහිසේ හිස හොවා හඬන විට
හාදු වැස්සක්, වෙලා වැටේවී...
සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ
සදාකල් ලඟින් හිඳින්නම්...
මං නුඹව මලක් සේ රකින්නම්
අනේ මං මලක් සේ රැඳෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ලං වෙලා හිඳීවි
හාදු වැස්සක් වෙලා වැටේවී...
ගායනය : ඉන්දිකා උපමාලි
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය : නවරත්න ගමගේ