සඳ_ගමනේ_සැඟවූ_රහස්‌

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    සඳ_ගමනේ_සැඟවූ_රහස්‌

    සඳ ගමනේ සැඟ වූ රහස්‌(divaina.com)


    වසර 40 ක පමණ කාලයක සිට අද දක්‌වා චන්ද්‍රයා පිළිබඳ පරීක්‍ෂණයන්හි යෙදී සිටින යානාවන්ගේ ප්‍රමාණය බොහෝ වන අතර එම යානාවන් මගින් පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරනු ලැබූ තොරතුරු පිළිබඳ ප්‍රකාශිත කෘතීන්හි ඡායාරූප දහස්‌ ගණනක්‌ දක්‌නට ලැබෙන අතර ඉතා වැදගත් තොරතුරු හා දත්තයන් අඩංගු ජායාරූප ප්‍රකාශවී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක ලේඛනයන්හි පමණි. නාසා (NASA) ආයතනයේ අනුමැතියෙන් පලවී ඇති ඡායාරූප රාශියක චන්ද්‍රයා මතුපිට හා ආවාට අභ්‍යන්තරයෙහි පාසි ආකාර ප්‍රාථමික තෘණ මෙන් වූ හරිත වර්ණ ශාකයන් හා සමාන කොටස්‌ද වෘක්‍ෂලතා මෙන් උසට වැඩීගිය භූමි භාගයන්දී අතිශයින්ම විශාල බහුවිධ ආකාර ස්‌වරූප දරන ගොඩනැඟිලි මෙන්ම කිලෝමීටර් ගණනක්‌ දිගට විහිදිගිය යෝධ නළාකාර නිර්මාණයන්ද කිලෝමීටර් ගණනක්‌ ඉහළට ඉදි වූ ස්‌ථම්භ වැනි අපූර්ව ආකෘතීන් විශාල ප්‍රමාණයක්‌ දක්‌නට ලැබේ. උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ ආහාර නිෂ්පාදනය ගැන පමණක්‌ විමසීමට භාජන කරනු ලබන්නේ නම් ස්‌ථිර වශයෙන්ම පෘථිවි මානුෂ වාර්ගිකයන්ට වඩා අතිශයින්ම වෙනත් වූ ක්‍රමයකින් ඔවුන්ගේ ආහාර පාන නිෂ්පාදනය කරනු ලැබීම පමණක්‌ නොව එම විවිධ සභ්‍යත්වයන්හි යන්ත්‍ර සූත්‍ර හා තාක්‌ෂණ උපකරණ මෙන්ම ඒවායේ ක්‍රියාකාරිත්වයද අපට වටා හාත්පසින්ම වෙනස්‌ බව සඳහන්ය.

    උදාහරණයක්‌ නම් බොහෝ විට නූතන ආහාර නිෂ්පාදනයෙහිලා පෘථිවියේ පස යන්ත්‍රොaපකරණ මගින් සකස්‌ කර ජලය හා පොහොර යොදා කෘමීන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට ක495;යුතු කරලීමෙන් කලකට පසුව ධාන්‍ය පලතුරු හා එළවළු නිෂ්පාදනය කර පසුව ආහාරයට ගැනීම සඳහා සූදානම් කරලීම සංකීර්ණ ක්‍රියාවලියකි.

    නමුත් යුරෝපයේ බොහෝ එළවළු හා සලාද වර්ග පසෙහි ආධාරය නොමැතිව ජලය පමණක්‌ යොදා ගනිමින් කෘත්‍රීම අංගනයන්හි ශීත සෘතුවෙහි පවා නිෂ්පාදනය කරනු ලැබේ. මෙම නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස ආශ්‍රිතව නිපදවනවාට වඩා එකට පන්සියයක ධාරිතාවකින් යුතුව අස්‌වැන්නක්‌ ලබාගැනීමට හැකිව තිබේ.

    අද්‍යතනව මෙසේ යුරෝපීය පමණක්‌ නොව ඝර්ම කලාපීක හරිත වර්ගයන්ද එළවළුද නිෂ්පාදනය කරන අතර නොයෙකුත් ධාන්‍ය වර්ග සහ අල වර්ගද නිෂ්පාදනය කරනු ලැබේ. නමුත් උත්තම සභ්‍යත්වයත් මේ කුමන ආකාරයකින්වත් ආහාර නිෂ්පාදනයේ නියෑළෙන බවට සාක්‍ෂි මෙතෙක්‌ හමුවී නොමැත.

    අපට සදකාලිකව නොපෙනෙන චන්ද්‍රයාගේ පශ්චාත් පාර්ශ්වයෙහි සූර්යාලෝකය වෙනුවට විදුලි බලයෙන් තාපය ආධාරයෙන් මෙසේ චන්ද්‍රයා මත හා අභ්‍යන්තරයෙහි ආහාර නිෂ්පාදනය කරන්නේ යෑයි විද්‍යාඥයන් විශ්වාස කරන අතර ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍යය චක්‍රාවාටය හරහා ගමන් කර අභ්‍යවකාශ යානා මගින් ප්‍රවාහනය කරන බවට සොයාගෙන ඇත.

    චන්ද්‍රයා මත ජලය සහිත ස්‌වභාවික යෑයි අනුමාන කළ විල් හා කෘත්‍රීම ජලාශයන්ද වළාකුළු හා මීදුම් වැනි ධුම ජාලයන් මෙ#05;්ම කිසියම් යන්ත්‍ර සූත්‍ර මගින් ලෝහ හා පාෂාණ නිධි ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන නිෂ්පාදනයෙහිදී ඇතිවන විශාල ධූලි වළාවන්ද විවිධාකාර යානා විශේෂයන්ද නිරීක්‍ෂණය වී ඇත.

    උක්‌ත කටයුතු සටහන් වූ දස දහස්‌ ඡායාරූප හා වීඩියෝ පවා එක්‌සත් ජනපද නාසා ආයතනය මෙන්ම රුසියානු අභ්‍යවකාශ කටයුතු පිළිබඳ රාජ්‍ය ආයතනයේද රැස්‌කර තිබෙන බව මේ පිළිබඳ ලියවුණු ලිපි ලේඛන හා නොයෙකුත් කෘතීන්හි අන්තර්ගතය.

    මෙම ඡායාරූප අතර 1989 ජූලි 20 වැනි දින ප්‍රථම චන්ද්‍ර තරණය කළ ඇපලෝ 11 ගගන ගාමීන් විසින් ගනු ලැබූ ඡායාරූපයන්හි මෙන්ම අවසාන චන්ද්‍රdකරණයෙහි යෙදුණු ඇපලෝ 17 යානාව දක්‌වා වූ චන්ද්‍ර යානාවන්ගෙන් මෙවැනි ඡායාරූප විශාල ප්‍රමාණයක්‌ ලැබී ඇති බව සඳහන්ය.

    1928 චන්ද්‍රයා වෙතින් නිකුත් වූ ගුවන් විදුලි සංඥා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, නොර්වේ යන රටවල රේඩියෝ විශේෂඥයන් විසින් සටහන් කරගෙන ඇති අතර මෙය නාසාහි (NASA) ඉහළ පෙළේ විද්‍යාඥයකු වූ මොරිස්‌ ශ්තලෙන් විසින් රචිත ධඹR OUR ANCESTORS CAME FROM OUTER SPACE A
    NASA EXPERT CONPIRMS MANKINDS
    EXTRATERRESTRIAL ORGIAS නමැති කෘතියේ ඉතා පැහැදිලි සාක්‍ෂි හා සාධක සහිතව පෙන්වා දී ඇත.

    මොරිස්‌ ශ්තලෙන් ඇපලෝ (APOLLO) යානයේ සැලස්‌මද නිර්මාණය කරන ලද අතර එම විද්‍යාඥයන්ගේ ප්‍රමුඛයෙක්‌ද විය. එසේම ඔහු යානයේ සන්නිවේදන යන්ත්‍ර, ශ්‍රවණ හා මනින ක්‍රමයන්ද නිර්මාණය කළ අතර පෘථිවිය හා චන්ද්‍රයා අතර පණිවඩු හුවමාරු කිරීම පිළිබඳ වගකීම දරන ලද නිලධාරියාද විය. 1928 දී චන්ද්‍රයාගෙන් විදුලි පණිවුඩ ලැබීමෙන් වසර කිහිපයට පසුව වෙනත් සෞරග්‍රහ මණ්‌ඩලයකින් නිකුත් කරන ලද සන්නිවේදනයන් පෘථිවියට ලැබුණු අතර සෝවියට්‌ රුසියාවේ සන්නිවේදන විද්‍යාඥයන් විසින් අපගේ සෞර මණ්‌ඩලයේ ග්‍රහයන්ගෙන්ද සන්නිවේදන සංඥාවන්ද සටහන් කරගෙන තිබේ. සියලුම ඇපලෝ හා ජෙමිනි (APOLLO AND GEMINI) යානාවන් අජටාකාශ යානා මගින් පිරිවරා ගමන් කර ඇති අතර එම යානා පෘථිවි යානා නොවන බව විද්‍යාත්මක ලෝකයේදී මොරිස්‌ ශ්තලෙන් සෘජුවම පිළිගෙන ඇත.

    ඇපලෝ හා ජෙමිනි යානාවල ගමන් කළ සියලුම ගගනගාමීන් මෙම යානා, ඡායාරූප ගත කර ඇතත් ගගනගාමීන්ගේ නිශ්ශබ්දතාව සුරැකීමේ දිවුරුම (^SILENCE
    BOND OATH) අනුව එම සිදුවීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එම නිසා මෙවැනි කරුණු තවදුරටත් සාමාන්‍ය ලෝක ප්‍රජා#20;ට ගලා නොයනු ඇත.මේ පිළිබද වැඩි විස්‌තර දැන ගැනීමට රයන් එස්‌.වුඩ් (Ryan
    S'Wood) විසින් රචිත Magic Eyes Only lD;sh we;=½
    WWW'Magic Eyes Only'com"http://en.wikipedia.org
    /wiki/majestic-12 යන වෙබ් අඩවිද නැරඹිය හැක
     
    Last edited:

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ඇමෙරිකා එක්‌සත් ජනපදයට ප්‍රථම අජටාකාශ යුගය ආරම්භ කරන ලද සෝවියට්‌ දේශය ඇමෙරිකානු ගගනගාමීන් විසින් සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන්ගේ අභ්‍යවකාශ යානා දකින ලද බව හා එම යානා හමුවූ බව හොඳින්ම දැන සිටියේය.

    රුසියානු විද්‍යාඥයන් අමෙරිකානු ගගනගාමීන් හා ටෙක්‌සාස්‌ හි හියුස්‌ටන් මධ්‍යසථානය අතර සිදුවූ ගුවන් විදුලි පණිවුඩ හුවමාරු අසා සිටි බවද හෙළිවී ඇත. රුසියානු විද්‍යාඥයන්ගේ විද්‍යාත්මක නිගමනය වූයේ උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් මෙම පෘථිවි මානුෂ වාර්ගිකයන්ගේ අභ්‍යවකාශ වැඩපිළිවෙළ හා අභ්‍යකාශ තරණය හොඳින්ම දැන සිටි බවය. එසේම සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන්ගේ යානා දකින ලද්දේ නම් හෝ හමුවූයේ නම් ඔවුනොවුන් අතර කිසියම් ආකාරයක සම්බන්ධතාවයන්ද පවත්වන්ට ඇති බවට සැක නොමැති බව බොහෝ විද්‍යාඥයන්ගේ මතයයි.

    නාසා විද්‍යාඥයකු වූ ආචාර්ය ෆ්රෙඩ් බෙල් අදහස්‌ කරනු ලබන පරිදි ඇමෙරිකානු ගගනගාමීන්ට උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ යානා හමුවූ අතර ඒ බව ප්‍රකාශ කිරීම රාජ්‍ය ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් තහනම් වූ බවද තමා එම ගගන ගාමීන් විසින් ගනු ලැබූ ඡායාරූපයන්හි සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන්ගේ යානා දුටු බවද උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ බලය හමුවේ පෘථිවිය බල රහිත නිසා පෘථිවි රාජ්‍යයන් විසින් මේ බව පිළිගැනීමට නොකැමැත්තෙන් දෙගිඩියාවෙන් පසුවන බවද බොහෝ විද්‍යාඥයන් චන්ද්‍රයා මත හා අභ්‍යන්තරයෙහි ස්‌ථිර වශයෙන්ම කිසියම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව නිරීක්‍ෂණය කර තිබෙන බවද අවධාරණය කරනු ලැබ ඇත.

    ප්‍රථම වරට චන්ද්‍රයා මත 1969 ජූලි 20 වැනි දින ගොඩබට අවස්‌ථාවේ (APOLLO II MISSION IN SIGNIA) ඒ බව මුළු ලොවට රූපවාහිනී මගින් සම්ප්‍රේෂණය කරන ලද අතර එම අවස්‌ථාවේ තත්පර 06 ක දිගු කාලයකදී ධවල වර්ණ ඝණ්‌ඨාවක ආකාරයෙන් යුත් සුපිරි සභ්‍යත්ව යානාවක්‌ එම වැඩසටහන නැරඹූ සියලු දෙනාට දර්ශනය විය. නමුත් එම වස්‌තුව කුමක්‌දැයි බොහෝ දෙනාට වටහාගත නොහැකි වූ අතර ඔවුන් නරඹමින් සිටියේ පෘථිවි ගගනගාමීන්ගේ චන්ද්‍රdවතරණය වූ හෙයින් අන්‍ය අජාටාකාශගාමීන් ගැන කිසිවෙක්‌ ඒ වනවිට නොදැන සිටි හෙයින් එම වස්‌තුව කුමක්‌දැයි බොහෝ දෙනාට ක්‍ෂණිකව අමතක වන්නට ඇත. සියලුම ප්‍රෙAක්‍ෂකයන් චන්ද්‍රdවතරණය පිළිබඳ අනුභූතියක්‌ ලබා ගැනීම හැර උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් හෝ ඔවුන්ගේ අජාටාකාශ යානා දැක ගැනීමට හෝ දැන ගැනීමට එම අපූර්ව සිද්ධිය අවස්‌ථාවක්‌ කර ගැනීම සඳහා ඔවුන්ගේ මනස සකස්‌ වී නොතිබීම මීට ප්‍රධානතම හේතුව වන්නට ඇත.

    කිසියම් ආනාවරණයට නොවූ හේතුවක්‌ නිසා ඔක්‌සිජන් ටැංකියක්‌ පිපිරීමෙන් විපතට පත් වෙමින් තිබූ ඇපලෝ 13 චන්ද්‍රdවතරණ යානය චන්ද්‍රයා ගොඩබැසීම අතහැර දමන ලද අතර එම යානයේ ගගනගාමීන් වූ ලොවෙල්, ස්‌වේග්ර්ට්‌, හෙයිස්‌ වෙත විවිධාකාර ගුවන් විදුලි සංඥාවන් ලැබුණු බව මොරිස්‌ ශ්තලෙන් තම කෘතීන්හි සඳහන් කර ඇත.

    කැලිෆොaර්නියා විශ්වවිද්‍යාලයේ කොලොම්බියානු ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ඡේමිස්‌ හාඩර් විසින් (JAMES ALBERT HARDER PROFESSOR OF CIVL AND
    HYDRAULIC ENGINEERING AT THE UNIVERCITY OF
    CALIFORNIA&) කරන ලද පරීක්‍ෂණයන්ට අනුව ඇපලෝ ගගන ගාමීන් සියල්ලන්ම ස්‌ථිර වශයෙන්ම උත්තරීතර සභ්‍යතව වාර්ගිකයන්ගේ අභ්‍යවකාශ යානා දුටු බව හෝ හමුවූ බව සහතික කර ඇති ලියවිලි ප්‍රමාණයෙන් ඉහළය. ඒ අතර නාසා ආයතනයේ ප්‍රචාරක සන්නිවේදන අංශයේ අධිපති ඩොනල්ඩ් එල්. සිස්‌ටා ප්‍රකාශ කර ඇත්තේද ඇපලෝ ගගන ගාමීන්ට විස්‌තර කළ නොහැකි දර්ශනයන් අත්දැකීමට ලැබී ඇති බවය.
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    උත්තරීතර සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ විමර්ශනයේ පුරෝගාමීයකු වන පෝලන්ත ජාතික ජෝර්ඡ් ඇඩම්ස්‌කි 1948-1955 දක්‌වා (GEORGE ADAMSKI) කාලය තුළ චන්ද්‍රයා ආසන්නයේ හා මතුපිට අජටාකාශ යානාවක්‌ විශාල ප්‍රමාණයක්‌ ඡායාරූප ගත කර ඇත. ඔහුට පෙර පසු ගිය ශත වර්ෂ කිහිපය තුළ තාරකා විද්‍යාඥයන් හා තාරකා විද්‍යාව පිළිබඳ කුතුහලයක්‌ දැක්‌වූ පුද්ගලයන් රාශියක්‌ දුරේක්‍ෂයන් මගින් චන්ද්‍රයා මතුපිට හා ආසන්නයේ අභ්‍යවකාශ යානා දුටු නමුත් ඒවා කිසියම් උත්තරීතර සභ්‍යත්වයන්ට අයත් යෑයි ප්‍රකාශ කිරීමට ඉදිරිපත් නොවූහ. පෘථිවි මානුෂ වාර්ගිකයන් විශ්වයෙහි එකම දියුණු ජීවය යෑයි පිළිගන්නා හා උගන්වන පෘථිවිය මේ හේතුවෙන් විශ්වයේ මධ්‍යය යෑයි වක්‍රෝත්තියෙන් නිලීනව දෘෂ්ටිමය වශයෙන් විශ්වාස කිරීමට හා පිළිගැනීමට යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයේ පසුබිමෙහි ශාස්‌ත්‍ර ඥාන ගවේෂණයෙහි නිමග්නව ආධානග්‍රාහීන් (සියමතයෙහි දැඩිව එළඹී සිටින්නෝ) මෙවැනි දර්ශනයන් කෙසේ අර්ථ වත් වේදැයි සාකච්ඡා කිරීමට පවා ඉදිරිපත් නොවූහ. එම නිසා ඒ පිළිබඳව ලෝකයාට ප්‍රසිද්ධියේ දැනගැනීමට නොහැකි විය.

    50 වැනි දශකයේ සිට ඇමෙරිකා එක්‌සත් ජනපද ගුවන් හමුදා භට පුහුණුව පිළිබඳ ඉගැන්වෙන හමුදා "අත් පොතෙහි"(BLUE BOOK) හඳුනාගත නොහැකි යෑයි උප කල්පනය කරනු ලබන සක්‌වල තරණයෙහි යෙදෙනා පුද්ගලයන් සහිත හෝ ස්‌වයං ක්‍රියාකාරි අජටාකාවකාශ යානාවන් පෘථිවිය මත හා අෂ්ටාකාශයෙහි සැරිසරන බව අවධාරණය කරමින් මේ සුපිරි සභ්‍යතව වාර්ගිකයන් පෘථිවි මානුෂ වාර්ගිකයන් හා සෘජු සම්බන්ධතාවන් ඒ වන විට නොපවත්වන්නේ යෑයිද සඳහන් කර තිබේ.

    උක්‌ත උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් පෘථිවියේ සාමාජික හා මානුෂ වාර්ගිකයන්ගේ මානුෂික ස්‌වභාවය පිළිබඳ පර්යේෂණයන්හි හා පරීක්‍ෂණයන්හි නිරත වී සිටින්නේ යෑයිද සමහර විට වක්‍ර මාර්ගයෙන් පෘථිවි මානුෂ වාර්ගිකයන් හා රහසිගතව සම්බන්ධතාවන් ඇතිකරගන්නට හැකි බවද මේ අජටාකාශ යානා වර්ෂ දහස්‌ ගණනක්‌ මුළුල්ලෙහි සමස්‌ත පෘථිවියෙහි දර්ශනය වන බවද යුද ගුවන් නියමුවන්ට හා නැවියන්ට අවධාරණය කර ඇත.

    ජෝර්ඡ් ඇඩම්ස්‌කි (GEORGE ADAMSKI) විසින් රචිත 1955 දී ප්‍රසිද්ධ කරන ලද "ඉන්සයිඩ්ද ස්‌පේස්‌ ෂිප්ස්‌" හා පයර්නියර්ස්‌ ඔෆ් ස්‌පෙස්‌ යන කෘතින්වල සඳහන් වනුයේ චන්ද්‍රයා මත ඉතා සුළු වායුගෝලයක්‌ පවතින බවද ජලය හා කිසියම් ආකාරය වෘක්‍ෂලතාවන්ගෙන් සමන්විත බවද සඳහන් කර ඇත. එම විස්‌තරයට අනුව අභ්‍යවකාශ යානාවන් සෞර මණ්‌ඩලයේ බොහෝ ග්‍රහයන්ගේ සිට විශේෂයෙන්ම සිකුරු හා ශනි ග්‍රහලෝකයන් වෙතින් පෘථිවිය කරා ආගමනයේ යෙදී සිටින බව සඳහන්ය.

    උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් සමහර විට සෞරග්‍රහ මණ්‌ඩලයේ සියලුම ග්‍රහයන් හෝ චන්ද්‍රයින්ගේ කඳවුරු, මධ්‍යස්‌ථාන නවාතැන් නිර්මාණය කරන තිබෙන බවය. ජෝර්ඡ් ඇඩම්ස්‌කි ප්‍රකාශ කළ විට ඔහුව ලෝකයා අවමානයට ලක්‌කළේය. අද්‍යතනයෙහි මේ තොරතුරු සියලුම අත්‍යන්ත රාජ්‍ය රහස්‍යයන්ටත් වඩා අතිශයින්ම රහසිගත තොරතුරු ලෙස ආරක්‍ෂා කෙරෙන අතර මේ පිළිබඳ තොරතුරුවලට වඩා වෙනත් රහසක්‌ පෘථිවියේ නොමැත.
     
    • Like
    Reactions: prageeth119lk

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    1998 මාර්තු 03 වැනි දින NASA ආයතනය බ්‍රහස්‌පති ග්‍රහයාට අයත් අයෝ සහ යුරෝපා නම් චන්ද්‍රයින්ගේ විශාල ප්‍රදේශයක ජලය තිබෙන බවට සොයා ගත් අතර එයට මාස කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයන්හි කිසියම් සුවිශාල අභ්‍යවකාශ යානාවක්‌ එම චන්ද්‍රයින් මත ගොඩබැස තිබූ බව දැනගෙන තිබිණි. නාසා ආයතනය සම්පූර්ණයෙන්ම යුද්ධමය ආයතනයක්‌ වුවත් මෙම ආයතනයද වෙනත් රජයේ ආයතන මෙන්ම එක්‌සත් ජනපද ජනතාවගේ ආදායම් බදු මුදල්වලින් ක්‍රියාත්මක වන හෙයින් තම ක්‍රියාවන්හී ඉතා සුළු ප්‍රමාණයක තොරතුරු හෙළිදරව් කරනු ලබයි.

    1953 ජූලි 29 වැනි දින සන්ධ්‍යාවේ නිව්යෝර්ක්‌ හැරල්ඩ් ටි්‍රබියුන් පුවත්පතේ විද්‍යාත්මක තොරතුරු පිළිබඳ කතුවරයා වූ ආධුනික තාරකා විද්‍යාඥ ජෝන් ඕනීල් තම දුරේක්‍ෂය චන්ද්‍රයා වෙත යොමු කළ විට දර්ශනය වී ඇත්තේ අදහාගත නොහැකි ආකෘතියක්‌ චන්ද්‍රයාගේ මරේ ක්‍රිසියම් නම් ආවාටයෙහි දිස්‌ වෙන බවය. ඔහු කිහිප වාරයක්‌ම මේ පිළිබඳව පරික්‍ෂා කිරීමේදී පැහැදිලි වී ඇත්තේ ආවාටයේ බිත්ති අතර සුවිශාල පාලමක්‌ පහළ වී ඇති බවය.

    එම පාලම කිලෝ මීටර් 20 ක්‌ පමණ දිගට පිහිටා තිබෙන බව පැය කිහිපයක දර්ශන පරික්‍ෂණයකින් පසු ඔහු අවිශ්වාසයකින් තොරව තේරුම් ගෙන ඇත. මේ පිළිබඳ ඔහු තම පුවත්පතට විස්‌තරාත්මක ලිපියක්‌ ලියන ලද මුත් කිසිවකු ඒ පිළිබඳව විද්‍යාත්මක හෝ පර්යේෂණාත්මක කෝනයකින් අවධානය නොකළ අතර මාස කිහිපයකට පසුව සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන් දෙදෙනකු වන ආචාර්ය හියු පර්සි බිලිකින්ස්‌ (Dr. Hugh Percy wilkina 1896-1960) හා ආචාර්ය පැට්‌රික්‌ මුවර් ඔවුන්ගේ දුරේක්‍ෂයන් මගින්ද මරේ ක්‍රිසියම්හි පාලම දක්‌නා ලද බවද එය මීට පෙර එහි නොතිබූ බවද බ්‍රිතාන්‍ය තාරකා සංගමයේ විද්‍යාඥයන් ඉදිරියේ ප්‍රකාශ කර ඇත. ආචාර්ය හියූ පර්ස්‌ විල්කින්ස්‌ The True Book
    About The Moon - 1960 නමැති කෘතිය ඇතුළු ග්‍රන්ථ රාශියක චන්ද්‍රයා පිළිබඳ විස්‌තර සමාජගත කර ඇත. ශ්‍රීමත් පැට්‌රික්‌ මුවර් මහාචාර්යවරයාද Guide to the Night Sky, Beginner's Guide to
    Astronomy මෙන්ම First Book of Stars නමැති ග්‍රන්ථ රාශියක චන්ද්‍රයා පිළිබඳ පරික්‍ෂණ වාර්තාවන්ද පර්යේෂණ තොරතුරු ද නූතන මෙන්ම චන්ද්‍රයාගේ පුරා විද්‍යාත්මක තොරතුරුද නූතන විද්‍යාත්මක නිගමනද විස්‌තර කර ඇත.

    බ්‍රිතාන්‍ය බී.බී.සී. ගුවන් විදුලියේ බර්නාඩ් ෆොබ්ස්‌ හා සමග කළ සාකච්ඡාවකදී ආචාර්ය එච්. පී. විල්කින්ස්‌ ප්‍රකාශ කර ඇත්තේ උක්‌ත පාලම කිලෝ මීටර් 30 ක්‌ පමණ දිග බවත් ආවාටයේ පතුලේ සිට මීටර් 1700 ක්‌ පමණ ඉහළින් පිහිටුවා ඇති බවත්ය.
     
    • Like
    Reactions: Chooty malli

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    එම යෝධ කාර්මික ආකෘතිය (පාලම) තමාගේ වර්ණාවලි දර්ශකයෙන් ((Spectrograph) නිරීක්‍ෂණ කිරීමෙන් පසුව ඔහු තේරුම් ගෙන ඇත්තේ එම පාලම ලෝහමය නිර්මාණයක්‌ බවය. එකල ලෝකයේ විශාලතම දුරේක්‍ෂය වූ එක්‌සත් ජනපදයේ කැලිෆොaනියාවේ මවුන්ට්‌ පැලොමාර්ගි යෝධ දුර දක්‌නයෙන් (Palomar Mountain Observatory)) මෙම පාලම ඡායාරූපගත කර ඇත. එසේම 1974 ඇපලෝ 16 ගගනගාමින් වන John W.
    Youngi Thomask, Mathingly, Charles M. Duke Jr. විසින්ද මෙම ආකෘතියේ ඡායාරූප ගත කර ඇත.

    නාසා ආයතනය විසින් 1968 දී ප්‍රසිද්ධ කරන ලද වර්ණානුකූල චන්ද්‍ර සිදුවීම් නාමාවලියෙහි පසුගිය ශතවර්ෂ කිහිපය තුළ තාරකා විද්‍යාඥයන් විසින් චන්ද්‍රයා මතුපිට නිරීක්‍ෂණය කරන ලද අපූර්වජනක සිදුවීම් 572 ක්‌ පිළිබඳ විස්‌තර සටහන් වී ඇත. මේ අතර විදුලි ආලෝකය සහිත අකුණු ගැසීම්ද රිදී වර්ණ ධාරාවන්ද සුවිශාල අත්භූත ජනක යානාවන්ගේ සෙවනැලි නිසා ඇති වූ චන්ද්‍රයාගේ මතුපිට අඳුරු පැහැති ඡායාවන්ද පිළිබිඹු වී ඇත. සුප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය ඡේ. කුයිපර් මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර ඇත්තේ සිදුවීම් 200 කට ධවල වර්ණ ගෝලාර්ධන්ගේ ප්‍රාදූර්භූත වීම බවය. සමහර ගෝලාර්ධයන් එක්‌ ස්‌ථානයක දිගු කලක්‌ රැඳී තිබී ඇති බවත් ඔහු එහිදී විස්‌තර කර ඇත.

    1962 දී චන්ද්‍රයාගේ ඇර්ස්‌ටාක්‌ස්‌ ආවාටයෙහි සුවිශාල ප්‍රාකාරයන් ද්වයක්‌ හදිස්‌සියේ නිර්මාණය වී තිබෙනු නිරීක්‍ෂණය කර ඇත. 1964 දෙසැම්බර් මාසයේදී මවුන්ට්‌ ලොවෙල් දුරේක්‍ෂයේ (Telescopes of Mount Lowell Observatory)) පර්යේෂකයන් ප්‍රකාශ කර ඇත්තේ හෙරඩෝටස්‌ ආවාටයෙහි උතුරේ රක්‌ත වර්ණ ආලෝකයන් නිරන්තර දක්‌නට ලැබෙන බවය.

    1950 දී මවුන්ට්‌ විල්සන් දුරේක්‍ෂයේ මහාචාර්ය විල්කින්ස්‌ චන්ද්‍රයා මතුපිට ගොඩ නංවන ලද නගරයක්‌ සොයාගත් බව වාර්තා වී ඇත. ඔහු විසින් දුරේක්‍ෂය මගින් ගනු ලැබූ ඡායාරූපයන්හි ගසෙන්ඩ් ආවාටයෙහි දිගු දිලිසෙන ගොඩනැඟිලි දක්‍ෂිණ කෝනාකාරව එකිනෙකට සම්බන්ධව නිර්මාණය කර ඇති බවත් සඳහන්ය. මේ ගොඩනැඟිලිවල සිට විශාල දිගු නළ එකිනෙකට සම්බන්ධ කර ඇති අතර ආවාටයේ උස්‌ මුදුන දක්‌වා ඒවා විහිදී ඇති අතර සමහර නළ ආවාටයේ විවර අතරින් පිටතටද නිර්මාණය කර ඇති බව දක්‌නට ලැබී ඇත.

    එම ස්‌ථානයන්හි බොහෝ ගෝලාධර්යන් දක්‌නට ලැබුණු අතර ඒවායෙහි සමීපයෙහි ඉතා තුනී එහෙත් අතිශයින්ම උස්‌ව විශාල කෝණාකාර හැඩයකින් යුත් ගුවන් විදුලි සම්ප්‍රේක්‍ෂණක කුළුණු බඳු ආකෘතීන් ද්වයක්‌ දක්‌නට ලැබී ඇත. එම ආකෘතීන් කිලෝමීටරයකට වඩා උස්‌ වූ බව නිගමනය වී ඇති බව තවදුරටත් සඳහන්ය. පසුව සොයා ගෙන ඇත්තේ එවැනි කුළුණු විශාල ප්‍රමාණයක්‌ චන්ද්‍රයා මතුපිට ස්‌ථාපනය කර ඇති බවය.

    එසේම ගසෙන්ඩි ආවාටයෙහි ප්‍රධාන ගොඩනැඟිලි ඉංග්‍රීසි E අක්‍ෂරයේ හැඩයට අනුව නිර්මාණය කරන ලද්දක්‌ වන අතර එම ආකෘතිය කිලෝමීටර් 10 ක්‌ පමණ දිග බවය.
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    1969 ජූලි 29 වැනි දින කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයෙන් ගගන ගතවූ (July 16, 1969, Launch 13.32' 00 UT (09:32 AM
    EDT) Kennedy Space Center Launch Complex 39A)) ඇපලෝ 11 යානය නිරන්තරයෙන්ම වෙනත් අභ්‍යවකාශ යානා සමූහයක්‌ විසින් වටකරන ලදුව ගමන් කිරීම හේතුවෙන් ඇමරිකානු ගගන යානා පාලක මධ්‍යස්‌ථානය ඇපලෝ II යානයේ ගගන ගාමීන් වූ Neil A. Armstrone, Michael Colling, Buzz Aldrin යන තිදෙනාගෙන් ප්‍රධාන ගගන නියුමුවා වූ නීල් ආම්ස්‌ට්‍රොaන්ට්‌ට චන්ද්‍රයා මතට ගොඩ නොබසින ලෙස දන්වා ඇත.

    නීල් ආම්ස්‌ට්‍රොaන්ට්‌ ඇතුළු ගගනගාමීන් තම යානය පිරිවරාගෙන පැමිණි යානාවන්ගේ ඡායාරූපගත කර ඇති අතර එම යානාවන්හි විශ්කම්භය මීටර් 18 සිට 30 දක්‌වා බව එම ඡායා රූපයන්හි පැහැදිලිව සටහන් වී ඇත.

    1969 නොවැම්බර් 14 වැනි දින චන්ද්‍ර තරණයෙහි යෙදුණු ඇපලෝ 12 යානයේ ගගනගාමින් වූ Charles Conrd, Richard F.
    Gordon, Alan L. Bear තිදෙනාගෙන් පාලක නියමුවා වූ චාර්ල්ස්‌ කෙන්රඩ් ඉතා දීප්තිමත් ආලෝකයන් නියමු කව්ළුවෙන් දක්‌නට ලැබෙන බවද එම හේතුවෙන් යානය තුළ විද්Hqත් පරිපථයන්ගේ අන්තර් විද්යුත් ලුහුපරිපථයක්‌ ඇති වූ බවද සඳහන් කර ඇත. මුළු යුරෝපයේ සියලුම දුරේක්‍ෂයන් මෙන්ම ආධුනික තාරකා විද්‍යාඥයෝ ද තම දුරදක්‌නයන් මගින් ඇපලෝ යානයේ ගමන් මාර්ගයේ ක්‍රියාත්මක වී ඇති ආලෝක ධාරා විහිදුවන අභ්‍යවකාශ යානා 02 දර්ශනය වූ බව සටහන් කර ගෙන ඇත.

    එම යානාවන්ගෙන් 01 ක්‌ ඇපලෝ 12 යානයට ඉදිරියෙන් ආලෝකධාරා විහිදුවමින් ගමන් කර ඇති අතර අනෙක්‌ යානය ඇපලෝ යානය පසුපස ගමන් කළ බව සඳහන් ය. කිසියම් උත්තරීතර සභ්‍යත්වයකට අයත් එම අභ්‍යවකාශ යානාවන් පෘථිවි මානුෂ වාර්ගිකයන්ට එක්‌තරා ආකාරයක ආරක්‍ෂාවක්‌ ලබාදුන් බව මතයයි.

    1970 අප්‍රියෙල් 11 දින පෘථිවියෙන් පිටත් වූ ඇපලෝ 13 (ගගන ගාමින් වූයේ James A. Lovelljr, Jhon L. Swigert. jr.
    Fred W. Haise jr.) යානයට බැරෑරුම් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවී ඇති බවත් අප්‍රියෙල් 17 වැනි දින ආපසු පැමිණීම සඳහා සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් උපකාර කළ බව ව්‍යාපෘතියේ සියලුම දෙනා හොඳින් අවබෝධ කරගත් බව තව දුරටත් විස්‌තර කර ඇත. කිසියම් කුඩා උල්කාපාතයක්‌ ඇපලෝ 13 යානයේ ගැටීම හේතුවෙන් ඔක්‌සිජන් ටැංකියට හානි සිදු වී ඇති බවට සැක කරන ලදින් ගගනගාමීන් චන්ද්‍රතරණය අතහැර ආපසු පෘථිවියට පැමිණ ඇත. මෙහි වඩාත්ම කල්පනාවට ගත යුතු කාරණය වනුයේ ඇපලෝ 13 යානයේ චන්ද්‍රයා මත පිපිරවීම සඳහා න්‍යෂ්ඨික අවියක්‌ද රැගෙන ගොස්‌ තිබීමය. නමුත් යානයට අවියද රැගෙන ආපසු ඒමට සිදුවීම පෘථිවි වාසීන්ගේ බලයට වඩා සුපිරි සභ්‍යත්වවාසීන්ගේ තාක්‍ෂණික හා අධිමානසික ක්‍රියාවලියන් ප්‍රබල බව සනාථ කළ සිදුවීමක්‌ද යන්න සිතා බැලීම වැදගත්ය.

    නාසා (NASA) ආයතනයෙහි කටයුතු කළ ආචාර්ය හෙන්ඩරිසන් 1969 නොවැම්බර් 24 දින කැනඩාවේ කැල්ගරි ග්‍රහලෝකාගාරයෙහි පැවැති සාකච්ඡාවකදී ඇපලෝ 12 යානයේ ගගන ගාමින් චන්ද්‍රයා මතුපිට ඡායාරූපගත කරන ලද සුපිරි සභ්‍යත්වයන්ට අයත් අභ්‍යවකාශ යානාවන් රාශියකගේ ඡායා පිටපත් හා වීඩියෝ පට පිළිබඳව විස්‌තර කරමින් ඒවා හොඩාර්ඩ් අභ්‍යවකාශ ආයතනය මගින් අතිශය රහස්‌ ලෙස ආරක්‍ෂා කරන බවද ප්‍රකාශ කර ඇත.
     
    • Like
    Reactions: virajintel

    sakalk

    Member
    Aug 15, 2007
    96
    2
    0
    looks like a lot of effort has been put to those articles. May i ask where is the base for those articles? Isn't it surprising if there is any truth in these claims that they never surfaced? I mean this is the internet era anybody can say anything to the whole world. As the lord budhdha said "Kiyanna kese kiwwath asanna sihi budhdhiyen esiya yuthuya".

    When i was doing my A/L i also used to read a lot of such incredible articles and books, some talked about mono polar magnets, some about a hollo earth core than a magma core, flying sources was interesting too. Then there were articles about "moon landing fake story" etc.

    I guess at the end of the day, the interesting bit for our mind is always the unexplained, not that there is anything in it for real or not!

    Important is keep your mind open! Good article and keep it up.